ෆෙන්ෂුයි රුපියල…

ට්‍රීං… ට්‍රීං….

ලාෆින් බුද්ධා

මට එහා පැත්තේ හිටිය යාළුවා ආන්සර් කලා ඉන්ටර්කොම් එකට…

ආහ්… උඹට කෝල් එක….

අඩේ මට…. ආව්… කාගෙන්ද බං මේ උදේ පාන්දර….? ඔය “ආව්“ කෑල්ල කියවුනේ ඉබේටම. පාන්දරම කෝල් එකක් ආවොත් මට ඒ කියන්නේ පී.සී එකක් වැඩ කරන්නේ නෑ  කියන එක. තව දුරටත් කියනවනම් ඔෆිස් එකෙන් එලියට බැහැලා පැය දෙකක තුනක වටයක් දාන්න පුළුවන් චාන්ස් එකක්.

අර සබ් කන්ට්‍රැක්ටර්ගේ කෙල්ලෝ දෙන්න ගෙන්….

ඇහ්…. එතකොට මම නොකිවුවට “ආව්“ එක කිහිප ගුණයකින් වැඩි වෙනවා… “ආව් ආව්“ වගේ වෙනවා.

හලෝ…. ගුඩ් මෝනින්…

මෝඩයෝ…. බූරුවෝ…. ගෙම්බෝ….

ඔය වෙලාවට කොච්චර මල පැන්නත් “මොකද ඕයි..?“ කියල ඇහුවොත් අපි උන්ගෙන් එකෙක් වෙනවා. ඒක නිසා මම අහගෙන ඉවසගෙන හිටියා.

ඇයි දැන් මට බනින්නේ… හෙන ශාන්ත ස්වරයෙන්… නැත්තං මොන කේස් එක වුනත් ශේප් කරගන්න බැහැනොවැ ගෑණු ළමයි එක්ක. එන්නෙම කෙක්ක වගේ එල්ලෙන්න.

බනින්නේ කරන මොට්ට වැඩ නිසා.

ඇයි… ඇයි… දැන් මං මොනාද කරේ…?

මොනාද කරේ…. කව්ද අර ලාෆින් බුද්ධාට කරලා ගියේ….? අන්න ඒක අපේ සර් දැකලා අපිට කෑගැහුවා…

හත්වලාමේ පෙරේදා ඒ ඔෆිස් එකට ගිය වෙලාවේ, රුපියලේ දෙකේ කාසි ගොඩේ ලැග ගෙන ඉන්න තඩි බඩක් තියෙන බමුනාගේ කටේ රත්තරං පාට චූටි රුපියලක් එබුවා නේන්නම්….!!!!! ඒක දැක්කම ඇත්තටම එහෙම කරන්න හිතුනා. ඒත් ඉතිං ඒක එහෙමම දාලා එන්න හිතුවේ නෑ. රුපියල ආයෙම පැත්තකින් තියන්න අමතක වුනා.

ඉතිං…. ?

ඉතිං එනවකෝ මෙහාට… දඩස්….. ටූක්… ටූක්…. ටූක්…

ෆෝන් එක කැඩුනද මන්දා…. – at තාම ගියේ නෑ… ගිය වෙලාවට මොනා වෙයිද දන්නේ නෑ….

 

 

 

%d bloggers like this: