ෆෙන්ෂුයි රුපියල…

ට්‍රීං… ට්‍රීං….

ලාෆින් බුද්ධා

මට එහා පැත්තේ හිටිය යාළුවා ආන්සර් කලා ඉන්ටර්කොම් එකට…

ආහ්… උඹට කෝල් එක….

අඩේ මට…. ආව්… කාගෙන්ද බං මේ උදේ පාන්දර….? ඔය “ආව්“ කෑල්ල කියවුනේ ඉබේටම. පාන්දරම කෝල් එකක් ආවොත් මට ඒ කියන්නේ පී.සී එකක් වැඩ කරන්නේ නෑ  කියන එක. තව දුරටත් කියනවනම් ඔෆිස් එකෙන් එලියට බැහැලා පැය දෙකක තුනක වටයක් දාන්න පුළුවන් චාන්ස් එකක්.

අර සබ් කන්ට්‍රැක්ටර්ගේ කෙල්ලෝ දෙන්න ගෙන්….

ඇහ්…. එතකොට මම නොකිවුවට “ආව්“ එක කිහිප ගුණයකින් වැඩි වෙනවා… “ආව් ආව්“ වගේ වෙනවා.

හලෝ…. ගුඩ් මෝනින්…

මෝඩයෝ…. බූරුවෝ…. ගෙම්බෝ….

ඔය වෙලාවට කොච්චර මල පැන්නත් “මොකද ඕයි..?“ කියල ඇහුවොත් අපි උන්ගෙන් එකෙක් වෙනවා. ඒක නිසා මම අහගෙන ඉවසගෙන හිටියා.

ඇයි දැන් මට බනින්නේ… හෙන ශාන්ත ස්වරයෙන්… නැත්තං මොන කේස් එක වුනත් ශේප් කරගන්න බැහැනොවැ ගෑණු ළමයි එක්ක. එන්නෙම කෙක්ක වගේ එල්ලෙන්න.

බනින්නේ කරන මොට්ට වැඩ නිසා.

ඇයි… ඇයි… දැන් මං මොනාද කරේ…?

මොනාද කරේ…. කව්ද අර ලාෆින් බුද්ධාට කරලා ගියේ….? අන්න ඒක අපේ සර් දැකලා අපිට කෑගැහුවා…

හත්වලාමේ පෙරේදා ඒ ඔෆිස් එකට ගිය වෙලාවේ, රුපියලේ දෙකේ කාසි ගොඩේ ලැග ගෙන ඉන්න තඩි බඩක් තියෙන බමුනාගේ කටේ රත්තරං පාට චූටි රුපියලක් එබුවා නේන්නම්….!!!!! ඒක දැක්කම ඇත්තටම එහෙම කරන්න හිතුනා. ඒත් ඉතිං ඒක එහෙමම දාලා එන්න හිතුවේ නෑ. රුපියල ආයෙම පැත්තකින් තියන්න අමතක වුනා.

ඉතිං…. ?

ඉතිං එනවකෝ මෙහාට… දඩස්….. ටූක්… ටූක්…. ටූක්…

ෆෝන් එක කැඩුනද මන්දා…. – at තාම ගියේ නෑ… ගිය වෙලාවට මොනා වෙයිද දන්නේ නෑ….

 

 

 

36 Responses to “ෆෙන්ෂුයි රුපියල…”

  1. praveena Says:

    අපිට නම් කෝල් එකක් උදේම ආවොත් ආව්…ආව් නෑ.
    ආව් ආව් කෝල්ස් උදේම එන්නෙත් නෑ ඉතින්… 🙂

    ඕනේ නැති වැඩ නොකර ඉන්ටකෝ මාලුවෝ….

  2. මඩිස්සලේ නිශාන් Says:

    හික්ස් උඹේ කටටත් රුපියලක් දායිද දන්නේ නැහැ බොසා

  3. මධුරංග Says:

    මම නම් ඔය තඩියගේ රූපෙටවත් ආස නෑ.. ඔය තඩියට කරපු වැඩේ හොඳ.

  4. මාඩා Says:

    උඹ මක්කටෙයි හදිසියේ ඒ පැත්තේ ගියේ…. 😉
    හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නද මන්ද 😀 😀 😀 😀

    කොකටත් පරිස්සමට හොදේ….

  5. සිඳු Says:

    හරි සිරියාවන්තයි වගේ කට්ටිය ඒක සාලෙ මැද්දෙ , වාහන වල තියාගෙන හිටියට මට ඒක පේන්නෙ හරිම මූසල බඩජාරියෙක් වගේ.
    මම මේ ළඟදි මොකක් හරි පත්තරේක දැක්ක ඒකට “බුද්ධා” කිවුවට බුදු හාමුදුරුවන්ගෙ කිසි සම්බන්ධයක් නෑ, ඒක චීනෙ මොකද්ද අවතාරයක් කියල
    well done !!!

  6. arunishapiro Says:

    හිතට එන හැම දෙයක් ම කරන මාළු ද දන්නෑ ඇම ගිලින්නේ?!!!!

  7. රූ Says:

    හරි ශෝක්..මාළුවා ඒ පැත්තෙ ගියදාට මොනවා වෙයිද?
    මට නම් දැනගන්නකම් ඉවසිල්ලක් නෑ..

  8. DDT Says:

    හ්ම් … හ්ම් …. මාළුව නහින්නෙ කට හින්ද.

    අර දැරිවියො එච්චරට සැරයිද බං. ‘මෝඩයෝ…. බූරුවෝ…. ගෙම්බෝ….‘ වගේ ආදරණීය වදන්වලින් ඇමතුවනම් අනිවා උන් උඹ ගැන ඇත්ත දැනගෙන. 😀 😀

  9. නිසුපා Says:

    එන්න කියලානෙ කියලා තියෙන්නෙ. ඉතිං යන්න තව මොනවා බලනවද? 😀

  10. Maathalan Says:

    දැන්මම කන එහෙම අතගාලා හදාගනීං. නැත්තං බිරිඳගේ චරිතේ රඟපාන්න වෙන්නේ බොටයි

  11. hasithag Says:

    ෆෙංග්ෂු‍යි ගෙම්බාගේ කටේ නම් කාසි ගහනවා 🙂


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: