දඹල කෙල්ල…

මම දැන් වැඩ කරන්නේ අර ෆෙන්ෂුයි රුපියල කටේ ගහපු තැන නෙමේ. එතෙන පූරුවේ පවකට හිටියේ ගෑල්ලමයි දෙන්නයි. ඒකට දැන වැඩ කරන තැන…. හෆ්‍‍ෆූ‍ෆූෆූෆූෆූෆූ… මතක් වෙද්දිත් පපුව සීතල වෙනවා මින්ට් එකක් කෑවා වගේ. ඒ වෙන අහවල් එකකට නෙවෙයි, බයට…. බයට….

ඉතිං මෙතෙන්ට ආපුම දවසේ… ගෑණු ළමයි දැක්කම නම් මං ටිකක් තිගැස්සිලා ගියා. ඇයි දෙයියනේ එකපාරට දහයක් විතර දකිද්දි එහෙම වෙනවනේ… ඉතිං දවස දවස ගිහිං… කොහොම හරි ලස්සන දවසක් ආවා. එදා තමා ඊයේ…

දැන් මං ආසයි ට්‍රබල් ෂූටිං වලට 😀

අපේ ඩිවිෂන් එකේ ලෑන්ඩ් ලයින් එකට කෝල් එකක්. මං තාම ආන්සර් කරන්නේ නෑ. තාම අළුත්නේ. ඒක නිසා ඉන්න පරන කෙනෙක් තමා ආන්සර් කරන්නේ. ඉතිං කෝල් එකේ හැටියට අකවුන්ට්ස් ඩිපාමන්ට් එකේ කොම්පූටරේ නෙට්වර්ක් ප්‍රින්ටරේට කනෙක්ට් වෙන්නේ නෑ… ඒ පාර ඉතිං ඒක බලන්න වුනේ මට. ඉතිං ගිහිං බලනකොට ඒකෙ නෙට් වර්ක් කේබල් එක ගැලවිලා, ක්ලීනින් සර්විස් එකෙන් අතුගාන ‍කොට. ඊට පස්සේ ඉතිං ඒක හදලා දුන්නම, ඒ ගෑණු ළමයි “තෑන්ක් යූ” කිව්වා… මම නම් වල් කම් කියවන්නේ නැතුව පට ගාලා මාරු වුනා. ඒවා බැරියෑ පස්සට…

ඉතිං තව චුට්ට වෙලාවකින් දවල් ලන්ච් ටයිම් එක. මම සාමාන්‍යයෙන් කෑම කන්නේ දවල් එකට විතර. ඒ වෙලාවට තමා බඩගිනි වෙන්නේ. මතකනේ බඩගිනි හැදුන වෙලාවට තමා කෑම කන්නේ ඕනේ. නැතුව හරියටම දවල් දොලහට, බඩගිනි ඇතුව හරි නැතුව හරි කාලා වැඩක් නෑ. ඉතිං මං කෑම කකා ඉන්න කොට අර කොම්පූටරේ කඩා ගත්ත ගෑණු ළමයත් ආවා එතෙන්ට. තනියම නම් කමක් නෑ… තව යාළුවෙකුත් එක්කම. අන්න දැන් තමා නාටකේ පටන් ගන්නේ…

මේ…

ම්……

ඔයා දඹල කනවද….

ම්හු…

කම්පියුටර් එක හදලා දුන්න නිසා දඹල ටිකක් දෙන්න ඇහුවේ… අපි දෙන ඒවා කන්නෙ නැතුව ඇති.

………………………….. (සයිලන්ට්)

එහෙනම් මං දුන්නොත් කනවද….

………………………….. (සයිලන්ට්)

කියන්නකෝ…..

මං දඹල කන්නේ නෑ…. (මධ්‍යම ප්‍රතිපදාව :D)

හ්ම්…. එහෙනම් අපි කමු අනේ…..

මොකුත් කියන්නේ නෑ වෙන…. හරී ෂෝයි ඔෆිස් එකක්…. – at තව තව කොම්පූටර් කැඩියන්….

Advertisements

47 Responses to “දඹල කෙල්ල…”

  1. Sarath Lankapriya Says:

    දඹල කනවා එහෙම නෙවයි කොල්ලෝ!! මමදානවා යසොදරාගේ කාරුණික දැනගැනීම පිණිසයි කියලා මුණු පොතේ !!

  2. Glimmer Girl Says:

    hehehehhehe maru kathawe .. 😛 oye kanne nathiwe inne eke madyama prathipadawe wenne kohomade??

    • Gold fish Says:

      හික්ස්… ඔයාගේ ටියුබ් ලියිට් එක පත්තු වෙලා නෑ වගේ…. මධ්‍යම ප්‍රතිපාදව කියන්නේ කෑම නොකන එක නෙවෙයි… දෙන්නවම තරහ කර නොගෙන ඉන්න එක… 😀

      • Glimmer Girl Says:

        appate siri hary hary danuy ne click une 😛 😛 😉

  3. praveena Says:

    යශෝධරා….මෙන්න මෙයා දඹල කන්ට ලෑස්ති වෙනවෝ….. 😀

  4. මධුරංග Says:

    දඹල ප්‍රෝටීන් නෙ කොල්ලො !

