ඔන්න ළමයි කට්ටියක් තව දවස් කීපයකින් තියෙන එයාලගේ යාළුවෙක්ගේ මගුල් ගෙදරට යන්න ලෑස්ති වෙනවලු. ඉතිං කොන්ඩෙ වවන් හිටිය කට්ටිය කොන්ඩේ කපනවලු… රැවුල වවපු අය රැවුලෙ කට් ගහනවලු. තව එක එක ඒවා කරනවලු.
ඉතිං අදාල දවසත් ආව කියමුකෝ. වෙඩිම තිබුනේ අලුත්ගම පැත්තේ හෝටලයක. කට්ටියම තැන් තැන් වලට සෙට් වෙලා වරකට එකා බැගින් ඇතුලටත් ගියා. ඒ කිව්වේ වෙඩිම තිබ්බ හෝටලේ ශාලාවට හරිද. ඊට පස්සේ ඉතිං පෝරුවේ චාරිත්‍ර කරන කං සැම එකා වගේ බලාගෙන හිටියා. ඇයි ඉතිං මේවා අනාගතේදි කාට කාටත් වුවමනා වෙනවනේ. පස්සේ ඉතිං ඔය ඔක්කොමත් කරලා හොටෙල් එක පිටිපස්සේ ගාඩ්න් එකට සෙට් වුනා පොඩී… සූටි… ලාවට ෂොට් එකක් දාන්න. පොඩි සෝෂල් ඩ්‍රින්ක් එකක් දැම්මා මාරු වුනා. එහෙම නැතුව වෙඩින් වලට ගිහිං කන පැලෙන්න බොන සිරිතක් නෑනේ…!!! අපි නම් දන්නේ නෑ ඉතිං වැඩි විස්තර හොඳේ.
පස්සේ ඉතිං එහෙට මෙහෙට බයිට් අදින, අවුරුදු 60ක් විතර වුන අයියාට කිව්වා කතා කරලා, මල්ලි බොන්න මොනා හරි ගේන්න කියලා. බුවාට මල්ලි නොකිව්වොත් අපිට හම්බුවෙන්නේ අප්සට් එව්වානේ. උදාහරණයක් විදියට අයියේ බියර් ගේන්න කිව්වොත්… බුවා ගෙන්නේ ලාගර්. මල්ලි බියර් ගේන්න කිව්වොත් ඕං ගේනවා කාල්ස් බර්ග්, ස්ට්‍රෝන්ග් වගේ ලොකු එව්වා. අන්න ඒක නිසා තමා ඔය වගේ වෙලාවලදී සීයා කෙනෙකුට වුනත් මල්ලි කියන්න පුරුදු වෙන්න ඕනේ…!
ඉතිං කෝම හරි බොන්න මොනා හරි ගේන්න කිව්වම මූ තඩි ට්‍රේ එකක තියලා උස්සන් ආවා ස්ප්‍රයිට් මෙගා දෙකයි, කෝක් මෙගා එකයි.
දැන් එතකොට මේවා විතරද තියෙන්නේ…? සැර ජාති නැද්ද…?
අනේ මහත්තයා සැර ජාති නැහැනේ මේ හෝටලේ…
ආහ්… එහෙමද…. හරි හරි…
ඉතිං ඔන්න එහෙම කිව්වම බුවා යන්න ගියා… ගිහිං මූ හැරිලා ආපහු එනවා. ටිකක් හොර මූනක් තියෙන්නේ බුවාට.
මහත්තයා…
ආහ්… ඇයි අයියේ… දැන් මල්ලි කියන්නේ අහවල් එකටැයි… ගරු සරු දීලා අයියේ කියලම කතා කලා.
සර්ලා, එලියෙන් මොනා හරි ගේනවනම් මටත් බියර් එකක් ගේනවද…? හෙන පිංසෙන්ඩු වෙන සූටි මූනු පොඩ්ඩක් හදාගෙන අපෙන් අහිංසක ඉල්ලීමක් කරනවා. බෑ කියන්නෙයි…! මූන දැක්කම එහෙම කියන්න හිතෙන්නෙත් නෑනේ. ඉතිං මොකෝ කරන්නේ… ඔන්න ඔහේ ඕනේ එකක් කියලා මං පුදුමය පලකලා…!!!
ඈහ්….
මට එහා පැත්තේ හිටි යාළුවා… හරි හරි අයියේ… අපි ගියොත් ගේන්නම්කෝ… කියලා කිව්ව ගමන් දත් නැති කට අපිට පෙන්නාලා… අයියා සිනා සුනා….!!!!
පස්සේ ඉතිං මොන බියර්ද… දන්නෙත් නැති පලාතක් නිසා අද බොන්නේ නෑ… අද අපි හොඳ ළමයි කියලා කට්ටියම තීරණය කලා. ඊට පස්සේ තමා අද කතාව තියෙන්නේ.
දැන් ඉතිං බොන්න නැති වෙච්චි එකේ තව පැයකින් විතර හොඳට කනවා කියලා හිතාගෙන බීම මුකුත් නොබී, පැය එකාමාරක විතර උපවාසයක් කලා. ටිකින්… ටික…. ටිකින්…. ටික…. කෑම වෙලාව ලං වුනා. හොටෙල් එකේ කුස්සියෙ ඉඳන් මේස වලට කෑම ගෙනාවම සුවඳේ බෑ… ඒ පාර ඉතිං චිකන් සුවඳත් එක්ක ඕනේ මගුලක් වෙද්දෙන් කියලා අනිත් එවුන් බීලා බාගෙට ඉතුරු වෙලා තිබුන ස්ප්‍රයිට් එක බිව්වා.
ඊට පස්සේ ඉතිං කෑම කන්න යද්දි මෙන්න පෝලිම. මේමේමේමේ තරං විතර දිගයි. පස්සේ ඉතිං කොහොමහරි අපිත් පෝලිමට සෙට් වුනා. ඊට පස්සේ ඉතිං කෑම මේසෙ ගාවට යනකං අපි නිකං ඉන්නවැයි. බත් බෙදාගෙන අපිට මීටර් කීපයක් ඈතින් කෑම මේසෙන් ඉවත් වෙලා යන අනිත් අයගේ කෑම පිඟන් ගැන පොඩි අධීක්ෂණයක් දැම්මා. මොනාද තියෙන්නේ, කොහොමද කෑම වල පාට, සුවඳ වගේ දේවල් ගැන. ඉතිං ඔහොම බල බල ඉද්දි තමා කට්ටිය දැක්කේ බත් එක්කම නූඩ්ල්ස් තියෙනවා. හැම දාම දවල්ට බත්ම කන නිසා කට්ටියම තීරණය කලා අද බයි චුට්ටක් කාලා නූඩ්ල්ස් වැඩිපුර කමු කියලා.
පස්සේ තමා සීන් එක. ඕං එනවා… පිඟන් ගන්න. අම්මට සිරි පට්ට කෑලි දෙකක් ඉඳන් පිඟානයි, පේපර් සර්වියට් එකයි, වෙඩින් කේක් එකකුයි දෙනවා. පෝසිලේන් පිඟන එතෙනම කටේ දාගෙන හපන්න හිතෙනවා….! ඉතිං ඔන්න ගියා බයි බෙදා ගන්න. හැමෝම කහ බත් චුට්ටයි, වෑංජන ගොඩකුයි බෙදාගෙන එනවා… සාමාන්‍යයෙන් නූඩ්ලස් තියෙන්නේ කෑම මේසේ අන්තිමටමනේ… ඉතිං ඒක නිසා තමා බයි ටිකයි වෑංජන ගොඩයි බෙදාගෙන ඉස්සරහට ගියේ. ඒත් පෝලිමේ අවසානයට කිට්ටු වෙද්දි…..!!!!
යකෝවු….
මොකෝ බං… කෑගහන්නේ මිනිස්සුත් බලනවා…
මේ නූඩ්ස්ල් නෙවේ…. ගෝවා ලියාල තියෙන්නේ…
ඈහ්….!!!!
යමන් යමන් කාටවත් පේන්නේ නැති තැනකට ඉක්මනට මේ බත් එකත් අරගෙන…
මේකේ බත් නෑනේ බං….
තියෙන ලබ්බක් හැංගියන් යකෝ ඉක්මනට….!!! – at දන්නේ නැති එකෙකුටවත් මේ වගේ දෙයක් නම් වෙන්ඩ එපා…!
2012 සැප්තැම්බර් 13 දින පෙ.ව. 8:22 ට
අයියෝ සංසාරේ………. ඇඩෙනවා…. 😀 😀 😀
යාලුවා යහතින් පවුල් කනවා ඇති නේද 😉
2012 සැප්තැම්බර් 13 දින පෙ.ව. 11:03 ට
එදායින් පස්සේ දැක්කේ වත් නෑ බං… යන්න ඕනේ ලඟදීම ඇඹරැල්ලා ටිකක් අරගෙන එහෙම.
2012 සැප්තැම්බර් 14 දින පෙ.ව. 7:45 ට
එල එල ඒවා මේ ආත්මේ පලදෙන පිං නේ
2012 සැප්තැම්බර් 13 දින පෙ.ව. 8:30 ට
මචං උඹ ගෝවත් වෑංජන එක්ක කෑවද ?
2012 සැප්තැම්බර් 13 දින පෙ.ව. 11:03 ට
කන්න උනා බං දුකෙන් හරි…
2012 සැප්තැම්බර් 13 දින පෙ.ව. 8:51 ට
පැහැදිලිවම යසොධරාව නම් මේ බ්ලොග් එක කියවන්නේ නැහැ.. මවු තුමී දැක්කොත් කෙල්ල දෙන්නෙත් නැහැ වෙන කෙල්ලෙක් දැක්කාම පිඟානත් කන්න හිතෙන කොල්ලෙකුට..
2012 සැප්තැම්බර් 13 දින පෙ.ව. 11:04 ට
හික්ස්…. ඒක නම් ඉතිං එහෙම තමා. අනික අයියේ මාස් මෙලෝස් වගේ කෙල්ලෙක් දැක්කම ලඟ තියෙන එකක් හරි හපන්න හිතෙන්නේ නැද්ද…
2012 සැප්තැම්බර් 13 දින පෙ.ව. 9:00 ට
අඩේ..පවු යකෝ!මොනවා උනත් බඩගින්නේ නේ.. 😉
2012 සැප්තැම්බර් 13 දින පෙ.ව. 11:05 ට
ඔවු බං… එදා සෙකන්ඩ් රවුන්ඩ් බැට් කලෙත් නෑ….
2012 සැප්තැම්බර් 13 දින පෙ.ව. 9:31 ට
කවුරු හරි පොල් වලින් හදපු රස කැවිල්ලක් සම්බෝල වගේ දෙයක් කියලා බත් එකට බෙදා ගත්තු කතාවක් මම අහලා තියනවා. ගෝවා තව කමක් නෑ. ගුණයිලුනේ. 🙂
2012 සැප්තැම්බර් 13 දින පෙ.ව. 10:10 ට
අපේ එකෙක් ඉන්නවා අතුරුපසත් බත් එකටම බෙදාගන්න..
2012 සැප්තැම්බර් 13 දින පෙ.ව. 11:06 ට
ඒවා අමුවෙන් කන්න බෑ අක්කේ… කරන්න දෙයක් නැති කමට පුළුවන් ප්‍රමාණේ කාලා පිඟන් එහෙමම තියලා මාරු වුනා.
2012 සැප්තැම්බර් 13 දින පෙ.ව. 10:12 ට
දැන් කාපන්කො ගෝවයි හොදියි..
දවල්ට ලන්ච් දෙන කම්පැනියක (ඩිනර් නෙමෙයි) සුද්දො කට්ටියක් විසිටින් ඇවිත්.. ඉතින් මූත් අර කෑම පෝලිමේ ගිහින් බෙදාගෙන තියෙන්නෙ පරිප්පුයි මැල්ලුනුයිලු.. මූ ඉඳගෙන ඒ දෙක කනවලු.. ඌ දන්නෙ නෑ එව්වා කන්න තියෙන්නෙ බත් එක්ක කියලා..
2012 සැප්තැම්බර් 13 දින පෙ.ව. 11:07 ට
ෂුවර් එකට චයිනා හරි ජපන් හරි… නැත්තං කයි පරිප්පුයි මැල්ලුනුයි….
2012 සැප්තැම්බර් 13 දින පෙ.ව. 10:13 ට
මං නම් ලෝස් නැතුව තියෙන ඒවායින් හොඳට බෙදා ගන්නවා! පෝලිම අන්තිම වෙද්දි මොනා මොනා වෙයිද කියලා කවුද දන්නේ!
2012 සැප්තැම්බර් 13 දින පෙ.ව. 11:08 ට
අන්තිම හරියේ තමා බං හොඳ හොඳ ඒවා තියෙන්නේ…. 😀
2012 සැප්තැම්බර් 13 දින පෙ.ව. 10:17 ට
මේ නූඩ්ස්ල් නෙවේ…. ගෝවා ලියාල තියෙන්නේ…
අපරාදේ, නූඩ්ල්ස් කියලා හිතාගෙන ගෝවා කන්න තිබුනනේ..
පට්ට කෑලි දැක්කා කියලා පිඟන් හපන්න ගියොත් ඊළඟට ඉන්න පට්ට කෑල්ලට පේන්න හිනාවෙන්න දත් නැති වෙයි. ( මී පැටියාගෙන් අවවාදයක්. )
2012 සැප්තැම්බර් 13 දින පෙ.ව. 11:08 ට
කන්න වුනා බං… මොනා කරන්නද…
2012 සැප්තැම්බර් 13 දින පෙ.ව. 11:57 ට
මලේ උඹ ගියේ මගුල් ගෙදරකටද නැත්නම් ඉලව් ගෙදරකටද
2012 සැප්තැම්බර් 13 දින ප.ව. 12:04 ට
ඉලවු ගෙවල් වල නම් ඉතිං අයියේ දුක බෙදා ගන්න කොහොමත් සැර ජාති තියෙනවනේ…. 😀
2012 සැප්තැම්බර් 13 දින ප.ව. 12:18 ට
හික්ස් 🙂
ගෝවා කන්න ගෑරුප්පුත් අරගෙන ගියා ද 🙂
2012 සැප්තැම්බර් 13 දින ප.ව. 1:15 ට
නෑ නෑ අපි හොඳ සිංහල කොල්ලෝ හරිද….
2012 සැප්තැම්බර් 13 දින ප.ව. 2:37 ට
ගෝවා කිව්වම මට මතක් වෙන්නෙම මූනමලීයා පෙන්නපු ගෝවා මල් !!!
චෑහ්….. 😦
2012 සැප්තැම්බර් 13 දින ප.ව. 12:36 ට
මම ඕකට හොහ් හොහ් හොහ් ගාලා හිනාවෙලා නිකා ඉන්න කල්පනා කලේ මට වෙලා තියෙන ඇබැද්දි ෂෙයා කරගන්න යන්නෙ නැතුව. හොහ් හොහ් හොහ්! මාර වැඩ උමලටත් වෙන්නෙ! හ්ම්!
2012 සැප්තැම්බර් 13 දින ප.ව. 1:23 ට
ලැජ්ජාව පැත්තක තියලා ඒක කිව්වනම් අපි හිනාවෙනවැයි…. 😀
2012 සැප්තැම්බර් 13 දින ප.ව. 4:38 ට
හෙහ් හෙහ් හෙහ් …. නූඩ්ල්ස් නේහ් ..
2012 සැප්තැම්බර් 13 දින ප.ව. 8:02 ට
අන්න කුප්ප කතාවක් හිත ඇතුලේ තියාගෙන ෂේප් වුනා… 😀
2012 සැප්තැම්බර් 13 දින ප.ව. 6:07 ට
He hehe mate nam sure na hot drinks aregathe na kiyala.. sure ekate podi hary shot ekak aran thiyenewa.. ay wade natham gowa noodles wage penewiya??
2012 සැප්තැම්බර් 13 දින ප.ව. 8:02 ට
මඩ ආච්චි….!!!
2012 සැප්තැම්බර් 14 දින පෙ.ව. 9:37 ට
:O :O 😦
2012 සැප්තැම්බර් 13 දින ප.ව. 6:17 ට
හිතාගෙන කන්න තිබුනෙ
2012 සැප්තැම්බර් 13 දින ප.ව. 8:02 ට
බෑ බං වෙන ඕනේ එකක්… කෑමනම් හිතට එකඟව….
2012 සැප්තැම්බර් 13 දින ප.ව. 6:50 ට
ලාගර් කියන්නෙත් බියර් ම තමයිනෙ. ඔතැන යාළු මාළුවා කියන්නෙ ලෝකල් ලාගර් vs කාල්ස්බර්ග් වගේ මෙව්වා එකක් වෙන්නැති නේද?!!! කාල්ස්බර්ග් ඇවිල්ලත් ලාගර් වර්ගයක්. ඩාක් ඒල්, පේල් ඒල්, ලාගර්, ස්ටවුට් සහ පෝටර් යනාදී ඔක්කොම බියර්.
2012 සැප්තැම්බර් 13 දින ප.ව. 8:03 ට
ලංකවේ ලාගර් වල මෙලෝ රහක් නෑ අක්කේ…. ඒක බොනවටක් පාඩුයි. අනිත් ඒවා එක්ක බලද්දි සෑහෙන වෙනසක් තියෙනවා.
2012 සැප්තැම්බර් 14 දින ප.ව. 1:58 ට
හි හී… මදෑ නූඩ්ල්ස් කෑවා.
2012 සැප්තැම්බර් 15 දින පෙ.ව. 6:48 ට
එදා ගෙදර එනකං බඩගින්නේ…. 😦
2012 සැප්තැම්බර් 15 දින පෙ.ව. 2:41 ට
හී හී…….හච්චෝ හච්චෝ 🙂 🙂
2012 සැප්තැම්බර් 15 දින පෙ.ව. 6:49 ට
ඔයාලට හිනා, අපි බඩගනින්නේ….
2012 සැප්තැම්බර් 15 දින ප.ව. 7:18 ට
කන්නත් නෑ බොන්නත් නෑ උඹලට හොඳ වැඩේ හූ ඈ 🙂
2012 සැප්තැම්බර් 18 දින පෙ.ව. 8:56 ට
එහෙම තමා බං…. මොනා කරන්නද ඉතිං…
2012 සැප්තැම්බර් 17 දින ප.ව. 8:06 ට
දවස් ගාණක් ඩයට් කරලා මඟුල් ගෙදරට ගියපු මාළුවට වෙච්ච වැඩේ..අර ප්‍රස්තාපිරුළක් තියෙන්නේ මාළුවා මඟුල් ගෙදර ගියා වගේ කියලා..හික්ස්..
2012 සැප්තැම්බර් 18 දින පෙ.ව. 8:59 ට
අක්කත් කියන කතා. එදා වෙච්චි දේ ගැන මම තාමත් හිතනවා… 😀
2012 සැප්තැම්බර් 19 දින ප.ව. 8:03 ට
ඒ උඹ හොරෙං සොට් එකක් දැම්ම නෙහ්? ඇත්ත කියපං.. හැක් යකෝ කොහේ ගියත් බත් කන්න පුරුදු වෙයං… ඔය පුරුදු නැති එව්ව නොකා…
2012 සැප්තැම්බර් 20 දින ප.ව. 8:52 ට
බත් කන්න බෑ බං හැම තිස්සෙම….