එහෙමත් ක්‍රෂ් එකක්….! රන් පාටයි දුඹුරු පාටයි මික්ස් වෙච්චි ක්‍රේල් කොන්ඩෙ…. ආව්… හරියට නිකං කපුටු කූඩුවක් වගේමයි. චූටි කලිසම් කෑල්ලක් ගහගෙන, මෝඩ පාට සපත්තු දෙකකුත් දාගෙන අර ලොං බේරෙන හුරතල් බල්ලෙකුත් නටපු නාඩගමක්…! මට කීපාරක් නම් හිතුනද ඒ බල්ල මං උනා නම් කියලා… හ්ම්… ඌව ඉඹ ඉඹ හුරතල් කරද්දි මං කීපාරක් නම් පුටුවෙන් නැගිටලා ගියාද…!!! කී පාරක් නම් අහක බලාගත්තද…!!!
නොදන්න කාලේ කොන්ඩෙටයි දාංගලේටයි ඇතිවෙච්චි ආදරේ මම කොහොම නම් අමතක කරන්නද…? එහෙම කරන එක කොහොමත් අසාධාරණයි. ලඟ පාතක නොහිටියත්, දුර ඈත රටක යාළුවෝ එක්ක හිටියත් මාත් ලව් කරා නෙව ඒකිට. අනේ අම්මපා… ඒ දවස් වල මගෙ හිත කොයි තරම් නම් අවුල්ද. හය වසරෙ වාර විභාගේ ලියන්න ගිහිං මං කොයිතරම් නම් ඒ ළමයා ගැන හිතුවද…? ඒ හින්දම චිත්‍ර පේපරේ කෙල්ලෙක්ගේ මූනක් අඳින්න ගිහිං කොයි තරම් නා ගත්තද…!!! සෙනසුරාදා ගණන් පන්තියට යන්න බෑ කියලා බොරු බඩේ අමාරු අරගෙන දවස් කීයක් නම් ගෙදර නැවැතුනාද… ඒ හැම දවසකම අම්මගෙන් කොයි තරම් බැණුම් ඇහුවද.. තව ඩිංගෙන් ගණනුත් ෆේල් වෙනවා. යන්තං අම්මා ටොකු ඇනලා ඇනලා ගණන් පාස් කෙරෙව්වා. නැත්තං ඉතිං එයා එනවැයි මට ගණන් කියලා දෙන්න එක්සෑම් වෙලාවට.
ඔය ඔක්කෝමත් හරි… එයාගේ කටහඬට තමා මං වැඩියෙන්ම ආසා… හුරතල් හීනි කට හඬ තාම නිකං ඇහෙනවා ඇහෙනවා වගේ. අනේ මන්දා ඒ දවස් වල මොනා වුනාද කියලා. මං පට්ට බයේ හිටියේ ජුලියන් ගැන. මට හිතුනෙම ඌ ජෝර්ජිනාව යාළු කරගනියි කියලා. ජුලියන් ඒ දවස් වල මට වැඩිය උසත් එක්කනේ. කමක් නෑ මට වෙලාවට කතාවේ අන්තිම හරිය මිස් වුනා. නැත්තං මං පපුව පැලිලා මැරෙයි…! ඊට පස්සේ ඉතිං ආයෙ අටේදි, දහයෙදි එහෙමත් ඕක බැළුවට, මයෙ ජෝර්ජිනා නම් චුට්ටක් වත් වෙනස් වෙලා තිබුනේ නෑ… ඉස්සර විදියමයි. ඒත් ඉතිං මං ටික ටික ලොකු වෙද්දිත් එයා එකම විදියට ඉද්දි මටම එපා වුනාද කොහෙද… හ්ම්… මට පුළුවනෑ ලොකු මහත් වෙන්නේ නැති කෙල්ලෙකුට ලව් කරන්න… ඒක නිසා මං එයා ගැන තිබුන අදහස අකා මකා දාලා හිතින් බැඳගෙන හිටිය කසාදෙත් කටුගාලා දැම්මා… දැන් නම් ඉතිං ටීවී බැලෙන්නේ නැති නිසා ඒකිව මතක් වෙන්නේ එහෙමත් වෙලාවක තමයි…. මොනා වුනත් නම වගේම තමා හැඩත්… පට්ට ජෝරිජියස්… හොර කෙල්ල… දැන්නම් බැඳලත් ඇති… පඩිපෙල වගේ ළමයිනුත් ඇති… 😀 – at අම්මා…, මට ආයෙත් චූටි කාලෙට යන්න ඕනේ…..
2012 සැප්තැම්බර් 7 දින පෙ.ව. 6:08 ට
හපොයි පොඩි කාලේ කරලා තියන දේවල්. ඔය ජුලියා රොබර්ට්ස් නේද? එයා නම් බැඳලා, ලමයිනුත් ඉන්නවා. 🙂
2012 සැප්තැම්බර් 7 දින පෙ.ව. 10:12 ට
ආහ් ළමයිනුත් ඉන්නවා…. හයියෝ මගෙ හීනේ…
2012 සැප්තැම්බර් 7 දින පෙ.ව. 6:36 ට
මමත් ස්පෙල් බයින්ඩර් එකේ ඈන්ට ලවු කරා අප්පා කාලයක්…
අයියෝ ඒ කාලෙනං ඉතිං…
ඇඩෙනවා ඈ…
2012 සැප්තැම්බර් 7 දින පෙ.ව. 10:13 ට
ඒකත් මාර කෑල්ල නේද බං….
2012 සැප්තැම්බර් 7 දින පෙ.ව. 7:33 ට
ඇයි මචං ඖෂන් ගර්ල් එකේ නෙරී 🙂
2012 සැප්තැම්බර් 7 දින පෙ.ව. 10:17 ට
වැඩක් නෑ බං ඒ අතීතය ගැන කතා කරලා… දැන් එවුන් වගේද බලපං…
2012 සැප්තැම්බර් 7 දින පෙ.ව. 7:35 ට
හයියෝ ජෝර්ජිනා කියලා තමා කියන්න වෙන්නේ….
//කමක් නෑ මට වෙලාවට කතාවේ අන්තිම හරිය මිස් වුනා. නැත්තං මං පපුව පැලිලා මැරෙයි…!// මේ ටික කියවද්දි නම් හුස්ම හිරවෙන්න තරම් හිනා ගියා 😀
2012 සැප්තැම්බර් 7 දින පෙ.ව. 10:18 ට
ඔයාට නම් හිනා…. ඒ දවස් වල හිතේ දුක දෝරෙ ගලනවා…
2012 සැප්තැම්බර් 7 දින පෙ.ව. 8:24 ට
//මික්ස් වෙච්චි ක්‍රේල් කොන්ඩෙ…. ආව්… හරියට නිකං කපුටු කූඩුවක් වගේමයි.
මේ කොටස කියවනකොට මගේ මතකය අනූව දශකයේ අග භාගයට ඇදිලා ගියා. අපේ ඉස්කෝලේ හිටියා නිමේෂා අක්කටත් තිබ්බේ ඔය විදිහටම බොකුටු කොණ්ඩයක්.. අක්කගෙන් නම් වැඩක් නෑ..
ඒත් ඒ අක්කගේ නංගි. !!!
චූටි ඇස් දෙක ! ලා රෝස පාට කම්මුල් ! කම්මුල් වල ගැහෙන හිනාව ! හුරතල් කතා බහ ! බෝනික්කෙක්ගේ වගේ ලස්සන ! කරල් දෙකට ගොතපු කොණ්ඩේ !
ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානෙ මිහිරියාව ගමම එළි කලා
පුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව් ලියක් වෙලා
කුසුම් නටයි පවන් සල සලා
සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //
මතක් වෙනකොට තාමත් මෙවුවා වෙනවා අප්පා. ! 🙂
ප.ලි. – චුට්ටක් හිටහන් අයියා මම් පෙත්ත බීලා එනකන් !!!
2012 සැප්තැම්බර් 7 දින පෙ.ව. 10:18 ට
ඕක හරියනවා මල්ලි, ටිකක් නිදා ගත්තමා 😀
2012 සැප්තැම්බර් 7 දින පෙ.ව. 10:48 ට
ඒක නෙමේ,
නැද්ද කැලිප්සෝ සිංදු ඇල්බම් එකක් හොයාගන්ඩ. මම් පට්ට ලයික් ඔය සිංදු වලට !!! 🙂
2012 සැප්තැම්බර් 7 දින පෙ.ව. 11:03 ට
මම බලලා කියන්නම්… හොයාගන්න බැරි වෙන එකක් නෑ…
2012 සැප්තැම්බර් 7 දින පෙ.ව. 8:38 ට
කිසි දේකට බයවෙන්න එපා මාලු, ජූලියන් ජෝජ්ව දාගත්තෙත් නෑ දා ගන්නෙත් නෑ.
උඹල බැලුවෙ ටෙලි සීරීස් එකනෙ. අපි අකුරු ගැට ගහගෙන කියවන්න පුරුදු වුනේ Enid Blyton ගෙ Secret Seven, Famous Five වගෙ සීරීස් වලින්. ඉතින් ඒ චරිත අදත් ඔයිටත් වඩා ගැඹුරට සන්තානය තුලට කිඳා බැහැලා තියෙන්නෙ.
ජෝර්ජිනා කිව්වාම කෙල්ලට මල පනින්නෙ, ඒකි කෙල්ලෙක් වෙන්න අකමැති කොලු ලක්ෂණ තිබ්බ එකියක් නිසා. ඒකි කොන්ඩෙත් කපන්නෙ කොල්ලෙක් වගෙ පේන්න. ඒකි උත්තර දෙන්නෙ ජෝජ් කියලා කතාකලොත් විතරයි. කෙල්ලෙක් හැටියට ඉන්න කැමති Anne පොඩි එකී මතකද? ඒ චරිත දෙක contrast කරලා තියෙන්නෙ.
මම අදත් කැමතියි Enid Blytonට ඒක හරිම දඟකාර, නමුත් අහිංසක ළමා ලෝකයක්.
උඹ දන්නවද අපිත් එක්ක මෙය්හෙ වැඩ කරපු බ්‍රිටිෂ් කෙල්ලක් හිටියා ජෝජ් කියලා. මම ඇහුවම එයාගෙ අම්මම කිව්වා, එයා ඒ චරිතෙට ආසා නිසාලු දුවට ඒ නම දැම්මෙ කියලා.
තව කියන්න දේවල් දාහක් ඇතත් මේක පෝස්ට් එකක් වීගෙන යන නිසා ඕන් නැවැත්තුවා.
2012 සැප්තැම්බර් 7 දින පෙ.ව. 10:20 ට
//කිසි දේකට බයවෙන්න එපා මාලු, ජූලියන් ජෝජ්ව දාගත්තෙත් නෑ දා ගන්නෙත් නෑ.// ඇති යන්තං…. මමත් කියෙව්වා පුංචි කාලේ පොත.
ඉතිං අයියේ පෝස්ට් එකක් ලියලාම දාන්නකෝ…
2012 සැප්තැම්බර් 7 දින පෙ.ව. 8:51 ට
දැන් යට ලීයෙන් වඩිනවා ඇති…
2012 සැප්තැම්බර් 7 දින පෙ.ව. 10:20 ට
ජෝර්ජිනාද… නාරිලතාද…? 😀
2012 සැප්තැම්බර් 7 දින පෙ.ව. 10:18 ට
ඌව ඉඹ ඉඹ හුරතල් කරද්දි මං කීපාරක් නම් පුටුවෙන් නැගිටලා ගියාද…!!! කී පාරක් නම් අහක බලාගත්තද…!!!
මේකට තමයි පැහැදිලි ඉරිසියාව කියන්නේ.. 😛
2012 සැප්තැම්බර් 7 දින පෙ.ව. 10:26 ට
අනේ පල යන්න. උඹට ඒ කෑල්ල විතරක් පෙනුනේ උඹ මී පැටියා හින්දනේ… හා නැද්ද…. 😀 පූසොන්ට වෛර කරන්න එපා මී පැටියෝ… 😛
2012 සැප්තැම්බර් 7 දින පෙ.ව. 11:09 ට
දැන් නම් ඉස්සර ලස්සන නෑ වගේ අප්පා.
2012 සැප්තැම්බර් 7 දින පෙ.ව. 11:17 ට
මටත් හිතුනා… බලන්න ඉස්සර ඔයාලා… නේද… 😀
2012 සැප්තැම්බර් 7 දින ප.ව. 12:31 ට
අපෝ නෑ… නිසූ අක්කා ඉස්සර වගේ තමා දැනුත්…… 🙂
2012 සැප්තැම්බර් 7 දින ප.ව. 2:28 ට
අන්න අන්න ඉතිං…. 😀
2012 සැප්තැම්බර් 7 දින ප.ව. 12:05 ට
ඔහොම ක්‍රෂ් ඉතින් කාටත් තියනවානේ..මගේ ක්‍රෂ් එක නයිට් රයිඩර්ට…!! හපොයි ඒ වගේ කාලයක්..
2012 සැප්තැම්බර් 7 දින ප.ව. 2:27 ට
මටනම් තව හිටියා… රොබින්සන් අන්දරයේ ක්‍රිස්ටිනා, සක්වල දඟකාරයෝ එකේ කැතලිනා… ඒ දවස් වල නටපු නාඩගං මේවා නිසා… කොහොම හරි ටාසන් නම් බලන්න දුන්නේ නෑ අම්මා…
2012 සැප්තැම්බර් 7 දින ප.ව. 3:07 ට
ඔය කතා සිංහල හඬකවලත් ගියා නේද? උඹ ඒකිගෙ කටහඬ කියල අඳුරගත්තෙ ඒ හඬද? මමත් ආසාවෙන් බලපු කතා මාලාවක්. ටික කාලෙකට කලින් ආයෙ බලන්න හිතිල ඩවුන්ලෝඩ් කරල රයිට් කරා, කතා කීපයක් ඇරෙන්න ඉතිරිව තවම බලන්න වෙලාවක් වුනේ නෑ, මතක් කරපු එක හොඳයි, ළඟදිම බලන්න ඕන.
2012 සැප්තැම්බර් 7 දින ප.ව. 5:13 ට
හික්ස්… නැතුව ඉතිං අපිට ඉංග්‍රිසියෙන් තේරෙනවැයි… !!!! අයියේ මටත් දෙන්ඩකෝ….
2012 සැප්තැම්බර් 7 දින ප.ව. 10:36 ට
අනිවා ඕන වෙලාවක. කොහොමද දෙන්නෙ. මගේ ළඟ තියෙන්නෙ මේ ලින්ක් එකේ තියෙන කතා ටික. ඔක්කොම 5.45GB ක් තියෙනව.
http://kat.ph/the-famous-five-complete-season-1-and-season-2-t5371942.html
2012 සැප්තැම්බර් 8 දින පෙ.ව. 7:25 ට
අයියේ කම්මැලි කම තියාල ඔය ටික පෙන් එකකට දාගෙන බුක් ෆෙයා එන්න 23 වෙනිදාටග 😀
2012 සැප්තැම්බර් 8 දින පෙ.ව. 7:28 ට
අයියේ කම්මැලි කම තියාල ඔය ටික පෙන් එකකට දාගෙන බුක් ෆෙයා එන්න 23 වෙනිදාට 😀
2012 සැප්තැම්බර් 8 දින පෙ.ව. 9:26 ට
ගිය අවුරුද්දෙ ඉඳන්ම එන්න ඕන කියල හිතාගෙන පොත් ලිස්ට් එකකුත් තියාගෙන හිටියෙ මලේ. ඒත් දැන් තියෙන තත්ත්වෙ අනුව වැඩේ ටිකක් ෂුවර් නැති විදියක් තියෙන්නෙ, එන්න යන්න මඟ වියදමයි පාරට වෙන රස්තියාදුවයි එක්ක බැළුවම රු. 6000-7000 වත් පොත් නොගෙන වැඩේ පාඩුයි. මේ දවස්වල කෝඩෙට අහුවෙලා බං. බලමු බැරිම වුනොත් මම වෙන විදියකට හරි උඹට කතාටික දෙන්න ට්‍රයි කරන්නම්.
2012 සැප්තැම්බර් 8 දින පෙ.ව. 9:46 ට
කතා ටිකට වැඩිය අයියව දකින්න ආසයි. හික්ස්…. අපි ඔක්කොමලා සෙට් වෙන නිසා පුළුවන්නම් ඇවිත් යන්න…
2012 සැප්තැම්බර් 8 දින පෙ.ව. 10:10 ට
අහ් ….. එහෙමත් එකක්ද? බලමු බලමු. 😀
2012 සැප්තැම්බර් 19 දින ප.ව. 3:13 ට
hi, I have been following your blog for quite a some time. Thought of commmenting for this post as I was the one who dubbed for George in Sinhala Series. I’m Samudini Munasinghe. I’m not too sure whether you can remember my name. Its really nice to hear that you all can still remember the story. TC
2012 සැප්තැම්බර් 20 දින ප.ව. 8:51 ට
ස්තූතියි…. ඇත්තටම මං විතරක් නෙමෙයි පන් පසිඳුවන් බලපු හැම කෙනෙක්ම ඒ කටහඬට ආදරය කරනවා තාමත්…
2012 සැප්තැම්බර් 7 දින ප.ව. 6:14 ට
අනේ එහෙමත් කාලයක්. මගෙ පරන ක්‍රෂ් කීයක් නම් හිටියද…. ස්පෙල් බයින්ඩර් එකේ පෝල්. මේ ළඟදි මතක් වෙලා හොයල බලද්දි මොකද්ද මන්දා යුනි එකක සාහිත්‍ය ලෙක්චරර් කෙනෙක් ලු එයා දැන්.
ඕෂන් ගර්ල් එකේ ජේසන්.
ස්විස් ෆැමිලි රොබින්සන් එකේ අර්න්ස්ට් (ටිකක් නාකියි තමයි)
රිටර්න් ටු ජුපිටර් එකේ…. අනේ නම මතක නෑ.
තව කීයක් හිටියද…
ටුමොරෝ පීප්ල් එකේ ඇඩම්
ඒ කාලෙ හීනෙනුත් පේනවා
2012 සැප්තැම්බර් 7 දින ප.ව. 7:54 ට
හප්පේ පෙනේද… මේ ගෑණුළමයි…. 😀
2012 සැප්තැම්බර් 7 දින ප.ව. 7:03 ට
මේ මොන හබ්බයක්ද බං මේ?
2012 සැප්තැම්බර් 7 දින ප.ව. 7:56 ට
මේක තමා මචං කිරි එරෙන්න කලින් තිබ්බ ක්‍රෂ් එක…
2012 සැප්තැම්බර් 7 දින ප.ව. 10:52 ට
ඉනිඩ් බ්ලයිටන් ලියපු ඔක්කොම පොත් කියවලා තියෙනවා. මුලින් ම ස්කෝන් එකක් කාපු දවසේ ජෝර්ජ්ලා ජුලියන්ලා මෙච්චර රස කර කර කන්නේ මේක ද කියලා හිතුන. අපේ බුල්ටො අපිට රසයි වගේ එකක් එතැන තියෙන්නෙ.
හැබැයි, මගේ ක්‍රෂ් එක නම් සුදු වැද්දා නේ!!!
2012 සැප්තැම්බර් 8 දින පෙ.ව. 7:30 ට
හික්ස්…. අම්මෝ අක්කටත් ක්‍රෂ් එකක් ඉඳලානේ…………………………!!!! 😀
2012 සැප්තැම්බර් 9 දින පෙ.ව. 10:41 ට
අයියෝ ක්රෂෟ කිව්වලු ඈ… මටත් සූටි කාලෙ ලැව් කරපුවා මතක් වෙද්දි අප්පා….. එක්කො බෑ බං.. මට දුකයි… මාත් බොලා වගේම ඔය ටෙලි සීරීස් වල කෑලපිවලට ලව් කරා…. කාටුන් වල එවුන්ටත් ටිකක් විතර ඈ… වැඩියෙංම ස්කුබී ඩූ එකේ ඩැෆ්නි අක්කට.. සික්. එයා දැං බැදලත් දන්නෑ නේ බං? 😀
2012 සැප්තැම්බර් 10 දින පෙ.ව. 11:05 ට
මොනාද බං කාටුන් වලට ලව් කරන්නේ… අපි වගේ රියල් කෑල්ලකට ලව් කරපංකෝ… 😀
2012 සැප්තැම්බර් 15 දින පෙ.ව. 2:47 ට
හී හී……………………..නියම ලිපිය..මම නම් කැමතිම එඩ්වඩ් කාලන්ට අනේ 🙂 🙂
2012 සැප්තැම්බර් 15 දින පෙ.ව. 7:06 ට
එක එක අයට එක එක ක්‍රෂ්….
2012 සැප්තැම්බර් 17 දින ප.ව. 12:30 ට
අනේ ජොර්ජ්
2012 සැප්තැම්බර් 18 දින පෙ.ව. 8:59 ට
හික්ස්….