මී – පූස් කතාවක්….!

ඔන්න එක ඔෆිස් එකක් තියෙනවලු. ඒකට මේ ලඟදී ගියාලු ඔයාල දන්න එල පොරක්. නිකං විහිළුවට වගේ හිතන්න‍කෝ අර ටැංකිය ලියන එකා කියලා. දන්නවනේ ඉතිං අළුතෙන් එකෙක් ගියාම පරන අයගේ රස කතා, බූරුකතා, මෝඩ කතා ඔක්කොම ආයෙම ඇවිස්සිලා එනවා කියලා. ඉතිං අර අළුතෙන් ගිය මටත් පරන කතා කියනවලු හෝ ගාලා…! අනේ ඉතිං මාත් අහගෙන ඉන්නවා මිසක දැන් නවත්තනවා ඕයි… ඔය ඇති කියන්නයැ…

ඉතිං මේක තමා ඕල් ටයිම් ෆේවරිට් එක හැමෝගෙම.

ඔන්න ඉන්නවලු එකම ඩිපාමන්ට් එකේ දෙමළ පොරකුයි, සිංහල පොරකුයි. මුං දෙන්නම අර ඉස්සර චූටි කාලේ පොත් වල හිටිය සාමයි අමරයි වගේමලු. සල්මල් කඩන්න යන්නෙත් එකටමලු… ඒ තරම් සමගියිලු දෙන්නා. කන්න බොන්නේ එහෙමත් එකටලු. අනිත් එව්වා ගැන නම් දන්නේ නෑ… ගිය අළුත ඕවා අහන්න ගිහිං කාඩ් ගහගන්න බෑනේ…! ඉතිං දෙමළ බුවාට සිංහල යාළුවා එක්ක ඉඳලම සිංහල ටිකක් විතර සිංහලත් පුළුවන්ලු…  ඒත් ඉතිං සමහර ක්‍රියාපද අමතක වෙනවලු…!

යාළුකම…

ඒත් ඉතිං කොයි තරම් හොඳ යාළුවෝ උනත් පොඩි පොඩි අප්සැට් තැන් තියෙනවනේ. ඒකත් මරු නොගැලපීමක්…! දෙමළ බුවාට මීයෝ පේන්න බෑලු, දැක්ක තැන වඳිනවලු, නමස්කාර කරනවලු. ඇයි ඉතිං ගණ දෙවියන්ගේ වාහනයනේ.  ඒක නිසා මීයට හෙන සැලකිලි. අනිත් පැත්තෙන් සිංහල බුවා. ඌට වෙන ඕනේ සතෙක්… හැබැයි පූසෝ පේන්න බෑලු…  වැරදිලා හරි පූසෙක් දැක්කොත් පූසා පේන්නේ නැති වෙලා යනකං මූ දුවලා ගිහිං හැංගෙනවලු. වැරදිලා හරි ඇඟට පැන්නොත් හාට් ඇටෑක් හැදෙන්න ඔන්න මෙන්න වෙනවලු.

ඉතිං ඔය යාළුවෝ දෙන්නට ජොලි පොයින්ට් ටික අනිත් කට්ටියත් දන්නවනේ. ඒක නිසා දවසක් ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් ගිය වෙලාවක දෙමළ බුවා පළවෙනි පාරට බීලා. පළවෙනි පාරට මොනා බ්ව්වත් චුට්ටක් වෙරි වෙනවනේ. ඒක නිසා ඉතිං බුවාටත් ටිකක් වැදිලා. දැන් ඔය දෙමල බුවාට බොන්න දෙන වැඩේට සිංහල යාළුවා තමා කැපවීමෙන් වැඩ කරලා තියෙන්නේ. බයිට් අදිනවලු… සැන්ඩි ගේනවලු… වැඩ ගොඩයිලු. ඒ අස්සේ සිංහල යාළුවත් ලාවට නමාගන්නවලු‍…! මේ සෙට් එකම ඒ වෙලාවේ ඉඳලා තියෙන්නේ පූල් එකේ නාලා වොෂ් රූම් එකෙන් වොෂ් දාගන්න බලාගෙන සිවිල් පිටලු. ලැජ්ජාව වැහිලා තියෙන්නේ තුවායකින්ලු.

ඉතිං ඔහොම ඉන්න ගමන් දෙමළ බුවාට පදම් වෙච්චි බව දැක්ක වටේ එවුන් ෆෝම් කරනවලු… සිංහල එකාට දෙමළෙන් පැනපිය කියලා. මූ බෑම කියනවලු… ෆිට්ම යාළුවට බනින්න කැමති වුනේම නෑලු. ඒ පාර සිංහල එකාට කියනවලු ඌට බැරිනම් උඹ ඌට සිංහලෙන් බැනපං කියලා.

අපේ හෙල සුරුවිරුකම් දන්නවනේ ඉතිං… බනින්න තියේනම් කාට වුනාම මොකෝ…. ඒ ආරෙටම ගිහිං සිංහල යාළුවා කිව්වලු… උඹ හැමදාම මීයට වඳින එකේ මේ… මූටත් වැඳපන්… කියලා මොකද්ද එකක් පෙන්නුවලු තුවාය එහාට කරලා. දෙමළ බුවාට වෙරි හිඳුනලු…!

පොඩි අයත් දන්න ටොම් & ජෙරී

බුවා බැරි බැරි ගාතේ සිංහල එකාව පැත්තකට තල්ලු කරලා කියනවලු….

අඩෝ…. තෝ දැනගනින්… හරිද…. තොට පූසෙක් දම්මලා මෙව්වා කරනවා හරිද… 

කට්ටිය හිනා වෙනවලු… සිංහල එකා ටවල් එක කාමරේ දාලා කොරිඩෝ එකේ දුවනවලු පූසට බයේ….!!!!  මීයව අතින් වහගෙන… ආකිමිඩීස් වගේ… ඉතිං කට්ටිය එදා ඉඳන් දෙන්නට කියන්නේ ටොම් අන්ඩ් ජෙරී කියලා… – at අනේ ඉතිං කෙල්ලොත් ඉඳලනේ…

24 Responses to “මී – පූස් කතාවක්….!”

  1. cjgayan Says:

    ඒ සිංහල එකාගේ නම ප්‍රසන්නද ?

  2. praveena Says:

    //පළවෙනි පාරට මොනා බ්ව්වත් චුට්ටක් වෙරි වෙනවනේ.//
    හැබෑට??? 😀

  3. රාජ් Says:

    පූසෙක් දම්මල මෙව්ව කරනඑක තමයි නියම! 🙂

  4. DDT Says:

    ඒ මීයට වඳින කැම්පස් කතන්දරයකුත් ලාස්ට් රෝ එකේ තිබිල කියෙව්ව මතකයි. අවුලක් නෑ බං, අරූට හැමදාම වඳින්න මීයෝ හොයනවට වැඩිය ලේසිනේ දන්න කියන මීයට වැඳගෙන හිටියනම්. ජාතික සමඟිය, හරිය.

    ඒක නෙවි, අරූ පූසෙක් කිව්වෙ මේ … ඇත්තටම පූසෙක්ටමද බං.

  5. මධුරංග Says:

    සමහරු නම් පූසෙක් දම්මලා මීයට මොනාහරි කරනවා කිව්වොත් ඔහේ දිගෙන ඉන්නවා. නේද මාළුවෝ.. ?

  6. කෙෂාන් විදුරංග Says:

    ගෑණූ පූසෙට්ට කියල පිරිමි මීයෙට්ට මෙව්ව කරනවට කව්ද බොල මාළුවො අකමැති… කොරන්න කියාපං… හැක් ටිකක් විත්‍ර 18- නේ???? ඈ???


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: