හොඳට කෑම කන්න ඕනේ කොයි වෙලාවටද ළමයි….

ඔන්න ආවා අපේ සෞඛ්‍ය ටීචර්. ඒ දවස් වල විද්‍යාව පොතේ තිබුන මිනිසා හා ප්‍රජනනය පාඩම හැරුනම පන්තියේ හැම එකාම වගේ ආසාවෙන් හිටියේ සෞඛ්‍ය පාඩමට. මොන මොන කාරනා නිසා හරි ක්ලාස් එක කට් කරන හැමෝම සෞඛ්‍ය වෙලාවට ක්ලාස් එකේ. ඇයි අප්පේ අපිට ඒ දවස් වල කොයිතරම් නම් ප්‍රශ්න කියලද….!!!

සාරි ඇන්ද කෙනෙක් හොයාගන්න නෑ…

අපිට තියෙන ගොඩක් ප්‍රශ්න වලට ක්ෂණික විසඳුම් වගේම… ගිහින් තාත්තගෙන් අහගන්න වගේ ප්‍රශ්නෙට එක්ස්ටෙන්ඩඩ් ලින්ක් දෙන්නත් මිස්ම තමා. වෙලාවට නම මතක නෑ. අනේ මෙහෙමත් සිස්සයෝ නේද…

ඉතිං ඔන්න මේ කතාව වුන දවසෙත් මිස් ආවා. කාට නැතත් අපි මිස් එනකොට නම් නැගිටලාම ඉන්නවා, දොරෙන් ඇතුලට එද්දිම “ආයුබෝවන්“ කියන්න බලාගෙන. මිසුත් ඒක දන්නවා. ඒකට අපේ ගෑණු ළමයි. උංට ගහන්නන ඕනේ මොකෙන්ද දන්නවද…. නෑ එක්කෝ ඕනේ නෑ. මොනා වුනත් අපිත් එක්ක හිටිය ළමයිනේ.

ඔන්න මිස් ඇවිත් පාඩම කරන්න ගත්තා. පාඩමේ නම මතක නෑනේ. ඔය පාඩමට කෑම වේල් සම්බන්ධයි. පෝෂණීය ආහාර ගැන එහෙම තමා කතාව නැගලා යන්නේ. එක පාරටම “ළමයි නිශ්ශබ්ද වෙන්න“ කියලා ඩෙස් එකට පොඩි තට්ටුවකුත් දාලා අපි හැමෝගෙන්ම ප්‍රශ්නයක් ඇහුවා.

කියන්න බලන්න…. කෑම කන්න ඕනේ කොයි වෙලාවටද කියලා…..

අප්පා මාර අමාරු ප්‍රශ්නයක්නේ. ඒ වුනාට මං උත්තරේ දැනන් හිටියා. ඒත් මම ඉන්නේ පේලියේ දෙවෙනියට නිසා මට කලින් හිටිය කෙනා උත්තරේ දුන්නා.

ආහ් මිස්… උදේට නේද වැඩියෙන්ම කන්න ඕනේ…

වැරදියි දරවෝ….

ඈහ්…. මං කියන්න හිටිය උත්තරේ වැරදියිනේ ඒනම්. හොඳ වැඩේ මට කලින් පන්ඩිතයා වෙන්න ගියාට. සාදු සාදු….

ආහ් ඔය පුතා කියන්න බලන්න…. හ්ම්…. මිස්ගේ ඇඟිල්ල මයෙ දිහාට නේද උරුක් වෙලා තියෙන්නේ. කල කල දේ පල පල දේ.

අනේ…. දැන් මොකද කරන්නේ….

දන්නේ නැද්ද…?

නෑ…. මිස්….

මීස්…. මීස්….. ආහ් හරි වගේ වැඩේ…. අන්න කෑගහනවා කෙල්ලෝ ටික. දැන් ඉතිං අපේ කොල්ලන්ගේ කටවල් වැහෙනවා. මොකද කොල්ලෝ කොච්චර පිස්සු කෙලියත් කෙල්ලෝ මීටර් ටික. උන් පිස්සු කෙලිනවා කියන්නේ ඉතිං වල්ගා තරුවක් පායනවා වගේ තමා…. හෙන කලාතුරකින්.

ආහ් කියන්න බලන්න ගෑණු ළමයි.

දවල්ට මිස්….

වැරදියි…. ඇහ්…. කෙල්ලොත් වැරදියි… ඒක හොඳයි. ඒ විතරක්යැ… දැන් වේල් දෙකක් කියවුනා… තව එක වේලයි…. හරියට ඕමි බලනවා  වගේ තමා. ඔන්න නැගිටිනවා පුරුෂ ශක්තිය අරගෙන එක කොල්ලෙක්. දන්නවනේ ඔය වගේ චූටි තැනකින් අල්ලගෙන් ගේම දෙන එකා කව්ද කියලා.

මිස් හොඳට කන්න ඕනේ රෑට. ආයෙ ඉතිං ඕක වරදින්න විදියක් නැහැනේ.

වැරදියි පුතේ.

යකෝ මේක මාර වැඩක්නේ. එහෙනම් මහ පාන්දරටද කන්න ඕනේ. කියන කියන උත්තරේ වැරදියිනේ.

මිස්…. ඒ පාර පිටිපස්සේ හිටිය පොරක්. ටිකක් මැන්ටල් පොරක්. හැම වෙලේම හොටු පෙරාගෙන ඉන්නේ.

මිස් කන්න ඕනේ, බඩගිනි එන වෙලාවට.

ඉඳි ආප්ප….

මිස් ටිකක් වට පිට බැළුවා. උත්තරේ ආවෙ උගෙන්මද කියලා. ඔව් දරුවෝ… හරි උත්තරේ. කවදාවත් බුවාගෙන් උත්තරේ බලාපොරොත්තු නොවුන අපි හැමෝම මූනට මූන බලාගත්තා.

ඒ එක්කම පිටි පස්සේ හිටිය තවත් කෙනෙක්… ඒකනේ මිස්…. මේ…. මං ඉන්ටවල් එකට ගෙනාපු  ඉඳිආප්ප මුල කන්නේ දැන්…!!!

පාඩම ආවසානයි… යාළුවට වෙච්චි දේ ගැන යාළු ෆිට් එක නිසා අමතක කරලා දානවා. 😀  – at අප්පා එහෙමත් කාලයක්…

47 Responses to “හොඳට කෑම කන්න ඕනේ කොයි වෙලාවටද ළමයි….”

  1. praveena Says:

    මමත් කියන්ට හැදුවා විතරයි. කන්ට ඕනි බඩගිනි වෙලාවට. අනෙක් වෙලාවට කන්ටත් බෑනේ ඉතින්… 🙂

  2. රූ Says:

    පොඩි අයට කවන්න අම්මලා විඳින් දුක දැක්කාම මේ පෝස්ටුව පෙන්නන්න හිතෙනවා..හික්ස්..

  3. Thanoja Says:

    හ්ම්… බඩගිනි වෙලාවට නොකා බඩගිනි තද උනාම කාලා මම දැන් විඳවනවා දරුවෝ.. බඩට අනවශ්‍ය වෙලාවට අපිට ඕන වෙලාවට කෑවම තමා ඉතින් ගෑස් ගෑස් ගැස්ට්‍රයිටීස් කිය කිය විඳවන්නේ…

  4. මාඩා Says:

    ෂා පට්ට මීටර් ඉන්න පන්තියක්නේ… ඉහල පුටු වලටම යන්ඩෝනේ….

  5. maathalan Says:

    උදේ කෑමට ඔය සිනමන් ග්‍රෑන්ඩ්, ටාජ් සමුද්‍රා වගේ එකකට යන්න
    දවල් කෑම බුහාරී, ඩිනමෝ, කේ එෆ් සී, පීසා හට් වගේ තැකින් කන්න
    රෑට හංදියේ කඩෙන් කන්න.

  6. DDT Says:

    ෂෙහ් … උඹල දැනගෙන ඉඳල තියෙන්නෙ ඔය කෑම වෙලාවල් තුනයි නේ බං. ඒකට අපි, මට නිතරම බඩගිනිවෙනව බං. 😀 😀 😀

    ඒ වුනාට ඔන්න වරදවා වටහාගන්න එපා, සමහර දාට හවස 4-5 ට කනකන් දවසෙම බඩගින්නෙ.

  7. Sumith Niriella Says:

    කොහොමත් පිටිපස්සෙ පේලියේ ඉන්න උන් හැම විටම හරි උත්තරේ දන්නවා, හැබැයි කරන්නෙ වැරදි වැඩ…. 🙂

  8. naleendilruksha Says:

    නියමයි නියමයි හොඳට ලියල තියනවා. මේ උත්තරේ දුන්නේ ඔයා නේද

  9. Kandyan Says:

    අර පොඩි එකා කිව්ව දේ හරි…”මිස් කන්න ඕනේ, බඩගිනි එන වෙලාවට”

    ඉස්සර මං වැඩ කරපු පොලක ගෑණු ළමයි සහ බවලත් උදවිය තව සෙට් වෙලා හිටියා පොරවල දෙක තුනකුත් …. කස්ටිය උදේ ආපු ගමන් පොඩි බත්මුලක් එහෙම නැත්නම් ඉඳිආප්ප පොදියක් ලිහාගෙන පැය බාගයක් විතර කයිය ගගහා බස්සනවා…ඊට පස්සේ දහය හමාර එකොලහ වෙනකොට තවත් මොනවාහරි විකනවා..ඔය වඩේ වගේ දේවල්… මෙන්න දොලහ හමාරට විතර ආයම ලොකු බත්මුල ලිහාගෙන දෙසාබානවා පැයක් විතර…ආයම තුනට විතර වඩේ පාරක්….ඊට පස්සේ හතරහමාරට ගෙදර දුවනවා රෑට උයන්ට…

  10. haree Says:

    ඉන්ටවල් එකට කලින් පන්තියෙ කන්න බෑ.. වතුර බොන්න බෑ කියන්නෙ මොකෝ බං.. වතුර බොන්න බැරීකට අපේ එකෙක් හොඳ වැඩක් කරලා තිබ්බා.. ඌ මෙගා බෝතලයකට වතුර පුරවන් ඒක බෑග් එකේ දාගෙන බටයක්ත් දාගෙනයි එන්නෙ.. පස්සෙ බෑග් එක අදිනවා වගේ අරක උරනවා..

  11. henryblogwalker the Dude Says:

    හියැක් හූඌඌඌඌ!!!
    අන්න කතාවල්!
    පට්ටම ලයික්යැ!

  12. සිඳු Says:

    අපිත් හොරෙන් කන්න කප් ගහල හිටියෙ. (ඔයාලගෙ ගෑණු ළමයි වගේ මීටර් නම් නෙමේ අපි)
    දවසක් අපේ ගණං මිස් පන්තියෙ ඉන්න වෙලාවක අපි කන්න පටන් ගත්තා. ඒ කෑවෙත් ඉඳි ආප්ප. අපි ශේප් එකේ සම්බෝල එක්ක කද්දි එක්කෙනෙක් විතරක් තිබුණ හොදි එක්කම කෑව. ඉතින් කොහොමද අත හෝදන්නෙ…
    මිස් ඇත්තටම හරි හොඳයි. ඒ වගේ වැඩ වලට තරහ ගන්නෙ එහෙමත් නෑ (වැඩියෙම)

    ඉතින් අපි හිතුවෙත් නැති විදියට මේ යාළුව මිස්ගෙන් ඇහුව “මිස් කෑවට පස්සෙ මොකද කරන්නෙ?”
    “කෑවට පස්සෙ අත හෝදල වතුර බොන්න ඕන”
    “එහෙනම් මිස් මම අත හෝදගෙන එන්නද?”

  13. පූසා Says:

    මිස් කෙනෙක් පංතියේ ඉන්න වෙලාවට හොරෙන් කෑවම තරම් ආයේ කොහොම කෑවත් බඩ පිරෙන්නේ නෑ! 😀

  14. මධුරංග Says:

    ඈ.. බොල මට තුන් වේලටම එක වගේ බඩගිනි වෙනවා නෙහ්.. 🙂

  15. Harshana Adikari (රජා) Says:

    හෙහ් හෙහ්… සිරා ඈ
    අපිත් ඔහොමනේ ඉතින් ඉස්සර 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  16. කෙෂාන් විදුරංග Says:

    ඒ බං මම ඕලෙවල් වලට කරේ අයි.ටී.. හැබැයි ඉතිං සෑර් නැති දවසට අපිට සෞඛ්‍ය කරන ක්ලාස් එකේ ඉන්න පුලුවං.. එදාට ඉතිං ෆුල් ආතල්.. අර පන්තියෙ අන්තිම පේලියෙ ඉන්න වුං ඔක්කොම සෞඛ්‍ය යි අයි.ටීයි කරන්නෙ.. ආයි ඉතිං අහන්න දෙයක්යැ.. අපේ තියෙන දැවෙන පස්න ඔක්කොම එදාට මිස්ට ඉදිරිපත් කරල සහනයක් ගන්නව.. (ප්‍රජනනේට සම්බන්දයි හැම එකම)

    මතක තියාගනිං “උගතුන් බිහිවන්නේ පිටුපස පේළි වලිනි“ හරිය….

  17. Kushi Says:

    නියමයි…ඇත්ත කතාව..හි හ් හි..( සාරි අඳින ටීචර් ලට වඩා ස්කට්-බ්ලවුස් අදින ටිචර්ලා හොඳයි)


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: