ඩබල්….

ඩබල් කිව්වම ගොඩක් දේවල් මතක් වෙනවා. එක එක වයස් සීමාවන් වලිදී එක එක ඒවා. පුංචිම කාලෙදි ඩබල් රූල්… ඒ දවස් වල රතු ඉරි දෙක මැද්දේ හරියට අකුරක් ලියාගන්න බැරි වුනාට… ඊට පස්සේ ටික ටික කට්ටිය නෝටි වෙද්දි ඩබල් ගේම් වෙනවා… ඔය අස්සෙන් හිමීට හිමීට ඔලුව දානවා ඩබල් මීනින්ග්…!

ඩබල් මීනින්ග් නැත්තං ද්විත්ව තේරුම් දෙන වචන ගොඩක් සිංහල භාෂාවේ තිබුනත්, වැඩි හරියක්ම අර්ථය වෙනස් කරන්නේ වචනය උච්චාරණය කරන ටෝන් එකෙන් හරි ඉස්සරහට හෝ පස්සට යොදන උපකාරක පද වලින් හෝ තමා. ඒ වගේම අපි අතරත් තේරෙන්න නොතේරෙන්න යම්කිසි සම්මත වචන සෙට් එකක් නිතර දෙවේලේ භාවිත වෙනවා.

හිතන්නකෝ…. “කෑල්ල“ කියන වචනය. සාමාන්‍ය සිංහල භාෂාවේදි කෑල්ල කියන්නේ යම් කිසි දෙයක කොටසක් යන අර්ථය දෙන්න. ඒත් කවුරු හරි කෙනෙක්  “කෑල්ල“ කියන වචනය ඉස්සර  “ලස්සන“ කියන වචනය දැම්ම ගමන් වචනයේ තේරුම තනිකරම වෙනස් වෙනවා. ඒක එතනින් එහාට තව දුරටත් කෑල්ලක් නෙමෙයි… සම්පූර්ණ එකක් වෙනවා. සම්පූර්ණ කියන්නේ අංග සම්පූර්ණ එකක් වෙනවා නිකංම…..!!!

ඒක සැර වැඩිනම් “බඩු“ කියන වචනය හිතන්නකෝ…. සිංහල තේරුම් කීයක් තියෙනවද….!!!

ද්විත්ව තේරුම් දෙන වචන ගැන ගොඩක් කියන්න ඕනේ නැහැනේ.  හැම කෙනෙක්ම දන්නවානේ. ඒ වගේම තවත් මහ අමුතු වචන ජාතියකුත් තියෙනවා. ඒවට කියන නමක් නම් සිංහල හෝඩියේ තියෙනවද කියල මං දන්නේ නෑ. සිංහල වචනයයි, ඒකෙම ඉංග්‍රීසි අර්ථය දෙන වචනයයි දෙකම එකට ඈඳලා කියන වචන වලට කියන නම මොකද්ද ඇත්තටම…?

ඉතුරු බැලන්ස් , දවල් ලන්ච් , අන්තිම ලාස්ට් ෆයිනල් , පයින් කික්… වගේ තව චවන තියෙනවා සැලකිය යුතු ප්‍රමාණයක්. ඒවා මුලින් මුලින් වැරදීම් වලින් භාවිතා වුනා වෙන්න පුළුවන් වුනත්, දැන් නම් හාස්‍ය උපදවන්න හා සාමාන්‍ය වචන ලෙසටත් භාවිතා වෙනවා. හැබැයි මට නම් හිතෙන්න දැන් ඒ වචන වගේම තේරුමක් නැති වදන රොත්තකුත් සමාජ ගත වෙලා ඉවරයි කියලයි. අපිත් ඕවට වගකියන්න ඕනේ ඉතිං. අළුත් වචනයක් අහුවුනාම හරි, ටීවී එකේ කතාවක යන කොමඩි වචන සෙට් එකක් හරි නිතර දෙවේලේ කියව කියව හිනා වෙද්දි ඒවා නිකංම අනිත් අයගේ කන් වලින් ගිහිං කටවල් වලින් පිටවෙනකොට නිකංම ඒ වදන් පැතිරිලා යනවා.

ඒ ගොඩට තවත් වචනයක් මේ ලගඳී එකතු වුනා. ලගඳී දවසක කෑම කඩේකට ගිහින් බිත්තර කෑම එකක් කිව්වම වේටර් මල්ලි අහනවා…

ගෙනියන්නද…? පාර්සල්ද…? කියලා…. අනේ මන්දා මං මොනා කිව්වද කියලා. කොහොම හරි බුවා මට කෑම එක පාර්සල් කරලා ගෙනියන්න දුන්නා.

මට නම් ඩබල් මීනින්ග් කතා ලියන්න බෑ…. ලියලා බැනුම් අහලත් නෑ… ඒක නිසා මේ එකක්…. මෙන්න තවත් එකක්….

ඒ වගේම මතක ඇතිනේ… ප්‍රභාකරන්ව මරපු දවස් වල ප්‍රභාකරන්ගේ බොඩිය හම්බුවෙලා කියලා මේල් එකක් එහෙම සංසරණය වුනා….!!!

%d bloggers like this: