ඩෙස්ක් ටොප් එකේ අයිකන් පිරිලා තිබුනම මොන වගේද කියන එක මං කලින් කියලා තියෙනවනේ. ඇත්තටම ඒක හරියට අවුල් ජාලයක් වගේ. දැක්කම පිස්සු හැදෙනවා. ඉතිං මං යෝජනා කලේ, ඩෙස්ක් ටොප් එක හිස්ව තියාගන්න කියලා. හ්ම්… දන්නවද… දැන් මටත් ඕනේ වෙලා තියෙනවා නිතර වුවමනා වෙන වැඩසටහන් වල ෂෝට් කට් කීපයක් ඩෙස්ක් ටොප් එකේ තියාගන්න. මොකද ගොඩක්ම හදිස්සි වුනාම ස්ටාර්ට් මෙනු එකේ සර්ච් කරලා හොයනවා කියන්නේ ඒ වෙලාවේ හැටියට එපා වෙන වැඩක්. ඒක නිසා ඉතිං මවුස් පොයින්ටර් එකට පේන මානයෙන් නිතරම අවශ්‍ය වෙන අයිකන් ටික තියාගන්නම වෙනවා. ඒත් ඒවා පිළිවෙලක් නැතුව තියාගන්නනම් හිත කැමති නෑ…
ඉතිං ඒකට විසඳුමක් හොයද්දි තමා මේ Fence කියන මේ සොෆ්ට් වෙයා එක හම්බුනේ. සරලවම මේකෙන් කෙරෙන්නේ ඩෙස්ක් ටොප් එකේ අයිකන්ස් ටික අපිට ඕනේ විදියට කැටගරි වලට බෙදලා ලෑස්තු ගත කරලා ඉක්මනින් අවශ්‍ය අයිකනය කරා මවුස් පොයින්ටරය මෙහෙය වීමට උදවු වෙන එක.
ඩෙස්ක් ටොප් එකේ නිතරම වුවමනා වෙන අයිකන් ගොඩක් එක්ක එදිනෙදා වැඩ කරගෙන යන අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. බලන්න ඩවුන් කරගෙන, ඩෙස්ක් ටොප් එක අයිකන් වලින් පිරුනත් අවශ්‍ය අවස්ථාවේදි ඉක්මනින්ම අයිකන් එකක් හොයාගන්න මේ සොෆ්ට් වෙයා එක කොයිතරම් දුරකට උදව් වෙයිද කියලා…! මෙතනින් ඩවුන් කරගන්න…
2012 ඔක්තෝබර් 12 දින පෙ.ව. 6:15 ට
බලාගෙන යනකොට මගේ තියෙන්නෙත් ටිකයි. ඒ හන්දා ඕනි වෙන එකක් නෑ දැන්මම… 🙂
2012 ඔක්තෝබර් 13 දින පෙ.ව. 8:35 ට
මටත් ලොකු වැදගත් කමක් නෑ අක්කේ ගෙදරදි නම්. ඒත් ඔෆිස් එකේ නම් මේක අත්යව්ශ්යයි.
2012 ඔක්තෝබර් 12 දින පෙ.ව. 7:28 ට
ස්තුතියි. මොකද බං උඹ ගියපාර කමෙන්ට් බ්ලොක් කරලා read only එකක් දැම්මෙ?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
2012 ඔක්තෝබර් 13 දින පෙ.ව. 8:36 ට
කියවන්නනේ.. 😀
2012 ඔක්තෝබර් 12 දින පෙ.ව. 7:42 ට
ස්තුතියි, මට බොහොම ප්‍රයෝජනවත්. මගේ ඩෙස්ක්ටොප් එකේ අයිකන් 60 ක් විතර තියනවා. බොහොමයක් ඒවා ‘බ්ලොග් කෙළියට’ අදාළ ඒවා.
2012 ඔක්තෝබර් 13 දින පෙ.ව. 8:40 ට
ඔව් ඔව් ඒවා කැටගරයිස් කරගන්න ඕනේ තමා… 😀
2012 ඔක්තෝබර් 12 දින පෙ.ව. 7:54 ට
අනේ මාලුවෝ මාත් මේ ඊයේ රෑ කල්පනා කලේ මේ ඩෙස්ක්ටොප් එකේ තියෙන කුණු ගොඩවල් ටික ගැන…. වත්ත පුරාම වල් පැල වගේ හැම තැනම එක එක ඒවා… ෆොටෝද, ලින්ක් ද, අයිකන්ද, ටයිප් කරපුවා ද, නෝට් කැලිද, වොයිස් කට්ද නැති මඟුලක් නෑ….. උදේ පාන්දරම කලේ ඔක්කෝම ටික දෙයියනේ කියලා කුණු ගොඩක් ඇදලා දැම්ම එක… හි හි…. සොෆ්ට්වෙයා එකෙන් නම් මට වැඩක් ගන්න බෑ… ඒත් මේ ලෙඩේ තියෙන තව කට්ටිය ඉන්නවා කියලා දැන ගත්ත එක නම් සතුටක්… හි හි
2012 ඔක්තෝබර් 13 දින පෙ.ව. 8:41 ට
මගේ නම් ඉතිං දෙයක් නෑ… ඒ වුනාට ඉතිං තියෙන ටික පිලිවෙලක් කරගන්න එක හොඳයිනේ…
2012 ඔක්තෝබර් 12 දින පෙ.ව. 8:33 ට
මචෝ එතකොට වෝල් එකේ පික් එක හරියට පේන්නනේ නෑනේ ද…
2012 ඔක්තෝබර් 13 දින පෙ.ව. 8:49 ට
වෝල් එක වගේද බං තියෙන අයිකන්… 😀
2012 ඔක්තෝබර් 12 දින පෙ.ව. 8:43 ට
මේක නම් හොද වැඩක්
2012 ඔක්තෝබර් 13 දින පෙ.ව. 8:49 ට
අර ගෙන වැඩ කරලා බලන්නකෝ…
2012 ඔක්තෝබර් 12 දින පෙ.ව. 9:06 ට
මම නම් අවශ්‍යම අයිකන් විතරයි තියාගෙන ඉන්නෙ. ඒවාත් කැටගරි විදිහට ඩෙස්ක්ටොප් එකේ මුළුවලට දාලා. ඉතින් අවුලක් නෑ.
ඒක නෙමේ බන්. ඔය වගේ නිකන් දෙන සොෆ්ට්වෙයාර් ගැන ශුවර් කරන්න පුළුවන්ද බන්.. මම දන්න විදිහට නම් අපිට ආදරේට දෙන සොෆ්ට්වෙයාර් බොහෝම අල්පයි.. හැම එකක් පිටිපස්සෙම මොකක් හරි කොස්සක් තියෙන්න පුළුවන්.. ඒ කිව්වෙ උන් අපේ මැශින් එක අපිටත් හොරෙන් යූස් කරනවා වෙන්න පුළුවන්… නැතිනම් අපේ අයිපී එක පාවිච්චි කරනවා වෙන්න පුළුවන්.. ඕක නිසා නිකන් දෙන සොෆ්ට්වෙයාර් මම ලේසියකට බානම් ගන්නෙ නෑ..
2012 ඔක්තෝබර් 13 දින පෙ.ව. 8:51 ට
මේක මචං නිකං දෙන එකක් නෙමෙ…. අනික බං ඔහොම සැක කරගෙන වැඩ කරනවනම් අපිට කිසිම ඕ.එස් එකකවත් වැඩ කරන්න බැරුව යනවා. මොකද අපි දන්නවද හරියටම වින්ඩෝස් වලින් අපේ ඩේ උන්ගේ සර්වර්වලට ඈදගන්නේ නැහැමද කියලා… නැහැනේ බං. එහෙම නම් අපිටම කියලා අපේම ඕ.එස් හදාගන්න වෙනවා…
2012 ඔක්තෝබර් 12 දින පෙ.ව. 9:16 ට
අපෝ … මමත් ඩෙස්ක්ටොප් එක නම් පිළිවෙලකට තියාගෙන ඉන්නව. කුණු කන්දල් පිරෙව්වම මටම ඉසේරදේ දකිනකොට. මොනව හරි වැඩක් කරනකොට ටිකක් වල්බිහි වෙනව, හදිසියට සේව් කරන ෆයිල්ස් හැමතැනම. වැඩේ ඉවර වුනු ගමන්ම ඔක්කොම ඩිලීට්.
2012 ඔක්තෝබර් 13 දින පෙ.ව. 8:55 ට
මමත් ආන්න එහෙමයි…
2012 ඔක්තෝබර් 12 දින පෙ.ව. 9:47 ට
උඹේ කලින් පෝස්ටුවක් නිසා මම මගේ අයිකන් ටික ටාස්ක් බාර් එකට දැම්මා.තාම ඒ විදියමයි.ඒත් මේක නම් මට ඕන වෙන එකක් නැහැ.
2012 ඔක්තෝබර් 13 දින පෙ.ව. 8:55 ට
කියන්න බෑ බං හිටි ගමන් ඕනේ වෙයි…
2012 ඔක්තෝබර් 12 දින පෙ.ව. 10:30 ට
බලන්න මගේ තිරේ ලස්සන…. අයිකන් 10යි 🙂
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
2012 ඔක්තෝබර් 13 දින පෙ.ව. 8:55 ට
අඩෝ මදි නේද රජෝ… ප්‍රාන්ත කීයක ඩේටා තියාගන්න ඕනේද උඹ…
2012 ඔක්තෝබර් 12 දින පෙ.ව. 11:55 ට
ටැස් කොරොලා බලන්න ඕන..
2012 ඔක්තෝබර් 13 දින පෙ.ව. 8:56 ට
බලන්නකෝ ප්‍රයෝජනවත් වෙයි…
2012 ඔක්තෝබර් 12 දින ප.ව. 1:53 ට
එළ දාලා බලන්න ඕනේ…
2012 ඔක්තෝබර් 13 දින පෙ.ව. 8:56 ට
හරි අයියේ බාගෙන බලන්න…
2012 ඔක්තෝබර් 12 දින ප.ව. 5:34 ට
අයිකන් වැඩි උනාම මැෂින් එක ස්ලෝ වෙනව නේද?
2012 ඔක්තෝබර් 13 දින පෙ.ව. 8:56 ට
ඔව් මචං… ඒ වගේම ටිකක් බර වැඩි ෆයිල් තිබුනමත් එහෙමයි, ෂෝට් කට් තිබුනොත් කොහොමත් ස්ලෝ වෙනවා…
2012 ඔක්තෝබර් 13 දින ප.ව. 2:38 ට
හා…
2012 ඔක්තෝබර් 15 දින ප.ව. 9:37 ට
ම්..ට්‍රයි කරලා බලමු..
2012 ඔක්තෝබර් 17 දින පෙ.ව. 11:15 ට
හරි අක්කේ බලන්නකෝ උදවුවක් තියෙයිද කියලා