මී – පූස් කතාවක්….!

ඔන්න එක ඔෆිස් එකක් තියෙනවලු. ඒකට මේ ලඟදී ගියාලු ඔයාල දන්න එල පොරක්. නිකං විහිළුවට වගේ හිතන්න‍කෝ අර ටැංකිය ලියන එකා කියලා. දන්නවනේ ඉතිං අළුතෙන් එකෙක් ගියාම පරන අයගේ රස කතා, බූරුකතා, මෝඩ කතා ඔක්කොම ආයෙම ඇවිස්සිලා එනවා කියලා. ඉතිං අර අළුතෙන් ගිය මටත් පරන කතා කියනවලු හෝ ගාලා…! අනේ ඉතිං මාත් අහගෙන ඉන්නවා මිසක දැන් නවත්තනවා ඕයි… ඔය ඇති කියන්නයැ…

ඉතිං මේක තමා ඕල් ටයිම් ෆේවරිට් එක හැමෝගෙම.

ඔන්න ඉන්නවලු එකම ඩිපාමන්ට් එකේ දෙමළ පොරකුයි, සිංහල පොරකුයි. මුං දෙන්නම අර ඉස්සර චූටි කාලේ පොත් වල හිටිය සාමයි අමරයි වගේමලු. සල්මල් කඩන්න යන්නෙත් එකටමලු… ඒ තරම් සමගියිලු දෙන්නා. කන්න බොන්නේ එහෙමත් එකටලු. අනිත් එව්වා ගැන නම් දන්නේ නෑ… ගිය අළුත ඕවා අහන්න ගිහිං කාඩ් ගහගන්න බෑනේ…! ඉතිං දෙමළ බුවාට සිංහල යාළුවා එක්ක ඉඳලම සිංහල ටිකක් විතර සිංහලත් පුළුවන්ලු…  ඒත් ඉතිං සමහර ක්‍රියාපද අමතක වෙනවලු…!

යාළුකම…

ඒත් ඉතිං කොයි තරම් හොඳ යාළුවෝ උනත් පොඩි පොඩි අප්සැට් තැන් තියෙනවනේ. ඒකත් මරු නොගැලපීමක්…! දෙමළ බුවාට මීයෝ පේන්න බෑලු, දැක්ක තැන වඳිනවලු, නමස්කාර කරනවලු. ඇයි ඉතිං ගණ දෙවියන්ගේ වාහනයනේ.  ඒක නිසා මීයට හෙන සැලකිලි. අනිත් පැත්තෙන් සිංහල බුවා. ඌට වෙන ඕනේ සතෙක්… හැබැයි පූසෝ පේන්න බෑලු…  වැරදිලා හරි පූසෙක් දැක්කොත් පූසා පේන්නේ නැති වෙලා යනකං මූ දුවලා ගිහිං හැංගෙනවලු. වැරදිලා හරි ඇඟට පැන්නොත් හාට් ඇටෑක් හැදෙන්න ඔන්න මෙන්න වෙනවලු.

ඉතිං ඔය යාළුවෝ දෙන්නට ජොලි පොයින්ට් ටික අනිත් කට්ටියත් දන්නවනේ. ඒක නිසා දවසක් ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් ගිය වෙලාවක දෙමළ බුවා පළවෙනි පාරට බීලා. පළවෙනි පාරට මොනා බ්ව්වත් චුට්ටක් වෙරි වෙනවනේ. ඒක නිසා ඉතිං බුවාටත් ටිකක් වැදිලා. දැන් ඔය දෙමල බුවාට බොන්න දෙන වැඩේට සිංහල යාළුවා තමා කැපවීමෙන් වැඩ කරලා තියෙන්නේ. බයිට් අදිනවලු… සැන්ඩි ගේනවලු… වැඩ ගොඩයිලු. ඒ අස්සේ සිංහල යාළුවත් ලාවට නමාගන්නවලු‍…! මේ සෙට් එකම ඒ වෙලාවේ ඉඳලා තියෙන්නේ පූල් එකේ නාලා වොෂ් රූම් එකෙන් වොෂ් දාගන්න බලාගෙන සිවිල් පිටලු. ලැජ්ජාව වැහිලා තියෙන්නේ තුවායකින්ලු.

ඉතිං ඔහොම ඉන්න ගමන් දෙමළ බුවාට පදම් වෙච්චි බව දැක්ක වටේ එවුන් ෆෝම් කරනවලු… සිංහල එකාට දෙමළෙන් පැනපිය කියලා. මූ බෑම කියනවලු… ෆිට්ම යාළුවට බනින්න කැමති වුනේම නෑලු. ඒ පාර සිංහල එකාට කියනවලු ඌට බැරිනම් උඹ ඌට සිංහලෙන් බැනපං කියලා.

අපේ හෙල සුරුවිරුකම් දන්නවනේ ඉතිං… බනින්න තියේනම් කාට වුනාම මොකෝ…. ඒ ආරෙටම ගිහිං සිංහල යාළුවා කිව්වලු… උඹ හැමදාම මීයට වඳින එකේ මේ… මූටත් වැඳපන්… කියලා මොකද්ද එකක් පෙන්නුවලු තුවාය එහාට කරලා. දෙමළ බුවාට වෙරි හිඳුනලු…!

පොඩි අයත් දන්න ටොම් & ජෙරී

බුවා බැරි බැරි ගාතේ සිංහල එකාව පැත්තකට තල්ලු කරලා කියනවලු….

අඩෝ…. තෝ දැනගනින්… හරිද…. තොට පූසෙක් දම්මලා මෙව්වා කරනවා හරිද… 

කට්ටිය හිනා වෙනවලු… සිංහල එකා ටවල් එක කාමරේ දාලා කොරිඩෝ එකේ දුවනවලු පූසට බයේ….!!!!  මීයව අතින් වහගෙන… ආකිමිඩීස් වගේ… ඉතිං කට්ටිය එදා ඉඳන් දෙන්නට කියන්නේ ටොම් අන්ඩ් ජෙරී කියලා… – at අනේ ඉතිං කෙල්ලොත් ඉඳලනේ…

සීතලායි….!!!!

Posted in Flash. 28 Comments »

අම්මිත් හඳ වගේ දිලිසෙනවද…?

හඳ…

තාත්තී….

ම්…. ඇයි පැටියෝ…..

අර… හඳ…… අර…. අර…. මගෙ අතින් ඇද ඇද හඳ දිහාට දබරැඟිල්ල දික් කරන් කෑගහන මේ කෙල්ලට ‍තේරෙනවද හිතේ තියෙන ගින්දර..!!!

ලස්සනයි… නේද….?

ඔව්… දූ වගේම ලස්සනයි…

හ්ම්… බොරු කියන්න එපා… තාත්ති කිව්වේ හඳ, අම්මි වගේ කියලනේ…?

මූන බෙරි කරගෙන මගෙ අතට වෙලා නැලවෙන මේ පුංචි පණ්ඩිතකමේ අසීමාන්තික වර්ධනයට වගකියන්න ඕනේ අම්මම තමා. කටින් හැලෙන හැම වචනෙම මතකයේ තියාගෙන ඉඳලා, කලින් කිව්ව දේට පරස්පර දෙයක් කියවෙච්චි ගමන්… හහ්… අම්මි වගේම තමා… ඉතිං ප්‍රශ්න කෝටියයි….!!! පුංචි හිත් වලට තේරෙන්නේ නැහැනේ උපමා උපමේය සමාන වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා කියලා.

කියන්නකෝ… අම්මිත් හඳ වගේ දිලිසෙනවද…?

ඔව්… තාත්ති ගාව ලස්සනට දිලිසෙනවා…!!! ඇයි දූ දැකලා නැද්ද….?

හ්ම්…. නෑනේ…. අර වගේ  කහ පාටට දිලිසෙනවද….?

නෑ… අම්මි දිලිසෙන්නේ රත්තරං පාටට… අතේ තවරලා පෙන්නන්න බැරි පාට ගැන මේ කෙල්ලට කියල දෙනවා කියන්නේ…. හ්ම්… ඒකට අම්මි ඉන්නම වෙනවා. මට තේරෙන්නේ නෑ අම්මිගේ දුවත් එක්ක පන්ඩිත කම් කියවන්න.

තාත්තී….

ම්…. ඒ පාරනම් ලොකූ ප්‍රශ්නයක් වගේ…. චූටි ඇස් දෙක ලොකු වෙලා. මූනත් බොහොම බැරෑරුම් වෙලා.

අම්මි කවදද එන්නේ…?

දන්නේ නෑ කියන්න බැහැනේ. ඉක්මනට එයිනේ…!

කියන්නකෝ….

හෙට හරි අනිද්දට හරි…

අම්මිට හොඳද දැන්….? මේකිත් හරියට පත්තර වලට සාකච්චා එකතු කරන කෙනෙක් වගේ. එකක් ඉවර වෙද්දි එකක්.

මල්ලි බබාව හම්බුවෙලාද දැන්….?

කොහොමද මල්ලි බබාව අම්මිගේ බඩට ගියේ…? අනේ අම්මි ඉක්මනට ඇවිත් මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න….! මගේ ගාව මේ අහන පණ්ඩිත ප්‍රශ්න වලට උත්තර නෑ…! අම්මි දන්න බයෝලොජි වලින් උත්තර දෙන්න මේවට.  – at අනාගතයට චුට්ටක් මෙහාට වෙන්න

මෝඩකම තේරුනු පසුව…

තිලක් කැමරාව….

ලෝකෙ දියුණු වෙද්දි එක එක විදියේ නව නිෂ්පාදන බිහිවෙනවා. ඉතිං ගොඩක් වෙලාවට ඒ නව නිෂ්පාදන වලට නිෂ්පාදකයගේ නම වැටෙන්න තියෙන ඉඩකඩ බොහෝ දුරට වැඩියි.

ඉතිං ඔය කැමරා තියෙනවනේ. කැමරාවල තියෙනවා එක එක සයිස් එකෙන් එක එක පාටින් එක එක වර්ග. අනිත් ජාති වගේම තමා. සාමාන්‍ය ඩිජිටල් කැමරා, ෆිල්ම් කැමරා, අධෝරක්ත කිරන කැමරා… වගේ නොයෙකුත් වර්ග තියෙනවා. ඉතිං ඔය කැමරා හොයාගන්න වගේම දියුණු කරන්නත් ගොඩක් දෙනෙක් උදවු වෙනවා. ඒක සාමූහික ප්‍රයත්නයක්. ඉතිං වැඩේ ඉවර වුනාම ලැබෙන ගල් මුල් ඔක්කොම මුළු කන්ඩායමටම ලැබෙනවා. ආන්න ඒ කැමරා ගොඩට අලුතෙන්ම එකතු වෙන සාමාජිකයා තමා “තිලක් කැමරාව“ නිෂ්පාදන හා වැඩිදියුණු කරලා තියෙන්නේ අපේ ආයතනයේ තාක්ෂණික බුවෙක් වෙන තිලක් මහතා.

සාමාන්‍යයෙන් කෙනෙක් යම් දෙයක් මහන්සි වෙලා හොයාගත්තම ඒක ගැන වැඩිය ලෝකෙට කියන්නේ නැත්තේ ඉතිං ඒක ගැන පේටන්ට් අරං එක පාර එලියට දාන්න හිතාගෙනනේ. ඒත් තිලක් කැමරාව ගැන අපේ බොස් මුළු ආයතනයම දැනුවත් කලා තිලක්ට කලින් දැනුම් දීමකින් තොරව. ඒක නම් හෙන කැත වැඩේ.

ගිය සතියේ මුළු කාලයම තිලක් ගත කලේ කැමරා පද්ධතිය අළුතෙන් සකසන්න. ඒ කිව්වේ තිබුන එව්වා එහෙට මෙහෙට හැරිලා. ඉතිං වැඩේ කරලා ඉවරකරන අන්තිම දවසේ තිලක් විතරයි. සහයකයෝ මිසින්. ඔන්න ඔක්කොම කරලා ඉවර වෙලා පහු වෙනිදා ලොක්කා ආපු ගමන් පට්ට ආදරෙන් තිලක්ව අමතනවලු…

තිලක්  ඉන්න තැනකින් මෙහෙ වර… කියලා.

මං මේ අපේ ලොක්කට අපහස කොරනවා එහෙම නෙවෙයි… ලොක්කා හිටිය විදිය පෙන්නන්න වෙන ඉමේජ් එකක් හම්බුනේ නෑ…

උදේ පාන්දර සනීපෙට හම්බුවෙන යන්නේ කියලා දන්න තිලක්… දුක මූනක් දාගෙන බොසාගේ කාමරේට යනකොට බොසා ඉන්නවලු පුටුවේ ඉඳගෙන මේසේ උඩින් ඔලුව තියාගෙන හෙන අමාරුවෙන් කැමරා මොනිටරේ දිහා බලාගෙන.

ඇ… ඇයි…. සර්….

තිලක්… තමුසේ මාර දක්ෂයෙක්නේ ඕයි… බලනවකෝ මේ මොනිටරේ…. ඕයි අර අකවුන්ටන් මිස්ලාගේ ස්කර්ට් උඩ ගිහිං ඔක්කොම පේනවා….

ඈහ්… තිලක් ෆුල් අවුට්ලු මේ මොනාද මේකා උදේ පාන්දරම කියන්නේ කියලා…

පස්සේ හෙන කරුණාවෙන්….

තිලක් පොඩ්ඩක් එනවකෝ මිනිහෝ…. තමුසේ ඊයේ බිව්වද…?

නෑ සර්….

මලක් වත්….?

නෑ සර් පාවිච්චියක් නෑනේ…

එහෙනම් #^%#^ පුතෝ කැමරාව ඔලුවෙන් අතට හයි කලේ මෝල තදවෙලාද….?

ඈහ්… අම්මට සිරි… මේ දැන් හදනවා සර්… මේ දැන් හදනවා….

අයිකන් නැතුවම බැරිද….

ඩෙස්ක් ටොප් එකේ අයිකන් පිරිලා තිබුනම මොන වගේද කියන එක මං කලින් කියලා තියෙනවනේ. ඇත්තටම ඒක හරියට අවුල් ජාලයක් වගේ. දැක්කම පිස්සු හැදෙනවා. ඉතිං මං යෝජනා කලේ, ඩෙස්ක් ටොප් එක හිස්ව තියාගන්න කියලා. හ්ම්… දන්නවද… දැන් මටත් ඕනේ වෙලා තියෙනවා නිතර වුවමනා වෙන වැඩසටහන් වල ෂෝට් කට් කීපයක් ඩෙස්ක් ටොප් එකේ තියාගන්න. මොකද ගොඩක්ම හදිස්සි වුනාම ස්ටාර්ට් මෙනු එකේ සර්ච් කරලා හොයනවා කියන්නේ ඒ වෙලාවේ හැටියට එපා වෙන වැඩක්. ඒක නිසා ඉතිං මවුස් පොයින්ටර් එකට පේන මානයෙන් නිතරම අවශ්‍ය වෙන අයිකන් ටික තියාගන්නම වෙනවා.  ඒත් ඒවා පිළිවෙලක් නැතුව තියාගන්නනම් හිත කැමති නෑ…

මගේ ඩෙස්ක් ටොප් එක දාලා වැඩක් නෑ. ඒකෙ තියෙන්නේ අයිකන් ටිකයි…

ඉතිං ඒකට විසඳුමක් හොයද්දි තමා මේ Fence කියන මේ සොෆ්ට් වෙයා එක හම්බුනේ. සරලවම මේකෙන් කෙරෙන්නේ ඩෙස්ක් ටොප් එකේ අයිකන්ස් ටික අපිට ඕනේ විදියට කැටගරි වලට බෙදලා ලෑස්තු ගත කරලා ඉක්මනින් අවශ්‍ය අයිකනය කරා මවුස් පොයින්ටරය මෙහෙය වීමට උදවු වෙන එක.

ඩෙස්ක් ටොප් එකේ නිතරම වුවමනා වෙන අයිකන් ගොඩක් එක්ක එදිනෙදා වැඩ කරගෙන යන අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. බලන්න ඩවුන් කරගෙන, ඩෙස්ක් ටොප් එක අයිකන් වලින් පිරුනත් අවශ්‍ය අවස්ථාවේදි ඉක්මනින්ම අයිකන් එකක් හොයාගන්න මේ සොෆ්ට් වෙයා එක කොයිතරම් දුරකට උදව් වෙයිද කියලා…! මෙතනින් ඩවුන් කරගන්න…

නැව්….

නැවක්…

නැව් කිව්වම ඉතිං ගොඩක් දේවල් මතක් වෙනවා. තරුණ වයස ගත කරන කොලුවෙකුටනම් මුලින්ම මතක් වෙන්නේ මහින්ද මහත්තයාගේ නැව් එන්නේ නෑ කියන වරාය ගැන. ඊළඟට මතක් වෙන්නේ නැව නවත්තලා තියෙන වරාය. ඒක හරි ලස්සන තැනක්ලුනේ….

මේ නැව් ගැන කියන්න හිතුනේ… උදේට හවහට දැන් නිතරම දකින් නැව් නිසා. මම මුලින්ම හිතුවේ දුම්රියේ ගමන හරි කරදරකාරී ගමනක් කියලා. යම්තාක් දුරකට ඒක එහෙම තමා. ඒත් උදේ පාන්දරටනම් මුහුද පැත්තෙන් එන හුළං පාර සීතල නිසා එපා වෙන්නේ නෑ. ඉතිං, ඔය බබාලට මතක ඇති, පානදුර මුහුදේ තෙල් නැවක් මුහුදු බත් වුනා කියලා. හැබැයි ඔය නැව තියෙන්නේ අඟුලාන මුහුදු සීමාවේ. ඇයි දන්නේ නෑ පානදුර මුහුදේ කියල කියන්නේ. සමහර විට ගල්කිස්ස වෙරළ සංචාරක නැවැතුම් පොලක් නිසාත්, අඟුලාන ඒ ආසන්නයේම පිහිටා ඇති නිසාත් සංචාරක ව්‍යාපාරයට බලාපෑමක් ඇති වෙයි කියලද දන්නේත් නෑ. ඒ බාගෙට ගිලිච්චි තෙල් නැවේ උඩ කනු ටික නම් උදේ අව්වට දිලිසෙනවා, හරියට මැණික් පොලු වගේ.

කොහොම හරි… උදේට දුම්රියේ යද්දි ස්කෝල යන පුංචි ළමයිනුත් එයාලාගේ අම්මලා, තාත්තලා එක්ක යනවා. ඊයේ… අඟුලානේ පොඩි ළමයෙක් තාත්තගෙන් අහනවා…. තාත්තීතීතීතී…. අර මුහුදේ තියෙන කනු මොනාද..? පොඩ්ඩා පෙන්නුවේ ගිලීගිය තෙල් නැව. නැවේ කනු දිලිසෙන නිසා ඕනේ කෙනෙකුගේ ඇහැ ඒ පැත්තට යනවා. ඉතිං දරුවගේ තාත්තට ඕක තේරුම් කරන්න ටිකක් හිතන්න ඕනේ වුන නිසා… තාත්තගේ යාළුවෙක් දුන්නා උත්තරේ.

ඒ පුතේ තෙල් ළිදක්නේ…. පිටරටවලත් ඔහොම ලොකූ තෙල් ළිං තියෙනවා මූද මැද්දේ…

පොඩි එකා තෙල් ළිං ගැන ඔය ඇහුවමද කොහෙද…. ඊට පස්සේ වචනයක් වත් කතා කරේ නෑ. සමහරවිට බය වෙන්න ඇති….!

ඊට පස්සේ ඊයේ රෑ ගෙදර එද්දිත් නැව් වල ලයිට් දාලා තියෙනවා දැක්කා. එතකොට තමා මං ඉස්සර නැව් ගනන් කරපු හැටි මතක් වුනේ. පොඩි කාලේ බස් වල යද්දි වෙන කරන්න දේවල් නෑනේ. දැංනේ ලොකු ලොකු වැඩ තියෙන්නේ. ඉතිං ඉස්සර මං ගමේ යන්නේ අවුරුද්දකට එක පාරයි. ඒ කියන්නේ ට්‍රිප් එකක් ගියොත් ඇරෙන්න කොළඹ පැත්තට යන්නේ අවුරුද්දකට එක පාරයි. ඒ යන ගමන් ඉතිං පානදුර අළුත් පාරේ මොරටුවට යනකංම කරන්නේ නැවි ගනන් කරන එක. ඒ දවස් වල උපරිම නැව් ගාන උනේ හතයි නැත්තං අටයි. ඒ දවස් වල ඉතිං නැවක් දකින්වා කියන්නේ අරුමයක් වගේ. සමහර වෙලාවට අම්මත් පෙන්නනවා… ආං පුතේ ලොකු නැවක් කියලා.

රෑ නැව්…

ඒ දවල්ටනේ. ගමේ ගිහිං එද්දි රෑට පේන්නේ නැව් වල ලයිට් විතරයි. ඒකත් මාර ගති. ඒ දවස්වල ඉතිං නැව් වල ලයිට් දාලා තියෙන හැටි චිත්‍ර ඇඳලා සමහර ළමයි ලකුණු 80කුත් ගත්තලු. ඒ දවස් වල රෑට නැව් තිබුනේ සෑහෙන දුරින් දුරින්. තැනින් තැන…. ඒක නිසා ඉතිං චිත්‍රය අඳින්න ලේසි වුනා. ඒකට දැන්…!!! දැන් චිත්‍රය අඳින්න අමාරුයි කියලද හිතන්නේ නැව් වැඩි නිසා…

නෑ… නෑ… දැන් ඊට වැඩිය ලේසියි. තද නිල් මූදයි… අළු-කළු අහසයි ඇඳලා ක්ෂිතිජයෙන් කහ-සුදු රේඛා දෙකක් එක මත ඇන්දනම් චිත්‍රෙ පිනිස්….!

ඉස්සර වගේ නෙමේ… දැන් මූදේ නැව් වැඩි වෙලා. ගොඩක්….!!! ඉස්සර අමාරුවෙන් හොය හොය ගනන් කරාට, දැන් ගනන් කරන්න බැහැ. 10ක් ගනින කොට තව එකක් මැද්දට පාත් වෙලා…! කොහොමහරි ඉස්සරට වැඩිය ලංකාව සංවර්ධනය වෙලා…!

 

%d bloggers like this: