බුල්ටෝ කියන්නේ අපි පුංචි කාලේ කාපු නියම කෑමක්. අම්මෝ රස. කට ඇලි ඇලි කන කොට නියමයි. කාලා ඉවරවෙද්දි හක්ක රිදෙනවා ඉන්න බෑ. ගල් වගේ හයියයි. කටේ තියාගෙන ඒක හපන්නේ නෑ… නිකංම දියවෙන්න දෙනවා. වෙලාවකට බුල්ටෝ එක දියවෙන්න පැයක් විතර යනවා. සීනි උණු කරලාලු බුලටෝ හදන්නේ. සුදු පාට තෙල් කොලේක තමා ඔතලා එන්නේ. ඉස්සර හැමදාම කැන්ටිමෙන් ඉන්ටවල් එකට බුල්ටෝ කනවමයි. පස්සේ ටික ටික ලොකු වෙද්දි බුල්ටෝ කියන්නේ තවත් දෙයක් එක්ක සෙට් වෙලා ෆන් එකක් ගන්න දෙයක් වුනා. ඊට පස්සේ දෙකම එකතු වෙලා අන්තිමේ ප්ලේනටියකුත් ඕනෙ වුනා.
බුල්ටෝ නිසාම මං ඇතුලු කීප දෙනෙක් සතියකට පාරක්වත් පන්තියෙන් එලියේ දනගහගෙන ඉඳලා තියෙනවා හය හත වසර වලදී. සර්ලට කෙසේ වෙතත් මිස්ලට නම් බුල්ටෝ කටේ තියාගෙන සූප්පු කරනවා පේන්නම බෑ… කනෙන් ඇදගෙන ගිහිං දනගස්සනේ. ඒත් අපි බුල්ටෝ එක කටින් විසික් කරනවද… නෑ… ඇයි හත්තිලව්වේ බුල්ටෝ එක චූටි උනාට ම්ස්ලා උගන්නද්දි එන නිදිමත නැතිවෙලා යන්තං හරි ඔලුව උස්සන් ඉන්න පුළුවන් වුනේ බුල්ටෝ එකෙන් හින්දා. ඉතිං කොච්චර කලත් ඒක විසික් කරලා කොහොමද… ඒක නිසාම ඉතිං දනගහගෙන ඉන්නත් වුනා. මොනා කරන්නද ඉතිං පෙරේත කමනේ…! ඒ වගේ කොයි තරම් බුල්ටෝ එක්ක ලඟින් හිටියත් ස්කෝලේ කාලේ ඉවර වුනාම බුල්ටොත් නැතුව ගියා.
ඒ මං හිතන්නේ අවුරුදු ගානකට කලින්. ඒ කාලෙ ඇතුලතදී බ්ලොග් වලින්ම කීප වතාවක් බුල්ටෝ ගැන දැක්කත්, කොයි තරම් නම් හෙව්වත් ඔයා ගන්න බැරි වුනා. ඔන්න ඊට පස්සේ ආයෙමත් පෙරේත කම ඇවිස්සුනා ඔෆිස් එක ගාව තියෙන කඩේක තියෙන බුල්ටෝ දැකලා. හම්මෝ… කොයි තරම් කාලෙකින්ද…!!! පරන යාළු ෆිට් එක මතක් වෙද්දිත් කටට කෙල උනනවා. ඉස්සර නම් අපි බුල්ටෝ එකක් ගත්තේ සත විසිපහට. ඒකට දැන්. ප්‍රමාණය නම් ටිකක් ලොකු වෙලා. ගාන රුපියල් දෙකක් වෙලා. ඉස්සර තරම් හයියත් නෑ. කටේ දාලා විනාඩි දහයෙන් විතර දියවෙලා යනවා. කමක් නෑ ඉතිං ඒත් බුල්ටොනේ… ඒක නිසා ගත්ත දහයත්. දහයම ගත්තේ තනියම කන්න. ඒක හරිගියේ නෑ… අපරාදේ. අනිත් එවුන්ටත් බෙදන්න වුනා ලොකු කම් කියවන්න ගිහිං… “බුල්ටෝ හම්බුනා කියලා“. හුම්…. අපරාදේ… පස්සෙන්දාත් කඩෙන් බැලුවා බුල්ටෝ තියේද කියලා. අවාසනාවක මහත… ඒ අවට ඉන්න ඔක්කොම එවුන් අපි වගේ ඉස්කෝලේ ගිය එවුන්. 😀 උං එක දවසට බුල්ටෝ ටික ඉවර කරලා. දැන් ඉතිං… හ්ම්… තව මාසයක් විතර බලාගෙන ඉන්න වෙයි බුල්ටෝ වෑන් එක බුල්ටෝ ගේනකං කඩේට….! – at ඇයි මන්දා කඩේ නැන්දි ටිකක් වැඩිපුර ගත්තේ නැත්තෙ කියලා සිතමින්.
2012 සැප්තැම්බර් 2 දින පෙ.ව. 6:24 ට
මාළුවාත් බුල්ටො ගැන ලියලා…. මමත් හිතාගෙන හිටියෙ මගේ ඊළඟ පෝස්ට් එකට බුල්ටො කතාවක් ලියන්න…. දැන් ඒක ටිකක් පස්සට දානවා….
මගේ අම්මේ බුල්ටව දැක්ක කල්… ඉස්සර මෙයා මගෙත් හොඳ යාළුවෙක් තමයි…. ඒත් පස්සෙ කාලෙකදි ඒවා නැතිවෙලාම ගියා නේද? මං නම් හිතුවෙ ආයෙ දකින්නවත් ලැබෙන එකක් නෑ කියලා…. ඒත් අර වගේ ඉක්මනටම දියවෙලා ගියාම නම් බුල්ටො එකේ නියම ආතල් එක ලැබෙන එකක් නෑ…. මොනව උනත් එහෙම හරි බුල්ටෙක් දැකල කන්න ලැබිච්චි එකත් මොන තරම් දෙයක්ද…. හික්ස්…
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 8:16 ට
අයියෝ… අනේ අක්කේ… අක්කත් ලියලා දාන්න ඉක්මනට. අපි දන්නේ නෑනේ ගෑණු ළමයි බුල්ටෝ වලට ආසයි කියලා…
2012 සැප්තැම්බර් 3 දින ප.ව. 1:25 ට
හුහ්….. ඔන්න මාලුවා දන්න තරම…
2012 සැප්තැම්බර් 3 දින ප.ව. 1:34 ට
තවත් බුල්ටියෙක් වගේ…
2012 සැප්තැම්බර් 2 දින පෙ.ව. 6:57 ට
දැන් ටික කාලෙක ඉඳං බුල්ටෝ ආයෙමත් කඩ වල තියෙනවා. මාත් දෙතුන් වලියක් අරගෙන කෑවා!
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 8:16 ට
දැන් නම් කටේ ඇලෙනවා හොරයි….
2012 සැප්තැම්බර් 2 දින පෙ.ව. 7:26 ට
බුල්ටෝනම් අමෘත රහයි තමයි පුතෝ. අපි කෑවේ සත 2 ට තිබුන කාලේ. හැබැයි මට ලොකු බයක් තියනවා. ඒ කාලේ වගේ සීනි වලින් විතරක් නෙවේ, කෘත්‍රිම රසකාරක සහ වර්ණක යොදලා, වස ගුලියක්ද දන්නේ නැහැ එන්නේ. පොඩි අයට දෙන්න පෙර හිතන්න.
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 8:17 ට
හික්ස් ඒක නම් වෙන්න පුළුවන් අයියේ…
2012 සැප්තැම්බර් 2 දින පෙ.ව. 8:01 ට
අම්මෝ බුල්ටෝ….. ඉස්සර කොච්චර බොරු කිව්වද බුල්ටො කන්න…. හවසට බස් එකේ එන්න තියෙන සල්ලි වලිනුත් කාලා මාමාට බොරු කියලා සල්ලි ඉල්ල ගන්නවා.. මාමා තාමත් නෝන්ඩි දානවා 2.50ක් දෙන්නද කියලා…….( බාගේ ටිකට් එකක් 2.50යි) මේ ළඟදි දවසක් කට්ටියක් කිරිටොපි හදන්න ගිහිල්ලා ඒ ටික බුල්ටෝ උනා කියලා කියපු නිසා මාත් දුවලා ගිහින් කාලා බැලුවා…. බුල්ටොම තමා… හි හි…. දිව හම යනකම් කටේ තියාගෙන ඉන්නවානේ ඉස්සර….
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 8:18 ට
දැන් එහෙම නෑනේ… ඒකත් බාල වෙලා…
2012 සැප්තැම්බර් 2 දින පෙ.ව. 9:33 ට
බුල්ටෝ ටික දවසක් පරණ වුණාම ඔය කියන ගානට තදට එනවා! ආපු ගමන් ගන්න එපා! 😛
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 8:19 ට
ටිකක් පරන වෙනකොටද ඒ කියන්නේ හොඳ….
2012 සැප්තැම්බර් 2 දින පෙ.ව. 10:08 ට
බුල්ටො ගැන කතා කරත්දි පොඩිකාලෙ මතක් වෙනවා…….ඒත් ඉතින් දැන් ඉන්න පොඩි එවුන්ට කොයින්ද ඒ වගේ අත්දැකීමක්…………..උන් කියයි පැණි කජු අයිස් ක්‍රීම් ගැන නම්..
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 8:20 ට
හික්ස්…. ඒක නම් ඇත්ත…
2012 සැප්තැම්බර් 2 දින පෙ.ව. 10:08 ට
මමත් චූටි කාලේ කෑවට පස්සේ කෑවෙම නෑ අප්පා….. කොහෙද ඔය කඩේ තියෙන්නේ ඈ.. 🙂
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 8:20 ට
හා… හා.. උඹ මෙහේ එන්න එපා… 😀 ලඟම තියෙන සිල්ලර කඩෙන් බලපං….
2012 සැප්තැම්බර් 2 දින පෙ.ව. 11:18 ට
ane man kala nane 😦
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 9:23 ට
අයියෝ…. කන්න හොයාගෙන… හැමදාම කයි ඔයා….
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 12:28 ට
ඇයි දන්නෙ නෑ අර මිස්ලට කටේ තියන් සූප්පු කරනව පේන්න බැරි. 😀
බුල්ටො නම් ඉතිං අපිත් පොඩි කාලෙ තළු මරපු කෑමක්. බලාන ගියාම ඔක්කොම එවුන් එකම බෝට්ටුවෙනේ. ඉස්සර අපේ ගෙදර පොල්ගහක් මැද්දෙව්ව ලයිෂන් අරගෙන. ඒකෙන් හකුරු හදනවත් මට මතකයි. සමහරදාට පදම වැරදිල බුල්ටො වෙනව. කඩේ තියෙන සූටි සුරුන්ඩුව කාල රහ වැටිල ඉන්න අපිට ඇති තරම් බුල්ටො ලැබෙනව එදාට.
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 8:21 ට
ඈ… රා වලින් බුල්ටෝ හදන්න පුළුවන්ද…?
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 8:47 ට
ඔව් බං පොල් ගස් මැදල හකුරු හදනව. පොල් හකුරු හරි වැලි හකුරු හරි කියල කියන්නෙ මම හිතන්නෙ. එහෙම උණු කරල තව ජාති දානව ඇති, වැඩිය මතක නෑ අපි ගොඩක් පොඩි කාලෙ වෙච්චි දේවල් බං. හොඳට මතකයි කටේ පනයනකන් හප හප කාපු හැටිනම්. කඩේ තිබුණෙ හීන් දිග චූටි සිලින්ඩරයක් වගේ බුල්ටො කෑලි ඔතල. ගෙදරින් හම්බුවෙච්ච ඒව රස සමහරවිට පොඩ්ඩක් වෙනස් වෙන්න ඇති (ඒ ගැන නම් මතක නෑ), ඒත් තල්ලෙ ඇලි ඇලි හැපිල්ලෙන් නම් වෙනසක් නෑ.
ඔය ගස් මැදිල්ල එක්ක වෙච්ච දුක්බර මතකයකුත් තියෙනව මට. ඒ 87-89 කාලෙ. අවුරුදු 20-25 ක විතර මාම කෙනෙක් තමයි ඇවිත් උදේ හවස ඔය ගහට නැගල ගහ මැද්දෙ. අපේ ගෙදර ගහේ බිම ඉඳල උඩට යනකම්ම අඩි දෙකක විතර ලී කෑලි ගහට තියල ගැටගහල තිබුණ මතකයි, ගහට නගින්න ලේසි වෙන්න. අපි චූටි එව්වො පැත්තකට වෙල බලන් ඉන්නව ඔය ගහට නගිනව. ඒ මනුස්සය ගෙදර ගියේ අපේ ගෙදර පිටිපස්සෙ වැටෙන් පැනල වතු උඩින් ගිහින් ප්‍රධාන පාරට වැටිල. ඒ අඩිපාර ප්‍රධාන පාරට වැටෙන තැනම පාරෙන් එහා පැත්තෙ තමයි එයාගෙ ගෙදර තිබුණෙ. එක දවසක් හවස එයා ඔය ගහ මැදල අපේ ගෙදර ඉඳල යනකොට ප්‍රධාන පාරට වැටෙන තැනම හමුදාවෙ ජිප් එකක් නවත්තල තිබිල, ඇත්තෙන්ම ඒ අය ඉඳල තියෙන්නෙත් ඒ මාම එනකම්මළු. එහෙම්ම අරගෙන ජීප් එකට දාගත්තළු. එදා තමයි එයා පනපිටින් ඉන්නව අන්තිමට දැකපු දවස. මමත් ඒ සිද්ධිය හරියටම දැනගත්තෙ පස්සෙ කාලෙක.
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 9:18 ට
ෆුහ්… අම්මෝ… පවුනේ දෙයියනේ… ඊට පස්සේ ආරංචියක්වත් නැද්ද….? 😦
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 9:35 ට
ඒ මනුස්සය මරලළු බං. බොඩි එකවත් හම්බවුනේ නැද්ද කොහෙද?
2012 සැප්තැම්බර් 3 දින පෙ.ව. 6:59 ට
පවු කාරයෝ….
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 2:39 ට
මේං මං බුල්ටෝ ගැන ලියපු ළිපිය… මේ ළඟදි ජයවර්ධනපුර ඉස්පිරිතාලේ ගාව කඩේකින් කෑවා. ඒත් අර කිරි රහ නෑ.
http://maathalan.blogspot.com/2011/05/gunasiri-bulto.html
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 8:22 ට
දැන් බුල්ටෝ එකත් බාලයි අයියේ….
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 2:53 ට
බුල්ටො රස නං තාම මතකයි බං. බුල්ටො ගැන ඇහුව හොඳම කතාව මම ඇහුවෙ අපේ කොලඹ ඔපීසියෙ ඩ්‍රයිවර් කෙනෙක් වෙච්ච සුනිල් අයියගෙං.
“රාජ් මහත්තයෝ ඒ කාලෙ දැං වගේ චොකලට් තිබුනෙ නෑනේ….. අපි කෙල්ලන්ට දුන්නෙ බුල්ටො!”
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 8:24 ට
අප්පට සිරි…. එහෙම දේවල් වලටත් බුල්ටෝ මැදිහත් වෙලා තියෙනව එහෙනම්….
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 5:25 ට
ඉස්කෝලෙ අපේ පන්තියෙ හිටිය ළමේක්ගෙ තාත්තා ගෙදර බුල්ටො හදනවා..ඉතින් අපිටත් හැමදාම වගේ නොමිලේ බුල්ටො කන්න පුළුවන් වුනා..ඒත් පන්තියේ හිටපු නැහැදිච්ච පිරිමි ළමයි එයාට බුල්ටො නංගි කියන්න පටන් ගත්තට පස්සෙ බුල්ටො නෑ..!!
මමත් ළඟදි දැක්කා බුල්ටො කඩවල්වල තියනවා..
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 8:26 ට
දැන් ඉස්සර තරම් රස නෑ අක්කේ…. ඒ වුනත් බුල්ටොනේ….!
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 5:36 ට
aye podi kaleta yanna hitenawa… bulto harima rasai thamai…. eth mage malli nam bulto kiyala ekak gana ahala tiyenawada kiyalath sakai…. 🙂
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 8:27 ට
හ්ම්… ඒක නම් ඇත්ත තමා….
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 7:00 ට
හ්ම්ම්ම් ඉස්සර ගුණසිරි බුල්ටෝ තිබ්බනෙ. බලාපං අපි මේ පොඩී දේකින් කොච්චර දුරයනවද කියලා.
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 8:46 ට
අතීත මතකනේ නේද….
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 8:08 ට
මම ඉස්සරවෙලාම බුල්ටෝ කෑවෙ සත 05 ගානෙ. මතකද ඒ කාලෙ ගුණසිරි බුල්ටෝ කියල එකක් තිබුණා. පස්සෙ කාලෙක මේ ගුණසිරි බුල්ටොගෙ පුතා කපිල අපේ පන්තියේම සගයෙක් වුණා.ඌට කිව්වෙ බුල්ටො කපිල කියලා
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 8:47 ට
බුල්ටෝ වලට ගුණසිරි මාර ප්‍රසිද්ධයිනේ… අපිනම් නම් දැනන් හිටියේ නෑ…
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 8:48 ට
ගුණසිරි බුල්ටෝ බබාට තාත්තා ගෙන එයි…
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 9:19 ට
මට ඔය වාක්‍ය කෑල්ල අහලා පුරුදුයිනේ…. :O
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 8:27 ට
මාත් අර මාතලන් කියපු ජයවර්ධනපුර ඉස්පිරිතාලේ පැත්තෙ ම පාරේ තිබිච්ච පොඩි කඩේකින් කෑව බුල්ටෝ එකත් ඉස්සර තරම් රහ නැතැයි මටත් සිතුණා.
මෙහෙ තියනවා Salt taffy කියල, ඒකෙ චොක්ලට් රහ එක බුල්ටෝ වගේ. ඒ ඇරෙන්න තියනවා Hershey චොකලට් කොම්පැණිය හදන Toosty Roll කියන එකත්. බුල්ටෝ වගේ ම වුනාට බුල්ටෝ වගේ නෙමෙයි 😀
ඒත් ලංකාවේ දී පංති වල අහුවෙන්නෙ නැතිව හපද්දී තරම් මේ එකක්වත් රහ නැහැ!!!
2012 සැප්තැම්බර් 2 දින ප.ව. 9:13 ට
ආව්… අක්කත් ඒ කියන්නේ බුල්ටෝ ලෝලියෙක්… 😀
2012 සැප්තැම්බර් 3 දින පෙ.ව. 2:43 ට
මාත් බුල්ටෝ කාලා තියනවා. ඔයා කියලා තියන තරම් රහා නෑ. අලුත් බුල්ටෝ හන්දා වෙන්ට ඇති. 🙂
2012 සැප්තැම්බර් 3 දින පෙ.ව. 7:00 ට
මං ඇහුවමයි බුල්ටෝ රස නෑ කියනවා…. 😦
2012 සැප්තැම්බර් 3 දින පෙ.ව. 8:46 ට
ෂුවර්ද ඔයා කෑවේ බුල්ටෝමයි කියලා. හික්ස් 🙂
විහිලු හොඳේ…. 🙂
2012 සැප්තැම්බර් 3 දින පෙ.ව. 8:48 ට
මම නම් කවදාවත් බුල්ටෝ හපන්ඩ යන්නේ නෑ.. හැපුවොත් කටේ ඇලවිලා දිවෙන් ගලවන්ඩ සෑහෙන ගේමක් දෙන්ඩ වෙනවා…. 🙂
2012 සැප්තැම්බර් 3 දින පෙ.ව. 9:26 ට
ඒක තමා පුතේ ෆන් එක…. 😀
2012 සැප්තැම්බර් 3 දින ප.ව. 12:47 ට
ෆන් එක කියලා තාර ගුලියක් වගේ කටේ ඇලවෙන බුල්ටෝ එක ගලවන්ඩ යෑ…
ගොඩක් වෙලාවට ඉස්කොලෙ කැන්ටිමේ ජනප්‍රියම කෑම තමා බුල්ටෝ… අපේ ඉස්කොලේ නම් එහෙමයි…. එහෙත් එහෙමදෑ ???
2012 සැප්තැම්බර් 3 දින ප.ව. 1:31 ට
නැතුව නැතුව… ඊට පස්සේ තමා අනිත් ඒවා …
2012 සැප්තැම්බර් 3 දින ප.ව. 2:00 ට
අපේ පංතිවල පොරක් හිටියා ඌට කිව්වේ ‘බුල්ටෝ පැටිස්’ කියලා. උගෙ ප්‍රියතම ආහාරය බුල්ටෝ සමග පැටිස්.!
2012 සැප්තැම්බර් 3 දින ප.ව. 2:41 ට
අප්පට සිරි… වට් අ මීල්…. ??? 😀 😀 😛
2012 සැප්තැම්බර් 3 දින ප.ව. 2:56 ට
අපිත් කැමතියි මාලුවො බුල්ටො වලට.
2012 සැප්තැම්බර් 3 දින ප.ව. 3:06 ට
ඉස්සර තරම් දැන් රස නෑ අප්පා… 😦
2012 සැප්තැම්බර් 3 දින ප.ව. 7:26 ට
බුල්ටෝ හදන්නේ සිනී හා පොල් කිරි කර කරලා. පදම ගන්න අමාරුයි එක සැරේට. එක්කෝ තිත්ත වෙනවා නැතිනම් ඇලෙන ගානට බාගෙට හැදෙන්නේ.
2012 සැප්තැම්බර් 5 දින පෙ.ව. 9:26 ට
ආහ්… එහෙම දෙදයක් දැනන් හිටියේ නෑ මෙච්චර කල්… ස්තූතියි පුංචියට හරි ඒ ගැන කිව්වට.
2012 සැප්තැම්බර් 4 දින පෙ.ව. 10:04 ට
බුල්ටො වල රස වගේම අර සීනි කර කරපු සුවඳ. අවුරුදු ගාණක ආපස්සට හිත අරන් ගියා.
2012 සැප්තැම්බර් 5 දින පෙ.ව. 9:27 ට
ඔව් අක්කේ… මටත් නිකං මොකද්දෝ අමුතු හැඟීමක් දැනුනා බුල්ටෝ දැකපු ගමන්….
2012 සැප්තැම්බර් 5 දින ප.ව. 2:03 ට
ඔන්න එකට බුල්ටෝ කාපු අය..
2012 සැප්තැම්බර් 4 දින ප.ව. 7:39 ට
බුල්ටො….මගෙ ආසම කෑම
2012 සැප්තැම්බර් 5 දින පෙ.ව. 9:29 ට
අඩෝ… පෙරේතයා… 😀
2012 සැප්තැම්බර් 4 දින ප.ව. 7:56 ට
මාත් පොඩි කාලේ ඕවා කෑවා එත් වැඩියෙන්ම කැමති ගල් මස්කට් වලට 🙂
දැන්නම් ඔය මොනාටවත් ආස නැහැ ඉස්සර ඒවා තරම් කොලිටිත් නැහැ
2012 සැප්තැම්බර් 5 දින පෙ.ව. 9:30 ට
දැන් උඹ ආසා මොනවටද…? 😀 මැකරෝනි වලටද…. 😀 😀
2012 සැප්තැම්බර් 5 දින පෙ.ව. 2:16 ට
අයියෝ තාම කන්න බැරි උනානේ ඔය බුල්ටෝ 😦
2012 සැප්තැම්බර් 5 දින පෙ.ව. 9:31 ට
මොකද්ද බං… කොහෙන් හරි හොයාගෙන එක පාරක් කාලා බලපං… 😀
2012 සැප්තැම්බර් 5 දින පෙ.ව. 9:22 ට
මට බුල්ටො හම්බු උනා චැට් එකේදි………. 😀
2012 සැප්තැම්බර් 5 දින පෙ.ව. 10:03 ට
ඈ…. ඒ කොහොමද….
2012 සැප්තැම්බර් 5 දින ප.ව. 5:39 ට
මී පැටියා නම් බුල්ටෝ කාලා නෑ. කන්න ආසයි.
2012 සැප්තැම්බර් 6 දින පෙ.ව. 8:03 ට
මී පැටවු කොහොමත් ආසයි බුල්ටෝ වලට… හික්ස්… 😀