    ප.ලි – පොත් ගන්ඩ ගියාද…

    • Gold fish Says:

      ඔව් බං සුදු වෙනවා කියලත් කිව්වා…
      ගියා උඹට කතා කලාම ආන්සර් කලේ නෑ…. 😛

      • මධුරංග Says:

        මාර සීන් එක අයියා.
        සිකුරාදා හවස අපේ සීයා නැති උනා. එදාම එහේ ගියා. ඊට පස්සේ එහේ වැඩ වලට හිර වෙලා හිටියේ. ඉරිදා තමා අවසන් කටයුතු තිබ්බේ.
        තාම හත්දවසේ දානේ දීලත් නෑ.
        ඔය වැඩ වලට හිර වෙච්ච නිසා එන්න උනේ නෑ. ෆෝන් එක ලඟ හිටපු නැති නිසා ආන්සර් කරන්ඩ උනෙත් නෑ. 😦

      • Gold fish Says:

        අප්පටසිරි… හරි බං එහෙනම් අවුලක් නෑ…

        අනික උඹ නාපු එකත් හොඳයි… අදාල පාර්ශව​ය සහභාගි වුනේ නෑනේ බං… 😉

  5. Sithi Says:

    සා… මරු ඔෆීසියක්නේ… අපිට සෙට් වෙන් නෑ නේ ඔහොම..

  6. රූ Says:

    රන් මාළුවා කියන එක වෙනස් කරලා —- මාළුවා කියලා දාන්න වෙයිද මන්දා..

    • Gold fish Says:

      කවුරු හරි හිස් තැන පුරවන්නෝ…. 😀

      • arunishapiro Says:

        දඹල මාළුවා!

      • Gold fish Says:

        🙂

      • nipuna Says:

        වල් මාළුවා 😛

      • Gold fish Says:

        හික්ස්…. අපෝ මං නම් දැක්කෙ වත් නෑ…

  7. DDT Says:

    අයියෝ … දඹල, මට නම් පේන්න බෑ. ඊට හපන් නම, හදිසියෙ ඔය නම කියද්දි වැරදිල දලඹ කිව්වොත් වස නෝන්ඩිය. මොකද මට හිටී ගමන් එහෙම ඒවත් වෙනව බං. ඉස්සර ත්‍රිකෝණමිතිය කරද්දි මම ටීච ඉස්සරහදි Sec x කියලකියන්නෙ බොහොම පරිස්සමට හිතලල බලල. 😀 😀
    උඹල BMICH ගියාද බං ඉරිදා. මොනාද ගත්ත පොත්.

    • මධුරංග Says:

      කෝණය වැරදි… !!!

      හරිම කෝණය වෙන්නේ Sec C
      හරියටම කියනවා නම් “එක යට Cos C සමානයි Sec C” 🙂

      • Gold fish Says:

        පෙනේද මුගේ වල් කම… 😀

    • Gold fish Says:

      තව ඒ වගේ වචන තියෙනවා… මෙතෙන කියන්න බෑ… ලැජ්ජයි….

      • DDT Says:

        ආං …. ඒව නෙවි බං මම කිව්වෙ, මට කියවද්දි කලබලේට කියවෙන්නෙ Sec x වෙනුවට හුරුපුරුදු විදියට Sex x කියල. ඔය වගේ ජොක් නම් ඒ දවස්වල ඕන තරම් තිබුණ.

      • Gold fish Says:

        වල් කම තමා ඉතිං…. 😀 කිරිදතේ ඉඳන් වල්කම…. 😀 😀

      • DDT Says:

        // මෙතෙන කියන්න බෑ… ලැජ්ජයි…. //

        ඔන්න ඔහේ ලැජ්ජාව අතින් වහන් කියපන් බං. 😀

      • Gold fish Says:

        හික්ස්…. නෑ… නෑ… මුං හදන්නෙම මගේ කටින් මොනා හරි කියවලා මාව ලැජ්ජාවට පත් තරන්න… ඒවට අහුවෙයි මම… 😀

  8. networkදිසා Says:

    කාපිය යකෝ…………

  9. deshakaya Says:

    කොල්ලා ටික දවසක් ගිහිල්ල නොකන දඹල තරු මර මර කනවා ඔට්ටුයි. ඕං කැට…

  10. ළහිරු හිමේෂ් Says:

    දඹල හෙන ගුණයි කියලා කියන්නේ, ප්‍රෝටීන් තියෙනවාලු. උඹටනන් මොකද මාළු කෑමනේ නේද?

  11. මඩිස්සලේ නිශාන් Says:

    මම නම් එහෙම කනවා අෆ්ෆා අක්කලා ටික පව්නේ

  12. wicharaka විචාරක Says:

    දඹල වුනත් නරක නැහැ. ‘ළපටි’ දඹල හොඳට ‘තෙල්’ දාපුවනම්.

  13. henryblogwalker the Dude Says:

    දඹල කෑවොත් අර කුම්බලා බාලු කෑව බළලට වෙච්ච දේ තමයි පුතා. එක්කො ඔන්න ඔහෙ කාපං බං නිකං තියෙන…
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

  14. චන්දන Says:

    \\තව තව කොම්පූටර් කැඩියන්….// :))

  15. naleendilruksha Says:

    දඔල නම් මන්ද මල් පාත්තියක් නම් දාන්න පුලුවන් තැනක් වගේ.

  16. ඔබ නොදු‍ටු Says:

    අඩේ මරු ඔපීසියක් නේ..තව තව කොම්පූටර් කැඩියන්..නෙට්වර්ක් එකම ඩවුන් වෙයන්…අර අන්තිම එක සැර වැඩිද…..

    • Gold fish Says:

      නෑ නෑ එහෙම්ම වෙන්න ඕනේ… කොහොමද cpu අස්සේ රිංගලා නෙට් වර්ක් වෑර් ගහන කොට…

      • nipuna Says:

        වයර් පැටලියන්

      • Gold fish Says:

        තෑන්ක්ස් මචං… 😀


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: