කපල් එකක්….

මෙන්න මේ වගේ….

ඔන්න එක කපල් එකක් හිටියලු. දැම්මම කියන්නම් හරස් ප්‍රශ්න ඔට්ටු නෑ… 😀 ඉතිං ඒ දෙන්න ගොඩක් වෙලාවට මුන ගැහෙනවලු. ඒ වෙලාවට ඉතිං කාලේ ගෙවෙන ඉක්මන ගැන දෙන්නටම හිතාගන්න බැහැලු. ඇයි ඉතිං දෙන්න දවල් දෙකට විතර කතා කර කර කොහෙ හරි ඇවිදින්න හරි, කොහෙට හරි වෙලා වාඩි වෙලා ඉන්න හරි ගත්තොත්, මෙන්න තව ටිකකින් බලද්දි හවස පහ විතර වෙලාලු. ගෑණු ළමයා ලඟ ඉන්න කොට “කාලය“ කිසිම මානුෂික හැඟීමකින් තොරව ඉක්මනට ගලා යන එක ගැන පිරිමි ළමයා හිටියේ හරි කේන්තියෙන්ලු.  ඒත් ඉතිං ඒ වගේ පිස්සු විකාර ගෑණු ළමයට කියන්නඇහැකියැ… ඒක නිසා ඌ සද්දෙ නැතුව මුකුත් නොකියා හිටියලු…!

ඔන්න ඉතිං ඔය කපල් එක මුලින්ම දවසෙ යන්න හිටියේ ගඟක් මැද්දේ තියෙන දූපතකටලු. ඒ දූපතට යන්නේ තියෙන්නේ එල්ලෙන පාලමකින්ලු. හරස් ප්‍රශ්න බෑ,…. පාලම දන්නවනම් ෂ්……. කෑගහන්නේ එහෙම නෑ.

ඉතිං කොහොම හරි අර කාලය සම්බන්ධ කේස් එක නිසා පළවෙනි දවසේ දෙන්නට යන්න බැරි  වුනාලු දූපතට. ඔන්න ඉතිං පස්සේ දවසක දෙන්න ගියාලු. එදා අහසත් ලාවට වගේ කළු කරලා, වැහි අන්දකාරය හැමතැනම පැතිරිලා තිබ්බ දවසක්ලු. ඉතිං එදානම් කොහොම හරි පිරිමි ළමයයි ගෑණු ළමයයි ගියාලු අර දූපතට. ඒත්…. ආවසනාවලු….!!! ඒ දෙන්නට වාඩි වෙන්නවත් තැනක් නැතිලු. හැම තැනම කපල් පිරිලලු. ඉතිං කවුරුවත් නැගිටලා ඉඩ දෙනවැයි ඒ දෙන්න ගියා කියලා… ඒක නිසා ඉතිං ටිකක් වෙලා ඇවිද ඇවිද කැරකි කැරකි ඉන්න කොට, අර මෝදු වෙලා තිබ්බ වැහි වලාකුල වහින්න ගත්තලු දූපතට.

ඒ පාර මෙන්න කපල් ඔක්කොමලා ඒ දූපත වටේ තිබුන බංකු වලින් නැගිටලා ආවරණයක් හොයාගෙන ගියාලු. ඇයි ඉතිං කෙල්ලත් එක්ක ටිකක් තෙමුනම කොල්ලගේ කෑල්ලක් දියවෙනවනේ… ම්… මෝඩ කපල්…! ඉතිං අර පිරිමි ළමයා කලේ…. ගැහැණු ළමයාගේ අතින් ඇදගෙන දූව ගෙන ගිහිං ගහක් යට බංකුවකින් වාඩි වෙච්චි එකලු. දැන් හිතයි අපෝ උං දෙන්න තෙමෙන්න ඇති කියලා… නෑ… නෑ… එහෙම වුනේ නෑලු. ගෑණු ළමයා එයාගේ දම් පාට කුඩේ අරගෙන පිරිමි ළමයට තුරුළු වෙලා කුඩේ දිග ඇර ගත්තලු….! ඊට පස්සේ දෙන්න එක්ක වැස්ස අරගෙන ආපු වාසනාව ගැන කතා කලාලු…. ඉතිං ඊට පස්සේ මොනා වුනා කියලද හිතන්නේ….?

උත්තරේ දන්න කෙනෙක් ඉන්නවද….? උත්තරේ නිකංම හිතන්න බැරිනම් ඔන්න පහල තියෙනවා සිංදුවක්… ඒකත් අහගෙනම උත්තරේ හොයන්න….

%d bloggers like this: