සීත නිල් කලුවරේ…

සීත නිල් කලුවරේ…

ලෙලෙන දිලිසෙන රූප අතරේ…

දැනුන සිසිලස දුරු කරන්නට,

මගේ අත ගත් කුමරියේ…!

 

උණුහුමින් සිත තවා සැනසුව,

සොඳුරු දෙකොපුල් නුඹේ…

මතක අතරේ මා හොවා ඇත,

කළඹමින් සිත් ගඟ මගේ…!

 

තෙත බරිත වී සෙනෙහෙ නැහැවුන,

විදාහල කිඳුරු කෙස් අගේ…

උරහිසේ නොව හදෙහි පැටලින,

රුධිරාණු මත ජීවයේ…!

 

උණුසුම්ම වූ සොඳුරු සුව බර,

දෝත හල විට හීතලේ…

දැනුනි සීතල අතට නොව,

ගැහෙන හදවතටම මගේ….! – at ආයෙ යන්න පුළුවන් වුනොත්….!!!!

 

%d bloggers like this: