සර්වර් ඩවුන් කරන අළුත්ම විදිය….

servers

සාමාන්‍යයෙන් සර්වර් එකක් ඩවුන් කරන්නේ එහෙමත් වෙලාවක. ඒත් ඉතිං ඔය සමහර අය වැඩකරන තැන් වලනම් දිනාපතා බැකප් අරගෙන සර්වර් එක ඩවුන් කරල තමා යන්නේ. ආයේ පහුවෙනිදා උදේට තමා ඔන් කරන්නේ. ඉතිං ඔය වැඩේ හැමදාමත්  ඇඩ්මින්ලටම කරන්න බෑනේ. මොකද කොයි කොම්පැනියෙත් අකවුන්ට් ඩිපාමන්ට් වල එවුන්ට ගෙවල් දොරවල් නැති වුනාට අයි.ටී එකේ එවුන්ට එහෙම නෑ…. ඉතිං සමහර ආයතන වල අය කරන්නේ අකවුන්ට් එකේ වගකිවයුතු කාටහරි සර්වර් වහන්න කියලා දීලා ගෙදර යන එක.

ඒකත් ලේසි නෑ අප්පා… වයසක අයට සර්වරේ කියන කොට කකුල් දෙක ටුකු ටුකු ගාලා එකට වදිනවා. මොකද එයාලා දන්නවනේ අත්දැකීමෙන්ම සර්වර්යක් ඩවුන් වුනාම හරි බැකප් නැති වුනාම හරි ආයෙ එන්ට්‍රීස් දාන්න ගියාම දැනෙන ෆන් එක. ඉතිං ඒක නිසාම සර්වරේ දැකලා නැති වුනත් ඒ වචනෙටත් පන වගේ ආදරෙයි… ඒ වගේම බයයි.

ඉතිං ඔන්න දවසක් දා ලොකු වැඩ ගොඩක් සෙට් වෙලා තියෙන දවසක අය ආයතනයක අකවුන්ට්ස් එකේ අය රෑ වෙනකං වැඩ කියලා කලින්ම අයි.ටී එකට කිව්වලු. ඒ පාර ඉතිං අයි.ටී එකේ වුන්ට ගෙදර යන්න ඕනේ නිසා අකවුන්ට් ඩිපාමන්ට් එකේ වගකිව යුතු කෙනෙක් ගෙන්නලා සර්වරේ ඩවුන් කරන විදිය ගැන පොඩියට කියලා දුන්නා.

ඔය පහල කොටුවේ තමා ලියන්න ඕනේ ටික ලියන්න ඕනේ…. 😀

සර්… අනිත් පී.සී වහන විදියටම තමා මේකත් ඩවුන් කරන්නේ හොඳද… බය නැති කරන්න එපැයි මුලින්ම…

ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා… ඒකෙන් සර් උඩම එකෙන් ෂට් ඩවුන් තෝරන්න… දෙවෙනි එකෙන් මේන්ටනන්ස්  තෝරලා… ඕකේ කරන්න…

හා හරි පුතා මම ලියාගත්තා. වැඩි ආරක්ෂාවට වගකිවයුතු කෙනා පොඩි නෝට් එකකුත් දාගත්තා කියමුකෝ… ඊට පස්සේ අයි.ටී එකේ අය ගෙදර ගියාම ඔන්න ඇසිස්. අයි.ටී කොල්ලට කෝල් එකක් එනවලු…

පුතා ඔක්කොම හරි… අර පහල කොටුවේ මොනාද ගහන්න ඕනේ කියලා  මම ලියාගෙන නෑනේ. එතෙන්ට මොකද්ද පුතා දෙන්න ඕනේ…

ආහ්…. ඒකට නේද…!!! සර් දැන් ගෙදර යන්න නේද හදන්නේ….?

ඔව් පුතා….

ආ හරි සර්… එහෙනම්… ඒ කොටුවේ ටයිප් කරන්න…. බුදු සරණයි. ගුඩ් නයිට්. කියලා…!!!! ඊට පස්සේ ඕකේ කරන්න…

ආ… හරි පුතා ඕකේ… ගුඩ් නයිට්…

Advertisements

50 Responses to “සර්වර් ඩවුන් කරන අළුත්ම විදිය….”

  1. Reaz west Says:

    බුදුසරණයි..ගුඩ් නයිට් :p

  2. henryblogwalker the Dude Says:

    අඩෝ මේක පරම්පරා ගැ‍ටුමක්. ඇත්ත කියහං, උඹට නේද අංකල් ඕක කියා දුන්නෙ ජොබ් එකට ගිය අලුත?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    • Gold fish Says:

      හික්ස්… ඔව් ඔව්… අංකල් මට තමා කියලා දුන්නේ…

  3. praveena Says:

    පව් අප්පා හී හී… 🙂

    • Gold fish Says:

      හික්ස්… දැන් නම් ඇසිස්ටත් හිනාලු…

  4. සාතන් Says:

    පව් වැඩ කරන්න එපා මාළුවො… :p

  5. Naleen Dilruksha Says:

    මාලුවො මේවට කියන්නේ …………වැඩ. උඹත් මාර ගේම් නේ දෙන්නේ.

    • Gold fish Says:

      ඇයි දෙයියනේ දන්නේ නැති දෙයක්නේ කියලා දුන්නේ…

  6. Sameera Says:

    මම සාමාන්යෙන් අර බ්ලොග් ලියන කට්ටිය බනින අඩුවෙන් කමෙන්ට් දාන කෙනෙක්, එත් මේකට නම් එකක් දාලම යන්න ඕනේ කියලා හිතුනා.. මොනා උනත් නියම කතාව.

    • Gold fish Says:

      ස්තූතියි සමීර… බනින්නේ නැතුව නියමයි කිව්වට… 🙂

  7. Praසන්ன Says:

    ඕකෙ බුදු සරණයි කියල සිංහලෙං ටයිප් කරන්න පුලුවංද මාලුවො.

    • Gold fish Says:

      පිස්සුද අයියේ… Budusaranai. Good night. ඔන්න ඔහොම…

  8. Gilmmer Girl Says:

    ane pawu ayye..

    • Gold fish Says:

      ඇයි…? දන්නෙ නැති දෙයක් කියලා දුන්නම පවු සිද්ධ වෙනවද.. 😀

  9. Asanka Says:

    අයියෝ…………….. වයසක අයත් එක්ක අයිටී වැඩ කරනවා කියනන්නේ පණ යන වැඩක්…. කොච්චර කිවුවත් පුදුම බයක් තියෙන්නේ එයාලා කොම්පුටර්ස් වලට

  10. DDT Says:

    බුදුසරණයි ! ගුඩ් නයිට් ! 😀

    චූ කරල බුදියගන්න කියල කිව්වෙ නැත්ද බං? 😀 😀

    • Gold fish Says:

      වැඩිහිටියෙක්ට ඒක කියන්න අමාරුයිනේ… අයියලා වගේ කවුරු හරි ඈහුවනම් “දෙපාරක් හොල්ලන්න” කියලත් කියනවා 😀

      • DDT Says:

        හික් … හික් … මෙන්න පොඩ්ඩි, මෙයත් පදින්නෙ ‘හොන්ඩා ජුලෝලා‘ බයික් එකක්ළු.

        ඇයි යකෝ … අපිත් වැඩිහිටියො තමා, හරිය.

      • Gold fish Says:

        එහෙනම් ඉතිං වැඩිහිටියන්ට ගරු කිරීමක් වශයෙන් අපි කට පියා ගෙන ඉන්නවා. 😛

  11. මුහුදු කොල්ලකරයා Says:

    සර්වර් ඔහොම දින පතා ඩවුන් කරන සිරිතක් තියෙනවද? 😀

    බුදු සරණයි ! ගුඩ් නයිට්!

  12. රාජ් Says:

    😦 ඇ‍ෙඬෙනව ඕයි. ඒ උනත් එහෙම කරන්න එපා බං. කාගෙ උනත් දරුවෙක්නේ.

    • Gold fish Says:

      හික්ස්…. දරුවන්ගෙත් දරුවෝ ඉන්නවා බං.

  13. තරියා Says:

    හි හි…
    මරු සීන් එක..

  14. kathandarakaraya Says:

    ස්වීට් ඩ්‍රීම්ස් කියලාත් දාන්නයි තිබුණේ!

    • Gold fish Says:

      හික්ස්… අපරාදේ අප්පා ඒක මතක් වුනේ නෑනේ ඇත්තටම….

  15. කෙෂාන් විදුරංග Says:

    අනේ මංද බං.. තෝත් අහිංසක මිනිස්සුන්ට කරන වැඩ ඈ??

    Bs. Tc. Gn

    😉

    • Gold fish Says:

      අපි එහෙමයි මල්ලි… දෙයක් දන්නේ නැත්තං කියලා දෙනවා…

  16. මඩිස්සලේ නිශාන් Says:

    මට එහෙම කෝල් කරානම් ඊට වඩා ලස්සන ඒවා ටිකක් කියලා දෙනවා ඒ කොටුවේ ගහන්න කියලා 🙂

    • Gold fish Says:

      වයසක බුවෙක් අමාරුවෙ දානකං නින්ද යන්නේ නෑ නේද…? 😀

  17. nipuna Says:

    හික්ස්, අපේ සර්වරෙත් දිනපතා ඩවුන් කරලයි යන්නෙ. හැබැයි දැන් සති දෙහෙක විතර ඉඳන් සර්වරේ ඩවුන්ම ඩවුන්. 😀 මොනව උනාද දන්නෑ. කවුරු හරි ඉඳල හමාරයි කියලවත් ගැහුවද දන්නෑ :O

    • Gold fish Says:

      හික්ස්…. පුට් බෝල් ගහනවද සර්වරේට… 😀

      • nipuna Says:

        ඈහ් server එකකට පුට් බෝල් ගහන්න? :O පිච්චුද බොට 😛

      • Gold fish Says:

        නෑ සමහර සර්වර් ඔන් වෙන්නේ පයින් එකක් දුන්නම.. ඕෆ් කරන්න ආයෙමත් පයින් එකක් දෙන්න ඕනේ…

      • nipuna Says:

        හික් හික් එතකොට ඩවුන්ද පල්ලම් උනාම ගෙවන්නෙ බොලාද 😛

      • Gold fish Says:

        නෑ නෑ ඒවා තමා හදිසි ෂට්ඩවුන් කිරීම් කියන්නේ…

  18. මධුරංග Says:

    එතකොට ලින්කස් සර්වර් ඩවුන් කරන්නෙත් මෙහෙමද ?

    • Gold fish Says:

      ඒක දන්නේ නැහැනේ බං…. කවදාවත් උබුන්ටු එක වහලා යන්නේ නෑ… හෙන ගැහුවත් වහන්නේ නෑ…

      • nipuna Says:

        sudo shutdown -h now
        නැත්තං ඉතිං හෙණ ගැහුව වගේ ඩවුන් කරන්න ආසයි නං sudo poweroff කියන්න බබා වගේ ඩවුන් වෙයි 😀

  19. පන්සල් හංදිය Says:

    මම න්ං කියන්නෙ අංකල්ව අයි ටී එකට ගන්න ඕන.

  20. සමනළී Says:

    හික්ස්……පවු අනේ ඒ මනුස්සයා 🙂

    • Gold fish Says:

      එයාට නපුරක් වුනේ නෑනේ…. ඒක නිසා පවු නෑ…

  21. රූ Says:

    මේ වගේ මාළුවන් සිටිනතාක් කල් ආයතනයේ සිටින්නට්ට බුදු සරණයි තමා..!!හපොයි…

  22. කෝරලේ මහත්තයා Says:

    සිරාවටම ඇත්ත කතාව බන්


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: