තාත්තී….
ම්…. ඇයි පැටියෝ…..
අර… හඳ…… අර…. අර…. මගෙ අතින් ඇද ඇද හඳ දිහාට දබරැඟිල්ල දික් කරන් කෑගහන මේ කෙල්ලට තේරෙනවද හිතේ තියෙන ගින්දර..!!!
ලස්සනයි… නේද….?
ඔව්… දූ වගේම ලස්සනයි…
හ්ම්… බොරු කියන්න එපා… තාත්ති කිව්වේ හඳ, අම්මි වගේ කියලනේ…?
මූන බෙරි කරගෙන මගෙ අතට වෙලා නැලවෙන මේ පුංචි පණ්ඩිතකමේ අසීමාන්තික වර්ධනයට වගකියන්න ඕනේ අම්මම තමා. කටින් හැලෙන හැම වචනෙම මතකයේ තියාගෙන ඉඳලා, කලින් කිව්ව දේට පරස්පර දෙයක් කියවෙච්චි ගමන්… හහ්… අම්මි වගේම තමා… ඉතිං ප්රශ්න කෝටියයි….!!! පුංචි හිත් වලට තේරෙන්නේ නැහැනේ උපමා උපමේය සමාන වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා කියලා.
කියන්නකෝ… අම්මිත් හඳ වගේ දිලිසෙනවද…?
ඔව්… තාත්ති ගාව ලස්සනට දිලිසෙනවා…!!! ඇයි දූ දැකලා නැද්ද….?
හ්ම්…. නෑනේ…. අර වගේ කහ පාටට දිලිසෙනවද….?
නෑ… අම්මි දිලිසෙන්නේ රත්තරං පාටට… අතේ තවරලා පෙන්නන්න බැරි පාට ගැන මේ කෙල්ලට කියල දෙනවා කියන්නේ…. හ්ම්… ඒකට අම්මි ඉන්නම වෙනවා. මට තේරෙන්නේ නෑ අම්මිගේ දුවත් එක්ක පන්ඩිත කම් කියවන්න.
තාත්තී….
ම්…. ඒ පාරනම් ලොකූ ප්රශ්නයක් වගේ…. චූටි ඇස් දෙක ලොකු වෙලා. මූනත් බොහොම බැරෑරුම් වෙලා.
අම්මි කවදද එන්නේ…?
දන්නේ නෑ කියන්න බැහැනේ. ඉක්මනට එයිනේ…!
කියන්නකෝ….
හෙට හරි අනිද්දට හරි…
අම්මිට හොඳද දැන්….? මේකිත් හරියට පත්තර වලට සාකච්චා එකතු කරන කෙනෙක් වගේ. එකක් ඉවර වෙද්දි එකක්.
මල්ලි බබාව හම්බුවෙලාද දැන්….?
කොහොමද මල්ලි බබාව අම්මිගේ බඩට ගියේ…? අනේ අම්මි ඉක්මනට ඇවිත් මෙන්න මේ ප්රශ්න වලට උත්තර දෙන්න….! මගේ ගාව මේ අහන පණ්ඩිත ප්රශ්න වලට උත්තර නෑ…! අම්මි දන්න බයෝලොජි වලින් උත්තර දෙන්න මේවට. – at අනාගතයට චුට්ටක් මෙහාට වෙන්න
2012 ඔක්තෝබර් 24 දින පෙ.ව. 10:48 ට
ඔව් ඔව් ඕවා දැන්ම අම්මිගෙන් අහගෙන පාඩම් කරන් ඉන්න එක හොදයි…
තව වැඩි කාලයක් යන්න කලින් මාලුවත් නැළවිලි ගී කියන්න හිතේ අදහසක් එහෙම ඇතිනේ… නැද්ද මං අහන්නේ….
😀 😀
2012 ඔක්තෝබර් 24 දින පෙ.ව. 11:11 ට
කාටද අම්මිටද.. 😛
2012 ඔක්තෝබර් 24 දින ප.ව. 2:15 ට
ඔව් ඔව් අම්මි නළවන් ඉන්න එපැයි බබාලා නළවන්න.. නැද්ද මං අහන්නේ… 😛
2012 ඔක්තෝබර් 24 දින ප.ව. 3:03 ට
හික්ස්…. ඒකනේ බං.
2012 ඔක්තෝබර් 24 දින පෙ.ව. 11:01 ට
at අනාගතයට චුට්ටක් මෙහාට වෙන්න
🙂
2012 ඔක්තෝබර් 24 දින පෙ.ව. 11:11 ට
කෙලින්ම හොම්බ දාන්න බෑනේ අනාගතයට… චුට්ට චුට්ට…
2012 ඔක්තෝබර් 24 දින පෙ.ව. 11:57 ට
ලස්සන අදහසක්….මාත් හීනෙක පා වෙලා ගියා වගේ වුනා 🙂
මම නම් අළුත් මේ බ්ලොග් ලෝකයට…… මේ මගේ මුල්ම කමෙන්ට් එක 🙂
2012 ඔක්තෝබර් 24 දින ප.ව. 12:00 ට
ස්තූතියි කමෙන්ට් කලාට… 🙂
2012 ඔක්තෝබර් 24 දින ප.ව. 12:22 ට
🙂 🙂
අනිත් ලිපි ටිකත් කියවන්නම්කෝ….
2012 ඔක්තෝබර් 24 දින ප.ව. 3:00 ට
හොඳයි සමනළී….
2012 ඔක්තෝබර් 24 දින පෙ.ව. 11:58 ට
දැන්ම ඉඳන් පුරුදු වෙනවද? 🙂
2012 ඔක්තෝබර් 24 දින ප.ව. 12:00 ට
මොනා කියනවද මන්දා… ලැජ්ජත් හිතෙනවා… 😀
2012 ඔක්තෝබර් 24 දින ප.ව. 12:27 ට
“කුකුල් පැටියා බිත්තරේ කඩාගෙන එලියට එන හැටි හරීම පුදුමයි නේද පුතේ?”
“මට නම් පුදුමෙ තාත්තෙ ඕකා ඕක ඇතුලට ගියේ කොහොමද කියලයි.”
2012 ඔක්තෝබර් 24 දින ප.ව. 3:02 ට
පොඩි එකාගේ මොලේ… 😀
2012 ඔක්තෝබර් 24 දින ප.ව. 12:59 ට
ආසාවේ බෑ මේ පුංචි කතාවට
2012 ඔක්තෝබර් 24 දින ප.ව. 3:02 ට
ම්… පුංචි ඒවා තමා ලස්සන…
2012 ඔක්තෝබර් 24 දින ප.ව. 2:24 ට
ම්..මී පැණි වෑහෙනවද කොහෙද?
2012 ඔක්තෝබර් 24 දින ප.ව. 3:03 ට
අනේ මන්දා…. 😀
2012 ඔක්තෝබර් 25 දින ප.ව. 1:57 ට
එහෙනම් බඹරු ඇති….. 🙂
2012 ඔක්තෝබර් 24 දින ප.ව. 2:48 ට
වචන වලින් සිතුවම් මැවීම. නියමයි යාලුවා….
2012 ඔක්තෝබර් 24 දින ප.ව. 3:03 ට
ස්තූතියි…
2012 ඔක්තෝබර් 24 දින ප.ව. 4:17 ට
කවද්ද at එක අනාගතයට චුට්ටක් මෙහාට්ට වෙන්නේ ?
2012 ඔක්තෝබර් 26 දින ප.ව. 4:55 ට
තව කල් තියෙනවා මධුරංග…
2012 ඔක්තෝබර් 24 දින ප.ව. 6:48 ට
හරි හරි…මට මීටර් වැඩේ 🙂
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
2012 ඔක්තෝබර් 26 දින ප.ව. 4:56 ට
පෙට්රල් ගහගහනින්… නැත්තං මීටර් නවතියි…
2012 ඔක්තෝබර් 24 දින ප.ව. 7:12 ට
දැන්ම ළමයි ගැන හිතන්නේ මොකද ?වැඩේ වැරදිලාද?
2012 ඔක්තෝබර් 26 දින ප.ව. 4:56 ට
සේෆ්ටි ෆසට් මචං… 😉
2012 ඔක්තෝබර් 24 දින ප.ව. 7:59 ට
//කොහොමද මල්ලි බබාව අම්මිගේ බඩට ගියේ…?//
දීපන්කො පුළුවන්නම් උත්තර….? ලස්සන කතාව.
2012 ඔක්තෝබර් 26 දින ප.ව. 4:56 ට
තෑන්ක්ස් අයියේ…
2012 ඔක්තෝබර් 25 දින පෙ.ව. 8:57 ට
mu kalpana karala thiyena dura…. 😀
2012 ඔක්තෝබර් 26 දින ප.ව. 4:57 ට
දැන්ම තියා පොඩ්ඩක් ප්ලෑන්කරන්න ඕනේ බං…
2012 ඔක්තෝබර් 25 දින ප.ව. 1:09 ට
ලස්සන අනාගතයක් හිතේ මැවෙනවා..:)
2012 ඔක්තෝබර් 26 දින ප.ව. 4:57 ට
දකින අනාගතය ඇත්ත කරගන්න තමා හැමෝම මහන්සි වෙන්නේ…
2012 ඔක්තෝබර් 25 දින ප.ව. 11:12 ට
අප්පේ මේකේ තියෙන වැඩ.ජය!
2012 ඔක්තෝබර් 26 දින ප.ව. 4:58 ට
හික්ස්… ඇයි අමුතුයිද…
2012 ඔක්තෝබර් 25 දින ප.ව. 11:13 ට
http://manasindiviyata.blogspot.com/
2012 ඔක්තෝබර් 27 දින ප.ව. 6:15 ට
අනේ බොලේ අනාගතේ ඉපදෙන උං ඔය වගේ පස්න අහන්නෑ බං.. දැං හැදෙන එව්වොන්ගෙ හැටියට ඉපදෙන්න ඉන්න එවුං අහන්නෙ ඕව නෙවේ කියල කියතැහැකි…..
අනාගතේ පොඩි එව්වො ඉන්න තාත්තලාට ඇතිවෙන්න උංට කියල නාගතහැකි බව ප්රකාස කර පිටිමි…..
– ආචාර්රය . විද්දා (MBBS , Bcs ….. bla bla bla) –
2012 ඔක්තෝබර් 29 දින ප.ව. 3:39 ට
ඒක නම් ඇත්ත බං….
2012 ඔක්තෝබර් 28 දින ප.ව. 3:21 ට
යකෝ මාළුවා හිතන දුර බලහල්ලකෝ හෙක් හෙක් හෙක්
2012 ඔක්තෝබර් 29 දින ප.ව. 3:40 ට
එහෙම තමයි කෝරලා මහත්තයා අපි…
2012 ඔක්තෝබර් 29 දින ප.ව. 2:44 ට
ඔව්වා පුරුදු උනාට අපතේ යන් නැ , මෙන්න දැනුත් එක්කෙනෙක් මගේ අතේ ඉන්නවා
2012 ඔක්තෝබර් 29 දින ප.ව. 3:48 ට
හීතලට ගුලි වෙලා ඇති නේද…. දැන් කතාකරනවද අයියේ…
2012 ඔක්තෝබර් 30 දින පෙ.ව. 11:34 ට
සෑහෙන කාලයක් ඉස්සරහට ප්ලෑන් කරන පාටයි අපෙ මාලු ටැංකි මහත්තය. පලවෙනි එක්කෙනා කෙල්ලක් වෙලා දෙවෙනියත් ඉක්මනටම ගෙනෙන්නයි අදහස.
2012 ඔක්තෝබර් 31 දින ප.ව. 3:12 ට
ම්… 😉