අයි ලයික් ටු ඊට් මිල්ක්….

ඔන්න එක ගමක ළමයි කට්ටියක් හිටියලු. ඉතිං උංට කිසි උවමනාවක් නැති වුනත් උංගේ අම්මලා තාත්තලාගේ උවමනාවට කොල්ලෝ කට්ටියව දැම්මලු ඇක්ස්ට්‍රා ක්ලාස් වලට. ඒ දවස් වල ඒ ළමයි කට්ටියට අමාරුම වෙලා තිබුනේ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වගේ බැරෑරුම් විෂයයන්. අනිත් අයට වගේ තමා. මොකෝ උං සෙට් එක හ‍‍දෙන් බැස්සැයැ…

කොල්ලෝ ටිකත් මෙහෙම අත ඉස්සුවා... ලබන සතියේ නිවාඩු දෙනවට කැමති කව්ද ඇහුවම... :D

කොල්ලෝ ටිකත් මෙහෙම අත ඉස්සුවා… ලබන සතියේ නිවාඩු දෙනවට කැමති කව්ද ඇහුවම… 😀

ඉතිං ගණිතයට ඇක්ස්ට්‍රා ක්ලාස් ගියේ ඒ වෙන කොටත් ඒ අදාල පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිතය ලොක්කෙක් ගාවට. විද්‍යාව කොහේ කියලද හිතන්නේ…? හික්ස්… පැන්සොන් ගිය සෑර් කෙනෙක් ගාවට. විශ්‍රාම ගිහිං හිටියට මුළු විද්‍යාව විෂය මාලාවම අකුරක් අඩු නැතුව අළුත් නිර්දේශයේ ඒවා හිටං මුළ ඉඳලම පැහැදිලිව ඉගැන්නුවා. එහෙම ගුරුවරු හරි අඩුයි. දැනටත් සර් පන්ති කරනවලු. මේ වෙද්දි ඒ කොල්ලෝ සෙට් එකට තිබුන සිලබස් එක නෙමේ තියෙන්නේ, දෙතුන් පාරක් අප්ග්‍රේඩ් වෙච්චි එකක් දැන් තියෙන්නේ. ඒත් සර්ට නම් ඒවා කිසි ගානක් නෑ… විද්‍යාව සම්බධයෙන් අහන ඕනෑම ප්‍රශ්නයකට තාර්කික සත්‍ය උත්තර සර් ගාව තියෙනවා.

අනිත් ඇක්ස්ට්‍රා ක්ලාස් එක තමා ක්ලාස් එක. ඒක තමා ඉංග්‍රීසි ඇක්ස්ට්‍රා එක. පොඩි කාලේ ඉඳන්ම ඉංගිරිස් වලට ලකුණු 50 පැන්නුවේ එක පාරක් හරි දෙපාරක් හරි නිසා, අනිත් ඇක්ස්ට්‍රා වලට නොගියත් මේකට නම් බලෙන්ම යවනවා. ඒ යවන්නෙත් ලඟ එන විභාගෙට නෙමේ තව අවුරුදු දෙක තුනකින් හරි ඉංග්‍රිසි වලට ලකුණු 60ක් වත් ගන්න පුළුවන් වෙයි කියන විස්වාසෙට.

ඉතිං ඔන්න ළමයි ටික එහෙම ඉංග්‍රිසි ඇක්ස්ට්‍රා එකට කාලයක් යද්දි… ඔන්න යාන්තං වොකැබු#&^(@#*රි ටෙස්ට් එකට එකට එහෙම සීයෙන් අසූව ගන්න අයත් හිටියලු. ඉතුරු විස්ස බැරි නිසා තමා උඩ වචනෙට සිම්බල් දාන්න වුනේ. 😀 ඔය අතරෙදි ළමයි ටික පාස් වුනා අට වසරටද කොහෙද. ඒ දවස් වල ස්කෝලේ ගියාද කියලවත් මතක නැති ‍එකේ හිටිය පන්තිය මතක තියෙයියැ…! ඔන්න ඉතිං වාර අවසාන විභාගෙට කිට්ටු වෙද්දි ඉංග්‍රිසි ඇක්ස්ට්‍රා එකේ චීටර් දුන්නා ක්ෂණිකව එක එක්කෙනා නැගිටලා තමන් කන්න කැමති දේවල් ගැන වාක්‍යයක් කියන්න ඕනේ කියලා පොඩි ප්‍රැක්ටිකල් එකක්.

vocabulary

වොකැබු#&^(@#*රි

හප්පා… ඒ වයසට දෙන වැඩද ඔය… චීටර්ව කොටියම කාපිය කියලා හිත හිත, එකාට එක වාක්‍ය ගානේ කෙසේ වෙතත් කොල්ලෝ සෙට් එකටම නැගිටලා කියන්න හරි වාක්‍යයක් හදා ගන්න එපැයි. නැත්තං මුළු ඇක්ස්ට්‍රා එකේම හයිලයිට් වෙන්නේ කාන්තා නියෝජනේ විතරයි. අහල පහල එකෙකුටවත් තේරෙන්න එපැයි මේ ඇක්ස්‍ට්‍රා එකේ කොල්ලොත් ඉන්නවා කියලා. ඉතිං ඒ බැරෑරුම් කටයුත්තට එක බක පඬියෙක් එක්ක අනිත් උං ටික සෙට් වුනා. අර වොකැබු#&^(@#*රි වලට අසූව ගන්න එකා තමා පඬියා. දැන් ඔන්න කෙල්ලෝ එකා එකා නැගිට නැගිට දන්න කියන ඉංග්‍රිසියෙන් නම් මතක තියෙන පලතුරුයි, කෑම බීමයි කන්න කැමතියි කිය කිය කියාගෙන යද්දි කොල්ලොන්ට කන්න කැමති දෙයක් නැත්තටම නැතිවුනා.

කොයි තරම් දේවල් කන්න කැමති වුනත් ඉංග්‍රිසි නම නොදැන ඉල්ලගෙන කන්න බැහැනේ. ඒක නිසා ඉතිං පඬියා ප්‍රමුඛ කොල්ලෝ රැල යෝජනා කරා අළුත් කෑමක්. ඒ තමා “මම කැමතියි මී කිරි කන්න” කියලා.  ඒ පොඩි අවුලක්…. කිරි වලට මිල්ක් කිව්වට “මී” වලට කියන්නේ මොකද්ද කියලා එකෙක්වත් දන්නේ නෑ. ඒ පාර තව කවුරු හරි එකෙක් කිව්වා “අනේ මොන මී ද බං… අපි කිරි කන්න කැමතියි කියලා කියමු” කියලා. නිකං නොදන්න චවන කියන්න ගිහිං නෝන්ඩි වෙන්න ඕනේ නැති නිසා “හ්ම්… ඔව්…” කියලා ඔක්කොමලා ඒ කතාව සම්මත කලා.

ඊට පස්සේ ඔන්න කෙල්ලෝ ඔක්කොම කන්න කැමති ඒව කිව්වට පස්සේ කොල්ලන්ගේ වාරේ. වාක්‍යයත් හරි මදි එකේ… කොල්ලෝ ඔක්කොමලා කියන්නෙත් එක වාක්‍යයක් වෙච්චි එකේ… ඒක කියන්න කටහඬ මිහිරි කොල්ලෙක් එපැයි. ඒකට හැමෝම ඇඟිල්ල දික් කරේ ලහිරුට. නම වගේම තමා වොයිස් එකත්… ඉතිං බුවත් බෑ බෑ කිය කිය නැගිටලා ඇඹරෙන කොට කොල්ලෝ කටවල් ඇරන් බලන් ඉන්නවා කොල්ලන්ට වරදිනකං. හුහ්… කෙල්ලෝ හිතන් ඉන්නේ කොල්ලොන්ට හැමදාම වරදියි කියලා…!

ඔන්න ලහිරු…. ටීචර්….

ඔව් ලහිරු කියන්න…

ටීචර්… අයි ලයික් ටු ඊට් මිල්ක්….

කොල්ලෝ ටිකට හරි සන්තෝසයි ඉතිං ඒක කියපු ගමන්… වරද්දන්නේ නැතුව කියාගත්තනේ… ඒත් ටික වෙලාවයි. මෙන්න බොල කෙල්ලෝ කට වල් අල්ලගෙන හිකි හිකි ගානවා. වල් හිතනේ… ඒ ගොඩට ටීචත් එකතු වෙලා. කොහොම හරි ලහිරු හිමීට ගවුම හදාගෙන වාඩි වුනා…. ‍සොරි කලිසම….

ඔය තියෙන්නේ මිල්ක්...

ඔය තියෙන්නේ මිල්ක්…

ඊට පස්සේ ටීච අහනවා මොනාද පුතේ කන්න කැමතියි කිව්වේ… කියලා. මල පැනලා හිටියා පඬියා නැගිට්ටා. ඇයි දෙයියනේ මෙච්චර අමාරුවෙන් කවුරුවත් කිව්වෙ නැති කෑමක් හොයාගෙන කිව්වම ඒකත් වැරදිද…!

අපි කිව්වේ ටීච මී කිරි….

මම කියන්ට බැහැනේ… ඊට පස්සේ කොල්ලොත් කියයි… දන්නේ නැත්තං මොකටද උඹ කියන්න කිව්වේ කියලා. ඒක නිසා බහු වචනෙන්ම කිව්වා. අනික කොහොමත් සාමූහික ප්‍රයත්නයක්නේ. මොකට බය වෙනවද.

ඔන්න ටීච කියනවා… පුතා මී කිරි වලට මිල්ක් කියන්නේ නෑ… ඒකට කියන්නේ වෙන නමක්. ඒ නම නෙක්ස්ටී වීක් එද්දි හොයාගෙන එන්න… කියලා. ඉතිං කොල්ලෝ කට්ටිය නෙක්ස්ට් වීක් ඉංග්‍රිසි ඇක්ස්ට්‍රා ගියාද…? ගෙදරින් නම් ගියා… ඊට පස්සේ…? එව්වා ඕනේ නෑ….! නිකං අවුරුද්දේ අන්තිමේ මොකටද කටකතා හදා ගන්නේ…!

අම්මපා ඔය පඬියා නිසා අපිට වෙච්චි දේවල්…! ඕකව දැක්ක තැන ‍දෙන්න හිතයි මූනයි කටයි බොම්බයි මොටයි වෙන්න… at – ඒකනේ මං කන්නාඩියක් ඉස්සරහට යන්නේ නැත්තේ…

හ්ම් ඒ දවස් වල අමාරුම වචනේ තමා… වොකැබු#&^(@#*රි… එක එකා එක එක විදියට කිව්වා…

45 Responses to “අයි ලයික් ටු ඊට් මිල්ක්….”

  1. Chanaka Says:

    හහ් හා… ඒ කියන්නෙ පඩියා උඹ..අනිත් එවුන් මරං කාපු නැති එක ලොකු දෙයක්..

  2. DDT Says:

    හික් … හික් … බලන් යද්දි මූ ලූලෙක්නේ.

    උඹල තව හොඳයි බං, අපි ඉස්සර සමාජ අධ්‍යයනය, ඉතිහාසයට ගියපු ටියුෂන් ක්ලාස් එකේ සර් කොල්ලට ‘කොන්ස්තන්තිනෝපල්‘ කියල කියාගන්න බෑ. නෝට් එක දෙනකොට මිනිහ බෝඩ් එකේ ඒ වචනෙ ලියල ඒ වචනෙ එන තැනට එනකන් කියවල අන්න අර බෝඩ් එකේ ලියල තියෙන එක කියල ඉතුරු ටික කියවනව.

  3. මයියා Says:

    මට නම් හිතෙන්නේ ටීච්ර් ටත් වචනේ මතක නෑ වගේ….. නැත්නම් උඹලට ම ඕක හොයා ගෙන එන්න කියන්නේ නෑනේ…;) කිරි බොන්න නෙමයි කන්න කැමතිත් කොල්ලෝ ඉන්න බව ඇහුවම සතුටට වෙන්නෑති කෙල්ලො නම් හිනා වෙන්න ඇති…

  4. හිරු Says:

    මරු පණ්ඩිතයෙක් නේ…. හැබෑට වෙන පණ්ඩිතයෙක් හිටියෙම නැද්ද ඔය කොල්ලෝ සෙට් එකේ….

  5. wicharaka විචාරක Says:

    අපේ තාත්තා කස කසා (ඇඟ කැසීම) බූරු ඇඳේ බුදි කියලා ලියන්නේ කොහොමද ඉංග්‍රීසියෙන්?
    My Father Yellow Yellow, sleeping on the Donkey Bed. 😀 😀 😀

  6. මඩිස්සලේ නිශාන් Says:

    මම දවසක් ඉංග්‍රීසි පන්තියේදී එකෙක්ගෙන් කොප්ප ගහලා තනි තැන චා වුනා.ඌ ලියලා තියෙන්නේ “මට නංගිලා දෙන්නෙක් සහ අක්කා කෙනෙක් ඉන්නවා” කියලා මාත් ඒකම ලිව්වා ඉතින් ටීච අපේ ගෙවල් කිට්ටුවම කෙනෙක් නිසා මගේ විස්තර දන්නවා!

  7. මධුරංග Says:

    මම නම් ඔය වොකබ්ලැරි කවදාවත් පාඩං කරලා නෑ. සර් උච්ඡාරණය කරන සද්දෙට ලියනවා. ගොඩක් ඒවා වැරදිලා එකක් දෙකක් හරි යනවා. 🙂

  8. arunishapiro Says:

    කියන්න නොදන්නවා වුනත් ලියන්න නම් දැනගෙන හිටිය නිසා ඔය වොකැබියුලරි අපි ලේසියෙන් පාස් වුනා. 😀

  9. පරිකල්පන Says:

    කාටවත් ‘ඥානකතා‘ මතක් වෙලා නෑනෙ…

    ඔය කියද්දි කතාවක් මතක් උනා. කතාවක් කිව්වට කතා බාගයක්…

    ඔන්න එක පන්තියක ළමයින්ට තම තමංගෙ නම් ඉංග්‍රීසියෙන් ලියාගෙන එන්න කියල කිව්වලු. මෙහෙමලු ඒගොල්ලො ලියාගෙන ඇවිල්ල තිබ්බෙ…

    අමරසිංහ = ‘ඉමෝටල් ලයන්‘
    ජීවපාල = ‘ලයිෆ් බෝයි‘
    චන්ද්‍රිකා = ‘සැටලයිට්‘

    තව නම් දෙක තුනක් තිබ්බ. මේ වෙලාවෙ මතක් වෙන්නෙ නෑ.

  10. Praසන්ன Says:

    මී කිරි ඇරෙන්න වෙන දෙයක් මතක් උනේම නැද්ද ඒ වෙලාවෙ.

  11. කෝරලේ මහත්තයා Says:

    අයියෝ සල්ලි කිව්වලු. ඉ ලයික් ටු ඊට් මිල්ක්. 🙂 මරු ඈ…………..

  12. සමනළී Says:

    හික්ස්….. පව් අප්පා ඒ කොල්ලෝ ටික….. අර පණ්ඩිතය නිසානේ ඔක්කොම වුනේ…………. ඔයාවත්ද ඒ පණ්ඩිතය?

  13. කෙෂාන් විදුරංග Says:

    හයියූ සූටි කාලෙ එපාම කොරපු සබ්ජෙක්ට් එක… ඒකෙනුත් එපාම කොරපු මගුල ඕක.. හැබැයි දෙයියංගෙ පිහිටිං දැං නං ආසම මෙව්ව එක…. I Like to eat Vocabulary 😡


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: