අපි කොයිතරම් පිරිමි වුනත්… ගැහැණු අපිට වැඩිය උත්තමයි කියලා හිතෙනවා වෙලාවකට. සමහරවිට මට හිතෙන හැටි සාධාරණ නැතුව ඇති. ඒත්…. පිරිමියෙක් වුනත් උපදින්නේ ගැහැණු කෙනෙක්ගෙන් පෝෂනය වෙලා, ගැහැණු ශරීරයක් ඇතුලේ සොඳුරු උණුසුමකට මැදිවෙලා මාස ගානක් ඉඳලා. ඊට පස්සේ මවු කුසින් එලියට ආපු දා ඉඳන් අම්මගේ අතේ හුරතල් වෙලා, අම්මගේ පපුවටම තුරුළු වෙලා උණුසුම් වෙලා…. අම්මගේ ලඟම ගුලි වෙලා නිදිගන්න තරමට පිරිමි පුරුදු වෙලා ඉන්න හැටි…!
එතෙනින් පස්සේ දනගාන කලේ ඉඳන් ගැහැණිය, පිරිමියෙකුට…. දෙපතුල් පොළොවේ තියලා නොවැටී නැගී ඉඳින්න, පිරිමි අපි හිතනවට වඩා ශක්තිමත් දෑතක් වෙනවා. වැටෙන්න යද්දී නොවැටී අල්ල ගන්න පුළුවන් තරමට ශක්තිමත් වැටක් වෙනවා…. වැටිලා රිදුනොත් ලඟට අරගෙන සනසවන්න පුළුවන් තරමට සැනසුම් සාගරයක් වෙනවා. තවත් ලොකු වෙද්දි,
උදේට ඇඳ ලඟටම කිරි එක ගෙනත් දීලා බලෙන්ම නැගිට්ටවලා, මූන හෝදලා, ඇඳුම් අන්දවලා ස්කෝලේ යවන්න මහන්සි වෙන තරම් ජීවිතේ කවදාවත් මහන්සි නොවෙන්න ඇති එයාලා. අම්මා කෙනෙක් වුනත් අක්කා කෙනෙක් වුනත් එහෙමයි. ගැහැණියෙක් නැතුව පිරිමියෙකුට ස්කෝලේ යන්නවත් පුළුවනෑ හරියකට…. ෂර්ට් එක යට කරලා, කොන්ඩේ පීරලා,කෑම ලෑස්ති කරලා… පිරිමියෙක්ගේ අනාගතය සතුටින් ඉන්න ලෑස්ති කරන්නේ ගැහැණියක්…! ආපහු ඇඳුම් හෝදලා… මැදලා… ඒවා නවලා පිළිවෙලක් කරන්න තරම් හදවතක් තියෙන ආදරණිය වැඩකාරියක්…!
තවත් වෙලාවකට, අපේ පොත් වලට එබීගෙන අපිට පාඩම් කියාදෙන්න… කනෙන් අල්ලලා “ඕක වැරදියි… මෙහෙමයි හරි” කියන්න තරම් පිරිමින්ට වැඩිය පන්ඩිත ගුරුතුමියක්. වෙලාවකට අතින් අල්ලගෙන දුවන්න, පනින්න තරම් කෙළිලොල් දඟකාරියක්….! හ්ම්…. පැටලි පැටලි රන්ඩු කරන්න තරම් කෙක්කක්… , ආයෙමත් චාටු කතා කියලා හිත හදන්න තරම් ලෙංගතු පුළුන් රොදක් වගේ යෙහෙළියක්…!
අනාගතය ගැන ප්ලෑන් කරද්දී, “ නෑ අපි මෙහෙම කරමු කියන” පෙරළිකාරියක්, “හ්ම් එහෙම හොඳයි” කියන පැසසුම් කාරියක්… වෙලාවකට අහසක් වගේ අදහස් දෙන නව සිතුවිලි කාරියක්… “අනාගතේමෙහෙම කරමු” කියන මැවුම් කාරියක්… හීනමවන්නියක්… ඒ හීන සැබෑ කරගන්න දාඩිය හලලා උදවු වෙන පවුල් සමාගමේ සේවිකාවක්… වෙලාවකට නීති දාන නීතිකාරියක්,තනියෙම හිතලා..වෙලාවකට එයාට විතරක් වාසි තීන්දු දෙන නඩු කාරියක්…!!! කොහෙද ඉන්නේ – මොනාද කරන්නේ කියලා වද දෙන වද කාරියක්… ඒ අතරම ජීවිතේට පාඩම් කියාදෙන මහාචාර්යවරියක්… ලඟට අරගෙන උණුසුම් කරන, ඔලුව අතගාලා හිනාවෙන කෝලම් මඩුවක්…!!! හැම දුකක්ම සතුටින් බෙදාගන්න පුළුවන් සහකාරියක්…!!! පිරිමියා ගෙදර එනකං බලාගෙන ඉන්න සොඳුරු ගැහැණියක්…! ගෙදර ආවම මහන්සිය නිවන හොඳ භාර්යාවක්…!!! එන්න රෑ වුනොත් දොරකඩට වෙලා නොකා නොබී, නිදිමරාගෙන මග බලාගෙන ඉන්න සුරංගනාවියක්…!
අපි හිතුවට ගැහැණියට කිසිම බරක් පතලක් නෑ… කිසිම දෙයක් කරගන්න බෑ තනියම කියලා… ඒක වැඩියෙන්ම ගැලපෙන්නේ පිරිමියට වෙන්න ඕනේ. ගැහැණීය පිරිමියෙකුට වැඩියෙන් අවධානම දරනවා ඇති. පිරිමියෙකුට වැඩියෙන් දුක් විඳිනව ඇති. පිරිමියෙකුට වැඩියෙන් වේදනා විඳිනවා ඇති. පිරිමියෙකුට වැඩියෙන් හිත් රිදවා ගන්නවා ඇති. ඒ වගේම පිරිමියෙක්ගේ එක ආදරණිය වචනයකින් මහ ගොඩක් සතුටු වෙනවා ඇති….!!!
කොයිතරම් ලොකුකම් කියෙව්වත් පිරිමියෙක් දෙපයින් හිටගෙන ඉන්නේ ගැහැණියෙක් නිසා…! ඒ ලැබුන – ලැබෙන ආරක්ෂාව, ආදරය නිසා….! ඇත්තටම ඇය ජීවිතය පාට කරන්නියක්…! at – මට හිතෙන විදියට
මේක අමතර කතාවක්… මට ලැබුන ඊ මේල් එකක තිබුනේ. සිංහලයට හැරැව්වම මෙහෙමයි… හැබැයි මෙච්චර වෙලා ලිපු දේවලට හාත්පසින්ම වෙනස්… ඒකත් කියවන්න… එක එක් කෙනාගේ අදහස්නේ… හැබැයි එතෙන පේන්නෙත් පිරිමියාගේ ආත්මාර්ථකාමී බවමද මන්දා…
“ගැහැණිය හරි නපුරුයි… ගැහැණු එක පිරිමියෙක්ගෙන් හැමදේම බලාපොරොත්තු වෙනවා… ඒත් පිරිමි හරි කරුණාවන්තයි… හැම ගැහැණියගෙන්ම එකම දෙයයි බලාපොරොත්තු වෙන්නේ.”
2012 නොවැම්බර් 20 දින ප.ව. 1:50 ට
ලස්සන කතාවක්….
හිතලා බැලුවාම කතාව ඇත්ත.. පිරිමි අපි ශක්තිමත් වෙලා ඉන්නේ නිතරම පිටිපස්සේ ගැණියෙක් ඉන්න නිසා… මුලින්ම අපේ පස්සෙන් ඉන්නේ අම්මා… ළමයා කොච්චර ලොකු උනත් අම්මාට තාම පොඩි කොල්ලමයි….
සෑම සාර්ථක මිනිසෙකු පිටිපස්සෙම ගැහැණියක් ඉන්නවා කියලා කියනවනේ… ඒ සාර්ථකත්වයට මුලින්ම පස්සෙන් ඉන්නේ අම්මා…
සිරා කතාව මචං….
ප.ලි. දැන්නම් මාලුවා ආදර නදියේ පාවි පාවි යනවා වගේ….. සුභ ගමන් මචන්… පරිස්සමට පලයන්…
ආ මග කෙටියි යායුතු මග දුරයි…….!!!
2012 නොවැම්බර් 20 දින ප.ව. 8:18 ට
ගෑණූ කියන්නේ අපේ අඩිතාලමලු….
නදිය හිඳුනා බොල…
2012 නොවැම්බර් 22 දින ප.ව. 12:18 ට
මොකක්??? මොකක්ද හිදුනේ???
2012 නොවැම්බර් 20 දින ප.ව. 2:23 ට
මාළුවෝ …. උඹ දැන් බවලත්තු ගැන හිතනව වැඩියි… කාලෙ හරි වගේ. 😀
ඇත්ත බං, අදටත් අම්ම දවසකට දෙකකට අක්කලගෙ ගෙදර එහෙම ගියොත් මට ගෙදර ඉන්නත් කම්මැලියි. මුළු ගේම පාළුයි. අපේ ජීවිත කොයිතරම් බැඳිල තියෙනවද මව් කෙනෙක් එක්ක.
// එන්න රෑ වුනොත් දොරකඩට වෙලා නොකා නොබී, නිදිමරාගෙන මග බලාගෙන ඉන්න සුරංගනාවියක්…! //
අර සිකුරු හතේ ෆිල්ම් එකේ පොර මහ රෑ බීගෙන ගෙදර ආවම පිළිගන්න සුරංගනාවි මතක් වෙල හිනහත් ගියා බං.
෴ “ගැහැණිය හරි නපුරුයි… ගැහැණු එක පිරිමියෙක්ගෙන් හැමදේම බලාපොරොත්තු වෙනවා… ඒත් පිරිමි හරි කරුණාවන්තයි… හැම ගැහැණියගෙන්ම එකම දෙයයි බලාපොරොත්තු වෙන්නේ.” ෴
පස්ට කතාව, ඇත්තෙන්ම පිරිමි හරී……. කරුණාවන්තයි, නෙහ්…
2012 නොවැම්බර් 20 දින ප.ව. 8:19 ට
අපෙ අම්මා ගෙදර නැති දාට නම් කාලත් හමාරයි….
2012 නොවැම්බර් 20 දින ප.ව. 2:48 ට
හ්ම් හ්ම්ම්…. ඔය තේරිලා තියෙන්නේ යස අගේට ගැහැණියකගේ වටිනාකම….. 🙂
2012 නොවැම්බර් 20 දින ප.ව. 3:05 ට
නෙල්ලි කනකන් නෙල්ලි රස දැනෙන්නේ නෑලුනේ… කෑවට පස්සේ තමයි රස දැනෙන්නේ…
2012 නොවැම්බර් 20 දින ප.ව. 8:20 ට
අපි කොහොමත් දන්නවා අගේ… ඒ වුනාට පෙන්නන්නේ නෑ…. 😛
2012 නොවැම්බර් 20 දින ප.ව. 4:01 ට
ඔයාව බඳින කෙල්ල නං හරි වාසනාවන්තයි. ඔයා දන්නවද ඔය වගේ හිතුවිලි එන්නෙත් ආදර අම්මෙකුගෙ හදවතේ ඉන්න පුතෙකුට විතරයි.මම ඔයාගෙ අම්ම ගැන ලියපු ලිපියටත් හරි කැමතියි
2012 නොවැම්බර් 20 දින ප.ව. 8:23 ට
ස්තූතියි….
(කෙල්ලෝ වාසනාවන්තද තියන එක තමා ප්රශ්නේ :D)
2012 නොවැම්බර් 20 දින ප.ව. 5:00 ට
මාලුවා ලස්සන විදියකට බලලා ලියලා තියෙනවා….. ඇත්ත ඒක තමයි… ඒත් පිළිගන්න මැලියි… හි හි
අර අන්තිම කතාව… ඇත්තම කියන්න ඒ බලාපොරොත්තුවෙන එකම දේ ඇතුලේ කොච්චර දේවල් තියෙනවාද… ඔය පටන් ගත්ත ගැන ඉඳලා කිව්ව සෙනෙහස එතන තියෙනවනේ….. ඔය කතාවට මං ලිව්වා පෝස්ට් තුනක්ම… හැබැයි ඔයා වගේ ගැහැණියක් දිහා සුන්දරව බලන පිරිමියෙක්ට වඩා ඒක ගැලපෙන්නේ අර අන්තිමට කිව්ව වගේ කතා කියන, මේ ඇත්ත පිළිගන්න මැලි වෙන කට්ටියට… හි හි
එක ලින්ක් එකක් මෙන්න … අතිශයින්ම පිරිමින්ට පමණයි
2012 නොවැම්බර් 20 දින ප.ව. 8:26 ට
තෑන්ක්ස් හිරු…
2012 නොවැම්බර් 20 දින ප.ව. 6:19 ට
අයවැයෙන් බටර් මිල අඩුවුනාද බන්?
2012 නොවැම්බර් 20 දින ප.ව. 8:27 ට
හික්ස්… අනේ මන්දා බං….
2012 නොවැම්බර් 20 දින ප.ව. 7:31 ට
අන්තිම කතාව ඇත්ත කියලයි මට හිතෙන්නේ.
2012 නොවැම්බර් 20 දින ප.ව. 8:31 ට
හික්ස් මටත් හිතුනා බං….
2012 නොවැම්බර් 20 දින ප.ව. 9:10 ට
කෙල්ල මූව අන්දලා වගේ ගොනාටම….
ජහ් පුතා ජහ්…..
2012 නොවැම්බර් 20 දින ප.ව. 9:12 ට
හික්ස්…. අපි නම් අඳියි….
2012 නොවැම්බර් 20 දින ප.ව. 10:07 ට
මෙහෙම නොලීවොත් කෙල්ල උඹව දාලා යනවා කිව්වද මචං? 😀
ගැහැණියට වඩා පිරිමියා උතුම් හෝ පිරිමියාට වඩා ගැහැණිය උතුම් හෝ වෙන මොකක් හරි හෝ මොන මොන මිනුම් දඩු අරං පෙන්නුවත් ඔය දෙන්නගෙන් දිනන කෙනා හොයන්න බෑ! ලෝකේ පිරිමියා නැතිව ගැහැණියටත් ගැහැණිය නැතිව පිරිමියාටත් පැවැත්මක් නෑ! ඔය දෙගොල්ලොම හොඳත් නෑ නරකත් නෑ!
2012 නොවැම්බර් 21 දින පෙ.ව. 11:57 ට
කෙල්ල දාලා ගියා බං… ඕක ලිව්වේ ඒක නිසානේ… 😀
උඹේ කතාව හරි මචං.
2012 නොවැම්බර් 20 දින ප.ව. 10:08 ට
නියම අර්ථ දැක්වීමක්, රන් මාලුවා.
2012 නොවැම්බර් 21 දින පෙ.ව. 11:57 ට
ස්තූතියි අයියේ….
2012 නොවැම්බර් 20 දින ප.ව. 10:27 ට
මන් හිතන්නේ මේක ගැන මන් කතා කර වෙන තැනක ..
අග්රී විත් මාතලන් හිකිස්
2012 නොවැම්බර් 21 දින ප.ව. 12:01 ට
මාතලන් අයිය කියන ඒවා ගනන් ගන්න එපා… 😀
2012 නොවැම්බර් 21 දින පෙ.ව. 10:37 ට
“හැම සාර්ථක මිනිහෙක් පිටුපසම ගැහැණියක් ඉන්නවා…”
ඒ උනාට මම නම් ඕක කියන්නේ ඔහොම නෙමේ.
“හැම ගැහැණියක ම ඉදිරියෙන් සාර්ථක මනුස්සයෙක් ඉන්නවා.”
2012 නොවැම්බර් 21 දින පෙ.ව. 11:58 ට
මල්ලි ලඟ පාත කෙල්ලෙක් එහෙම නෑ නේද…. නැත්තං උඹේ පිටිපස්සෙන් පන්නයි….
2012 නොවැම්බර් 21 දින ප.ව. 2:12 ට
හික්ස් 🙂
2012 නොවැම්බර් 21 දින ප.ව. 9:06 ට
පිරිමි කෝමත් ඇඩ් එක දාන්න ආස හින්ද වෙන්ඩැති ලොකුවට ඉස්සරහින් යන්නෙ.. 😛 නැද්ද අයියණ්ඩි…
2012 නොවැම්බර් 21 දින ප.ව. 9:04 ට
වැඩිය උතුම්ද නැද්ද කියල පිළිගත්තත් නොගත්තත් ඇත්තෙන්ම ගැහැණියකට ඒ තරම් ගානක් නෑ මාලුවො…වැඩියෙන්ම වැදගත් ඇය ඔබ වෙනුවෙන් කර දේ අගය කරනවද නැද්ද කියන එකයි…ඉතින් මේ ලිපියෙන් ඔයා ඒක තේරුම් අරගෙන තියෙන බව පේනවා….HATS OFF… 🙂
2012 නොවැම්බර් 22 දින ප.ව. 9:13 ට
🙂
2012 නොවැම්බර් 23 දින ප.ව. 2:08 ට
පිලිගන්න පුළුවන් තර්කයක්..හිතලා බලන්න වටිනවා..
2012 නොවැම්බර් 23 දින ප.ව. 3:53 ට
අන්තිම එකද…. 😀