සර්… සර්… සර්…. සර්….

දැන් වැඩ කරන තැන ඉන්නවා එල සික්කෙක්. නම මහතුන්. වයස….. වයස නොපෙනේ කියලා ගමුකෝ. මොකද අපිට කට්ට් කාලා කාලා කෙල්ලෙක් එක්ක කතා කරන්න හිටියොත් මූ ඒ කෙල්ල එක්ක ෂොපින් යනවා. අපි ප්ලෑන් ගහලා ගහලා ඒකිත් එක්ක ප්ලේන්ටියක් බොන්න යන්න සෙට් කරගත්තොත් ඊට කලින් මූ කේ.එෆ්.සී ගිහිං… හෙන ඇඹලයා… ඕං අපි වගේ නම් නෙවෙයි.

ඒ වගේම තමා බුවාගේ බොස් භක්තිය. ආහ්…. සිංහලෙන් කියන්නේ ස්වාමී භක්තිය කියලා. ස්වාමියාගේ ගෑණි වගේ තමා මෑන් කොහොමත්. ලොක්කාගේ කළු වීදුරු දාපු වාහනේ ගේට් එකෙන් ඇතුලට දාලා    කාර් පාක් එකට යන කොටම මූ…. සර්… සර්… සර්…. සර්…. කියාගෙන දුවනවා වාහනේ පස්සෙන් ලොක්කගේ කෑම පාර්සලෙයි ලැප් එකයි ඩොකියුමන්ට් ෆෝල්ඩරෙයි ගන්න. ලොක්කා දවාලට එලියට ගිහිං එද්දිත් එහෙමයි…. සර්… සර්… සර්…. සර්…. කියාගෙන දුවනවා ලොක්කට වාහනෙන් බහින්න දොර අරින්න….

හවසට ලොක්කා යද්දි තුනට නැමිලා ආචාර කරන්නේ. වැරැද්දක් කියන්නත් බෑ ඉතිං ඔව්වගේ… මං හිතන්නේ ආයතනය ආරම්භයේ ඉඳන්ම ඉන්න පොරක්. ලොක්කත් රට ගිහිං එද්දි අපිට නැතත් මූට චොකලට් පෙත්තක් හරි අරගෙන එනවා.

ඉතිං ඔන්න දවසක්දා ලොක්කට සිද්ධ වුනා හදිස්සියෙම රත්නපුරේ යන්න. ඒත් ඔෆිස් එකෙන් දීලා තියෙන මෙව්වා එකේ යන්න බැරිවෙලා. ඒකෙ සූටි බ්‍රේක් ඩවුන් එකක් වෙලා… පස්සේ එයා ගිහිං තියෙන්නේ පෞද්ගලික වාහනේක. ඉතිං ඔෆිස් එකේ වාහනේ හදාගෙන එන්න කියලා ඔෆිස් එකේ ඩ්‍රයිව කෙනෙකුට කියලා තිමා ලොක්කා ගිහිං තියෙන්නේ. ඒ පාර ඉතිං තිලක් කියන ඩ්‍රයිව ගිහිං වාහනේ හදාගෙන එනවලු මග. තිලක්ට කෝල් එකක් එනවලු අපේ ඔෆිස් එකේ ගාඩ් රූම් එකෙන්.

මචං තිලක්… මම මේ සිකියුරිටි පෙරේරා කතා කරන්නේ.

ඔව් පෙරේරා…. කියපං….

මහතුවා බලං ඉන්නවා බොස් එනකං… දැන් උඹනේ වාහනේ ගේන්නේ උඹ කෙලින්ම වාහනේ ගාඩ් රූම් එක ගාව නවත්තන්නේ නැතුව පලයං කාර් පාක් එකට…. දන්නවනේ මහතුන්ගේ සීන් එක… ඌ එයි දුවගෙන… අපි සීසීටීවී කැමරා ටික ඒ පැත්තට හරවලා මුළු ඔෆිස් එකේම අයව උඩ තට්ටුවට රැස් කරලා තියෙන්නේ සීන් එක බලන්න. උඹ කෙලින්ම වාහනේ ස්ලෝ කරන්නේ නැතුව පලයං හරිද…

අඩෝ… අන්න ගේම… එල එල…

ඉන්ටර්මිෂන්….

පෙරේරා…. තාම බොස් නැහැනේ බං….

ඒකනේ බං මහතුන්… වෙනදට උඹට කෝල් එකනවා නේද…?

ඔව්… අද කතා කරෙත් නෑනේ… මං ගත්තා උස්සන්නෙත් නෑ…. (බොස්ගේ ලේකම්ටවත් මෙච්චර අමාරුවක් නෑ)

එයි… එයි… තව ටිකක් බලමුකෝ…

ට්‍රීං…. ට්‍රීං…. පෙරේරාට කෝල් එකක්….

හරි මචං හරි….. කියලා කෝල් එක කට් කරලා… පෙරේරා ගන්නවලු කෝල් එකක්….

හෙලෝ නදීකා මිස් වැඩේ හරි….

දඩස්….

ඉන්ටර්මිෂන් එක ඉවරයි…

විනාඩි කීපයකින්… ආහ් ඔය එන්නේ බං බොස්. ගාඩ් රූම් එකේ පාර පැත්තේ කවුළුවෙන් පාර දිහා බලලා පෙරේරා කියන කොටම මහතුන් තොප්පිය දාගෙන සූට් එක හදාගෙන බෙල්ට් එක තදකරගෙන පට ගාලා බැස්සලු එලියට. වාහනේ ඇතුලට දානකොටම….

මහතුන් දුවනවලු…. සර්… සර්… සර්…. සර්…. කියාගෙන. ඒ එක්කම මහතුන්ට උඩ තට්ටුවෙන් ඇහෙනවලු…

පනහක් හැටක් විතර කොල්ලෝ කෙල්ලෝ…. එක හඬින් එකාවන්ව සර්… සර්… සර්…. සර්…. කියනවා.

මහතුන් ගනන් ගත්තේ නෑලු ඒ සීන් එක… මොනා උනත් බොස් බුවාට ආදරෙයිනේ. දැන් ඉතිං ඔන්න මෑන් ගිහිං බොස්ට බහින්න දොර අරින කොටම ආයෙමත් උඩ ඉඳන් කට්ටියම සර්… සර්… සර්…. සර්…. කියලා හූ කියනවලු. උඩින් ඇහෙන හූව අස්සෙම දොරෙන් එලියට එනවලු ඩ්‍රයිවර් පෙරේරා…..!

ඊට පස්සේ මුකුත් වුනේ නෑලු….! කුනුහරුප ඇහුනෙත් නෑලු….! අපි ඔය ලඟපාතක හිටියෙත් නෑලු. නැත්තං කියයි අපිත් සම්බන්ධයි කියලා ඔය වගේ අලුගුත්තේරු වැඩ වැලට. – at වාසනාවන්ත සික්කා….

හදවතේ වීදුරුව…

දඹල කෙල්ල…

මම දැන් වැඩ කරන්නේ අර ෆෙන්ෂුයි රුපියල කටේ ගහපු තැන නෙමේ. එතෙන පූරුවේ පවකට හිටියේ ගෑල්ලමයි දෙන්නයි. ඒකට දැන වැඩ කරන තැන…. හෆ්‍‍ෆූ‍ෆූෆූෆූෆූෆූ… මතක් වෙද්දිත් පපුව සීතල වෙනවා මින්ට් එකක් කෑවා වගේ. ඒ වෙන අහවල් එකකට නෙවෙයි, බයට…. බයට….

ඉතිං මෙතෙන්ට ආපුම දවසේ… ගෑණු ළමයි දැක්කම නම් මං ටිකක් තිගැස්සිලා ගියා. ඇයි දෙයියනේ එකපාරට දහයක් විතර දකිද්දි එහෙම වෙනවනේ… ඉතිං දවස දවස ගිහිං… කොහොම හරි ලස්සන දවසක් ආවා. එදා තමා ඊයේ…

දැන් මං ආසයි ට්‍රබල් ෂූටිං වලට 😀

අපේ ඩිවිෂන් එකේ ලෑන්ඩ් ලයින් එකට කෝල් එකක්. මං තාම ආන්සර් කරන්නේ නෑ. තාම අළුත්නේ. ඒක නිසා ඉන්න පරන කෙනෙක් තමා ආන්සර් කරන්නේ. ඉතිං කෝල් එකේ හැටියට අකවුන්ට්ස් ඩිපාමන්ට් එකේ කොම්පූටරේ නෙට්වර්ක් ප්‍රින්ටරේට කනෙක්ට් වෙන්නේ නෑ… ඒ පාර ඉතිං ඒක බලන්න වුනේ මට. ඉතිං ගිහිං බලනකොට ඒකෙ නෙට් වර්ක් කේබල් එක ගැලවිලා, ක්ලීනින් සර්විස් එකෙන් අතුගාන ‍කොට. ඊට පස්සේ ඉතිං ඒක හදලා දුන්නම, ඒ ගෑණු ළමයි “තෑන්ක් යූ” කිව්වා… මම නම් වල් කම් කියවන්නේ නැතුව පට ගාලා මාරු වුනා. ඒවා බැරියෑ පස්සට…

ඉතිං තව චුට්ට වෙලාවකින් දවල් ලන්ච් ටයිම් එක. මම සාමාන්‍යයෙන් කෑම කන්නේ දවල් එකට විතර. ඒ වෙලාවට තමා බඩගිනි වෙන්නේ. මතකනේ බඩගිනි හැදුන වෙලාවට තමා කෑම කන්නේ ඕනේ. නැතුව හරියටම දවල් දොලහට, බඩගිනි ඇතුව හරි නැතුව හරි කාලා වැඩක් නෑ. ඉතිං මං කෑම කකා ඉන්න කොට අර කොම්පූටරේ කඩා ගත්ත ගෑණු ළමයත් ආවා එතෙන්ට. තනියම නම් කමක් නෑ… තව යාළුවෙකුත් එක්කම. අන්න දැන් තමා නාටකේ පටන් ගන්නේ…

මේ…

ම්……

ඔයා දඹල කනවද….

ම්හු…

කම්පියුටර් එක හදලා දුන්න නිසා දඹල ටිකක් දෙන්න ඇහුවේ… අපි දෙන ඒවා කන්නෙ නැතුව ඇති.

………………………….. (සයිලන්ට්)

එහෙනම් මං දුන්නොත් කනවද….

………………………….. (සයිලන්ට්)

කියන්නකෝ…..

මං දඹල කන්නේ නෑ…. (මධ්‍යම ප්‍රතිපදාව :D)

හ්ම්…. එහෙනම් අපි කමු අනේ…..

මොකුත් කියන්නේ නෑ වෙන…. හරී ෂෝයි ඔෆිස් එකක්…. – at තව තව කොම්පූටර් කැඩියන්….

ෆෙන්ෂුයි රුපියල…

ට්‍රීං… ට්‍රීං….

ලාෆින් බුද්ධා

මට එහා පැත්තේ හිටිය යාළුවා ආන්සර් කලා ඉන්ටර්කොම් එකට…

ආහ්… උඹට කෝල් එක….

අඩේ මට…. ආව්… කාගෙන්ද බං මේ උදේ පාන්දර….? ඔය “ආව්“ කෑල්ල කියවුනේ ඉබේටම. පාන්දරම කෝල් එකක් ආවොත් මට ඒ කියන්නේ පී.සී එකක් වැඩ කරන්නේ නෑ  කියන එක. තව දුරටත් කියනවනම් ඔෆිස් එකෙන් එලියට බැහැලා පැය දෙකක තුනක වටයක් දාන්න පුළුවන් චාන්ස් එකක්.

අර සබ් කන්ට්‍රැක්ටර්ගේ කෙල්ලෝ දෙන්න ගෙන්….

ඇහ්…. එතකොට මම නොකිවුවට “ආව්“ එක කිහිප ගුණයකින් වැඩි වෙනවා… “ආව් ආව්“ වගේ වෙනවා.

හලෝ…. ගුඩ් මෝනින්…

මෝඩයෝ…. බූරුවෝ…. ගෙම්බෝ….

ඔය වෙලාවට කොච්චර මල පැන්නත් “මොකද ඕයි..?“ කියල ඇහුවොත් අපි උන්ගෙන් එකෙක් වෙනවා. ඒක නිසා මම අහගෙන ඉවසගෙන හිටියා.

ඇයි දැන් මට බනින්නේ… හෙන ශාන්ත ස්වරයෙන්… නැත්තං මොන කේස් එක වුනත් ශේප් කරගන්න බැහැනොවැ ගෑණු ළමයි එක්ක. එන්නෙම කෙක්ක වගේ එල්ලෙන්න.

බනින්නේ කරන මොට්ට වැඩ නිසා.

ඇයි… ඇයි… දැන් මං මොනාද කරේ…?

මොනාද කරේ…. කව්ද අර ලාෆින් බුද්ධාට කරලා ගියේ….? අන්න ඒක අපේ සර් දැකලා අපිට කෑගැහුවා…

හත්වලාමේ පෙරේදා ඒ ඔෆිස් එකට ගිය වෙලාවේ, රුපියලේ දෙකේ කාසි ගොඩේ ලැග ගෙන ඉන්න තඩි බඩක් තියෙන බමුනාගේ කටේ රත්තරං පාට චූටි රුපියලක් එබුවා නේන්නම්….!!!!! ඒක දැක්කම ඇත්තටම එහෙම කරන්න හිතුනා. ඒත් ඉතිං ඒක එහෙමම දාලා එන්න හිතුවේ නෑ. රුපියල ආයෙම පැත්තකින් තියන්න අමතක වුනා.

ඉතිං…. ?

ඉතිං එනවකෝ මෙහාට… දඩස්….. ටූක්… ටූක්…. ටූක්…

ෆෝන් එක කැඩුනද මන්දා…. – at තාම ගියේ නෑ… ගිය වෙලාවට මොනා වෙයිද දන්නේ නෑ….

 

 

 

හොඳට කෑම කන්න ඕනේ කොයි වෙලාවටද ළමයි….

ඔන්න ආවා අපේ සෞඛ්‍ය ටීචර්. ඒ දවස් වල විද්‍යාව පොතේ තිබුන මිනිසා හා ප්‍රජනනය පාඩම හැරුනම පන්තියේ හැම එකාම වගේ ආසාවෙන් හිටියේ සෞඛ්‍ය පාඩමට. මොන මොන කාරනා නිසා හරි ක්ලාස් එක කට් කරන හැමෝම සෞඛ්‍ය වෙලාවට ක්ලාස් එකේ. ඇයි අප්පේ අපිට ඒ දවස් වල කොයිතරම් නම් ප්‍රශ්න කියලද….!!!

සාරි ඇන්ද කෙනෙක් හොයාගන්න නෑ…

අපිට තියෙන ගොඩක් ප්‍රශ්න වලට ක්ෂණික විසඳුම් වගේම… ගිහින් තාත්තගෙන් අහගන්න වගේ ප්‍රශ්නෙට එක්ස්ටෙන්ඩඩ් ලින්ක් දෙන්නත් මිස්ම තමා. වෙලාවට නම මතක නෑ. අනේ මෙහෙමත් සිස්සයෝ නේද…

ඉතිං ඔන්න මේ කතාව වුන දවසෙත් මිස් ආවා. කාට නැතත් අපි මිස් එනකොට නම් නැගිටලාම ඉන්නවා, දොරෙන් ඇතුලට එද්දිම “ආයුබෝවන්“ කියන්න බලාගෙන. මිසුත් ඒක දන්නවා. ඒකට අපේ ගෑණු ළමයි. උංට ගහන්නන ඕනේ මොකෙන්ද දන්නවද…. නෑ එක්කෝ ඕනේ නෑ. මොනා වුනත් අපිත් එක්ක හිටිය ළමයිනේ.

ඔන්න මිස් ඇවිත් පාඩම කරන්න ගත්තා. පාඩමේ නම මතක නෑනේ. ඔය පාඩමට කෑම වේල් සම්බන්ධයි. පෝෂණීය ආහාර ගැන එහෙම තමා කතාව නැගලා යන්නේ. එක පාරටම “ළමයි නිශ්ශබ්ද වෙන්න“ කියලා ඩෙස් එකට පොඩි තට්ටුවකුත් දාලා අපි හැමෝගෙන්ම ප්‍රශ්නයක් ඇහුවා.

කියන්න බලන්න…. කෑම කන්න ඕනේ කොයි වෙලාවටද කියලා…..

අප්පා මාර අමාරු ප්‍රශ්නයක්නේ. ඒ වුනාට මං උත්තරේ දැනන් හිටියා. ඒත් මම ඉන්නේ පේලියේ දෙවෙනියට නිසා මට කලින් හිටිය කෙනා උත්තරේ දුන්නා.

ආහ් මිස්… උදේට නේද වැඩියෙන්ම කන්න ඕනේ…

වැරදියි දරවෝ….

ඈහ්…. මං කියන්න හිටිය උත්තරේ වැරදියිනේ ඒනම්. හොඳ වැඩේ මට කලින් පන්ඩිතයා වෙන්න ගියාට. සාදු සාදු….

ආහ් ඔය පුතා කියන්න බලන්න…. හ්ම්…. මිස්ගේ ඇඟිල්ල මයෙ දිහාට නේද උරුක් වෙලා තියෙන්නේ. කල කල දේ පල පල දේ.

අනේ…. දැන් මොකද කරන්නේ….

දන්නේ නැද්ද…?

නෑ…. මිස්….

මීස්…. මීස්….. ආහ් හරි වගේ වැඩේ…. අන්න කෑගහනවා කෙල්ලෝ ටික. දැන් ඉතිං අපේ කොල්ලන්ගේ කටවල් වැහෙනවා. මොකද කොල්ලෝ කොච්චර පිස්සු කෙලියත් කෙල්ලෝ මීටර් ටික. උන් පිස්සු කෙලිනවා කියන්නේ ඉතිං වල්ගා තරුවක් පායනවා වගේ තමා…. හෙන කලාතුරකින්.

ආහ් කියන්න බලන්න ගෑණු ළමයි.

දවල්ට මිස්….

වැරදියි…. ඇහ්…. කෙල්ලොත් වැරදියි… ඒක හොඳයි. ඒ විතරක්යැ… දැන් වේල් දෙකක් කියවුනා… තව එක වේලයි…. හරියට ඕමි බලනවා  වගේ තමා. ඔන්න නැගිටිනවා පුරුෂ ශක්තිය අරගෙන එක කොල්ලෙක්. දන්නවනේ ඔය වගේ චූටි තැනකින් අල්ලගෙන් ගේම දෙන එකා කව්ද කියලා.

මිස් හොඳට කන්න ඕනේ රෑට. ආයෙ ඉතිං ඕක වරදින්න විදියක් නැහැනේ.

වැරදියි පුතේ.

යකෝ මේක මාර වැඩක්නේ. එහෙනම් මහ පාන්දරටද කන්න ඕනේ. කියන කියන උත්තරේ වැරදියිනේ.

මිස්…. ඒ පාර පිටිපස්සේ හිටිය පොරක්. ටිකක් මැන්ටල් පොරක්. හැම වෙලේම හොටු පෙරාගෙන ඉන්නේ.

මිස් කන්න ඕනේ, බඩගිනි එන වෙලාවට.

ඉඳි ආප්ප….

මිස් ටිකක් වට පිට බැළුවා. උත්තරේ ආවෙ උගෙන්මද කියලා. ඔව් දරුවෝ… හරි උත්තරේ. කවදාවත් බුවාගෙන් උත්තරේ බලාපොරොත්තු නොවුන අපි හැමෝම මූනට මූන බලාගත්තා.

ඒ එක්කම පිටි පස්සේ හිටිය තවත් කෙනෙක්… ඒකනේ මිස්…. මේ…. මං ඉන්ටවල් එකට ගෙනාපු  ඉඳිආප්ප මුල කන්නේ දැන්…!!!

පාඩම ආවසානයි… යාළුවට වෙච්චි දේ ගැන යාළු ෆිට් එක නිසා අමතක කරලා දානවා. 😀  – at අප්පා එහෙමත් කාලයක්…

නූඩ්ල්ස් නම් මොනාද…..!!!

ඔන්න ළමයි කට්ටියක් තව දවස් කීපයකින් තියෙන එයාලගේ යාළුවෙක්ගේ මගුල් ගෙදරට යන්න ලෑස්ති වෙනවලු. ඉතිං කොන්ඩෙ වවන් හිටිය කට්ටිය කොන්ඩේ කපනවලු… රැවුල වවපු අය රැවුලෙ කට් ගහනවලු. තව එක එක ඒවා කරනවලු.

වට්ටන්නේ හෙම නෑ…..

ඉතිං අදාල දවසත් ආව කියමුකෝ. වෙඩිම තිබුනේ අලුත්ගම පැත්තේ හෝටලයක. කට්ටියම තැන් තැන් වලට සෙට් වෙලා වරකට එකා බැගින් ඇතුලටත් ගියා. ඒ කිව්වේ වෙඩිම තිබ්බ හෝටලේ ශාලාවට හරිද. ඊට පස්සේ ඉතිං පෝරුවේ චාරිත්‍ර කරන කං සැම එකා වගේ බලාගෙන හිටියා. ඇයි ඉතිං මේවා අනාගතේදි කාට කාටත් වුවමනා වෙනවනේ. පස්සේ ඉතිං ඔය ඔක්කොමත් කරලා හොටෙල් එක පිටිපස්සේ ගාඩ්න් එකට සෙට් වුනා පොඩී… සූටි… ලාවට ෂොට් එකක් දාන්න. පොඩි සෝෂල් ඩ්‍රින්ක් එකක් දැම්මා මාරු වුනා. එහෙම නැතුව වෙඩින් වලට ගිහිං කන පැලෙන්න බොන සිරිතක් නෑනේ…!!! අපි නම් දන්නේ නෑ ඉතිං වැඩි විස්තර හොඳේ.

පස්සේ ඉතිං එහෙට මෙහෙට බයිට් අදින, අවුරුදු 60ක් විතර වුන අයියාට කිව්වා කතා කරලා, මල්ලි බොන්න මොනා හරි ගේන්න කියලා. බුවාට මල්ලි නොකිව්වොත් අපිට හම්බුවෙන්නේ අප්සට් එව්වානේ. උදාහරණයක් විදියට අයියේ බියර් ගේන්න කිව්වොත්… බුවා ගෙන්නේ ලාගර්. මල්ලි බියර් ගේන්න කිව්වොත් ඕං ගේනවා කාල්ස් බර්ග්, ස්ට්‍රෝන්ග් වගේ ලොකු එව්වා. අන්න ඒක නිසා තමා ඔය වගේ වෙලාවලදී සීයා කෙනෙකුට වුනත් මල්ලි කියන්න පුරුදු වෙන්න ඕනේ…!

ඉතිං කෝම හරි බොන්න මොනා හරි ගේන්න කිව්වම මූ තඩි ට්‍රේ එකක තියලා උස්සන් ආවා ස්ප්‍රයිට් මෙගා දෙකයි, කෝක් මෙගා එකයි.

දැන් එතකොට මේවා විතරද තියෙන්නේ…? සැර ජාති නැද්ද…?

අනේ මහත්තයා සැර ජාති නැහැනේ මේ හෝටලේ…

ආහ්… එහෙමද…. හරි හරි…

ඉතිං ඔන්න එහෙම කිව්වම බුවා යන්න ගියා… ගිහිං මූ හැරිලා ආපහු එනවා. ටිකක් හොර මූනක් තියෙන්නේ බුවාට.

මහත්තයා…

ආහ්… ඇයි අයියේ… දැන් මල්ලි කියන්නේ අහවල් එකටැයි… ගරු සරු දීලා අයියේ කියලම කතා කලා.

සර්ලා, එලියෙන් මොනා හරි ගේනවනම් මටත් බියර් එකක් ගේනවද…? හෙන පිංසෙන්ඩු වෙන සූටි මූනු පොඩ්ඩක් හදාගෙන අපෙන් අහිංසක ඉල්ලීමක් කරනවා. බෑ කියන්නෙයි…! මූන දැක්කම එහෙම කියන්න හිතෙන්නෙත් නෑනේ. ඉතිං මොකෝ කරන්නේ… ඔන්න ඔහේ ඕනේ එකක් කියලා මං පුදුමය පලකලා…!!!

ඈහ්….

මට එහා පැත්තේ හිටි යාළුවා… හරි හරි අයියේ… අපි ගියොත් ගේන්නම්කෝ… කියලා කිව්ව ගමන් දත් නැති කට අපිට පෙන්නාලා… අයියා සිනා සුනා….!!!!

පස්සේ ඉතිං මොන බියර්ද… දන්නෙත් නැති පලාතක් නිසා අද බොන්නේ නෑ… අද අපි හොඳ ළමයි කියලා කට්ටියම තීරණය කලා. ඊට පස්සේ තමා අද කතාව තියෙන්නේ.

දැන් ඉතිං බොන්න නැති වෙච්චි එකේ තව පැයකින් විතර හොඳට කනවා කියලා හිතාගෙන බීම මුකුත් නොබී, පැය එකාමාරක විතර උපවාසයක් කලා. ටිකින්… ටික…. ටිකින්…. ටික…. කෑම වෙලාව ලං වුනා. හොටෙල් එකේ කුස්සියෙ ඉඳන් මේස වලට කෑම ගෙනාවම සුවඳේ බෑ… ඒ පාර ඉතිං චිකන් සුවඳත් එක්ක ඕනේ මගුලක් වෙද්දෙන් කියලා අනිත් එවුන් බීලා බාගෙට ඉතුරු වෙලා තිබුන ස්ප්‍රයිට් එක බිව්වා.

ඊට පස්සේ ඉතිං කෑම කන්න යද්දි මෙන්න පෝලිම. මේමේමේමේ  තරං විතර දිගයි. පස්සේ ඉතිං කොහොමහරි අපිත් පෝලිමට සෙට් වුනා. ඊට පස්සේ ඉතිං කෑම මේසෙ ගාවට යනකං අපි නිකං ඉන්නවැයි. බත් බෙදාගෙන අපිට මීටර් කීපයක් ඈතින් කෑම මේසෙන් ඉවත් වෙලා  යන අනිත් අයගේ කෑම පිඟන් ගැන පොඩි අධීක්ෂණයක් දැම්මා. මොනාද තියෙන්නේ, කොහොමද කෑම වල පාට, සුවඳ වගේ දේවල් ගැන. ඉතිං ඔහොම බල බල ඉද්දි තමා කට්ටිය දැක්කේ බත් එක්කම නූඩ්ල්ස් තියෙනවා. හැම දාම දවල්ට බත්ම කන නිසා කට්ටියම තීරණය කලා අද බයි චුට්ටක් කාලා නූඩ්ල්ස් වැඩිපුර කමු කියලා.

ආයේ නම් රැවටෙන්නේ නෑ….

පස්සේ තමා සීන් එක. ඕං එනවා… පිඟන් ගන්න. අම්මට සිරි පට්ට කෑලි දෙකක් ඉඳන් පිඟානයි, පේපර් සර්වියට් එකයි, වෙඩින් කේක් එකකුයි දෙනවා. පෝසිලේන් පිඟන එතෙනම කටේ දාගෙන හපන්න හිතෙනවා….! ඉතිං ඔන්න ගියා බයි බෙදා ගන්න. හැමෝම කහ බත් චුට්ටයි, වෑංජන ගොඩකුයි බෙදාගෙන එනවා… සාමාන්‍යයෙන් නූඩ්ලස් තියෙන්නේ කෑම මේසේ අන්තිමටමනේ… ඉතිං ඒක නිසා තමා බයි ටිකයි වෑංජන ගොඩයි බෙදාගෙන ඉස්සරහට ගියේ. ඒත් පෝලිමේ අවසානයට කිට්ටු වෙද්දි…..!!!!

යකෝවු….

මොකෝ බං… කෑගහන්නේ මිනිස්සුත් බලනවා…

මේ නූඩ්ස්ල් නෙවේ…. ගෝවා ලියාල තියෙන්නේ…

ඈහ්….!!!!

යමන් යමන් කාටවත් පේන්නේ නැති තැනකට ඉක්මනට මේ බත් එකත් අරගෙන…

මේකේ බත් නෑනේ බං….

 තියෙන ලබ්බක් හැංගියන් යකෝ ඉක්මනට….!!! – at දන්නේ නැති එකෙකුටවත් මේ වගේ දෙයක් නම් වෙන්ඩ එපා…!

ඔබගේ මවගේ නැගෙනිය ඔබගේ කව්ද….? පොඩ් එකෙක්ගේ ඇසින්…!

පොඩි එකාගේ නම ෂෙහාන්. දැන් ඉගෙන ගන්නේ ස්කෝලේ නවය වසරේ. සිද්ධිය වෙලා තියෙන්නේ බුවා හතර වසරෙදි. ඉතිං මං බුවාව දන්නෙ පොර ඔෆිස් එකේ යාළුවෙක්ගේ මල්ලි කෙනෙක් නිසා.

චූටි පවුල….

මතකනේ, ඉස්සර පරිසරය පාඩමට තියෙනවා අපේ පවුල කියලා පාඩමක්. ඒකෙදි තමා සරල නෑදෑකං ඔක්කොම කියලා දෙන්නේ. ඒ කියන්නේ බබාගේ අම්මට කියන්නේ අම්මා… අම්මගේ අක්කට කියන්නේ ලොකු අම්මා, අම්මගේ නංගිට කියන්නේ පුංචි අම්මා… එතකොට තාත්තගේ තාත්තා සීයා…. ඔන්න ඔය වගේ ඒවානේ. සංකීර්ණ එව්වා තමා, හොර ගෑණි, හොර මිනිහා වගේ එව්වා. 😀

ඒ වගේම තමා පවුලේ ඉන්නේ තුන් දෙනයි නම් ඇත්තටම හතර වසරේ හැටියට ඒක රත්තරං පවුලක්. මොකද අර එක පැත්තක රූල් නැති අනිත් පැත්තේ රූල් තියෙන බොට්නි පොතේ “අපේ පවුල“ කියලා පවුලේ අයව අඳින්නත් වෙනවා. එතකොට ඉතිං අම්මයි තාත්තයි ජාතියට ගොඩක්  සේවය කරලා තිබුනොත් හතර වසරේ පොඩි එකා තමා අමාරුවේ වැටෙන්නේ…!

ඉතිං ඔය ෂෙහාන් ඉන්නවනේ… බුවා දැන් වගේම තමා ඒ දවස් වලත් හෙන මීටරේ. කරොත් කරන්නේ අම්මලාගේ මූනෙ දැලිගෑවෙන වැඩක්මයි. ඉතිං ඔන්න අපේ පවුල පාඩම කියාදීලා ඉවර වෙලා චීච දුන්නලු ප්‍රශ්න කීපයක්, ළමයි පාඩම හරියට අවබෝධ කරගෙනද කියලා දැනගන්න. ඔන්න ප්‍රශ්න හා උත්තර.

  1. ඔබගේ මවගේ නැගෙනිය ඔබගේ කව්ද ? නිල්මිණි
  2. ඔබගේ පියාගේ පියා ඔබගේ කව්ද ? සින්කෝ ආතා (මූට සිංඥෝ ලියන්න බැරි නිසා සින්කෝ වෙනවා)
  3. ඔබගේ මවගේ පියා ඔබගේ කව්ද ? රත්තොට සීයා

ආදී වශයෙන් ප්‍රශ්න ටික හා පිළිතුරු ටික ගලාගෙන ගිහිං. ඉතිං ඔන්න උත්තර ලියලා පොත් බලන්න එදා දුන්නම ටීචට, ආපහු පොත් දෙන්නේ ඊළඟ දවසනේ… ඒක නිසා පහු වෙනිදා ටීච පොත බලලා ආපහු දෙන ගමන් පොඩි පනිවිඩේකුත් දීලා. ඔන්න ඉතිං එදා ෂෙහාන් ගෙදර එනවලු… අන්න අපේ චීච, අපේ තාත්තගේ නෝනට හෙට ස්කෝලේ එන්න කිව්වා…. කියාගෙන.

 

තව බුවියෙක් ඉන්නවා අපේ ගෙවල් කිට්ටුව. දැන් නම් බැඳලා බබෙකුත් ඉන්නවා. ඉතිං ඒ බුවී චූටි කාලේ දහම් පාසලෙදී ප්‍රශ්න වගේකට උත්තර ලියන්න දීලා.  එක ප්‍රශ්නයක් තියෙනවලු බුදු හාමුදුරුවෝ ඉපදුනේ කවදාද..? කියලා.

කෙල්ල දැම්මලු දන්න කියන සමීකරණයක්, අඩුකරාලු බුදු හාමුදුරුවන්ගේ වයස ඒ අවුරුද්දෙන්… හිතන්නකෝ 2000දී විතර කියලා. ඉතිං  උත්තරේ එනවලු 1920 කියලා. සමීකරණත් දාලා හදපු නිසා වරදින්න විදියක් නෑනේ… බය නැතුව ලිව්වලු උත්තරේ… බුදු හාමුදුරුවෝ ඉපදුනේ 1920 වෙසක් පෝය දවසේ කියලා.

හාමුදුරුවෝ ඇවිත් අහනවලු, දුවගේ සීයද බුදු හාමුදුරුවෝ…? කියලා….!!!

 

තවත් බුවෙක් ඉන්නවා. ඌ ගැන නම් කියලා වැඩක් නෑ. මිනිහට ඒ දවස් වල තිබුන ප්‍රශ්නයක් “ඔබගේ“ කියලා පටන් ගන්න ප්‍රශ්න ගැන. උදාහරණයක් විදියට, ඔබගේ මවගේ නම කුමක්ද..? කියන ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඕනේ ඒ ළමයාගේ අම්මගේ නමද නැත්තං ප්‍රශ්නෙ අහපු චීචගේ අම්මගෙ නමද කියලා ෂුවර් නෑ. ඉතිං එකෝමත් එක දවසක් චීචගෙන් ඕක අහලා, චූටි පස්ස සතු වෙන්න දුන්නලු එකක්… ඔබගේ කියලා අහලා තියෙන ඒවට උත්තර දෙන්න ඕනේ ඔයාගේ දේවල් වලින් කියලා. ආයේ ඉතිං ඒක අහන්න දෙයක් නෑනේ… කෙල්ලොත් ඉස්සරහ පස්ස පැත්තට එකක් ගහලා කියලා දුන්නම. ඒක නිසා ඉතිං ඒ බුවාගේ ප්‍රශ්නෙ නම් එතනින් ඉවර වුනාලු…!

%d bloggers like this: