පිරිමි ළමයෙක්, ගෑණු ළමයෙක් එනකං ඒ දෙන්නා හම්බුවෙන තැනට වෙලා බලාගෙන ඉන්නවා.
හ්ම්… තාමත් නෑනේ මේ හොල්මන… එහෙම හොල්මන කියලා හිතින් හිතුවට පුංචි අත්තටු තියෙන කුමාරිකාවක්දෝ කියලත් හිතෙනවා වෙලාවකට. ඒත් එහෙමනම් ඉක්මනට පියාඹලා එන්න බැරි ඇයි..!!! මුල්ම දවසේ කිව්වා තමා මංම, ඔයා ටිකක් පරක්කු වෙලා එන්න, මං එනකං ඇවිල්ලා රස්තියාදු වෙන්න එපා කියලා. ඒත් ඉතිං එහෙම කිව්ව පලියට විනාඩි විසිපහක්ම පරක්කු වෙන එක හරිද…
ආපු දෙන්කෝ… එදා වගේ අදත් මහ පාරෙම අනිනවා ටොක්කක් ඌයි ගාන්න… සමාවක් දෙන්නේ නෑ අදනම්.
හ්ම්… තව බස් එකක් එනවා. දැන් එයාට එන්න පුළුවන් බස් කීයක් නම් ඇවිත් මගේ ඉස්සරහා නවත්තලා සෙනග බස්සලා ගියාද. කතා කරාම කියන්නේ “මට ඔයාව පේන දුර, තව විනාඩි පහයි නැත්තං දහයයි” කියලා. දැන් ඒ වගේ විනාඩි පහේ දහයේ ඒවා තුන හතරක්ම ගියා.
බස් වලින් බහින බහින අය දිහා මං ඇස් ලොකු කර කර එක රූපයක්ම හොයද්දි, ඒ හැමෝම එක්ක මට හිනාවෙලා යනවා. නැත්තං ඔරවගෙන යනවා. ඒ අතරේ වැඩිහරියක්ම හිටියේ කිසිම හැඟීමක් නොදක්වා තමන්ගේ පාඩුවේ යන කට්ටිය. හරියට මාව පේන්නේ නෑ වගේ… මං මෙහේ එක්කෙනෙක් එනකං ඉර අව්වට පිච්චි පිච්චි ඉන්නවා පාර බලාගෙන. කමක් නෑ විටමින් – ඩී නේ.
මේ වැඩේ හරියන්නේ නෑ. කතාකරලා බලන්න ඕනේ කොහෙද ඉන්නේ කියලා. ම්…. ඒත් එයා බස් එකේ හිටගෙන නම් ඉන්නේ කතාකරන්න අමාරු වේවි එයාට. ඉස්සෙල්ලත් අමාරුවෙන් වගේ කතාකලේ… ආයේ කතා කරලා ෆෝන් එක අදින්න ගිහිං වැටුනොත්…!
මොකද කරන්නේ දැන් මං…………………………………………….
කමක් නෑ වැටෙන එකක් නෑ, අල්ලගෙන ඇති, නැත්තං වාඩි වෙලා හරි ඇතිනේ. උදේ වරුවට බස් වල සෙනග අඩුයිනේ. හ්ම්… තව මොනාද තියෙන්නේ කෝල් කරන්න හිත හදාගන්න පුළුවන් නිදහසට කරුණු…!!! ආහ්… දැන් ලඟයි කිව්වනේ… ඒ නිසා බස් එකේ සෙනග කොහොමත් අඩු ඇති… ඒක නිසා දැන් නම් ෂුවර් එකටම වාඩිවෙලා ඇති. ම්… මං ගන්නවා කෝල් එකක්…
හෙලෝ…. විනාඩි ගොඩක් ගියානේ දැන්… කොහෙද ඉන්නේ…
ඉන්නකෝ බබෝ… තව හරියටම විනාඩියයි…
අනේ යනවා… ඔහොම විනාඩි පහේ දහයේ ඒවා කීයක් ගියාද…
නෑ නෑ… මං එනකං පරිස්සමට ඉන්නකෝ…
ඉක්මනට එන්න….
මං එහෙම ඉක්මනට එන්න කිව්වට, එයා කොහොම එන්නද බස් එක යනවට වැඩිය ඉක්මනට. එයායැයි බස් එක එලවන්නේ..! හ්ම්…. තව කොච්චර වෙලා යයිද දන්නේ නෑ… විනාඩියයි කිව්වට මං දන්නවනේ එයාගේ විනාඩිය…
ආහ් තව එකක් එනවා නේද… එයාට ඒකෙත් එන්න පුළුවන්නේ… බලමු බලමු…. ම්…. දොරවල් දෙක ගාවට බහින්න ලං වෙලා ඉන්න සෙනග ගොඩේ නම් නෑ වගේ… කොල්ලවගේ වැඩ දාන්න ගිහිං මග හරියෙන්ම පැන්නද දන්නේ නෑ බස් එකෙන්…
ම්…. හ්ම්……………….. ලොකූ හුස්මක් මටත් නොදැනිම නාස් පුඩු වලින් සිරුරට ඇතුලු වෙලා මුළු රුධිර වාහිනි පුරාවටම පැතිරිලා තිබුන කලබලය, හදිස්සිය, තැතිගැන්ම, ආතතිය ඔක්කොම හොදාගෙන ආයෙම නාසයෙන් හා කටත් මඳක් විවෘතව පිටවෙලා යන හැටි….! ඇති යන්තං… හොල්මන එනවා…. ආපු දෙන්කෝ ලඟට, හ්ම්… ටොකු අනින්න ඕනේ නෑ… ඉඹින්න ඕනේ නලල….!!! පාර මැද්දේ වුනාම මට මොකෝ….!!!
ඇයි මේ මගේ කකුල් එයා එන පැත්තට ඇවිද්දවෙන්නේ…? මං මුලින් හිතාන හිටියේ පරක්කු නිසා ලඟට යන්නේ නෑ කියලානේ… ම්…. මාව තවත් ඇවිද්දවෙනවා… තවත්… තවත්…. තව මීටරයක් ඇති…. ම්… තව ටිකක් ආපු දෙන්කෝ… නලලට දාඩියත් දාලා එයාගේ… කමක් නෑ… ඉඹින්න ඕනේ…
ආහ්… ඒක හරි විශ්මිත තත්පරයක්… මං ලං වෙනකොටම, එයා මට වඩා ඉක්මන් වුනා. මගේ නලල හරියට එයා උස නැති නිසා, ඒ තොල් පෙති නතර වුනේ මගේ බෙල්ලේ…!!!!
කෙල්ල…. මොකද ඒ කලේ….?
ඇයි….?
ඇයි… ඩ්රැකියුලා වගේ බෙල්ල හැපුවේ…?
හැපුවේ නෑනේ…. හ්ම්…. ආහ් ඩ්රැකියුලා කිව්වා නේද…. ඉන්නවකෝ මීට පස්සේ…
හරි හරි…. යමු… පරක්කු වෙනවානේ.
හ්ම්…. අර බස් එකේ යමු…. ඒකෙ සීට් තියෙනවා වාඩි වෙලා යන්න.
යං….
හැමදාමත් වගේ එයා ජනේලේ අයිනේ, මං එයාට මෙහා පැත්තේ… ඉතිං මට මොනාද ගෙනවේ…
එයා නිහඬයි… සමහරවිට ඒක අනවශ්‍ය ප්‍රශ්නයක් වෙන්න ඇති.
කතාවක් නැතුවම බෑග් එක අදිනවා. බලන්නත් හිතයි…. ඒත් හොඳ නෑනේ… මං අහක බලාගත්තා…
අත අල්ලන්න….
ඇයි….
කෝ දෙන්නකෝ අත….
එයාගේ අතේ පිරිත් නූලක්… ආහ් එකක් නෙමේ දෙකක්…
බඳින්න…. බලෙන්න මං අත දුන්නා…
මේක ගන්න පන්සල ගාවින් බැස්සා ඒකයි පරක්කු වුනේ…!!! සමාව අයදින… ඒත් මං වැරැද්දක් කලේ නෑ කියන්න වගේ ඇස් දෙකෙන් මගේ දිහා බලාගෙන කියද්දි….!!! දාඩිය බිංදු මැකිලා තිබුනා නලල් තලය මං ඉම්බා…!!!
එන්න ඔයාගේ අතේ බඳින්න….
ආ…. හුරතලේට බලෙන්න අත් දෙකම දෙන ලස්සන.
අත් දෙක එකට තියාල බඳින්නද මොඩියේ… අත් දෙකම දික් කරන්නේ…
හුම්…. ආ එහෙනම්…. එක අතක් දික් කරා මගේ දිහාට…
මමත් බැන්දා පිරිත් නූල…. ඇඟිලි දෙක එකට ගැට ගැහිලා කවද හරි හුස්ම නවතිනකං මාත් එක්ක එන්න කියලා හිතින් හිතාගෙන…!!!! – at එක එක විදියට හිතුවම එක එක විදියට හිතෙනවා… ඒත් මේක ඇත්ත කතාවක් නම්…!
2012 නොවැම්බර් 17 දින පෙ.ව. 11:58 ට
මොකක්ද බොල අන්තිමට ලාවට ලියලා තියෙන්නේ..
මම මේ උඹ කොල්ලගේ චරිතෙට රගපාන හැටි හිතින් මවා ගත්තා… කෑවනේ බං උඹ… දැන් ඉතිං ආයෙමත් චරිතේ වෙනස් කරලා කතාව කියවන්න ඕනේ…
මොනව උනත් ළමයි හම්බෙන කාලෙට ළමයි ගැනම හිතෙනවා වගේ මාලුවටත් ලගදීම මීටත් වඩා හොද චාන්ස් එකක් වදීවි… 😉
භවතු සබ්බ මංගලං කිව්වා එහෙනම්…!!!
😀 😀 😀
2012 නොවැම්බර් 17 දින ප.ව. 5:14 ට
හික්ස්… අපි බලමුකෝ නේද ….
2012 නොවැම්බර් 17 දින ප.ව. 9:40 ට
බලමු බලමු…. අපිනම් ඇහැ දාගෙනමයි ඉන්නේ… 😀
2012 නොවැම්බර් 17 දින පෙ.ව. 11:58 ට
ඒකත් ජයසිරි මංගලම් කිව්වලු..එල එල ඔහොම යං
2012 නොවැම්බර් 17 දින ප.ව. 5:14 ට
😉
2012 නොවැම්බර් 17 දින පෙ.ව. 11:59 ට
ikamanatama yasoth ekka oya prarthana ishta wewa!!!!
a bola maluwo…dan pawul pansal wenna kale hari neda?
2012 නොවැම්බර් 17 දින ප.ව. 5:15 ට
යශෝ නෑ දැන්….
පවුල් වෙන්න බැරියේ… අපිට හදිස්සි නෑලු…
2012 නොවැම්බර් 25 දින ප.ව. 12:47 ට
apoi deyyane e mokada?
yashota mokada wune?
pawul wenna nam thama ubata kal thiyenawa thama….
2012 නොවැම්බර් 25 දින ප.ව. 1:14 ට
හ්ම්.. තව චුට්ටක් ඉන්න ඕනේ තමා.
2012 නොවැම්බර් 17 දින ප.ව. 12:20 ට
අඩේ මාළුස්…. මේ ඈ… ඕයි… අනේ මංද වචනත් ටැපලෙනව බං.. මේ ඕයි…. අර යසෝදරා වෙනුවට තව මොකෙක් හරි අල්ල ගත්තයි.. හප්පා.. යංතං සංතං මොළේ වැඩිල.. විටමිං ඩී නිසාද කොහෙදෝ…
මේ ඒක නෙමේ බං.. මං අහල තියේ කොල්ල කෙල්ලගෙ හරි කෙල්ල කොල්ලගෙ හරි අතේ නූල් බැන්දම උංට කෙලවෙලා මගුල් (අව)මගුල් වෙනෝ කියල ඈ… අර ප්‍රිහාන්ගෙ යායට පායනා මොකද්දෝ හදේ හිංදුවෙත් වීඩියෝ එකේ ඒක වෙනෝනෙ බලපං අනේ මංද.. මේ ඉරිසියාවට නෙමේ පරිස්සමට කිව්වෙ ඈ
බවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා
සබ්බ බුද්දානු බාවේන , සබ්බ දම්මානු බාවේන , සබ්බ සංගානු බාවේන , සදාසොත්ති බවං තුතේ!!!
(මහප්‍රාණ අකුරු මේකට එනව කියල දන්නව ඒත් උඹට ඒව කියව ගන්න බැරිවෙයි කියල හිතල දැම්මෙ නෑ ඈ… )
2012 නොවැම්බර් 17 දින ප.ව. 5:16 ට
අල්ල ගත්තා නෙවෙයි බොල හොයාගත්තා…. අඩේ උඹ ගාථත් දන්නවනේ බං….
2012 නොවැම්බර් 17 දින ප.ව. 10:57 ට
ඒ කියන්නෙ අර වීදුරු කුටියෙං උඹේ හාට් මෙව්ව එක එළියට ගත්ත ඈ??? පට්ටනේ..
නැහ්නං.. මේ අම්මපල්ල ජීවිතේට දහම්පාසැල් ගිහිල්ල නෑ…
හැබැයි හැම පෝයටම පංසල් නං යනව.. වදින්න නෙමේ යුතුකමක් විදියට (ලු)
2012 නොවැම්බර් 17 දින ප.ව. 12:22 ට
එක විදිහකට හිතපන්… එක එක විදි වලට හිතන්න යන්න එපා… අන්තිමට හිතන්න දෙයක් නැතුවම යනව….
මොකක්ද මිනිහො… ගිහින් ඕක කතා කරල පිළිවෙලක් කරගනිංකො පිස්සු කෙල කෙල ඉන්නෙ….
2012 නොවැම්බර් 17 දින ප.ව. 5:16 ට
අවුරුදු 8ක් එක විදියට හිතුවනේ බං… දැන් ටිකක් වෙනස් වෙන්න ඕනේ…
2012 නොවැම්බර් 17 දින ප.ව. 12:29 ට
ඔන්න අදත් ටැංකියට බැහැලා නාගත්තෝ…
එන්න සමකය වටේ රවුමක් යන්න
2012 නොවැම්බර් 17 දින ප.ව. 5:16 ට
සබන් ගෑවැයි…?
2012 නොවැම්බර් 17 දින ප.ව. 2:23 ට
මොකද මේ? දැං අමුතු කතා?
2012 නොවැම්බර් 17 දින ප.ව. 5:17 ට
ටිකක් අමුතු වෙන්න හිතුවා….
2012 නොවැම්බර් 17 දින ප.ව. 4:56 ට
දැන් ඉර අව්වේ විටමින් ඩී නැද්ද කොහෙද…. මන් නම් හිතුවේ මේක ඇත්තම ඇත්තක් කියල. එහෙම නෙමෙයිද මන්දා…..
2012 නොවැම්බර් 17 දින ප.ව. 5:17 ට
ඇත්තම ඇත්තම ඇත්ත….
2012 නොවැම්බර් 17 දින ප.ව. 7:10 ට
උඹ මඟබලන් හිටපු හැටි කියනකොට මට මතක් වෙන්නෙ අර ගයාන් පෙරේරගෙ ‘පං පං‘ සින්දුව.
2012 නොවැම්බර් 17 දින ප.ව. 7:13 ට
හික්ස්… වෙලාවට ගහක් තිබුනේ නෑ…
2012 නොවැම්බර් 17 දින ප.ව. 7:13 ට
ඔබ මාව හැමදාම වගේ අමුතුම පැත්තකට අරන් යනවා.කොල්ලෙක්ට මෙච්චර සංවේදී වෙන්න ආදරණීය වෙන්න පුලුවන්ද කියලවත් මම දන්නේ නැහැ.හේතුව මොකක් වුනත් කියන්න තියෙන්නේ යශෝදරාට පින නැහැ කියලා විතරයි… ඔබේ ආදරය ලබන කෙනා වාසනාවන්තයි…ඔබට ජය.
2012 නොවැම්බර් 17 දින ප.ව. 7:15 ට
යශෝධරා ගොඩක් දුරයි දැන්… මේ වෙන කෙනෙක්ට ලියපු එකක්…!!! එයත් තාම කියවලා නැතුව ඇති….
2012 නොවැම්බර් 17 දින ප.ව. 10:58 ට
ආහා.. සයිබර් අවකාසෙ එයා ඉන්නව එහෙනං… හුරේ… ……
2012 නොවැම්බර් 17 දින ප.ව. 8:45 ට
කතාව කියවනකොට රූප මැවෙනවා.ඇත්තම සිද්දියක් බව හිතාගන්න පුලුවනි
2012 නොවැම්බර් 18 දින පෙ.ව. 9:25 ට
ම්… ඔව් ඇත්ත සිද්ධියක් තමයි….
2012 නොවැම්බර් 18 දින පෙ.ව. 2:39 ට
අර ප්‍රාර්ථනාව ඒ විදිහටම ඉශ්ඨ වේවා කියලා පතනව.. 🙂
2012 නොවැම්බර් 18 දින පෙ.ව. 9:25 ට
තෑන්ක්ස් මකුලු පැංචි.
2012 නොවැම්බර් 18 දින පෙ.ව. 8:54 ට
දැන් අපි කට්ටියම කතාවයි මාලුවයි දෙකම දන්න නිසා මේකෙ සෞන්දර්යයයි. ආදරයයි අරකයි මේක යි ඔක්කොම දකිනවා. නමුත් පාරෙදි හදිස්සියෙ මෙහෙම දෙයක් දැක්කොත් කැත හිතින් බලන උන් නේද වැඩි. උඹලා වගෙ තරුණ එවුන් පවා කියන්නෙ සීමාව ඉක්මවා යනවා කියලා. ඒ ගැන නැවත හිතන්න කාලෙ නෙවෙයිද? මම නම් හිතලා හුඟක් කල්.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
2012 නොවැම්බර් 18 දින පෙ.ව. 9:26 ට
ඉස්සර නම් මාත් එහෙම දැක්කා… දැන් ඉතිං මාත් සීන් එකේ ඉන්න නිසා එහෙම හිතෙන්නේ නෑ…
2012 නොවැම්බර් 19 දින ප.ව. 12:45 ට
අයියෝ යෝ… යෝ… අර අන්තිම ඇට් එක ගම කාලා… !!!!
2012 නොවැම්බර් 20 දින ප.ව. 1:17 ට
හික්ස්….
2012 නොවැම්බර් 19 දින ප.ව. 2:29 ට
ubage oluwe mawena ewa wena katawath kiyanna epa… ubata pissu kiyala hithai
2012 නොවැම්බර් 20 දින ප.ව. 1:17 ට
උඹට වගේ… 😀
2012 නොවැම්බර් 23 දින ප.ව. 2:10 ට
යාළු මාළු මෙච්චර රොමෑන්ටික් කතා ලියන්නෙ මේ දවස්වල සිකුරා ලබලද?
2012 නොවැම්බර් 23 දින ප.ව. 3:55 ට
සිකුරා ලබලා… බැහැලා ගිහිං ආයෙම හෙනහුරා ලැබුවා… ඉතිං කියවන කෙනාට පේන්නත් එක්ක මේකෙ ලියන්න ඕනේ කියලා හිතුනා මට මතක් වෙන එව්වා… 😦
2012 නොවැම්බර් 24 දින ප.ව. 2:21 ට
හා ……මාළුවාගේ ලෙඩේ උත්සන්න වෙලා වගේ… හි …..හි . ඔහොම යං
2012 නොවැම්බර් 25 දින ප.ව. 1:11 ට
හප්පා ඔව් ඔව්….
2012 දෙසැම්බර් 1 දින පෙ.ව. 12:53 ට
at එක එක විදියට හිතුවම එක එක විදියට හිතෙනවා… ඒත් මේක ඇත්ත කතාවක් නම්…!meka situvillak vitaraida
2012 දෙසැම්බර් 1 දින පෙ.ව. 10:19 ට
සිතුවිලි මෙහෙම ලියන්න පුළුවන් වුනානම් කොච්චර හොඳද….
2012 දෙසැම්බර් 18 දින ප.ව. 1:32 ට
ම්ම්…. මේක පරන මතකයක් වගේ… ඒත් ඒකත් හරිම ලස්සනයි.. සමහරුන්ට හීනයක්…
2012 දෙසැම්බර් 18 දින ප.ව. 6:26 ට
පරණයි කියන්නේ ටිකක්…