ඩෝනටී…. – මගේ යශෝධරා වත 24

ලොකු කතා කියෙවුවට තාම බබා....

ලොකු කතා කියෙවුවට තාම බබා…. 😉

දවසක්දා හදිස්සියෙම මං කුමාරයට සිද්ධවුනා නඩුකාරිට කතාකරන්න. ම්… මතක විදියට කඩු හරඹයේ කොහො හරි තැනක් පටල ගෙන හිර වෙච්චි අවස්ථාවක වෙන්න ඕනේ. ඉතිං මං නඩුකාරිගෙන් පාඩම අහගන්න කොට බැක් ග්‍රවුන්ඩ් එකෙන් මට අහෙනවා හොඳට අහලා පුරුදු හඬකින් කිරිල්ලියෙක් කෑ මොර දෙනවා…. කා එක්කද අම්මේ කතා කරන්නේ…. අපිව අමතක අයත් එක්ක කතා කරන්න ඕනේ නෑ… මෙහේ එන්නකෝ… කියලා.

පරන පුරුදු තාම අතෑර ගන්න බෑනේ මටත්. ඒ කටහඬ ඇහෙන කොට කිති කැවෙනව වගේ නලියන්න ගන්නවා. මොකද මන්දා. මං නඩුකාරිට “අර මළ හොල්මන නේද කෑගහන්නේ” කියලා අහන්න හදනකොටම අනිත් පැත්තෙන් යශෝධරාව දුවගෙන ඇවිත්… කෝ… කෝ.. මටත් අහගන්න ඕනෙ කියලා… රහසෙන් කියලා ෆෝන් එකට හේත්තු වෙච්චි විත්තිය මං කුමාරයට තේරුනා. ඉතිං කොයි තරම් දේවල් කියන්න ගත්තත් එකක් හරි කියවුනොත් පුරුදු පරිදිම නඩුවක්…! මං නං අහුවෙයි හොරාට හේත්තු වෙලා අහන් ඉන්න එව්වට…

ඒක නිසාම මං කුමාරය ඔන්න නඩුකාරිට කියන විදියට යශෝධරාට කියනවලු… කෝ ඉතිං පැත්තකට වෙලා සමහරු කෑගැහුවට අපිත් එක්ක කතා කරන්නේ නෑනේ. කතා කරානම් මම හිටියේ ඩෝනට් පැක් එකක් ඕනෙද අහන්න…

ඇත්තටම කාලෙකින් කිසිම දෙයක් ගිහිං නුදුන්න නිසාම බොහෝම තදබල ලෙස තෑග්ගක් දීමේ අවශ්‍යතාව නොතිබුනාම නෙවේ ඉතිං.  ඒ‍කනේ පැන්න ගමං එහෙම කිව්වේ…

එතකොටම අනිත් පැත්තෙන් එක්කෙනෙක් අම්මට කියනවලු… අම්මේ… දැන් මොකද කරන්නේ…? අම්මා මොනා හරි කියලා මට ෆෝන් එක දෙන්නකෝ… අනේ අම්මේ… නඩුකාරි මගේ හොරවැඩ ගැන ටිකක් දන්න නිසා මං හිතන්නේ එයා දැනන් හිටියා යශෝධරා කතාව අහගෙන හිටිය බව මං දන්න විත්තිය. නඩුකාරීත් හිමීට යශෝධරාට කියනවා… මොනා කියලා ඔයාට දෙන්නද… ඔන්න ඔහොම ඉන්න…

දැන් ඉතිං මට පුළුවනෑ මේ ඔක්කොම මට ඇහිච්චි විත්තිය දැනගන්න දෙන්න…

කෝ… ඇයි කවුරුත් කතා නැත්තේ… සකබඹරේ නැද්ද ලඟ….?

ආහ්… සකබඹරේ කිව්වේ මටද….? බොහෝම දුබල කඩ හඬකින් බොරු කොමලෙයි, දුකයි එක්ක මගෙන් අහනවා.

අනේ අනේ… හොරෙන් අහගෙන හිටියා නේද… ඇ හොර ගෙම්බි….!

කතා කරන්නේ නෑ මම ආයේ….. හ්ම්… ඒක නම් අනතුරු ඇඟවීමක්…! ගෙම්බි කිව්ව එකට. මං බයයි තාමත් ඒ නිවේදනයට.

හරි… හරි… කියන්නකෝ ‍දැන් ඩෝනට් ඕනෙද එපාද…?

ඕ‍නේ ඕනේ… මට ඕනේ… ස්ට්‍රෝබෙරි ක්‍රීම් දාපුවා ගේන්න…. අනේ…. ඒවා රසයි…. හම්මෝ තියෙන සතුට… හැමදාම විඳගන්න විදියක් නෑනේ ඒ වචනයි, හුරතලෙයි, සතුටයි…!

ම්… ගේන්නම්කෝ….

මේ වගේ තමා ...!

මේ වගේ තමා …!

පස්සේ ඉතිං මාත් මාලිගයට යන දවසේ, ඩෝනට් තියෙන තැනකට ගිහිං ස්ට්‍රෝබෙරි ක්‍රීම් තියෙන ඒවා ඉල්ලුවා. ඒවා තියෙනවා ඒත්  ස්ට්‍රෝබෙරි ක්‍රීම් තියෙන එව්වා ගෙනයන්න බෑ… ඒවා රස්නෙට දියවෙනවලු. ඒත් ඉතිං කුමාරිකාව‍ගේ දොල සංසිඳවන්න බැරිවෙන බව දන්න නිසාම වෙන වර්ග තුනකින් 6ක් ගත්තා. නැත්තං ඉතිං මං දන්නවනේ වෙන දේ…

“අම්මේ…. මෙයා ගේන්නම් කියපුවා නෙමෙනේ ගෙනැත් තියෙන්නේ… අනික එකයි ගෙනැල්ලා තියෙන්නේ…” කියයි‍.

පෙරේති….. ඊට පස්සේ ‍ඩෝනට් පැක් එක අරගෙන මාලිගයට ගියාම… හ්ම්….  ඇඟිල්ල හප හප ලඟට දුවගෙන ඇවිත් පාර්සලේ උදුරගෙන ගිය හැටිවත්, සැටියට වෙලා ඩෝනට් තුනක්ම විනාඩි දෙක තුනට ගිල දාපු හැටි කියන්නවත් වචන හොයාගන්න අමාරුයි. ඒ මුළු වෙලාවම මං කලෙ එක්කෙනෙක්ගේ මූණ දිහා බලාගෙන ඉන්න එක. කාලා ඉවරවෙලා අන්තිමටම ලඟට ඇවිත්… කෝ මේවගේ ස්ට්‍රෝබෙරි නෑනේ…! ඕකනේ ඉතිං කරන්න බැරි…

එහෙනං ඉතිං කෑවේ….? හරස් ප්‍රශ්නෙ මගෙන්…

ම්… ආ මේක කන්න ඔයා… පෙරේතයා වගේ බලාගෙන හිටිය හැටි මං දැක්කා….

හ්ම්.. ඔව් ඔව් කවුද දන්නේ නෑ පෙරේති….!!! අනික එයා දන්නේ නෑනේ පෙරේතයා වගේ බලෙන් හිටයේ එයා දිහා කියලා..

දැන් ඇති දෙන්නම…. රන්ඩු වුනොත් දෙන්නටම දෙනවා පාරක්…. හැමදාම වගේ එනවා බකට් එක උස්සගෙන… හුහ්… එයා එක්කනේ වැඩේ කරන්න බැරි. කොහේ හරි ඉඳන් ගිනි නිවන හමුදාව වගේ මැද්දට කඩා පනිනවා. පොඩ්ඩක් රංඩු වෙන්න දෙන්නේ නෑනේ… ඇයි දෙයියනේ වයසට ගිහිං වත් පොඩි එවුන්ගේ රොමෑන්ටික් වලි මැද්දට පනින්නේ නැතුව ඉන්නම බෑනේ… මොනා කරන්නද ඉතිං ඒ වෙලාවට දෙන්නටම කට පියාගන්න වෙනවා…!

ඒකත් හොඳයි නැත්තං එක මහා පුරුෂයෙකුට එරෙහිව කාන්තාවෝ දෙන්නෙක්  යුද්ධයක් පටන් ගන්නවනේ. ඒක ඉවසන්න පුළුවන්ද වෙන මොනා ඉවසුවත්…!  thinking – හදිසියේවත් ලෝකෙ විනාශ වුනොත් හෙට, මේ ඔක්කොම ඉවරයි නේ. ඒක නිසා අමාරුවෙන් ගලප‍ගෙන ලෝක විනාසෙට කලිං යශෝධරා වත ලිව්වා. ගොඩක් දෙනා මාව දන්නේ මේ කතාව නිසා මේක නොලිය මැරෙන්ට පුළුවනෑ…!

 

Advertisements

48 Responses to “ඩෝනටී…. – මගේ යශෝධරා වත 24”

  1. අටම්පහුර Says:

    මේක කොටස් වශයෙන් යන එකක්ද

  2. arunishapiro Says:

    ලෝකෙ විනාශෙ වෙයි කියලා හිතන අය ඔක්කොම නඩු විසඳාගන්නවා ද මේ දවස්වල? අයියෝ මට නෑනේ ලෝකෙ විනාශෙ විශ්වාස කරන හිත රිදවලා (නැත්නම් කිතිකවලා හරි) ගිය මාළුවෙක්!!!!!!

    • Gold fish Says:

      හික්ස්…. අක්කා නම් කියයි… මං මේ ට්‍රයි කරන්නේ අවසන් මොහොතෙදිවත් මතක ටික රිලීස් කරලා දාලා නිදහසේ මැරෙන්න… 😉

  3. Gayani Wedage Says:

    ලොක විනශය වෙන්නේ නෑලූ.ලියන්න ලියන්න
    මනසින් දිවියට

    • Gold fish Says:

      ඈහ්… එහෙමද… එහෙනම් හෙට පබ්ලිෂ් වෙන්න දාපු “ස්වයං චරිතාපදානය” කැන්සල් කරන්න ඕනේ… 😉

      • මධුරංග Says:

        //ඈහ්… එහෙමද… එහෙනම් හෙට පබ්ලිෂ් වෙන්න දාපු “ස්වයං චරිතාපදානය” කැන්සල් කරන්න ඕනේ…

        ලියන්න හරි එහෙම එකක් තිබ්බද ? (විහිළු ඈ 🙂 )

      • Gold fish Says:

        යාන්තමට ව​ගේ තිබුනද කොහෙද බං… 😀

      • DDT Says:

        ආ …. මම දන්නව, උඹ ඒක පටන් ගත්තෙ ‘ටැංකියේ සිට ලියමි‘ කියලනේ. මොන වගේ නමක්ද බං ඒකට දාන්න හිතන් ඉන්නෙ.

      • Gold fish Says:

        අයියම කියන්න බලන්න….

  4. Glimmer Girl Says:

    hmm atheteme hithete ene de kiyane ba.. ayyage hithe ridey eke nisa post eke lassanay kiyala witherak nawathenewa 🙂

  5. Karalikaari Belissimo Says:

    මාලුවො, මම හිතුවෙ ආය යශොදරාවත ලියවෙන එකක් නැහැ කියලා. කොහොම උනත් ලෝක විනාසෙ හෙට වෙනවලු.එ හින්දා හිතේ තියන ඔක්කොම ලියලා හිත රිලිස් කරගන්න.එතකොට අපිට පුලුවන් ඔක්කොම කියවන්න.. 😉 මේ ආදර කතාව හරි ගියේ නැත්තෙ ඇයි කියන ඕපදුපේ දැනගන්න පුදුම ඕන කමක් තියෙන්නේ…

    • Gold fish Says:

      හෙට වෙද්දි ඔක්කොම ලියන්න බෑනේ… ඒක නිසා අද රිලැක්ස් එකේ ඉන්න ඕනේ…
      ලෝකෙ විනා​සෙන නිසා තමා ඒක හරි ගියේ නැත්තේ… 😀

  6. රූ Says:

    ම්..මේ වගේ රොමෑන්ටික් කතා කියවලා අපි නරක් වෙයිද මන්දා..හික්ස්..

  7. අකීකරු හිත Says:

    කාලෙකට පස්සේ යශෝදරා වත……………..

  8. රාජ් Says:

    උඹට යෙසා්දරාවත මතක් උනඒක ෙලාකු ෙදයක්.

  9. මධුරංග Says:

    ස්ටෝබෙරි ඩෝනට් කියන්නේ ඩෝනට් එක (උළුඳු වඩේ එක) උඩට ස්ටෝබෙරි කෑලි ඉහපු එක නේ ? අපෝ ඩෝනට් (උළුඳු වඩෙ) එකත් එක්ක බිලිං කෑවා වගේ. මෙලෝ රහක් නෑ නේ. මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා.

    චොක්ලට් ඩෝනට් නම් නියමයි. ! ඒ වගේම අයිසින් කරලා තියෙන (උඩ රූපය) ඩෝ නට් එකත් නම් මරු.

    • Gold fish Says:

      ස්ට්‍රෝබෙරි ඩෝනට් කියන්නේ මෙක … straberry

      • මධුරංග Says:

        අපොයි ඕක තමා. දකින කොටත් ඇඟත් එක්ක හිරිවැටෙනවා. තනිකරම ඇඹුල් ස්ට්‍රෝබෙරි අතුරලා තියෙන්නේ. 😦

  10. සිතුවම් Says:

    අඩේ මම හිතන් උන්නෙ දැන් ඒක නෑ කියලා.

    • Gold fish Says:

      නැති වුනත් මතකය අමතක කරන්න තරම් දෙයක් සිද්ධ වුනේ නෑනේ…

  11. Dilan Thivanka Says:

    දෑන් නෑ කියන්නෙ දෑන් කතා කරන්නෙවත් නද්ද?

    • Gold fish Says:

      නෑ නොවැ…

      • Dilan Thivanka Says:

        අය්යෝ සල්ලි (ඩෝනට් වලට ගිය )

      • Gold fish Says:

        හික්ස්….

  12. සමනළී Says:

    ලෝකේ විනාස වුනේ නෑනේ…. ඉතුරු ටිකක් ලියතෑකි…..බය වෙන්න කාරී නෑ….. 🙂

  13. DDT Says:

    අඩේ ….. මේක කියවල මට ආයෙත් බඩගිනි උනා. මම යනව මොනා හරි කන්න දෙයක් හොයා ගන්න. 😀

    • Gold fish Says:

      මේ අවේලාවේ මොන කෑමද…

      • DDT Says:

        කෑමට කොහෙද යකෝ වෙලාවක්.

      • Gold fish Says:

        ​එහෙම කියලා බෑ… වෙලාවට කන්න ඕනේ… 😛

  14. පන්සල් හංදිය Says:

    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවයක් නෑ කියන්නෙ බොරුවක්ද මලේ …

  15. කෙෂාන් විදුරංග Says:

    අනේ සාධු! මේක හෙන ටැපලිලි සහගතයි බං.. ඇයි යකෝ තෝ තාමත් ඒකිට ලව් නේ…. අඅනේ මංද.. කොහොම කොහොම හරි යසෝදරාම බැඳගනිං….

    • Gold fish Says:

      හ්ම්… එහෙම කරගන්න පුළුවන් වුනොත් ලොකු දෙයක් බං…

  16. කෝරලේ මහත්තයා Says:

    යකඩෝ ඩෝනට් කන්න ඉතින් ඔය වර්ගේ අය කොහොමත් කැමතියි නේ. ඒ වර්ගේ විතරක් නෙවෙයි අපිත් කැමතියි තමා.
    කෝරලේ වලව්ව

  17. Sabith Liaquat (@Sabithl) Says:

    කාලෙකින් බං මේ පැත්තට එවුනේ! කාලෙකින් කියවන්න හම්බුනෙත්! කොහොමද ලයිප් එක?

  18. nipuna Says:

    ම් ම් කාලෙකට පස්සෙ ලියල තියෙන්නෙ දත් හිරිවැටෙන්නම

  19. ගැහැණු ළමයෙක් Says:

    ඇත්තටම මං මේ සයිට් එකට එන්නෙම යශෝදරා කතාව බලන්න.අවුරුදු ගානක ඉඳන් ඒ කතා කියෝන මට දැන් ඒවා කටපාඩම්.එත් අද තමයි මන් කමෙන්ට් එකක් දාන පලවෙනි දවස. මට ඒ කතා කියෝනකොට යශෝ කොච්චර වාසනාවන්තද කියල හිතෙනවා. එත් අද වෙද්දී එයා වාසනාවන්තියක්ද අවසනාවන්තියක්ද දන්නේ නෑ. යශෝයි මමයි එක වයසේ. එත් මගේ ජිවිතේ….මගේ ආදරේ තේරුම් ගන්න කෙනෙක් ලබන්නවත්, නපුරුකම් නැතුව ආදරේ ලබන්න තරම්වත් මම වාසනාවන්ත නෑ,..

    අද ජිවිතේ සංදිස්ථානයක ඉන්න මට යශෝගේ කතාව කියෝනකොට එන්නේ අප්‍රමාණ ආත්මානුකම්පාවක්.. කතා කරලා වැඩක් නෑ ඒ ගැන.
    එක නෙමේ යශෝගෙයි ඔයාගෙයි ආදර කතාවට මොකෝ උනේ…?

    • Gold fish Says:

      මාර ප්‍රශ්නනේ අහන්නේ…

      • ගැහැණු ළමයෙක් Says:

        හික්ස්… 😀
        අයෙත් මේ පැත්තේ ආවේ යශෝදරාවත බලල යන්නමයි…

  20. m1 Says:

    ආයෙ ලියන්න පටං ගනිං මචං


    https://polldaddy.com/js/rating/rating.js


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: