අයිකන් නැතුවම බැරිද….

ඩෙස්ක් ටොප් එකේ අයිකන් පිරිලා තිබුනම මොන වගේද කියන එක මං කලින් කියලා තියෙනවනේ. ඇත්තටම ඒක හරියට අවුල් ජාලයක් වගේ. දැක්කම පිස්සු හැදෙනවා. ඉතිං මං යෝජනා කලේ, ඩෙස්ක් ටොප් එක හිස්ව තියාගන්න කියලා. හ්ම්… දන්නවද… දැන් මටත් ඕනේ වෙලා තියෙනවා නිතර වුවමනා වෙන වැඩසටහන් වල ෂෝට් කට් කීපයක් ඩෙස්ක් ටොප් එකේ තියාගන්න. මොකද ගොඩක්ම හදිස්සි වුනාම ස්ටාර්ට් මෙනු එකේ සර්ච් කරලා හොයනවා කියන්නේ ඒ වෙලාවේ හැටියට එපා වෙන වැඩක්. ඒක නිසා ඉතිං මවුස් පොයින්ටර් එකට පේන මානයෙන් නිතරම අවශ්‍ය වෙන අයිකන් ටික තියාගන්නම වෙනවා.  ඒත් ඒවා පිළිවෙලක් නැතුව තියාගන්නනම් හිත කැමති නෑ…

මගේ ඩෙස්ක් ටොප් එක දාලා වැඩක් නෑ. ඒකෙ තියෙන්නේ අයිකන් ටිකයි…

ඉතිං ඒකට විසඳුමක් හොයද්දි තමා මේ Fence කියන මේ සොෆ්ට් වෙයා එක හම්බුනේ. සරලවම මේකෙන් කෙරෙන්නේ ඩෙස්ක් ටොප් එකේ අයිකන්ස් ටික අපිට ඕනේ විදියට කැටගරි වලට බෙදලා ලෑස්තු ගත කරලා ඉක්මනින් අවශ්‍ය අයිකනය කරා මවුස් පොයින්ටරය මෙහෙය වීමට උදවු වෙන එක.

ඩෙස්ක් ටොප් එකේ නිතරම වුවමනා වෙන අයිකන් ගොඩක් එක්ක එදිනෙදා වැඩ කරගෙන යන අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. බලන්න ඩවුන් කරගෙන, ඩෙස්ක් ටොප් එක අයිකන් වලින් පිරුනත් අවශ්‍ය අවස්ථාවේදි ඉක්මනින්ම අයිකන් එකක් හොයාගන්න මේ සොෆ්ට් වෙයා එක කොයිතරම් දුරකට උදව් වෙයිද කියලා…! මෙතනින් ඩවුන් කරගන්න…

%d bloggers like this: