ඩබල් කිව්වම ගොඩක් දේවල් මතක් වෙනවා. එක එක වයස් සීමාවන් වලිදී එක එක ඒවා. පුංචිම කාලෙදි ඩබල් රූල්… ඒ දවස් වල රතු ඉරි දෙක මැද්දේ හරියට අකුරක් ලියාගන්න බැරි වුනාට… ඊට පස්සේ ටික ටික කට්ටිය නෝටි වෙද්දි ඩබල් ගේම් වෙනවා… ඔය අස්සෙන් හිමීට හිමීට ඔලුව දානවා ඩබල් මීනින්ග්…!
ඩබල් මීනින්ග් නැත්තං ද්විත්ව තේරුම් දෙන වචන ගොඩක් සිංහල භාෂාවේ තිබුනත්, වැඩි හරියක්ම අර්ථය වෙනස් කරන්නේ වචනය උච්චාරණය කරන ටෝන් එකෙන් හරි ඉස්සරහට හෝ පස්සට යොදන උපකාරක පද වලින් හෝ තමා. ඒ වගේම අපි අතරත් තේරෙන්න නොතේරෙන්න යම්කිසි සම්මත වචන සෙට් එකක් නිතර දෙවේලේ භාවිත වෙනවා.
හිතන්නකෝ…. “කෑල්ල“ කියන වචනය. සාමාන්‍ය සිංහල භාෂාවේදි කෑල්ල කියන්නේ යම් කිසි දෙයක කොටසක් යන අර්ථය දෙන්න. ඒත් කවුරු හරි කෙනෙක් “කෑල්ල“ කියන වචනය ඉස්සර “ලස්සන“ කියන වචනය දැම්ම ගමන් වචනයේ තේරුම තනිකරම වෙනස් වෙනවා. ඒක එතනින් එහාට තව දුරටත් කෑල්ලක් නෙමෙයි… සම්පූර්ණ එකක් වෙනවා. සම්පූර්ණ කියන්නේ අංග සම්පූර්ණ එකක් වෙනවා නිකංම…..!!!
ඒක සැර වැඩිනම් “බඩු“ කියන වචනය හිතන්නකෝ…. සිංහල තේරුම් කීයක් තියෙනවද….!!!
ද්විත්ව තේරුම් දෙන වචන ගැන ගොඩක් කියන්න ඕනේ නැහැනේ. හැම කෙනෙක්ම දන්නවානේ. ඒ වගේම තවත් මහ අමුතු වචන ජාතියකුත් තියෙනවා. ඒවට කියන නමක් නම් සිංහල හෝඩියේ තියෙනවද කියල මං දන්නේ නෑ. සිංහල වචනයයි, ඒකෙම ඉංග්‍රීසි අර්ථය දෙන වචනයයි දෙකම එකට ඈඳලා කියන වචන වලට කියන නම මොකද්ද ඇත්තටම…?
ඉතුරු බැලන්ස් , දවල් ලන්ච් , අන්තිම ලාස්ට් ෆයිනල් , පයින් කික්… වගේ තව චවන තියෙනවා සැලකිය යුතු ප්‍රමාණයක්. ඒවා මුලින් මුලින් වැරදීම් වලින් භාවිතා වුනා වෙන්න පුළුවන් වුනත්, දැන් නම් හාස්‍ය උපදවන්න හා සාමාන්‍ය වචන ලෙසටත් භාවිතා වෙනවා. හැබැයි මට නම් හිතෙන්න දැන් ඒ වචන වගේම තේරුමක් නැති වදන රොත්තකුත් සමාජ ගත වෙලා ඉවරයි කියලයි. අපිත් ඕවට වගකියන්න ඕනේ ඉතිං. අළුත් වචනයක් අහුවුනාම හරි, ටීවී එකේ කතාවක යන කොමඩි වචන සෙට් එකක් හරි නිතර දෙවේලේ කියව කියව හිනා වෙද්දි ඒවා නිකංම අනිත් අයගේ කන් වලින් ගිහිං කටවල් වලින් පිටවෙනකොට නිකංම ඒ වදන් පැතිරිලා යනවා.
ඒ ගොඩට තවත් වචනයක් මේ ලගඳී එකතු වුනා. ලගඳී දවසක කෑම කඩේකට ගිහින් බිත්තර කෑම එකක් කිව්වම වේටර් මල්ලි අහනවා…
ගෙනියන්නද…? පාර්සල්ද…? කියලා…. අනේ මන්දා මං මොනා කිව්වද කියලා. කොහොම හරි බුවා මට කෑම එක පාර්සල් කරලා ගෙනියන්න දුන්නා.
මට නම් ඩබල් මීනින්ග් කතා ලියන්න බෑ…. ලියලා බැනුම් අහලත් නෑ… ඒක නිසා මේ එකක්…. මෙන්න තවත් එකක්….
ඒ වගේම මතක ඇතිනේ… ප්‍රභාකරන්ව මරපු දවස් වල ප්රභාකරන්ගේ බොඩිය හම්බුවෙලා කියලා මේල් එකක් එහෙම සංසරණය වුනා….!!!
2012 නොවැම්බර් 12 දින පෙ.ව. 9:15 ට
ඔය වගේ එවුවා නන් ගොඩක් තියෙනවා.
මේක කිව්වම මට මතක් උනේ
පස්සට රිවර්ස් කරනවා කියන එක. 🙂
2012 නොවැම්බර් 12 දින පෙ.ව. 9:15 ට
හුර්….රේ මම එක වෙලා.
2012 නොවැම්බර් 12 දින පෙ.ව. 9:54 ට
ඇයි බ්ලේඩ් තල, බෝර්ඩ් ලෑල්ල
2012 නොවැම්බර් 12 දින ප.ව. 4:15 ට
අයියේ බෝර්ඩ් කියන එකයි ලෑල්ල කියන එකටයි තව තව තේරුම් ගොඩක් තියෙනවා…
2012 නොවැම්බර් 12 දින ප.ව. 6:00 ට
ඔව් ඉතිං හුඟක් ඉංග්‍රීසි වචනවලට තේරුම් කිහිපයක් තිබෙන එක සාමාන්‍ය දෙයක්නේ. යෙදෙන තැන අනුව අපිට ඒ වචනෙට අර්ථකතනයක් දෙන්න පුළුවන්. ඒත් මම අදහස් කළේ ඒ වචන දෙක එක ළඟ සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් නෑ කියන එක.
2012 නොවැම්බර් 13 දින පෙ.ව. 8:09 ට
😉
2012 නොවැම්බර් 12 දින ප.ව. 4:14 ට
හික්ස්…. අන්න හරි…
2012 නොවැම්බර් 12 දින පෙ.ව. 9:55 ට
ෂෙහ් … මූ ඩබල් එකේම බඩු කෑලි ගැනත් ලියල.
2012 නොවැම්බර් 12 දින ප.ව. 1:30 ට
අනේද කියන්නේ… වල් මාළුවෙක් !
2012 නොවැම්බර් 12 දින ප.ව. 4:15 ට
මං කිව්වේ ෆුඩ් සිටියේ බඩු ගැන…
2012 නොවැම්බර් 13 දින ප.ව. 12:38 ට
ඔවු ඔවු අපි කියන්නෙත් ඒවා ගැන තමා. 😉
2012 නොවැම්බර් 12 දින පෙ.ව. 11:14 ට
ඩබල් කිවුවම මං මුලිංම හිතුවේ වෙන එකක්…
බලනකොට මේ වචන ගැනනේ කියන්නේ…
2012 නොවැම්බර් 12 දින ප.ව. 4:16 ට
ඒකනේ ඩබල් කියන්නේ… තේරුම් දෙකක් 😀
2012 නොවැම්බර් 12 දින පෙ.ව. 11:39 ට
හ්ම්. “කැච් අල්ලනව” තව එකක්.
2012 නොවැම්බර් 12 දින ප.ව. 4:17 ට
ඔය මතක් වෙන්නේ…
2012 නොවැම්බර් 12 දින ප.ව. 12:06 ට
මට නම් ඔය උඩ දාලා තිබුනු මුකුත් තේරුනේ නෑ. දවල් ලන්ච්. ලන්ච් ගන්නේ දවල්ට තමයි. 🙂
2012 නොවැම්බර් 12 දින ප.ව. 4:17 ට
අපි නම් උදේටත් ලන්ච් ගන්නවා, රෑටත් ලන්ච් ගන්නවා… 😀
2012 නොවැම්බර් 13 දින ප.ව. 10:35 ට
ඇයි රෑටත් ගුඩ් මෝනිං කියනවා 😀
2012 නොවැම්බර් 14 දින පෙ.ව. 8:14 ට
ඒ නම් ඉතිං තනි වචනේ මිනිස්සු නිසානේ….
2012 නොවැම්බර් 12 දින ප.ව. 2:11 ට
අපි රෑ නයිට් එකේ මේ ගැන කතා කරමු නේද.. මම සමකය වටේ (samakaya wate)දුවන එකා
2012 නොවැම්බර් 12 දින ප.ව. 4:20 ට
ඩ්‍රින්ක් එකක් බොන ගමන්….!!!
2012 නොවැම්බර් 12 දින ප.ව. 2:33 ට
කෝ උඹ අනිත් ඩබල් ගැන ලියලා නෑනේ..
2012 නොවැම්බර් 12 දින ප.ව. 4:20 ට
ඒක ලියන්න ටිකක් අමාරුයිනේ…
2012 නොවැම්බර් 12 දින ප.ව. 2:59 ට
කාට කියන්නද ඉතිං මේව… අඩෝ ඩබල් එකේ ඩබල් දේ-වල් ලිව්වට ඔතන නැති තව ගොඩාරියක් ඒව උඩයි පහළයි තියෙන කමෙන්ට් වලිං බලාගතහැකි ඈ… ඕං බලාපං බොරුද කියල ඈ…
හාපූ…. “බඩු“ …. සික් කැත මාළුව…. ඉකේයියා… කුජීතයි… ඉරුවටම සෙට් වෙනෝ දැං මූ ටිකෙං ටික….
2012 නොවැම්බර් 12 දින ප.ව. 4:22 ට
හොඳට හිටිය ඌව නරක් කලෙත් උඹලම තමා… 😉
2012 නොවැම්බර් 12 දින ප.ව. 10:19 ට
අඩේ ඒව බොරු කතා ඈ
2012 නොවැම්බර් 12 දින ප.ව. 7:11 ට
දැන් අපි මේකට මොකද කරන්නේ? උඹම කියපන් බලන්න?
2012 නොවැම්බර් 13 දින පෙ.ව. 8:09 ට
මොනා කරන්නද බං… ජාතික මෙහෙවරක් සේ සලකලා තව වචන ටිකක් එකතු කරමු…!
2012 නොවැම්බර් 12 දින ප.ව. 9:59 ට
මම නම් පෝස්ටුවෙනුයි කොමෙන්ට් වලිනුයි දන්නැති දේවල් දැනගෙන දැනුමෙන් පෝෂනය වුනා..!!තැන්කූ මාළු..!!
2012 නොවැම්බර් 13 දින පෙ.ව. 8:11 ට
🙂
2012 නොවැම්බර් 12 දින ප.ව. 10:36 ට
අද උදේ ජංෂන් හන්දියෙ ඇක්සිඩන්ට් හැප්පිලා ඩ්‍රයිවර්ලා දෙන්න ෆයිට් එකක් ගහගත්තානෙ.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
2012 නොවැම්බර් 13 දින පෙ.ව. 8:12 ට
හික්ස්… මේ තියෙන්නේ වචන පෝලිමක්ම.
2012 නොවැම්බර් 13 දින ප.ව. 10:39 ට
ඇයි කෑමටද? ගෙනියන්නද? කියලත් අහනව හොටල්කාරයො. ගෙනිහිල්ල කරන්නෙත් කනව මිසක් වෙන මෙකද්ද? 😀
තව එකක්, රයිස්ද? බත්ද? කියල අහනව 😀
දවසක් පොඩි එකෙකු උගෙ තාත්තයි ඇවිත් තාත්ත අහනව පොඩි එකාගෙන් පුතේ බත්ද කන්නෙ රයිස්ද කියල. පොඩි එකා කියාපි රයිස් කියල 😀
2012 නොවැම්බර් 14 දින පෙ.ව. 8:15 ට
පොඩි එකා කනවා ඇත්තේ අමු හාල්…. 😀
2012 නොවැම්බර් 14 දින පෙ.ව. 12:42 ට
වා නම් වා, පෝ නම් පෝ, කම් ඕ ගෝ, චිකාගෝ.
හෙන පරන ටෙලියක කෑල්ලක්. අර කම්මුලේ උපන් ලපයක් තියන නලුවා තමා හිටියේ. ටෙලියේ නම නම් මතක නෑ 🙂
2012 නොවැම්බර් 14 දින පෙ.ව. 8:16 ට
පහු ගිය අවුරුදු 10ක් විතර ඇතුලත ඔය වගේ වචන සෙට් ගොඩක් එකතුවුනා…
“පිස්සුවක් ඇතෑ….” , “මල්ලි හරි මල්ලි” , කෝ ඉතුරු එක… ඒක තමයි මේක”