සුභ අළුත් අවුරුද්දක් වේවා…!

Posted in Flash. 44 Comments »

සුභ නත්තලක්…

දෙසැම්බර් හීතලට මං ගොඩක් කැමතියි. සැරෙන් සැරේ වෙලාවක් කලාවක් නැතුව… චුරු චුරු ගගා වහින වැහි පොදට වගේම ඔක්තෝබර් අග, නොවැම්බර් මුල තිබුන ලා නිල් පාට අහස අඳුරු කරගෙන තද නිල් පාටට හැරුන අහසටත් මොකද්දෝ මංදා අමුතු ඇල්මක් හිතේ තියෙනවා.

ඒ හීතලත් එක්ක එන නත්තලටත් මං කැමතියි. අනිත් රට වලට නම් නත්තල් කාලෙට හිමත් වැටෙනවලු. මෙහෙට එහෙම නෑනේ… ඒක ගැන නම් දුකයි. ඉතිං මං බුද්ධාගමේ  වුනාට පුංචි කාලේදී අපේ ගෙදර  නත්තල් ගහක් හැදුවා. තාත්තා තමා නත්තල් ගස් හොයාගෙන ඇවිත් වැඩිපුර මහන්සි වෙන්නේ. අපි කලේ ලයිට් වැල් එල්ලන එක. ඊට පස්සේ ඉතිං අම්මා හදලා දෙන පුළුන් බෝල එල්ලලා නත්තල් සතිය ඉවර වෙලා ගහ වේලෙන කම්ම ඒක වටේ දුවන එක තමා සෙල්ලම.

හ්ම්… ඒ අපි පුංචි කාලේ. ඒ දවස් වල අපිට නත්තල් තිබුනේ අපි ක්‍රිස්තියානි හින්දා නෙමේ… අපි ඒ දවස් වල පුංචි ළමයි හින්දා. සමහර විට ඔය ටෙලිනාට්‍යය වල එහෙම “නත්තල පුංචි ළමයින්ගේ“ කියන්නේ ඒක නිසා වෙන්න ඇති. මට නත්තල සමරන යාළුවෝ ගොඩක් නැති වුනත් ඉන්න ටික දෙනාට හරි සුභ පතන්න එපැයි…!

මං දන්නවා එයාලා අද රෑට පල්ලියට යනවා කියලා… ඒ වගේම යාඥා කරනවා කියලත්… ඒ හිතන්නේ පතන්නේ හොඳ දේවල්ම කියලත් දන්නවා…!!! ඉතිං හැම කෙනෙකුටම සු ත්ක් වේවා...!!!

2K7LIN4101_Z

ඩෝනටී…. – මගේ යශෝධරා වත 24

ලොකු කතා කියෙවුවට තාම බබා....

ලොකු කතා කියෙවුවට තාම බබා…. 😉

දවසක්දා හදිස්සියෙම මං කුමාරයට සිද්ධවුනා නඩුකාරිට කතාකරන්න. ම්… මතක විදියට කඩු හරඹයේ කොහො හරි තැනක් පටල ගෙන හිර වෙච්චි අවස්ථාවක වෙන්න ඕනේ. ඉතිං මං නඩුකාරිගෙන් පාඩම අහගන්න කොට බැක් ග්‍රවුන්ඩ් එකෙන් මට අහෙනවා හොඳට අහලා පුරුදු හඬකින් කිරිල්ලියෙක් කෑ මොර දෙනවා…. කා එක්කද අම්මේ කතා කරන්නේ…. අපිව අමතක අයත් එක්ක කතා කරන්න ඕනේ නෑ… මෙහේ එන්නකෝ… කියලා.

පරන පුරුදු තාම අතෑර ගන්න බෑනේ මටත්. ඒ කටහඬ ඇහෙන කොට කිති කැවෙනව වගේ නලියන්න ගන්නවා. මොකද මන්දා. මං නඩුකාරිට “අර මළ හොල්මන නේද කෑගහන්නේ” කියලා අහන්න හදනකොටම අනිත් පැත්තෙන් යශෝධරාව දුවගෙන ඇවිත්… කෝ… කෝ.. මටත් අහගන්න ඕනෙ කියලා… රහසෙන් කියලා ෆෝන් එකට හේත්තු වෙච්චි විත්තිය මං කුමාරයට තේරුනා. ඉතිං කොයි තරම් දේවල් කියන්න ගත්තත් එකක් හරි කියවුනොත් පුරුදු පරිදිම නඩුවක්…! මං නං අහුවෙයි හොරාට හේත්තු වෙලා අහන් ඉන්න එව්වට…

ඒක නිසාම මං කුමාරය ඔන්න නඩුකාරිට කියන විදියට යශෝධරාට කියනවලු… කෝ ඉතිං පැත්තකට වෙලා සමහරු කෑගැහුවට අපිත් එක්ක කතා කරන්නේ නෑනේ. කතා කරානම් මම හිටියේ ඩෝනට් පැක් එකක් ඕනෙද අහන්න…

ඇත්තටම කාලෙකින් කිසිම දෙයක් ගිහිං නුදුන්න නිසාම බොහෝම තදබල ලෙස තෑග්ගක් දීමේ අවශ්‍යතාව නොතිබුනාම නෙවේ ඉතිං.  ඒ‍කනේ පැන්න ගමං එහෙම කිව්වේ…

එතකොටම අනිත් පැත්තෙන් එක්කෙනෙක් අම්මට කියනවලු… අම්මේ… දැන් මොකද කරන්නේ…? අම්මා මොනා හරි කියලා මට ෆෝන් එක දෙන්නකෝ… අනේ අම්මේ… නඩුකාරි මගේ හොරවැඩ ගැන ටිකක් දන්න නිසා මං හිතන්නේ එයා දැනන් හිටියා යශෝධරා කතාව අහගෙන හිටිය බව මං දන්න විත්තිය. නඩුකාරීත් හිමීට යශෝධරාට කියනවා… මොනා කියලා ඔයාට දෙන්නද… ඔන්න ඔහොම ඉන්න…

දැන් ඉතිං මට පුළුවනෑ මේ ඔක්කොම මට ඇහිච්චි විත්තිය දැනගන්න දෙන්න…

කෝ… ඇයි කවුරුත් කතා නැත්තේ… සකබඹරේ නැද්ද ලඟ….?

ආහ්… සකබඹරේ කිව්වේ මටද….? බොහෝම දුබල කඩ හඬකින් බොරු කොමලෙයි, දුකයි එක්ක මගෙන් අහනවා.

අනේ අනේ… හොරෙන් අහගෙන හිටියා නේද… ඇ හොර ගෙම්බි….!

කතා කරන්නේ නෑ මම ආයේ….. හ්ම්… ඒක නම් අනතුරු ඇඟවීමක්…! ගෙම්බි කිව්ව එකට. මං බයයි තාමත් ඒ නිවේදනයට.

හරි… හරි… කියන්නකෝ ‍දැන් ඩෝනට් ඕනෙද එපාද…?

ඕ‍නේ ඕනේ… මට ඕනේ… ස්ට්‍රෝබෙරි ක්‍රීම් දාපුවා ගේන්න…. අනේ…. ඒවා රසයි…. හම්මෝ තියෙන සතුට… හැමදාම විඳගන්න විදියක් නෑනේ ඒ වචනයි, හුරතලෙයි, සතුටයි…!

ම්… ගේන්නම්කෝ….

මේ වගේ තමා ...!

මේ වගේ තමා …!

පස්සේ ඉතිං මාත් මාලිගයට යන දවසේ, ඩෝනට් තියෙන තැනකට ගිහිං ස්ට්‍රෝබෙරි ක්‍රීම් තියෙන ඒවා ඉල්ලුවා. ඒවා තියෙනවා ඒත්  ස්ට්‍රෝබෙරි ක්‍රීම් තියෙන එව්වා ගෙනයන්න බෑ… ඒවා රස්නෙට දියවෙනවලු. ඒත් ඉතිං කුමාරිකාව‍ගේ දොල සංසිඳවන්න බැරිවෙන බව දන්න නිසාම වෙන වර්ග තුනකින් 6ක් ගත්තා. නැත්තං ඉතිං මං දන්නවනේ වෙන දේ…

“අම්මේ…. මෙයා ගේන්නම් කියපුවා නෙමෙනේ ගෙනැත් තියෙන්නේ… අනික එකයි ගෙනැල්ලා තියෙන්නේ…” කියයි‍.

පෙරේති….. ඊට පස්සේ ‍ඩෝනට් පැක් එක අරගෙන මාලිගයට ගියාම… හ්ම්….  ඇඟිල්ල හප හප ලඟට දුවගෙන ඇවිත් පාර්සලේ උදුරගෙන ගිය හැටිවත්, සැටියට වෙලා ඩෝනට් තුනක්ම විනාඩි දෙක තුනට ගිල දාපු හැටි කියන්නවත් වචන හොයාගන්න අමාරුයි. ඒ මුළු වෙලාවම මං කලෙ එක්කෙනෙක්ගේ මූණ දිහා බලාගෙන ඉන්න එක. කාලා ඉවරවෙලා අන්තිමටම ලඟට ඇවිත්… කෝ මේවගේ ස්ට්‍රෝබෙරි නෑනේ…! ඕකනේ ඉතිං කරන්න බැරි…

එහෙනං ඉතිං කෑවේ….? හරස් ප්‍රශ්නෙ මගෙන්…

ම්… ආ මේක කන්න ඔයා… පෙරේතයා වගේ බලාගෙන හිටිය හැටි මං දැක්කා….

හ්ම්.. ඔව් ඔව් කවුද දන්නේ නෑ පෙරේති….!!! අනික එයා දන්නේ නෑනේ පෙරේතයා වගේ බලෙන් හිටයේ එයා දිහා කියලා..

දැන් ඇති දෙන්නම…. රන්ඩු වුනොත් දෙන්නටම දෙනවා පාරක්…. හැමදාම වගේ එනවා බකට් එක උස්සගෙන… හුහ්… එයා එක්කනේ වැඩේ කරන්න බැරි. කොහේ හරි ඉඳන් ගිනි නිවන හමුදාව වගේ මැද්දට කඩා පනිනවා. පොඩ්ඩක් රංඩු වෙන්න දෙන්නේ නෑනේ… ඇයි දෙයියනේ වයසට ගිහිං වත් පොඩි එවුන්ගේ රොමෑන්ටික් වලි මැද්දට පනින්නේ නැතුව ඉන්නම බෑනේ… මොනා කරන්නද ඉතිං ඒ වෙලාවට දෙන්නටම කට පියාගන්න වෙනවා…!

ඒකත් හොඳයි නැත්තං එක මහා පුරුෂයෙකුට එරෙහිව කාන්තාවෝ දෙන්නෙක්  යුද්ධයක් පටන් ගන්නවනේ. ඒක ඉවසන්න පුළුවන්ද වෙන මොනා ඉවසුවත්…!  thinking – හදිසියේවත් ලෝකෙ විනාශ වුනොත් හෙට, මේ ඔක්කොම ඉවරයි නේ. ඒක නිසා අමාරුවෙන් ගලප‍ගෙන ලෝක විනාසෙට කලිං යශෝධරා වත ලිව්වා. ගොඩක් දෙනා මාව දන්නේ මේ කතාව නිසා මේක නොලිය මැරෙන්ට පුළුවනෑ…!

 

අයි ලයික් ටු ඊට් මිල්ක්….

ඔන්න එක ගමක ළමයි කට්ටියක් හිටියලු. ඉතිං උංට කිසි උවමනාවක් නැති වුනත් උංගේ අම්මලා තාත්තලාගේ උවමනාවට කොල්ලෝ කට්ටියව දැම්මලු ඇක්ස්ට්‍රා ක්ලාස් වලට. ඒ දවස් වල ඒ ළමයි කට්ටියට අමාරුම වෙලා තිබුනේ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වගේ බැරෑරුම් විෂයයන්. අනිත් අයට වගේ තමා. මොකෝ උං සෙට් එක හ‍‍දෙන් බැස්සැයැ…

කොල්ලෝ ටිකත් මෙහෙම අත ඉස්සුවා... ලබන සතියේ නිවාඩු දෙනවට කැමති කව්ද ඇහුවම... :D

කොල්ලෝ ටිකත් මෙහෙම අත ඉස්සුවා… ලබන සතියේ නිවාඩු දෙනවට කැමති කව්ද ඇහුවම… 😀

ඉතිං ගණිතයට ඇක්ස්ට්‍රා ක්ලාස් ගියේ ඒ වෙන කොටත් ඒ අදාල පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිතය ලොක්කෙක් ගාවට. විද්‍යාව කොහේ කියලද හිතන්නේ…? හික්ස්… පැන්සොන් ගිය සෑර් කෙනෙක් ගාවට. විශ්‍රාම ගිහිං හිටියට මුළු විද්‍යාව විෂය මාලාවම අකුරක් අඩු නැතුව අළුත් නිර්දේශයේ ඒවා හිටං මුළ ඉඳලම පැහැදිලිව ඉගැන්නුවා. එහෙම ගුරුවරු හරි අඩුයි. දැනටත් සර් පන්ති කරනවලු. මේ වෙද්දි ඒ කොල්ලෝ සෙට් එකට තිබුන සිලබස් එක නෙමේ තියෙන්නේ, දෙතුන් පාරක් අප්ග්‍රේඩ් වෙච්චි එකක් දැන් තියෙන්නේ. ඒත් සර්ට නම් ඒවා කිසි ගානක් නෑ… විද්‍යාව සම්බධයෙන් අහන ඕනෑම ප්‍රශ්නයකට තාර්කික සත්‍ය උත්තර සර් ගාව තියෙනවා.

අනිත් ඇක්ස්ට්‍රා ක්ලාස් එක තමා ක්ලාස් එක. ඒක තමා ඉංග්‍රීසි ඇක්ස්ට්‍රා එක. පොඩි කාලේ ඉඳන්ම ඉංගිරිස් වලට ලකුණු 50 පැන්නුවේ එක පාරක් හරි දෙපාරක් හරි නිසා, අනිත් ඇක්ස්ට්‍රා වලට නොගියත් මේකට නම් බලෙන්ම යවනවා. ඒ යවන්නෙත් ලඟ එන විභාගෙට නෙමේ තව අවුරුදු දෙක තුනකින් හරි ඉංග්‍රිසි වලට ලකුණු 60ක් වත් ගන්න පුළුවන් වෙයි කියන විස්වාසෙට.

ඉතිං ඔන්න ළමයි ටික එහෙම ඉංග්‍රිසි ඇක්ස්ට්‍රා එකට කාලයක් යද්දි… ඔන්න යාන්තං වොකැබු#&^(@#*රි ටෙස්ට් එකට එකට එහෙම සීයෙන් අසූව ගන්න අයත් හිටියලු. ඉතුරු විස්ස බැරි නිසා තමා උඩ වචනෙට සිම්බල් දාන්න වුනේ. 😀 ඔය අතරෙදි ළමයි ටික පාස් වුනා අට වසරටද කොහෙද. ඒ දවස් වල ස්කෝලේ ගියාද කියලවත් මතක නැති ‍එකේ හිටිය පන්තිය මතක තියෙයියැ…! ඔන්න ඉතිං වාර අවසාන විභාගෙට කිට්ටු වෙද්දි ඉංග්‍රිසි ඇක්ස්ට්‍රා එකේ චීටර් දුන්නා ක්ෂණිකව එක එක්කෙනා නැගිටලා තමන් කන්න කැමති දේවල් ගැන වාක්‍යයක් කියන්න ඕනේ කියලා පොඩි ප්‍රැක්ටිකල් එකක්.

vocabulary

වොකැබු#&^(@#*රි

හප්පා… ඒ වයසට දෙන වැඩද ඔය… චීටර්ව කොටියම කාපිය කියලා හිත හිත, එකාට එක වාක්‍ය ගානේ කෙසේ වෙතත් කොල්ලෝ සෙට් එකටම නැගිටලා කියන්න හරි වාක්‍යයක් හදා ගන්න එපැයි. නැත්තං මුළු ඇක්ස්ට්‍රා එකේම හයිලයිට් වෙන්නේ කාන්තා නියෝජනේ විතරයි. අහල පහල එකෙකුටවත් තේරෙන්න එපැයි මේ ඇක්ස්‍ට්‍රා එකේ කොල්ලොත් ඉන්නවා කියලා. ඉතිං ඒ බැරෑරුම් කටයුත්තට එක බක පඬියෙක් එක්ක අනිත් උං ටික සෙට් වුනා. අර වොකැබු#&^(@#*රි වලට අසූව ගන්න එකා තමා පඬියා. දැන් ඔන්න කෙල්ලෝ එකා එකා නැගිට නැගිට දන්න කියන ඉංග්‍රිසියෙන් නම් මතක තියෙන පලතුරුයි, කෑම බීමයි කන්න කැමතියි කිය කිය කියාගෙන යද්දි කොල්ලොන්ට කන්න කැමති දෙයක් නැත්තටම නැතිවුනා.

කොයි තරම් දේවල් කන්න කැමති වුනත් ඉංග්‍රිසි නම නොදැන ඉල්ලගෙන කන්න බැහැනේ. ඒක නිසා ඉතිං පඬියා ප්‍රමුඛ කොල්ලෝ රැල යෝජනා කරා අළුත් කෑමක්. ඒ තමා “මම කැමතියි මී කිරි කන්න” කියලා.  ඒ පොඩි අවුලක්…. කිරි වලට මිල්ක් කිව්වට “මී” වලට කියන්නේ මොකද්ද කියලා එකෙක්වත් දන්නේ නෑ. ඒ පාර තව කවුරු හරි එකෙක් කිව්වා “අනේ මොන මී ද බං… අපි කිරි කන්න කැමතියි කියලා කියමු” කියලා. නිකං නොදන්න චවන කියන්න ගිහිං නෝන්ඩි වෙන්න ඕනේ නැති නිසා “හ්ම්… ඔව්…” කියලා ඔක්කොමලා ඒ කතාව සම්මත කලා.

ඊට පස්සේ ඔන්න කෙල්ලෝ ඔක්කොම කන්න කැමති ඒව කිව්වට පස්සේ කොල්ලන්ගේ වාරේ. වාක්‍යයත් හරි මදි එකේ… කොල්ලෝ ඔක්කොමලා කියන්නෙත් එක වාක්‍යයක් වෙච්චි එකේ… ඒක කියන්න කටහඬ මිහිරි කොල්ලෙක් එපැයි. ඒකට හැමෝම ඇඟිල්ල දික් කරේ ලහිරුට. නම වගේම තමා වොයිස් එකත්… ඉතිං බුවත් බෑ බෑ කිය කිය නැගිටලා ඇඹරෙන කොට කොල්ලෝ කටවල් ඇරන් බලන් ඉන්නවා කොල්ලන්ට වරදිනකං. හුහ්… කෙල්ලෝ හිතන් ඉන්නේ කොල්ලොන්ට හැමදාම වරදියි කියලා…!

ඔන්න ලහිරු…. ටීචර්….

ඔව් ලහිරු කියන්න…

ටීචර්… අයි ලයික් ටු ඊට් මිල්ක්….

කොල්ලෝ ටිකට හරි සන්තෝසයි ඉතිං ඒක කියපු ගමන්… වරද්දන්නේ නැතුව කියාගත්තනේ… ඒත් ටික වෙලාවයි. මෙන්න බොල කෙල්ලෝ කට වල් අල්ලගෙන හිකි හිකි ගානවා. වල් හිතනේ… ඒ ගොඩට ටීචත් එකතු වෙලා. කොහොම හරි ලහිරු හිමීට ගවුම හදාගෙන වාඩි වුනා…. ‍සොරි කලිසම….

ඔය තියෙන්නේ මිල්ක්...

ඔය තියෙන්නේ මිල්ක්…

ඊට පස්සේ ටීච අහනවා මොනාද පුතේ කන්න කැමතියි කිව්වේ… කියලා. මල පැනලා හිටියා පඬියා නැගිට්ටා. ඇයි දෙයියනේ මෙච්චර අමාරුවෙන් කවුරුවත් කිව්වෙ නැති කෑමක් හොයාගෙන කිව්වම ඒකත් වැරදිද…!

අපි කිව්වේ ටීච මී කිරි….

මම කියන්ට බැහැනේ… ඊට පස්සේ කොල්ලොත් කියයි… දන්නේ නැත්තං මොකටද උඹ කියන්න කිව්වේ කියලා. ඒක නිසා බහු වචනෙන්ම කිව්වා. අනික කොහොමත් සාමූහික ප්‍රයත්නයක්නේ. මොකට බය වෙනවද.

ඔන්න ටීච කියනවා… පුතා මී කිරි වලට මිල්ක් කියන්නේ නෑ… ඒකට කියන්නේ වෙන නමක්. ඒ නම නෙක්ස්ටී වීක් එද්දි හොයාගෙන එන්න… කියලා. ඉතිං කොල්ලෝ කට්ටිය නෙක්ස්ට් වීක් ඉංග්‍රිසි ඇක්ස්ට්‍රා ගියාද…? ගෙදරින් නම් ගියා… ඊට පස්සේ…? එව්වා ඕනේ නෑ….! නිකං අවුරුද්දේ අන්තිමේ මොකටද කටකතා හදා ගන්නේ…!

අම්මපා ඔය පඬියා නිසා අපිට වෙච්චි දේවල්…! ඕකව දැක්ක තැන ‍දෙන්න හිතයි මූනයි කටයි බොම්බයි මොටයි වෙන්න… at – ඒකනේ මං කන්නාඩියක් ඉස්සරහට යන්නේ නැත්තේ…

හ්ම් ඒ දවස් වල අමාරුම වචනේ තමා… වොකැබු#&^(@#*රි… එක එකා එක එක විදියට කිව්වා…

නත්තල් කාඩ් එක…

ම්…. ටික දවසකට පස්සේ…! ඉතිං ඔන්න මේ ලඟදී දවසක ඔෆිස් එකේදී මට එනවා කෝල් එකක් බොස්ගේ සෙක්‍රටි අක්කගෙන්. ලිෆ්ට් එක තිබුනේ තුන් වෙනි තට්ටුවේ. ඒක පහලට එනකොට මට හතරවෙනි තට්ටුවට පඩිපෙලේ නගින්න පුළුවන් නිසා දිව්වා පඩි පෙලේම උඩට. අක්කා කෙනෙක් කතා කලාම පරක්කු වෙන්න හොඳ නෑනේ… අනිත් එක මේ නත්තල් කාලේ මොන තෑග්ගක් දෙන්න කතා කරනවද කව්ද දන්නේ…

පස්සේ ඉතිං ගිහිං බලද්දී සෙක්‍රටි අක්කා ඔලුවේ අතගහගෙන එක එක සයිස් එකේ කොල කෑලි ගොඩක් ප්‍රින්ටරේ වටේ දා ගෙන දහ අතේ කල්පනා කරනවා. දැන් අත්දැකීමෙන් දන්නවා ඒ වගේ වෙලාවක කරන්න ඕනේ දේ…!

ප්‍රින්ටර් ඉෂූ එකක් නේද….?

හ්ම්… ඔව් බං… මට මෙන්න මේ සයිස් එකට ලියුම් කවර වල ඇඩ්රස් ටික ප්‍රින්ට් කරගන්න ඕනේ.

ඒක සූටි වැඩක්. අක්කට නම් මහා ලොකු දෙයක්. ආයතනයෙන් නත්තලට සුභ පතලා යවන සුභ පැතුම් පත් දාලා යවන කවරවල පිට පැත්තේ ඇඩ්රස් ප්‍රින්ට් කරන එක තමා වැඩේ. පේපර් සයිස් එක කස්ටමයිස් කරලා ඒක ලේසියෙන්ම කරා. පස්සේ ඔන්න වැඩේ කරලා ඉවර කරන්න කලින් අක්කා ගියා බොස් ගාවට ලියුම් කවරේ ප්‍රගති සාමාලෝචනයට. එතකොට තමා මං දැක්කේ අපේ දන්න කියන ආයතන වලට යවන්න ගෙනැල්ලා තිබුන නත්තල් කාඩ් එක….

bd809_Fun_Christmas_Card_Crafts_For_Kids_kids_christmas_card_for_them_to_give_to_anyone-d1373480483206790947l0q_325

.

ඈක්කා…. ඒක නිකං ‍අපි පොඩි කාලේ හොම්රන් පැස් වලින් ඇඳපු බලි කුරුට්ටක් වගේ. ඒකේ තිබුනේ කොල පාටින් පාට කරපු මොකද්දෝ මන්දා ගහක් වගේ එකකුයි, රතුයි කහයි ඩොට් වගේකුයි, තරුවක් වගේ එකකුයි විතරයි. ඇයි දෙයියනේ මෙච්චර ලස්සන කාඩ් ඕනේ තරම් තියෙද්දි මොකද්ද මේ ගෙනැල්ලා තියෙන කාඩ් එක කියලා මගේ හිතින්ම මං හිතනවා. මහ ගොඩක් ලස්සන නැති වුනත් යම් තරමකට ලස්සන කාඩ් එක්ක කඩෙන් ගන්න බැරිනම් අපිටම උනත් හදාගන්න පුළුවන් කම තිබුනනේ. ඇයි මන්දා මේවා තෝරන මිනිස්සු මෙච්චර ලෝභ… හරියට උන්ගේ අතින් පයින් යනවා වගේනේ…

එහෙම හිතන ගමන්… හ්ම්… ඇතුලෙත් ඉතිං බලන්න දෙයක් නැතුව ඇති මේ වගේම ඇති… කියාගෙනම පෙරලුවා මැද පිටුවට. ඒකේ තිබුනේ Peace & Joy කියලා විතරයි. ඊට යටින් අපේ ආයතනයේ නම තිබුනා. එච්චරයි. ඉතිං ඔන්න ඔහේ නිකංමට වගේ අනිත් පිටුවත් පෙරලුවා. ඒ කියන්නේ කාඩ් එකේ අවසන් පිට. හ්ම්… මං එහෙම දෙයක් බලාපොරොත්තු වුනානම් හරි, මීට කලින් එහෙම දෙයක් දැකලා තිබුනා නම් හරි කලින් වගේ කුහක සිතුවිල්ලක් ඇති නොවෙන්න තිබුනා…!

ඒ කාඩ් එකේ ඉස්සරහා තිබුන කැතම කැත නත්තල් ගහ ඇඳලා තිබුනේ කතාකරන්න බැරි, කන් ඇහෙන්නෙ නැති විශේෂ අධ්‍යාපන අංශයක ඉගෙන ගන්න පොඩි දරුවෙක්..!!! එයාගේ විස්තර ටිකකුයි, ඒ කාඩ් එකෙන් ලැබෙන ආදායමයි ඔක්කොම යෙදවෙන්නෙ ඒ වගේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ට කියලාත් තිබුනා…!!!

‍නත්තලට කාගෙන බීගෙන යකා නටන දෙමව්පියන් වැඩිහිටියන් අතර අපි දකින පරාසයට වැඩිය ගැඹුරින් දකින වැඩිහිටියෝත් අපි අතර ඉන්න එක ගැන, මට නත්තල් නැති වුනත් මං සන්තෝස වෙනවා…! අපි ගත්ත නත්තල් කාඩ් වලින් ලැබුන මුදලින් එක දරුවෙකුට හරි යහපතක් වේවි…!

 

දෙපැත්ත…

පාරාදීසයේ ඉතුරු ටික…

new

පරිසරයට ආදරේ කරන මිනිස්සු දෙන්නෙක් පාරාදීසයක් හොයාගත්ත කතාව කලින් ලිපියෙන් කිව්වනේ. ඒ ගැන සම්පූර්ණ විස්තරයක් නැෂනල් ජියෝග්‍රැෆි 2012 දෙසැම්බර් කලාපයෙන් ලෝකයට කියලා තියෙනවා. ඉන්දුනීසියාව, පැපුවා නිව්ගිනියාව ආශ්‍රිත ප්‍රදේශවලින් තමා මේ පාරාදීසය හොයගෙන තියෙන්නෙ. කියවන්න කැමති කෙනෙක්ට මේ ලින්ක් එකෙන් නැෂනල් ජියෝග්‍රැෆි සඟරාවේ අදාල පිටුටික විතරක් ඩවුන් කරගන්න පුළුවන්. මං සිංහලට හරවලා ඇත්ත විස්තරේ කනවට වැඩිය හොඳයිනේ තියෙන විදියටම බැළුවනම්…!

%d bloggers like this: