කපල් එකක්….

මෙන්න මේ වගේ….

ඔන්න එක කපල් එකක් හිටියලු. දැම්මම කියන්නම් හරස් ප්‍රශ්න ඔට්ටු නෑ… 😀 ඉතිං ඒ දෙන්න ගොඩක් වෙලාවට මුන ගැහෙනවලු. ඒ වෙලාවට ඉතිං කාලේ ගෙවෙන ඉක්මන ගැන දෙන්නටම හිතාගන්න බැහැලු. ඇයි ඉතිං දෙන්න දවල් දෙකට විතර කතා කර කර කොහෙ හරි ඇවිදින්න හරි, කොහෙට හරි වෙලා වාඩි වෙලා ඉන්න හරි ගත්තොත්, මෙන්න තව ටිකකින් බලද්දි හවස පහ විතර වෙලාලු. ගෑණු ළමයා ලඟ ඉන්න කොට “කාලය“ කිසිම මානුෂික හැඟීමකින් තොරව ඉක්මනට ගලා යන එක ගැන පිරිමි ළමයා හිටියේ හරි කේන්තියෙන්ලු.  ඒත් ඉතිං ඒ වගේ පිස්සු විකාර ගෑණු ළමයට කියන්නඇහැකියැ… ඒක නිසා ඌ සද්දෙ නැතුව මුකුත් නොකියා හිටියලු…!

ඔන්න ඉතිං ඔය කපල් එක මුලින්ම දවසෙ යන්න හිටියේ ගඟක් මැද්දේ තියෙන දූපතකටලු. ඒ දූපතට යන්නේ තියෙන්නේ එල්ලෙන පාලමකින්ලු. හරස් ප්‍රශ්න බෑ,…. පාලම දන්නවනම් ෂ්……. කෑගහන්නේ එහෙම නෑ.

ඉතිං කොහොම හරි අර කාලය සම්බන්ධ කේස් එක නිසා පළවෙනි දවසේ දෙන්නට යන්න බැරි  වුනාලු දූපතට. ඔන්න ඉතිං පස්සේ දවසක දෙන්න ගියාලු. එදා අහසත් ලාවට වගේ කළු කරලා, වැහි අන්දකාරය හැමතැනම පැතිරිලා තිබ්බ දවසක්ලු. ඉතිං එදානම් කොහොම හරි පිරිමි ළමයයි ගෑණු ළමයයි ගියාලු අර දූපතට. ඒත්…. ආවසනාවලු….!!! ඒ දෙන්නට වාඩි වෙන්නවත් තැනක් නැතිලු. හැම තැනම කපල් පිරිලලු. ඉතිං කවුරුවත් නැගිටලා ඉඩ දෙනවැයි ඒ දෙන්න ගියා කියලා… ඒක නිසා ඉතිං ටිකක් වෙලා ඇවිද ඇවිද කැරකි කැරකි ඉන්න කොට, අර මෝදු වෙලා තිබ්බ වැහි වලාකුල වහින්න ගත්තලු දූපතට.

ඒ පාර මෙන්න කපල් ඔක්කොමලා ඒ දූපත වටේ තිබුන බංකු වලින් නැගිටලා ආවරණයක් හොයාගෙන ගියාලු. ඇයි ඉතිං කෙල්ලත් එක්ක ටිකක් තෙමුනම කොල්ලගේ කෑල්ලක් දියවෙනවනේ… ම්… මෝඩ කපල්…! ඉතිං අර පිරිමි ළමයා කලේ…. ගැහැණු ළමයාගේ අතින් ඇදගෙන දූව ගෙන ගිහිං ගහක් යට බංකුවකින් වාඩි වෙච්චි එකලු. දැන් හිතයි අපෝ උං දෙන්න තෙමෙන්න ඇති කියලා… නෑ… නෑ… එහෙම වුනේ නෑලු. ගෑණු ළමයා එයාගේ දම් පාට කුඩේ අරගෙන පිරිමි ළමයට තුරුළු වෙලා කුඩේ දිග ඇර ගත්තලු….! ඊට පස්සේ දෙන්න එක්ක වැස්ස අරගෙන ආපු වාසනාව ගැන කතා කලාලු…. ඉතිං ඊට පස්සේ මොනා වුනා කියලද හිතන්නේ….?

උත්තරේ දන්න කෙනෙක් ඉන්නවද….? උත්තරේ නිකංම හිතන්න බැරිනම් ඔන්න පහල තියෙනවා සිංදුවක්… ඒකත් අහගෙනම උත්තරේ හොයන්න….

39 Responses to “කපල් එකක්….”

  1. DDT Says:

    හලේ …. ඔන්න මම මොකුත් කියන්නෑ. 😀

    බලන්නකෝ ඒකෙත් හැටි, නේද? …….

  2. මාඩා Says:

    කොහෙද උඹ ඉතිං හැමදේම වාරණය කරලනේ… කියන්නයි අහන්නයි ඒවා කටට එනවා ගොඩක්…. 😉

    ලස්සන වචන ටික මචං… මැවිලා පෙනුනා…..

  3. Weni Says:

    හරස් ප්‍රශ්න දිග ප්‍රශ්න…පසු ප්‍රශ්න ගොඩක් අහන්න තියෙනවා.. එපායි කියලා තියෙන හින්දා නිකම් ඉන්නකො එහෙනම් !

  4. රාජ් Says:

    ෂික්! සිංදුව අහන්න වෙන්නෙ ගෙදර ගිහිල්ල.

  5. . Shermie Fernandez Says:

    හෑ උබත් එහෙනම් පුතේ ඉවරයි ..
    බලාගෙන ඕව පේන තරම් සුන්දර නැහැ ..
    රෝස මලේ නටුවේ කටු .. ( ඔව් ඔව් හැම මලේම )

  6. sulagawageawidin Says:

    ඔය දූපත කොළඹ රටේ වෙන්ටෑ තියෙන්නේ

  7. රූ Says:

    සින්දුව ගැන ලස්සනට ලියලා තියනවා යාළු මාළු…මාර හැකියාවක්නේ..

  8. සිඳු Says:

    ඔය දූපත වටේ හංස බෝට්‍ටු එහෙම තියනවලු නේද? එහා පැත්තෙ පන්සලක් වගේ එකක්, අනිත් පැත්තෙ බැංකුවක්, තව පාරෙන් එහා පැත්තෙ හොස්පිට්ල් එකක් එහෙමත් තියෙනවලු නේ? හරස් ප්‍රශ්න ඇහුවෙ නෑ ඔන්න.

    ලස්සනට ලියල තියෙනව කියලත් කියන්න ඕනනෙ

  9. මධුරංග Says:

    අන්තිමට ගෑනු ළමයයි කොල්ලයි ඉන්න රූප රාමුව බොඳ වෙලා ගිහින් කැමරාව කළු වලාකුළු දිහාවට එල්ල උනා ලූ.

    (රහසින්) පාලම කිව්වේ අර ගංගාරාමේ පාලම නෙමෙයි නේ.. මොකද්ද මන්දා මට මතක් වෙන්නෙම ඕන. එක්කෝ මාතර ටවුමේ පාලම. ඒක දුර හන්දා ගංගාරාමෙමයි මතක් වෙන්නේ. :O

  10. nelu Says:

    මධුරංග අයියාට වගේම මටත් මතක් වුනේ ඔය පාළම් දෙකම තමා.

    ප්‍රශ්න නම් ගොඩායිලු අහන්න එපා කිව්ව නිසා අහන්නේ නැහැලු. ඒ උනාට අහන්නෙ නැතිව යන්නේත් හිතේ දුකෙන්ලු.

  11. සිහින Says:

    හපේ අප්පෝ. වෙලාවට කුඩේ තිබ්බේ. නියමයි ඈ..

  12. Pasan Says:

    ane machn oya song eakay kathawa sampuurnayen wenas… oya song eaka liyapu kenage indala hama agak mulak ma man dannawa.. aththa kathawa ahuwoth ubalage es wala kandulu pirei

  13. කෙෂාන් විදුරංග Says:

    ඒ බං මටත් හිතට එන්නෙම අර කොඹළ ගංගාරාමෙ ගාව තීන පාලමත් එක්ක පාක් එකමයි බං.. අනේ මංද ඈ 😦
    ඒ ඕයි තුරුල් වෙනව කිව්වෙ.. මේමද?

    උඹ මට සීන් එක කිව්වනේ… ඒක නිසා දාන්නෑ.. මං කෝමත් හරි නේ.. 😀 ඒක මාර අණුවේදණිය කතාවක් නේ… නැද්ද මං අහන්නෙ ඈ?? 😦

  14. pissa palaamalla Says:

    මොකුත් අහන්න විදියක් නෑනේ…. සින්දුව නම් පට්ට. උන්ගෙ ඇල්බම් එකම සිරා


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: