සර්වර් ඩවුන් කරන අළුත්ම විදිය….

servers

සාමාන්‍යයෙන් සර්වර් එකක් ඩවුන් කරන්නේ එහෙමත් වෙලාවක. ඒත් ඉතිං ඔය සමහර අය වැඩකරන තැන් වලනම් දිනාපතා බැකප් අරගෙන සර්වර් එක ඩවුන් කරල තමා යන්නේ. ආයේ පහුවෙනිදා උදේට තමා ඔන් කරන්නේ. ඉතිං ඔය වැඩේ හැමදාමත්  ඇඩ්මින්ලටම කරන්න බෑනේ. මොකද කොයි කොම්පැනියෙත් අකවුන්ට් ඩිපාමන්ට් වල එවුන්ට ගෙවල් දොරවල් නැති වුනාට අයි.ටී එකේ එවුන්ට එහෙම නෑ…. ඉතිං සමහර ආයතන වල අය කරන්නේ අකවුන්ට් එකේ වගකිවයුතු කාටහරි සර්වර් වහන්න කියලා දීලා ගෙදර යන එක.

ඒකත් ලේසි නෑ අප්පා… වයසක අයට සර්වරේ කියන කොට කකුල් දෙක ටුකු ටුකු ගාලා එකට වදිනවා. මොකද එයාලා දන්නවනේ අත්දැකීමෙන්ම සර්වර්යක් ඩවුන් වුනාම හරි බැකප් නැති වුනාම හරි ආයෙ එන්ට්‍රීස් දාන්න ගියාම දැනෙන ෆන් එක. ඉතිං ඒක නිසාම සර්වරේ දැකලා නැති වුනත් ඒ වචනෙටත් පන වගේ ආදරෙයි… ඒ වගේම බයයි.

ඉතිං ඔන්න දවසක් දා ලොකු වැඩ ගොඩක් සෙට් වෙලා තියෙන දවසක අය ආයතනයක අකවුන්ට්ස් එකේ අය රෑ වෙනකං වැඩ කියලා කලින්ම අයි.ටී එකට කිව්වලු. ඒ පාර ඉතිං අයි.ටී එකේ වුන්ට ගෙදර යන්න ඕනේ නිසා අකවුන්ට් ඩිපාමන්ට් එකේ වගකිව යුතු කෙනෙක් ගෙන්නලා සර්වරේ ඩවුන් කරන විදිය ගැන පොඩියට කියලා දුන්නා.

ඔය පහල කොටුවේ තමා ලියන්න ඕනේ ටික ලියන්න ඕනේ…. 😀

සර්… අනිත් පී.සී වහන විදියටම තමා මේකත් ඩවුන් කරන්නේ හොඳද… බය නැති කරන්න එපැයි මුලින්ම…

ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා… ඒකෙන් සර් උඩම එකෙන් ෂට් ඩවුන් තෝරන්න… දෙවෙනි එකෙන් මේන්ටනන්ස්  තෝරලා… ඕකේ කරන්න…

හා හරි පුතා මම ලියාගත්තා. වැඩි ආරක්ෂාවට වගකිවයුතු කෙනා පොඩි නෝට් එකකුත් දාගත්තා කියමුකෝ… ඊට පස්සේ අයි.ටී එකේ අය ගෙදර ගියාම ඔන්න ඇසිස්. අයි.ටී කොල්ලට කෝල් එකක් එනවලු…

පුතා ඔක්කොම හරි… අර පහල කොටුවේ මොනාද ගහන්න ඕනේ කියලා  මම ලියාගෙන නෑනේ. එතෙන්ට මොකද්ද පුතා දෙන්න ඕනේ…

ආහ්…. ඒකට නේද…!!! සර් දැන් ගෙදර යන්න නේද හදන්නේ….?

ඔව් පුතා….

ආ හරි සර්… එහෙනම්… ඒ කොටුවේ ටයිප් කරන්න…. බුදු සරණයි. ගුඩ් නයිට්. කියලා…!!!! ඊට පස්සේ ඕකේ කරන්න…

ආ… හරි පුතා ඕකේ… ගුඩ් නයිට්…

%d bloggers like this: