සීත නිල් කලුවරේ…

සීත නිල් කලුවරේ…

ලෙලෙන දිලිසෙන රූප අතරේ…

දැනුන සිසිලස දුරු කරන්නට,

මගේ අත ගත් කුමරියේ…!

 

උණුහුමින් සිත තවා සැනසුව,

සොඳුරු දෙකොපුල් නුඹේ…

මතක අතරේ මා හොවා ඇත,

කළඹමින් සිත් ගඟ මගේ…!

 

තෙත බරිත වී සෙනෙහෙ නැහැවුන,

විදාහල කිඳුරු කෙස් අගේ…

උරහිසේ නොව හදෙහි පැටලින,

රුධිරාණු මත ජීවයේ…!

 

උණුසුම්ම වූ සොඳුරු සුව බර,

දෝත හල විට හීතලේ…

දැනුනි සීතල අතට නොව,

ගැහෙන හදවතටම මගේ….! – at ආයෙ යන්න පුළුවන් වුනොත්….!!!!

 

28 Responses to “සීත නිල් කලුවරේ…”

  1. praveena Says:

    මාලුවගේ ගෑනු සතාගේ නම යශෝධරා නෙමේද? 🙂

  2. මාඩා Says:

    ඔය එන්නනේ හදවතේ බුර බුරා නැගෙන ප්‍රේමණීය උණු ලාවා වගේ වදන්.. 😉 එල එල…
    දවසක මේ ටැංකිය යශෝ බැලුවොත් වැඩේ ගොඩ… ඒ නැතත් මේ ලියන වදන් කොල කෑල්ලක ලියලා ගිහින් දියන්කෝ කෙල්ලට… 🙂

    – – –
    ඇයි බං මේක යශෝට ටැග් නොකරේ

  3. නාමල් Says:

    අම්මෝ රුධිරාණු ගැනත් ලියල ………

  4. මධුරංග Says:

    ඉතින් දෙන්නටම ටිකට් එක 260යි නේ… ආයේම යන්ඩ බැරුව යෑ..
    (කට ඉස්සර උනාද මන්දා… 🙂 )

  5. සිව් රඟ Says:

    මැසිනිය = මාලුවාගෙ ගෑණු සතා

  6. Maathalan Says:

    කිඳුරියෙක් එක්කද සෙට් උනේ.. එහෙනම් ඉතින් හස්ත මුද්‍රා තමා ජීවීතේටම

  7. මී පැටියා Says:

    මොකක්ද බලපු පිචෑර් එක?

    ගැහෙන හදවතටම මගේ….!..ගෙදරට හොරෙන්ද ගියේ?

    මොනව වුනත් ඉක්මනටම නැවත යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!

  8. රූ Says:

    හරිම ලස්සන සිතුවිල්ලක් යාළු මාළු..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: