ඔබගේ මවගේ නැගෙනිය ඔබගේ කව්ද….? පොඩ් එකෙක්ගේ ඇසින්…!

පොඩි එකාගේ නම ෂෙහාන්. දැන් ඉගෙන ගන්නේ ස්කෝලේ නවය වසරේ. සිද්ධිය වෙලා තියෙන්නේ බුවා හතර වසරෙදි. ඉතිං මං බුවාව දන්නෙ පොර ඔෆිස් එකේ යාළුවෙක්ගේ මල්ලි කෙනෙක් නිසා.

චූටි පවුල….

මතකනේ, ඉස්සර පරිසරය පාඩමට තියෙනවා අපේ පවුල කියලා පාඩමක්. ඒකෙදි තමා සරල නෑදෑකං ඔක්කොම කියලා දෙන්නේ. ඒ කියන්නේ බබාගේ අම්මට කියන්නේ අම්මා… අම්මගේ අක්කට කියන්නේ ලොකු අම්මා, අම්මගේ නංගිට කියන්නේ පුංචි අම්මා… එතකොට තාත්තගේ තාත්තා සීයා…. ඔන්න ඔය වගේ ඒවානේ. සංකීර්ණ එව්වා තමා, හොර ගෑණි, හොර මිනිහා වගේ එව්වා. 😀

ඒ වගේම තමා පවුලේ ඉන්නේ තුන් දෙනයි නම් ඇත්තටම හතර වසරේ හැටියට ඒක රත්තරං පවුලක්. මොකද අර එක පැත්තක රූල් නැති අනිත් පැත්තේ රූල් තියෙන බොට්නි පොතේ “අපේ පවුල“ කියලා පවුලේ අයව අඳින්නත් වෙනවා. එතකොට ඉතිං අම්මයි තාත්තයි ජාතියට ගොඩක්  සේවය කරලා තිබුනොත් හතර වසරේ පොඩි එකා තමා අමාරුවේ වැටෙන්නේ…!

ඉතිං ඔය ෂෙහාන් ඉන්නවනේ… බුවා දැන් වගේම තමා ඒ දවස් වලත් හෙන මීටරේ. කරොත් කරන්නේ අම්මලාගේ මූනෙ දැලිගෑවෙන වැඩක්මයි. ඉතිං ඔන්න අපේ පවුල පාඩම කියාදීලා ඉවර වෙලා චීච දුන්නලු ප්‍රශ්න කීපයක්, ළමයි පාඩම හරියට අවබෝධ කරගෙනද කියලා දැනගන්න. ඔන්න ප්‍රශ්න හා උත්තර.

  1. ඔබගේ මවගේ නැගෙනිය ඔබගේ කව්ද ? නිල්මිණි
  2. ඔබගේ පියාගේ පියා ඔබගේ කව්ද ? සින්කෝ ආතා (මූට සිංඥෝ ලියන්න බැරි නිසා සින්කෝ වෙනවා)
  3. ඔබගේ මවගේ පියා ඔබගේ කව්ද ? රත්තොට සීයා

ආදී වශයෙන් ප්‍රශ්න ටික හා පිළිතුරු ටික ගලාගෙන ගිහිං. ඉතිං ඔන්න උත්තර ලියලා පොත් බලන්න එදා දුන්නම ටීචට, ආපහු පොත් දෙන්නේ ඊළඟ දවසනේ… ඒක නිසා පහු වෙනිදා ටීච පොත බලලා ආපහු දෙන ගමන් පොඩි පනිවිඩේකුත් දීලා. ඔන්න ඉතිං එදා ෂෙහාන් ගෙදර එනවලු… අන්න අපේ චීච, අපේ තාත්තගේ නෝනට හෙට ස්කෝලේ එන්න කිව්වා…. කියාගෙන.

 

තව බුවියෙක් ඉන්නවා අපේ ගෙවල් කිට්ටුව. දැන් නම් බැඳලා බබෙකුත් ඉන්නවා. ඉතිං ඒ බුවී චූටි කාලේ දහම් පාසලෙදී ප්‍රශ්න වගේකට උත්තර ලියන්න දීලා.  එක ප්‍රශ්නයක් තියෙනවලු බුදු හාමුදුරුවෝ ඉපදුනේ කවදාද..? කියලා.

කෙල්ල දැම්මලු දන්න කියන සමීකරණයක්, අඩුකරාලු බුදු හාමුදුරුවන්ගේ වයස ඒ අවුරුද්දෙන්… හිතන්නකෝ 2000දී විතර කියලා. ඉතිං  උත්තරේ එනවලු 1920 කියලා. සමීකරණත් දාලා හදපු නිසා වරදින්න විදියක් නෑනේ… බය නැතුව ලිව්වලු උත්තරේ… බුදු හාමුදුරුවෝ ඉපදුනේ 1920 වෙසක් පෝය දවසේ කියලා.

හාමුදුරුවෝ ඇවිත් අහනවලු, දුවගේ සීයද බුදු හාමුදුරුවෝ…? කියලා….!!!

 

තවත් බුවෙක් ඉන්නවා. ඌ ගැන නම් කියලා වැඩක් නෑ. මිනිහට ඒ දවස් වල තිබුන ප්‍රශ්නයක් “ඔබගේ“ කියලා පටන් ගන්න ප්‍රශ්න ගැන. උදාහරණයක් විදියට, ඔබගේ මවගේ නම කුමක්ද..? කියන ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඕනේ ඒ ළමයාගේ අම්මගේ නමද නැත්තං ප්‍රශ්නෙ අහපු චීචගේ අම්මගෙ නමද කියලා ෂුවර් නෑ. ඉතිං එකෝමත් එක දවසක් චීචගෙන් ඕක අහලා, චූටි පස්ස සතු වෙන්න දුන්නලු එකක්… ඔබගේ කියලා අහලා තියෙන ඒවට උත්තර දෙන්න ඕනේ ඔයාගේ දේවල් වලින් කියලා. ආයේ ඉතිං ඒක අහන්න දෙයක් නෑනේ… කෙල්ලොත් ඉස්සරහ පස්ස පැත්තට එකක් ගහලා කියලා දුන්නම. ඒක නිසා ඉතිං ඒ බුවාගේ ප්‍රශ්නෙ නම් එතනින් ඉවර වුනාලු…!

66 Responses to “ඔබගේ මවගේ නැගෙනිය ඔබගේ කව්ද….? පොඩ් එකෙක්ගේ ඇසින්…!”

  1. මී පැටියා Says:

    මී පැටියාගෙන් තමයි අද පලවෙනි කමෙන්ට් එක.

    මමත් ශිෂ්‍යාත්වේ කරන කාලේ ඇන ගන්නේම ඔය පවුල ගැන අහලා තියෙන ප්‍රශ්න වලින් තමා..!

  2. පිණිබිඳු Says:

    පොඩි එක උනත් ඇත්ත තමයි කියලා තියෙන්නෙ

  3. praveena Says:

    මේ වගේ කතා අම්මා කියනවා මාත් අහලා තියනවා. බුද්ධාගම ප්‍රශ්න පත්තරේකට සිදුහත් කුමාරයගේ දෙමව්පියන්ගේ නම් අහපුවාම ලමයෙක් එයාගේ දෙමව්පියන්ගේ නම් ලියලා තිබුනු හැටි. පව් පොඩි ලමයි…. 🙂

  4. අඩවි රජා Says:

    හික් හික් හික්…

    පොඩි උන් කරන වැඩයි…. උන් අහන ප්‍රශ්නයි තමා ජොලිම 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  5. Sarath Lankapriya Says:

    මන් දන්නා පොඩි එකෙකුගෙන් ඉස්කෝලෙදි බුද්දාගම ටීච ඇහුවලු ළමයා පස් මහා බැලුම් මොනවාද කියලා. ඌට උත්තරේ දුන්නම පස්ස පැත්ත වන වෙන්න නෙලලා. බෝල බැලුම් තාර බැලුම් නයි බැලීම් ලබු බැලුම් කොන්ඩම් බැලුම් කියලා.

  6. මාඩා Says:

    ඒකනේ බං අපි වගේ සරල නෑකම් පාවිච්චි කරපන් කියන්නේ.. අම්මා. තාත්තා ඇරුණාම අක්කා, අයියා, නැන්දා, මාමා, සීයා, ආච්චි මුලු සනුහරේටම මම පාචිච්චි කරන්නේ ඔය ටික තමයි… 😀
    හැබයි ඉතිං කොච්චියේ, ඔෆිස් එකේ වගේ පිට තැන්වල නම් ඉන්නේ අයියලා අක්කලා විතරයි, නැන්දා මාමාලා නෑ… 😀 😀 😀 😀

    මාලු මෙන්න මටත් ප්‍රශ්ණයක් තියෙනවා උත්තරයක් දියනකෝ..

    | උඹේ තාත්තගේ නොනාගේ පොඩි පුතාගේ අයියගේ දරුවගේ අම්මගේ නම මොකක්ද? | 😉

  7. රූ Says:

    මේ කතාව කියෙව්වාම මතක් වුනේ…
    දවසක් අපේ ඉංග්‍රීසි සර්ගෙන් ළමයෙක් ඇහුවා පොඩි අයියට ඉංග්‍රීසියෙන් කියන්නෙ කොහොමද කියලා..

  8. nishantha Says:

    මේක ඇත්තම කතාවක්. අපේ අම්ම බාලාංශ පන්ති වලට උගන්වන කාලෙ බුද්ධාගම පේපර් එකේ අහල තිබුනා, ‘සිදුහත් කුමාරයා උපන් ස්ථානය කුමක්ද?’ කියල. ඒ ලමය ලියල තිබුනෙ “පැපිලියානෙ” කියල.

  9. DDT Says:

    පොඩි කාලෙ පන්තිවලදි අහන ප්‍රශ්නයි, ළමයි දෙන උත්තරයි දෙකම මරු.
    අපේ මාමගෙ පුත්තරය ඉන්නෙ 3 වසරෙ. පොඩි වුනාට ඌත් ඉතින් සද්දන්ත ශරීරෙ, ඒ නිසාමයි මේකෙ ජොලිය වැඩි. ගිය වාර විභාගෙට උන්ට තිබුණු ප්‍රශ්නයක් ‘මිනිස් සිරුර තුළ වැඩිපුරම ඇත්තේ මොනවාද?‘ කොළුවගෙ උත්තරේ ‘ආහාර‘. තව හොඳ හොඳ උත්තර තිබුණ. ප්‍රශ්න පත්තර විභාගෙ ඉවරවෙල නිවාඩු දෙන දවසෙ ගෙදරට දීල, කස්ටිය හිනා වෙනව බඩවල් අල්ලගෙන. අර අහිංසකය කට ඇරගෙන බලන් ඉන්නව අපි දිහා, අන්තිමට ඌටත් හිනා. (නෑයො කවුරුත් කියන්නෙ ඉතිං ඌ මම පොඩිකාලෙ වගේ කියල. 😀 )

  10. haree Says:

    ඔන්න අපේ මලයා ඉස්කෝලෙදි පැළ එහෙම හිටවලා කාරිය වාර විභාගෙට උත්තර ලියනවා.
    පැළෑටියක් වැඩීමට අවශ්‍ය සාධක මොනවාද?
    පස්
    ජලය
    පෝර
    යෝගට් කෝප්පයක්

  11. සිඳු Says:

    අපේ නංගිගෙන් 1 වසරෙදි විභාගෙට බුද්ධාගම ට උත්තර අහනවලු ටීච. (ඒ කාලෙ උත්තර ලියන්න බෑ මම හිතන්නෙ)

    ටීච- පුතා කියන්න බලන්න මහාමායා දේවිය දැකපු හීනය
    නගා- සුදුපාට ඇත් පැටියෙක් මහාමායා දේවියගෙ ඇඳ වටේට ඇවිදලා, එයාගෙ හිස තුළට ඇතුලු වුණා
    ටීච- හප්පච්චියේ මහමායා දේවිගෙ ඔලුව !
    (නංගිමයි මේක කිවුවෙ)

    ආයෙ දවසක්,
    ටීච – පුතාලා කියන්න බලන්න මදුරුවන්ගෙන් බෝ වෙන ලෙඩක්

    නගා – ටීච මම දන්නව මම දන්නව…. මැලේසියාව

    ටීච- එතකොට පුතේ මැලේරියාව කියන්නෙ රටක්ද?

  12. naleendilruksha Says:

    නියමයි අද රෑට මේක සම්පුර්ණයෙන්ම කියවනවා

  13. Weniwel Says:

    පොඩි උනුත් එකයි උන් දෙන උත්තරත් එකයි..මේක කියවලා මට කතා සෙට් එකක්ම මතක් උනා මන් ගෙදර ඉන්න කාලෙ කරපු ක්ලාස් වල උන් කියපු කරපු එව්වා ටිකක්..

  14. RanDil Says:

    පොඩි කාලේ දෙක වසරේ දී මමත් නෑ කම් ඇහැව්වහම ලිව්වේ ඔය ක්‍රමයට තමයි

    අම්මාගේ අක්කා, ආ ලොකු අම්මානේ කියලා මං මගේ ලොකු අම්මාව සිහි කරලා ඒ උත්තරේ ලිව්වා. තාත්තාගේ අයියා, ආ ලොකු තාත්තානේ ඒකත් හරි, අම්මාගේ තාත්තා, සීයතාත්තා කියලා ලිව්වා ඒකට හරි ලැබුනද කියලා මතක නැහැ. වැඩේ වැරදුනේ අම්මාගේ අයියා අහපු වෙලාවේ. අපේ අම්මාට අයියලා නැහැ. ඉන්නේ මල්ලිලා විතරයි. මං දහ අතේ කල්පනා කරලා කරලා ලිව්වා ඒකත් ලොකු තාත්තා කියලා. පස්සේ තමයි දැන ගත්තේ අයියා වුනත් මල්ලි වුනත් මාමා වෙන්නේ කියලා.

  15. henryblogwalker the Dude Says:

    මෙන්න නියම ආතල් පෝස්ට් එකක්. උඹේ කතාවත් මරු, කමෙන්ට් ටිකත් මරු!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

  16. maathalan Says:

    මරු පෝස්ට් එක හරි රහයි.

    ණයක් ගන්න පෝරමේක තිබුනලු පශ්ණයක්

    සේවා කාළය
    උදේ 8.30 සිට සවස 5 දක්වා

  17. තාරා Says:

    අර අන්තිමට කියලා තියෙන බුවා නිකන් මාළුවෙක් වගේ දැනෙනවා….. නැද්ද?

  18. රත්ගමයා Says:

    ඔහොම තමා..කවුරු කවුරුත් නාකි වෙද්දි තමන්ගේ ලමා කාලේ සිද්දි අනුන්ට උනා වගේ ලියවෙනවා.ඒක ලෝක ස්වභාවය

  19. කෙෂාන් විදුරංග Says:

    කාලෙකට පස්සෙ ඇති තරං හිනා උනා බං.

    අපිට ඕක තිබ්බෙ 6 වසරෙදි.. විභාග වලට ආවද කියලනං මතක නෑ… කෝම හරි 8 වසර, 9 වසර වෙනකම්ම මං නං නෑකං ඇන ගත්ත.. අපේ අම්මගෙ පව්ලෙ 11යි තාත්තගෙ පවුලෙ 5යි.. සැප කනේ නේ… ළග නෑදැයින්ට මොකක් හරි කරගතෑකි. යකෝ ඔය ඊට පස්සෙ ළගම නෑයංගෙ තමා අවුල… තාමත් කෙළ වෙනව ඒගොල්ලො එක්ක කතාකොරන්න ගහිං…

    මේ පෝස්ට් එකට ලැබිච්ච කමෙන්ට් ටිකකින් තව ආතල් පෝස්ට් එකක් ලියතෑකි… හික්.. මරු ඈ…

  20. කස්ස Says:

    පොඩි කාලේ දහම් පාසලේ මම දන්න කෙල්ලෙක් පස්මහ බැලුම් ලිවුව..සුදු බැලුම්,රතු බැලුම්….කියල…

  21. මඩිස්සලේ නිශාන් Says:

    අපේ පැත්තෙත් බුවෙක් හිටියා පොරගෙන් දවසක් ටීචර් අහලා බුදු හාමදුරුවෝ ඉපදුනේ කොහෙද කියලා මූ කියලා රාගම ඉස්පිරිතාලේ කියලා.

  22. Hiruhimawi Says:

    හිනා කාල මැරෙනවා මේවා කියවල.හී හී..අනේ wordpress යාළුවො මට මිස් වෙනවා අප්පා..කමක් නැහැ.ඔන්න පරක්කු වෙලා හරි කියෙව්වා මම හ්ම්ම් 🙂


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: