සර්… සර්… සර්…. සර්….

දැන් වැඩ කරන තැන ඉන්නවා එල සික්කෙක්. නම මහතුන්. වයස….. වයස නොපෙනේ කියලා ගමුකෝ. මොකද අපිට කට්ට් කාලා කාලා කෙල්ලෙක් එක්ක කතා කරන්න හිටියොත් මූ ඒ කෙල්ල එක්ක ෂොපින් යනවා. අපි ප්ලෑන් ගහලා ගහලා ඒකිත් එක්ක ප්ලේන්ටියක් බොන්න යන්න සෙට් කරගත්තොත් ඊට කලින් මූ කේ.එෆ්.සී ගිහිං… හෙන ඇඹලයා… ඕං අපි වගේ නම් නෙවෙයි.

ඒ වගේම තමා බුවාගේ බොස් භක්තිය. ආහ්…. සිංහලෙන් කියන්නේ ස්වාමී භක්තිය කියලා. ස්වාමියාගේ ගෑණි වගේ තමා මෑන් කොහොමත්. ලොක්කාගේ කළු වීදුරු දාපු වාහනේ ගේට් එකෙන් ඇතුලට දාලා    කාර් පාක් එකට යන කොටම මූ…. සර්… සර්… සර්…. සර්…. කියාගෙන දුවනවා වාහනේ පස්සෙන් ලොක්කගේ කෑම පාර්සලෙයි ලැප් එකයි ඩොකියුමන්ට් ෆෝල්ඩරෙයි ගන්න. ලොක්කා දවාලට එලියට ගිහිං එද්දිත් එහෙමයි…. සර්… සර්… සර්…. සර්…. කියාගෙන දුවනවා ලොක්කට වාහනෙන් බහින්න දොර අරින්න….

හවසට ලොක්කා යද්දි තුනට නැමිලා ආචාර කරන්නේ. වැරැද්දක් කියන්නත් බෑ ඉතිං ඔව්වගේ… මං හිතන්නේ ආයතනය ආරම්භයේ ඉඳන්ම ඉන්න පොරක්. ලොක්කත් රට ගිහිං එද්දි අපිට නැතත් මූට චොකලට් පෙත්තක් හරි අරගෙන එනවා.

ඉතිං ඔන්න දවසක්දා ලොක්කට සිද්ධ වුනා හදිස්සියෙම රත්නපුරේ යන්න. ඒත් ඔෆිස් එකෙන් දීලා තියෙන මෙව්වා එකේ යන්න බැරිවෙලා. ඒකෙ සූටි බ්‍රේක් ඩවුන් එකක් වෙලා… පස්සේ එයා ගිහිං තියෙන්නේ පෞද්ගලික වාහනේක. ඉතිං ඔෆිස් එකේ වාහනේ හදාගෙන එන්න කියලා ඔෆිස් එකේ ඩ්‍රයිව කෙනෙකුට කියලා තිමා ලොක්කා ගිහිං තියෙන්නේ. ඒ පාර ඉතිං තිලක් කියන ඩ්‍රයිව ගිහිං වාහනේ හදාගෙන එනවලු මග. තිලක්ට කෝල් එකක් එනවලු අපේ ඔෆිස් එකේ ගාඩ් රූම් එකෙන්.

මචං තිලක්… මම මේ සිකියුරිටි පෙරේරා කතා කරන්නේ.

ඔව් පෙරේරා…. කියපං….

මහතුවා බලං ඉන්නවා බොස් එනකං… දැන් උඹනේ වාහනේ ගේන්නේ උඹ කෙලින්ම වාහනේ ගාඩ් රූම් එක ගාව නවත්තන්නේ නැතුව පලයං කාර් පාක් එකට…. දන්නවනේ මහතුන්ගේ සීන් එක… ඌ එයි දුවගෙන… අපි සීසීටීවී කැමරා ටික ඒ පැත්තට හරවලා මුළු ඔෆිස් එකේම අයව උඩ තට්ටුවට රැස් කරලා තියෙන්නේ සීන් එක බලන්න. උඹ කෙලින්ම වාහනේ ස්ලෝ කරන්නේ නැතුව පලයං හරිද…

අඩෝ… අන්න ගේම… එල එල…

ඉන්ටර්මිෂන්….

පෙරේරා…. තාම බොස් නැහැනේ බං….

ඒකනේ බං මහතුන්… වෙනදට උඹට කෝල් එකනවා නේද…?

ඔව්… අද කතා කරෙත් නෑනේ… මං ගත්තා උස්සන්නෙත් නෑ…. (බොස්ගේ ලේකම්ටවත් මෙච්චර අමාරුවක් නෑ)

එයි… එයි… තව ටිකක් බලමුකෝ…

ට්‍රීං…. ට්‍රීං…. පෙරේරාට කෝල් එකක්….

හරි මචං හරි….. කියලා කෝල් එක කට් කරලා… පෙරේරා ගන්නවලු කෝල් එකක්….

හෙලෝ නදීකා මිස් වැඩේ හරි….

දඩස්….

ඉන්ටර්මිෂන් එක ඉවරයි…

විනාඩි කීපයකින්… ආහ් ඔය එන්නේ බං බොස්. ගාඩ් රූම් එකේ පාර පැත්තේ කවුළුවෙන් පාර දිහා බලලා පෙරේරා කියන කොටම මහතුන් තොප්පිය දාගෙන සූට් එක හදාගෙන බෙල්ට් එක තදකරගෙන පට ගාලා බැස්සලු එලියට. වාහනේ ඇතුලට දානකොටම….

මහතුන් දුවනවලු…. සර්… සර්… සර්…. සර්…. කියාගෙන. ඒ එක්කම මහතුන්ට උඩ තට්ටුවෙන් ඇහෙනවලු…

පනහක් හැටක් විතර කොල්ලෝ කෙල්ලෝ…. එක හඬින් එකාවන්ව සර්… සර්… සර්…. සර්…. කියනවා.

මහතුන් ගනන් ගත්තේ නෑලු ඒ සීන් එක… මොනා උනත් බොස් බුවාට ආදරෙයිනේ. දැන් ඉතිං ඔන්න මෑන් ගිහිං බොස්ට බහින්න දොර අරින කොටම ආයෙමත් උඩ ඉඳන් කට්ටියම සර්… සර්… සර්…. සර්…. කියලා හූ කියනවලු. උඩින් ඇහෙන හූව අස්සෙම දොරෙන් එලියට එනවලු ඩ්‍රයිවර් පෙරේරා…..!

ඊට පස්සේ මුකුත් වුනේ නෑලු….! කුනුහරුප ඇහුනෙත් නෑලු….! අපි ඔය ලඟපාතක හිටියෙත් නෑලු. නැත්තං කියයි අපිත් සම්බන්ධයි කියලා ඔය වගේ අලුගුත්තේරු වැඩ වැලට. – at වාසනාවන්ත සික්කා….

Advertisements

28 Responses to “සර්… සර්… සර්…. සර්….”

  1. nipuna Says:

    අම්මපා මුන් කරන අලුගුත්තේරු වැඩ නං… මුන් සුවර් එකට අරූ කෙල්ලො ටැකල් කරන එකටයි රිටන් එක දීල තියෙන්නෙ 😀

    • Gold fish Says:

      ඇයි බං හැමතිස්සෙම අපි ගැන ඔහොම වැරදි ඇහෙං බලන්නේ… උඹ දෘෂ්ටි මායාවකට අහුවෙලාද…. 😀

  2. ළහිරු හිමේෂ් Says:

    අයියෝ මහතුවා….

  3. අවතාර් Says:

    පවු වැඩේ බං අසරණයා

  4. Naleen Dilruksha Says:

    මෙහෙම ගිනි දෙන්න හොඳද බං

  5. DDT Says:

    මරු ආතල් එක, වැඩිපුර දෙන්න යන එවුන්ට ඉතිං ඔය වගේ පෝරියල් එකක් දුන්නට පව් නෑ.
    ඒ වුනාට මුන්ගෙ ඔපීසියෙ එකෙක් නැතිවුනානෙව තව බ්ලොග් ලියන, මාළුවගෙ පජාත සීන්කෝන් දාන්ට.

    • Gold fish Says:

      අනේ අම්මෝ දැනටම තියෙන ටික ලිව්වොත් මං ඉවරයි…

      • nipuna Says:

        ආ ඔය අහුවෙන්නෙ 😛

  6. http://harshana-bc.blogspot.com Says:

    හෙහ් හෙහ්
    පව් බං අරූ 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  7. arunishapiro Says:

    මගේ මාමා කෙනෙකුත් හිටිය සික්කෙක් වෙලා ඉස්සර, රෑ වැඩ තමයි, ඒත් දවල් ට නිදා ගන්න වැඩි උවමනාවකුත් තිබ්බෙ නෑ … මහතුන් වගේ නෙමෙයි, මාමා බොස් කවුදැයි අහලා තියෙනවා විතරයි 🙂

    • Gold fish Says:

      රෑට බොස්ලා එන්නේ නෑනේ… අක්කේ එයාලාගේ ෂිෆ්ට් මාරු වෙලා නැද්ද….

      • arunishapiro Says:

        🙂 රෑට බොස්ලා එන්නෙ නැති නිසා තමයි මාමා බොස් කවුදැයි කියා නමින් විතරයි දන්නෙ, කිසිදා දැකලා නැතිව!!!

  8. මඩිස්සලේ නිශාන් Says:

    පව් බන් අරු

  9. රූ Says:

    සම්මානේට නිර්දේශ වුනා කියලා දැක්කා මාළුවෝ..සුභ පැතුම්..

  10. henryblogwalker Says:

    නකදී පුසී කියන්නෙ මේවට තමයි මාලු. 😀
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

  11. දුලාන් Says:

    බස් රේඩියෝ සම්මාන සඳහා නිර්දේශ වු ඔබට මාත් සුභපතනවා තව තවත් සාර්තක වේවා

  12. AKM Says:

    මහතුවා බොස්ට කේලම කියලා ගේමක් දුන්නෙ නැතෙයි?

  13. ලහිරු යසිත් Says:

    අපෝ මේ මාව්වො අහිංසක සිකුරුට්ටෙකුටවත් ඉන්න දෙන්නෙ නැති හැටි.. ඕක පැහැදිලි ඉරිසියාව 🙂


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: