තිලක් කැමරාව….

ලෝකෙ දියුණු වෙද්දි එක එක විදියේ නව නිෂ්පාදන බිහිවෙනවා. ඉතිං ගොඩක් වෙලාවට ඒ නව නිෂ්පාදන වලට නිෂ්පාදකයගේ නම වැටෙන්න තියෙන ඉඩකඩ බොහෝ දුරට වැඩියි.

ඉතිං ඔය කැමරා තියෙනවනේ. කැමරාවල තියෙනවා එක එක සයිස් එකෙන් එක එක පාටින් එක එක වර්ග. අනිත් ජාති වගේම තමා. සාමාන්‍ය ඩිජිටල් කැමරා, ෆිල්ම් කැමරා, අධෝරක්ත කිරන කැමරා… වගේ නොයෙකුත් වර්ග තියෙනවා. ඉතිං ඔය කැමරා හොයාගන්න වගේම දියුණු කරන්නත් ගොඩක් දෙනෙක් උදවු වෙනවා. ඒක සාමූහික ප්‍රයත්නයක්. ඉතිං වැඩේ ඉවර වුනාම ලැබෙන ගල් මුල් ඔක්කොම මුළු කන්ඩායමටම ලැබෙනවා. ආන්න ඒ කැමරා ගොඩට අලුතෙන්ම එකතු වෙන සාමාජිකයා තමා “තිලක් කැමරාව“ නිෂ්පාදන හා වැඩිදියුණු කරලා තියෙන්නේ අපේ ආයතනයේ තාක්ෂණික බුවෙක් වෙන තිලක් මහතා.

සාමාන්‍යයෙන් කෙනෙක් යම් දෙයක් මහන්සි වෙලා හොයාගත්තම ඒක ගැන වැඩිය ලෝකෙට කියන්නේ නැත්තේ ඉතිං ඒක ගැන පේටන්ට් අරං එක පාර එලියට දාන්න හිතාගෙනනේ. ඒත් තිලක් කැමරාව ගැන අපේ බොස් මුළු ආයතනයම දැනුවත් කලා තිලක්ට කලින් දැනුම් දීමකින් තොරව. ඒක නම් හෙන කැත වැඩේ.

ගිය සතියේ මුළු කාලයම තිලක් ගත කලේ කැමරා පද්ධතිය අළුතෙන් සකසන්න. ඒ කිව්වේ තිබුන එව්වා එහෙට මෙහෙට හැරිලා. ඉතිං වැඩේ කරලා ඉවරකරන අන්තිම දවසේ තිලක් විතරයි. සහයකයෝ මිසින්. ඔන්න ඔක්කොම කරලා ඉවර වෙලා පහු වෙනිදා ලොක්කා ආපු ගමන් පට්ට ආදරෙන් තිලක්ව අමතනවලු…

තිලක්  ඉන්න තැනකින් මෙහෙ වර… කියලා.

මං මේ අපේ ලොක්කට අපහස කොරනවා එහෙම නෙවෙයි… ලොක්කා හිටිය විදිය පෙන්නන්න වෙන ඉමේජ් එකක් හම්බුනේ නෑ…

උදේ පාන්දර සනීපෙට හම්බුවෙන යන්නේ කියලා දන්න තිලක්… දුක මූනක් දාගෙන බොසාගේ කාමරේට යනකොට බොසා ඉන්නවලු පුටුවේ ඉඳගෙන මේසේ උඩින් ඔලුව තියාගෙන හෙන අමාරුවෙන් කැමරා මොනිටරේ දිහා බලාගෙන.

ඇ… ඇයි…. සර්….

තිලක්… තමුසේ මාර දක්ෂයෙක්නේ ඕයි… බලනවකෝ මේ මොනිටරේ…. ඕයි අර අකවුන්ටන් මිස්ලාගේ ස්කර්ට් උඩ ගිහිං ඔක්කොම පේනවා….

ඈහ්… තිලක් ෆුල් අවුට්ලු මේ මොනාද මේකා උදේ පාන්දරම කියන්නේ කියලා…

පස්සේ හෙන කරුණාවෙන්….

තිලක් පොඩ්ඩක් එනවකෝ මිනිහෝ…. තමුසේ ඊයේ බිව්වද…?

නෑ සර්….

මලක් වත්….?

නෑ සර් පාවිච්චියක් නෑනේ…

එහෙනම් #^%#^ පුතෝ කැමරාව ඔලුවෙන් අතට හයි කලේ මෝල තදවෙලාද….?

ඈහ්… අම්මට සිරි… මේ දැන් හදනවා සර්… මේ දැන් හදනවා….

31 Responses to “තිලක් කැමරාව….”

  1. praveena Says:

    මට නම් අර පින්තූරෙන් පේන්නේ ලොක්කා නෙමෙයි මාලුවෙක්… 😀

  2. DDT Says:

    ඔය තිලක්ගෙ නමට ප්‍රසන්න කියල කෑල්ලක් නැතුව ඇති මයෙ හිතෙ.

    එහෙනම් #^%#^ පුතෝ කැමරාව ඔලුවෙන් අතට හයි කලේ මෝල තදවෙලාද….?

    😀 😀 😀

  3. මාඩා Says:

    පට්ට පට පට… සුපිරි බුවාලනේ බං ඔතන ඉන්නේ…. එක ජාතියේ මාලු රෑන් පීනන්නේ එකටමලුනේ… 😉 😀 😀 😀

  4. naleendilruksha Says:

    ඔහොම වැඩ වෙනවා කාටත් අනේ…….ඒ වුණාට එහෙම වුනාමත් මාර ආතල්නේ….

  5. කෙෂාන් විදුරංග Says:

    හප්පා…. ඕව වෙන වෙන තැං වල හයි කොරල නැතුවැති උඹ මයෙ හිතේ ඈ…. 😛

  6. මුහුදු කොල්ලකාරයා Says:

    ලොක්කෝ කොහොමත් සමහර දේවල් අහපුවම බලන්නෙ ඔය පින්තුරෙ විදිහට තමා. කලින් ගෙදර යන්න ඕන, පඩි මදි, වැඩියෙන් පඩි ඕන වගේ මොනව හරි කියල බලන්න 🙂

  7. අඩවි රජා Says:

    මංනං හිතන්නේ මෝල තද වෙලා නෙමේ…. මෝල කරම වෙලා 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  8. රූ Says:

    හපොයි..හොඳ වෙලාවට වතුර ඩිස්පෙන්සර් එහෙම ඔය කැමරාවට අහුවුනේ නැත්තෙ..නැත්තං ඔපිසියම අද වතුරෙ නෙව..

  9. henryblogwalker Says:

    කැමරාව උඩ යට මාරු කරලා හයි කලාම ස්කර්ට් උඩ යනවද බං? කොහොමත් උඹ මලක් ඇදලා ඉන්න ඇත්තෙ. කල්පනාවෙන් වැඩ කරහං මාලු.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

  10. මඩිස්සලේ නිශාන් Says:

    මාළුවා හෙන වලා කියලා බොසා දන්නේ නැද්ද?.අපිනම් දන්නවා මේ මාළුවට වුනු සීන් එකක් කියලා.:D පව් බන් උඹ

  11. Sarath Lankapriya Says:

    ඒ කියන්නේ ඌ කැමරාව හයි කරලා තිබ්බේ එකවුන්ටන්ට්ගේ මේසේ යටද ?


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: