මිදි ගැන ටිකක්….

මිදි තෝරන හැටි

මිදි…. මීට අවුරුදු 6000ත් 8000ත් අතර කාලයකට පෙර මිනිස් වාසයේ නැගෙනනහරි පෙදෙසට වෙන්න ආරම්භ වුන මිදි වගාව මේ වන විට ස්පාඥ්ඥය, ප්‍රංශය, ඉතාලිය, චීනය, ඇමරිකාව හා තවත් රටවල් ගනනාවක සරුවට කෙරීගෙන වගාවක්. ඒ වගේම ලෝකයේ මිදි නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රතිශතයක් ලෝකයට දෙන්නේ චීනය. ඊට පස්සේ ඉතාලිය, ඇමරිකාව, ප්‍රංශය වගේ රවටල්.  ලංකාවෙත් යාපනය අර්ධද්වීපය හා ආසන්න ප්‍රදේශ වල මිදි වගාව සරුවට කෙරෙනවා. ආදී කාලීන මිනිසුන් මූලිකවම මිදි වගා කරලා තියෙන්නේ වයින් නිෂ්පානදයට වුනත් ජෑම්, ජෙලි, රසකාරක හා වර්ණක වගේම මිදි ඇට වලින් තෙල් ලබා ගැනීමටත් මිදි වගා කරනවා. මීට වසර 8000ක පෙර සිට පවා ජෝර්ජියාවේ මිනිසුන් තමන්ගේ දෛනික ආහාරයක් ලෙස පරිභෝජනයට වයින් නිෂ්පාදනය කල බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබිලා තියෙන එකෙන්ම පැහැදිලි වෙනවා මිදි මනුෂ්‍ය ඉතිහාසයත් එක්ක කොයිතරම් සමීපද කියන එක.

ඉතිං මේ මිදි නෙලන කාලය කියන්නේ… අවුරුද්දේ මාස කීපයක් පුරාවට මිදි වැල් වලට සාත්තු කරලා අවසානයේදී පලාදාව නෙලන කාලය. ඉංග්‍රීසියෙන් කියන්නේ vintage කියලා. එම නෙලන මිදි වල අවසාන පලය වෙන්නේ රසවත් වයින්….! මිදි නෙලන කාලයේ වගේම අවුරුද්දේ අනෙකුත් කාල වලත් ලැබෙන මිදි පලදාවෙන් වයින් සෑදුවාට, වයින් නිපදවන රට වල වැඩිහරියක්ම ඉල්ලුම තියෙන්නේ අවාරේ නෙලන මිදි වලින් හදන වයින් වලට වඩා මිදි නෙලන, එනම් රටෙන් රට වෙනස් කාල වලදී ප්‍රනීත මිදි වලින් මිදි වැල් පිරී යද්දි නෙලන මිදි වලින් හදන වයින් වලටලු. ඒ වගේම ස්වභාවිකවම මිදි නෙලන කාලයේ නෙලන මිදි වලින් ලැබෙන වයින් වල ප්‍රනීත බව මෙන්ම ගුණදායක බවත් අනෙකුත් කාලවලදී ලබෙන වයින් වල තත්ත්වයට වඩා උසස් කියනවා.

මිදි වල අවසන් ප්‍රතිපලය

ඉතිං මේ මිදි නෙලන කාලයට මිදි ව්‍යාපාරයක් විදියට සරුවට වවන රට වල මිදි නෙලන කාලය කියන්නේ, අපේ රටේ ගොයම් කපන කාලය වගේ බොහොම තෙහෙට්ටු වගේම හිත් සතුටින් පුරවාලන කාලයක්. ඒ දවස් වලට ඒ ඒ රට වල තමන්ටම ආවේනික වූ විවිධ ජනක්‍රීඩා වලින්, විවිධ උත්සව වලින් සැනෙකෙලි වලින් පිරිපුන් සෞභාග්‍යමත් කාලයක්. අන්න ඒ සෞභාග්‍යය සිහිපත් කරන්න වගේම, ඒ කාලයේ කෙළිලොල් බව, සමගිය ඉස්මතු කරන්න තමා ක්‍රීඩා සමාජ වලටත් පසුකාලීනව vintage sports වගේ නම් වැටෙන්න ගත්තේ…!

පරණ පත්තර කෑල්ලක් තිබුන දන්නෙ නැති දෙයක්…!!!

30 Responses to “මිදි ගැන ටිකක්….”

  1. මධුරංග Says:

    වෙලාවකට මට හිතෙනවා ලෝකේ පරණම පලතුර මිදි ද කියලත්. මොකද ඔය බයිබලයේ හිටන් මිදි යුෂ ගැන කියලා තියෙනවා නෙහ්.

  2. සුදීක. Says:

    මම ගිය සතියේ යාපනයේ ගියා. මිදී වතුත් දකින්න ලැබුනා. දැන් යාපනයේ මිදී කලින් වගේ ඇඹුල නෑ. කිලෝවක් 180 – 240 දක්වා තියෙනවා. 240 ඒවා නම් ඇඹුල නෑ.

  3. praveena Says:

    ඔව්. ඔව් මිදි පරණම පලතුරක් වෙන්ට ඕනි. නැත්නම් කොහොමද අර නරියෙක් මිදි ඇඹුල් කීවේ… 😀

  4. henryblogwalker the Dude Says:

    ඉතාලියේ ඔය වයින් හදන සම්ප්‍රදායික ක්‍රියාවලියත් මම දැක්ක නැට්ජියෝ චැනල් එකේ. මිදි ලොකූ ලී බේසමක් වගෙ එකකට දාලා අවිවාහක තරුණ කෙල්ලො කීප දෙනෙක් සපත්තු ගලවලා ඒක ඇතුලට බැහැලා දෙපයින් පාගනවා යුෂ ගන්න.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

  5. DDT Says:

    අඩේ ….. වයින් නැතත් මිදි ටිකක් තිබුණ නම් දැන් කටේ දාගන්න.

  6. පරිකල්පන Says:

    ඔය වයින් හැදුවයි කියන්න තියෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි අර කැනීම් කරගෙන කරගෙන යද්දි හම්බවෙන වළං කටු වෙන්ටෑ

  7. සමනළී Says:

    මාත් මේ ගිය සතියේ යාපනෙන් ගෙනාපු මිදි වගයක් හම්බ වෙලා කෑවා. ඒ මිදි දැන් ඇඹුල් නෑ තමා….

    ඇයි අර ” A Walk in the Clouds ” මූවි එකෙත් තියෙන්නේ ඔය කියල තියෙන ව්දියට මිදි හදන හැටි පෙන්නලා… ඒක හරි ජොලි වැඩක්…..ලස්සන ෆිල්ම් එකක්…බලන්නම් වටිනවා…… 🙂

  8. රූ Says:

    මිදි ගැන මේ විස්තර නම් දැනගත්තෙ අද..

  9. arunishapiro Says:

    වයින් වලට වගේ ම මිදි කන අයටත් අසාත්මිකතා ඇතිවෙනවා. මිදි කෑවම පළු දානවා කන් රතු වෙනවා සමහරුන්ට අන්නාසි කෑවාම වගේ. ඉතින් වයින් බොන්න බැරි අය තමයි බියර් බොන්නේ. මට නම් දෙකම බොන්න පුළුවනි, බොන්නෙ නැතිවට!!!!

    චීනය ඉතාලිය අභිබවා මිදි නිෂ්පාදනයෙන් ඉහළ ගිහින් ඇති බව දැනගත්තෙ මෙයින්. ස්තූතියි මාළුවෝ.

    • Gold fish Says:

      ඒත් ලංකාවේ නම් අනිත් පැත්ත… බියර් බොන්න බැරි අය වයින් බොනවා…. 😀
      ඒ කියන්නේ ඉතාලියද මිදි වැඩියෙන්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ…

      • arunishapiro Says:

        ඔව් ඉතා මෑතක් වනතුරු ඉතාලිය තමයි වැඩියෙන් ම මිදි වගාවේ යෙදුනේ. ඉතාලිය යුරෝපීය යුනියනයේ රෙගුලාසි යටතේ වූ නිසාත්, ඉතාලියේ සේවක යුනියන් වැඩි නිසාත්, ශ්‍රමයට ගෙවන වියදම් වැඩිවෙද්දී චීනයේ අඩු වැටුප් ලබන ශ්‍රමයෙන් එහි කරන ආයෝජන වැඩි වූ නිසා වැඩියෙන් චීනයේ මිදි වවන්න අවස්ථාව ලැබෙනවා.

      • Gold fish Says:

        ඔය කිව්ව විස්තර ටිකටනම් ගොඩක් ස්තූතියි අක්කේ…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: