නැව්….

නැවක්…

නැව් කිව්වම ඉතිං ගොඩක් දේවල් මතක් වෙනවා. තරුණ වයස ගත කරන කොලුවෙකුටනම් මුලින්ම මතක් වෙන්නේ මහින්ද මහත්තයාගේ නැව් එන්නේ නෑ කියන වරාය ගැන. ඊළඟට මතක් වෙන්නේ නැව නවත්තලා තියෙන වරාය. ඒක හරි ලස්සන තැනක්ලුනේ….

මේ නැව් ගැන කියන්න හිතුනේ… උදේට හවහට දැන් නිතරම දකින් නැව් නිසා. මම මුලින්ම හිතුවේ දුම්රියේ ගමන හරි කරදරකාරී ගමනක් කියලා. යම්තාක් දුරකට ඒක එහෙම තමා. ඒත් උදේ පාන්දරටනම් මුහුද පැත්තෙන් එන හුළං පාර සීතල නිසා එපා වෙන්නේ නෑ. ඉතිං, ඔය බබාලට මතක ඇති, පානදුර මුහුදේ තෙල් නැවක් මුහුදු බත් වුනා කියලා. හැබැයි ඔය නැව තියෙන්නේ අඟුලාන මුහුදු සීමාවේ. ඇයි දන්නේ නෑ පානදුර මුහුදේ කියල කියන්නේ. සමහර විට ගල්කිස්ස වෙරළ සංචාරක නැවැතුම් පොලක් නිසාත්, අඟුලාන ඒ ආසන්නයේම පිහිටා ඇති නිසාත් සංචාරක ව්‍යාපාරයට බලාපෑමක් ඇති වෙයි කියලද දන්නේත් නෑ. ඒ බාගෙට ගිලිච්චි තෙල් නැවේ උඩ කනු ටික නම් උදේ අව්වට දිලිසෙනවා, හරියට මැණික් පොලු වගේ.

කොහොම හරි… උදේට දුම්රියේ යද්දි ස්කෝල යන පුංචි ළමයිනුත් එයාලාගේ අම්මලා, තාත්තලා එක්ක යනවා. ඊයේ… අඟුලානේ පොඩි ළමයෙක් තාත්තගෙන් අහනවා…. තාත්තීතීතීතී…. අර මුහුදේ තියෙන කනු මොනාද..? පොඩ්ඩා පෙන්නුවේ ගිලීගිය තෙල් නැව. නැවේ කනු දිලිසෙන නිසා ඕනේ කෙනෙකුගේ ඇහැ ඒ පැත්තට යනවා. ඉතිං දරුවගේ තාත්තට ඕක තේරුම් කරන්න ටිකක් හිතන්න ඕනේ වුන නිසා… තාත්තගේ යාළුවෙක් දුන්නා උත්තරේ.

ඒ පුතේ තෙල් ළිදක්නේ…. පිටරටවලත් ඔහොම ලොකූ තෙල් ළිං තියෙනවා මූද මැද්දේ…

පොඩි එකා තෙල් ළිං ගැන ඔය ඇහුවමද කොහෙද…. ඊට පස්සේ වචනයක් වත් කතා කරේ නෑ. සමහරවිට බය වෙන්න ඇති….!

ඊට පස්සේ ඊයේ රෑ ගෙදර එද්දිත් නැව් වල ලයිට් දාලා තියෙනවා දැක්කා. එතකොට තමා මං ඉස්සර නැව් ගනන් කරපු හැටි මතක් වුනේ. පොඩි කාලේ බස් වල යද්දි වෙන කරන්න දේවල් නෑනේ. දැංනේ ලොකු ලොකු වැඩ තියෙන්නේ. ඉතිං ඉස්සර මං ගමේ යන්නේ අවුරුද්දකට එක පාරයි. ඒ කියන්නේ ට්‍රිප් එකක් ගියොත් ඇරෙන්න කොළඹ පැත්තට යන්නේ අවුරුද්දකට එක පාරයි. ඒ යන ගමන් ඉතිං පානදුර අළුත් පාරේ මොරටුවට යනකංම කරන්නේ නැවි ගනන් කරන එක. ඒ දවස් වල උපරිම නැව් ගාන උනේ හතයි නැත්තං අටයි. ඒ දවස් වල ඉතිං නැවක් දකින්වා කියන්නේ අරුමයක් වගේ. සමහර වෙලාවට අම්මත් පෙන්නනවා… ආං පුතේ ලොකු නැවක් කියලා.

රෑ නැව්…

ඒ දවල්ටනේ. ගමේ ගිහිං එද්දි රෑට පේන්නේ නැව් වල ලයිට් විතරයි. ඒකත් මාර ගති. ඒ දවස්වල ඉතිං නැව් වල ලයිට් දාලා තියෙන හැටි චිත්‍ර ඇඳලා සමහර ළමයි ලකුණු 80කුත් ගත්තලු. ඒ දවස් වල රෑට නැව් තිබුනේ සෑහෙන දුරින් දුරින්. තැනින් තැන…. ඒක නිසා ඉතිං චිත්‍රය අඳින්න ලේසි වුනා. ඒකට දැන්…!!! දැන් චිත්‍රය අඳින්න අමාරුයි කියලද හිතන්නේ නැව් වැඩි නිසා…

නෑ… නෑ… දැන් ඊට වැඩිය ලේසියි. තද නිල් මූදයි… අළු-කළු අහසයි ඇඳලා ක්ෂිතිජයෙන් කහ-සුදු රේඛා දෙකක් එක මත ඇන්දනම් චිත්‍රෙ පිනිස්….!

ඉස්සර වගේ නෙමේ… දැන් මූදේ නැව් වැඩි වෙලා. ගොඩක්….!!! ඉස්සර අමාරුවෙන් හොය හොය ගනන් කරාට, දැන් ගනන් කරන්න බැහැ. 10ක් ගනින කොට තව එකක් මැද්දට පාත් වෙලා…! කොහොමහරි ඉස්සරට වැඩිය ලංකාව සංවර්ධනය වෙලා…!

 

Advertisements

40 Responses to “නැව්….”

  1. Sumith Niriella Says:

    පික් එකේ තියෙන නැවත් ෂෝක්…..ඒත් මම වඩාත් කැමති මුහුද දකින්නයි……..:D

  2. මාඩා Says:

    හා හා පුතේ මතක ඇතුව කෝච්චියේ යද්දි මුහුදේ නැව් විතරක් බලපන් ඈ…
    අර උඩින්ම දාලා තියෙන නැව් නම් බලන්නේ පරිස්සමට, සමහර වරායවල් ලොකුවට පෙන්නුවට ඒවා බලන්න තහනම්ලු…
    උඹ ඕවට අහු වෙන්න එහෙම එපා…. තාම ළමා කාලේ නේ…… මුහදේ ඒවා ගනන් කරපන් හොදේ… 😀 😀 😀 😀 😀

  3. Sarath Lankapriya Says:

    නැවු පෝලිම දිගයි කියන්නේ රට දියුණුයි කියන එකම වෙන්නේ නැහැ. මම දන්නා හැටියට නම් ඔය පෝලිම දික් වෙන්නේ වරායේ වැඩ පමා උනාමයි.. එතකොට ඉස්සරනම් විරුද්ද පක්ෂේ අය පාර්ලිමේන්තුවේදී කෑ ගහනවා ඔය ගැන. එතකොට වරායේ අයගේ පස්ස පැත්තවල් රත් වෙනවා. උත්තර දෙන්න සමහරදාට එහෙට යන්න වෙනවා. ඔය ඇරුනාම ඉතින් ඔය වතුර ගන්න තෙල් ගන්න එන නැවු නම් ඉතින් ආදායම් ගෙනෙනවා. කාලයක් ඕක මගේ ජීවිතේ වෙලා තිබුනානේ..

    • arunishapiro Says:

      මාත් එකඟයි සරත් එක්ක.

      නැව් පෝලිම වැඩි වුනාම නෙමෙයි, රටක් නැවට පටවන බඩුයි රටට නැවෙන් බාන බඩුයි වැඩිවුනාම තමයි සංවර්ධනයෙන් රට දියුණුයි කියලා පේන්නේ.

    • Gold fish Says:

      වරායේ වැඩ වැඩි වුනාට කමක් නෑ තද බදයක් පේන්න නැව් එනවනේ… 😀

  4. indika27 Says:

    හම්බන්තොට වරාය ඇතුල තියන නිසා නැව් ටික හරවන්න තමයි අමාරු වෙන්නෙ….

  5. රූ Says:

    පින්තූරෙ නම් හරිම අපූරුයි මාළුවෝ..

  6. මධුරංග Says:

    මූදේ නැවු ගියාට පාරවල් හිරින්නේ නෑ නේ මළුවෝ.. ??? 🙂
    ලස්සන පින්තූරේ !

  7. DDT Says:

    ෴ පොඩි කාලේ බස් වල යද්දි වෙන කරන්න දේවල් නෑනේ. දැංනේ ලොකු ලොකු වැඩ තියෙන්නේ. ෴

    අනිත් ඔක්කොම හරි කියමුකෝ. මේ මොනාද අෆ්ෆා මූට තීන ලොකු ලොකු වැඩ, මට කම්පනා වෙන්නෙම නෑනේ. 😀 😀 😀

  8. praveena Says:

    මොකද මේ නැව් ගනින්නේ. දැන් කෝච්චියේ කෙල්ලෝ යන්නේ නැද්ද? 🙂

    • Gold fish Says:

      නෑ අපි යන්නේ අර ස්කූල් බස් වල වගේ කොල්ලෝ විතරක් යන එව්වගේ. කෙල්ලො එක්ක යන්න බයයි අක්කේ…

  9. සිතුවිලි සිතූ Says:

    රෑ නැව් තියන පින්තූරේ නම් හරිම ලස්සනයි!

  10. kavith samarawickrama Says:

    ගිලුනු නැව තෙල් නැවක් නෙවෙයි..එකේ තියෙන්නේ නැව දාවනයට ගන්න තෙල්..ගිලුනූ නැව බාණ්ඩ ප්‍රවාහනය කරණ එකක් (Bulk carrier)..නැව ගිලුනද ගිලෙන්න ඇරියද කියන එක ප්‍රශ්ණයක්..ඔය නැව නැවක් විදියට තිබුනනම් ඕක ඉවත් කරන්න ප්‍රශ්ණ ගොඩයි..කිසිම ලාබෙකුත් නෑ..එත් දැන් සමුද්‍ර දූශණය වැලැක්වීම යටතේ කවුරුහරි ඔක කෑලි කරල ගනක් හොයයි කියල මට හිතෙන්නේ..ඒ වගෙම ඔය පානදුර හරියේ පේන නැව් සමහරක් නැව් විවිද හේතු මත අත් අඩංගුවට ගත්ත ඒවා….

    නැව් පෝලිම ගැන කිවොත් අපේ වරාය කියන තරම් අකාර්යක්ශම නෑ..තව tug boat 2ක 3කුයි වැඩි ඉඩ ප්‍රමනෙකුයි තිබුනනම් හම්බන්තොට ඔනෙත් නෑ..රැජින කටයුතු ඉවරවුනාම තවත් බොහෝ දුරට මේ තත්වය මගහැරෙයි

    අන්තිමට,ලයිට් දාපු නැව තරම් ඉන්න උන්ගේ ජීවිත ලස්සන නෑ..

    • Gold fish Says:

      //අන්තිමට,ලයිට් දාපු නැව තරම් ඉන්න උන්ගේ ජීවිත ලස්සන නෑ../// ඇත්ත… මං දන්න අයත් ඉන්නවා පවුකාර ජීවිත ගෙවන…

  11. පරිකල්පන Says:

    මූදත් අවුරුද්දකට විතර සැරයක් දකින අපිට මොන නැව්ද කිව්වලු.

  12. ඔබ නොදු‍ටු Says:

    නැව් ආවට එන්නේ ඔක්කොම කාර් නැව් විතරයි..

  13. සිතුවම් Says:

    අම්මේ නැව්නම් එමකට.ඒත් ඉතින් බන් කොයින්ද අපිට වාසියක්

  14. මඩිස්සලේ නිශාන් Says:

    නැව් වලින් පිරි සෞභාග්‍යමත් රටක් වේවා!

  15. naleendilruksha Says:

    නැවකින් රවුමක් යන්න ආසාවක් ආවා

  16. henryblogwalker Says:

    මාලුවත් නැව් ටෝක් දෙන්නෙ!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

  17. පිණිබිඳු Says:

    ඔය ගිලුණු නැව නිසා මොන තරම් පරිසර හානියක් වෙනව ඇත්ද.

  18. maal Says:

    හැමදාම ආවාම යටටම ගිහිල්ලා ටැග් එක යශෝදරාද ක්කියලා බලන්නේ?? අර අලුත් කවියේ තේරුම මොකද්ද??? ගෙනු ළමයින්ට හුඟක් දේවල් තේරෙනකොට පහු වෙනවා.. හිතේ තියන දේ වචන වලට පෙරලලා බලන්න. නැත්තම් මේ පොස්ට් ටික පෙන්න්න… ඔහොම අතාරින්න එපා පරාජිතයෙක් වගේ,,,

  19. කෙෂාන් විදුරංග Says:

    අඩෝ ඊලග පෝස්ට් එකේ කමෙන්ට් වසා ඇත… එක නිසා මේකෙ පෝස්ට් කරනව ඈ… තෝ ආයෙත් කෑල්ලකට බැහැල නේ… හොදා හොදා… ඒ උනාට යසෝදරාවත නවත්තන්නැතුව දිගටම ලියපං නැහ්නං බොගෙ ඇස් දෙක ගලවල ගොගලයිස් ඇස් දෙකක හයි කොරනව ඈ…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: