ආදරය දැනෙන, මිනිසත් බවම පතන “ඩේවිඩ්“ නම් වූ රොබෝ…

මව් සෙනෙහස…!

හරිත ආචරණය නිසා අයිස් කඳු දියවෙලා, මුහුදු මට්ටම ඉහල ගිහිං ලෝ ප්‍රසිද්ධ නගර කීපයක් ජලයෙන් යටව, සදහටම අතුරුදන් වූ… කාලගුණයත් ව්‍යාකූලව ගොස් මනුෂ්‍යයින් සුළු ප්‍රමාණයක් පමණක් ලෝ තලය මත ඉතිරි වෙන  අනාගත යුගයක…!!!!

මනුෂ්‍යයින්ගේ තනිකමට පාළුවට, දියුණු වූ මිනිසුන්ගේ සිහිනයක් වූ රොබෝ සුරතලුන් බිහි වී අහවරය. කතා කරන, කලින් සිදුවූ දේ මතක තබාගෙන ඒ අනුව හැසිරෙන රොබෝ වරු අතර එක් මිනිසෙකුගේ මහන්සියෙන් උපදින, නියුරෝන ආශ්‍රිත සංවේදන ලබාගන්නා, ඒ සංවේදන මතකයන් අනුව හැසිරෙන “ඩේවිඩ්“ නම් විශේෂිත රොබෝ දරුවෙක්,…. තම දරුවා අසනීප වී කල් ගෙවන මොනිකා නම් වූ මවට පුදන පුතු සෙනේහය අපරිමිත වූ මොහොතක නැවතත් තම තුරුලට පැමිණෙන තම මනුෂ්‍ය දරුවා නිසා ඩේවිඩ්ට අහිමි වන මව් සෙනෙහස මැද, එයම පතන සංවේදි කතාවක සොඳුරු ගලායාම.

Don`t burn me! Don`t burn me!

l`m not Pinocchio!

Don`t make me die!

l`m David! l`m David!

 ඒ මගේ හිතට වැදුන කොටස…. A.I – Artificial Intelligence (කෘතිම බුද්ධිය) 2001 දී ලෝක සිනමාවට දායද වුන අපූර්වතම මූව් එකක්. විඳින්න…. රොබෝ කෙනෙකුටත් ඒ තරම් මව් සෙනෙහසක් දැනේ නම්… මනුෂ්‍යයෙකුට…..!!!

 මෙන්න ටොරන්ට් එක…  මේ පෝස්ට් එක දාන්න හිතුනේ මේ දවස් වල රූ සිරිනි බ්ලොග් එකේ යන “රොබී“ කියෙව්වට පස්සේ….! අද ඔක​තෝබර් පළවෙනිදානේ… ලොක් ළමා දිනේ… ඒ වෙනුවෙන් පුංචි බබෙකුට එයාගේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි ලැබෙන පුංචි තෑග්ගක් වෙන්නත් පුළුවන් මේක…!!! – at හැම ළමයෙකුටම සුභ දවසක් පතමින්….

29 Responses to “ආදරය දැනෙන, මිනිසත් බවම පතන “ඩේවිඩ්“ නම් වූ රොබෝ…”

  1. Maathalan Says:

    ඒ වගේම වැඩිහිටි දිනේ. කෝ මුකුත් අපට…

  2. මධුරංග Says:

    ලෝක ළමාදිනේ… !!!!
    ඒ කියන්නේ අපේ දවස අද ! හුරේ… හුර්…රේ !!! 🙂

  3. Naleen Dilruksha Says:

    බොහොම වටිනවා මමත් මේක දුවට ගිහින් දෙනවා.

  4. රූ Says:

    අද උදේම මේ ෆිල්ම් එක ගැන හොයන්න හිතාගෙන හිටියත් දැන් කියවපු නිසා ආයෙ ඕනි නෑ..ෆිල්ම් එක බලලම ඉන්නම්කෝ….
    ස්තුතියි මාළුවො..

  5. හිරු Says:

    //ඩේවිඩ්// //රොබෝ/// කියපු ගමන් ෆිල්ම් එක මතක උනා. හුරේ…. හි හි
    මම බලපු සංවේදීම ඉංග්‍රීසි චිත්‍රපටයක් මේක….

  6. DDT Says:

    හ්ම් ….. පාන්දරම යාළු මාළුවටත් හිතෙන එව්වා.

  7. හිස් අහස Says:

    ඕක මරු ෆිල්ම් එක මම සෑහෙන කාලෙකට උඩදී බැලුවා මතකයි

  8. සිතුවිලි සිතූ Says:

    මමත් බලපු ලස්සනම ෆිල්ම් එකක්.

  9. මඩිස්සලේ නිශාන් Says:

    ස්තුතියි මාමේ අපේ දිනේට මොනා හරි දුන්නට 😀

  10. henryblogwalker Says:

    මම හිතන්නෙ මේක අපි බලලා නෑ. ටොරන්ට් තිබ්බට මේවායින් මූවීස් ඩවුන්ලෝඩ් කලොත් සොරි ඩොට් කොම් තමයි මාලු. මේවා අන්ලිමිටඩ් ඩේටා නෙවෙයි. 🙂

  11. අඩවි රජා Says:

    අඩේ මම ඕක බැලුවා….දවසක් සිරසෙද කොහෙද ගියා

    මරු ෆිල්ම් එක 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  12. lokujohn Says:

    මම ආසම චිත්‍රපටියක් කොහොමත් ස්පිල්බර්ග් හදන සිනමාපටවල මානුශික හැඟීම් සෑහෙන්න පෙන්නන්න හදනවා. ලංකාවෙදි ඒ චිත්‍රපටි බලන අපිට ඒවා සංවේදීවෙන්නේ අපි කොහොමත් මව්පිය සෙනෙහස ළමයින්ගෙ ආදරයත් එක්ක හැඩෙන වැඩෙන හන්දා. ඒත් ඔය චිත්‍රපටි ඇමරිකාවෙදිනම් ස්පිල්බර්ග් කියන නමට විතරයි දුවන්නේ . එයා 2002 හැදුව “Minority Report” චිත්‍රපටිය තවත් ඔය වගෙ සංවේදී සහෝදර ප්‍රෙමය ගැන කියවෙන එකක්. ඒත් ඒක පේන්නේ චිත්‍රපටය මතුපිටෙන් නෙමෙයි

  13. pissa palaamalla Says:

    කලින් බලල තියේ… මේක මරු ෆිල්ම් එක


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: