පැතලි බඳුනේ කුරුගස් කලාව…

අහලා ඇතිනේ බොන්සායි කියලා කලාවක් ගැන. කිසිම ගැටළුවක් නෑ…. ඒක සුපිරිම කලාවක්. බොන්සායි කලාවේ ආරම්භය අපි දන්න විදියට ජපානය වුනත්, ඇත්තටම පටන් ගැන්ම සනිටුහන් වෙලා තියෙන්නේ චීනයේ. ඒක වැඩි දියුණු වෙලා ලෝකෙට පැතිරිලා තියෙන්නේ ජපානෙන්.

බොන්සායි කියන එකේ තේරුම වෙන්නේ පැතලි බඳුනක හිටවූ කුරු ගස යන්නයි. ලංකාවට බොන්සායි කලාව හඳුන්වා දීලා තවම අවුරුදු 30ක් විතර වුනාට ජපානේ හා චීනයේ මේ කලාව පැවත එන්නේ අවුරුදු දහස් ගානකට කලින් ඉඳලලු. ඒ වගේම පරම්පරා ගානක ඉඳන් රැකබලාගෙන එන ශාක තියෙනවලු ජපානයේ හා චීනයේ.

ලංකාවේ ගසක්…

ඉතිං පහුගිය සෙනසුරාදා, ලංකාවේ ඉන්න බොන්සායි ලෝලීන්ගේ බොන්සායි පැල ප්‍රදර්ශනයක් පැවැත් වුනා කලාභවනෙදි. මාත් ගියා බලන්න. ඇත්තටම අමුතු අත්දැකීමක්. ලොකුවට ලවුඩ් ස්පීකර්ස් බැඳගෙන කනක් ඇහෙන්නෙ නැතිවෙන්න තියෙන මල් ප්‍රදර්ශන වලට වඩා අළුත් අත්දැකීමක් ඒක. කිසිම සද්දයක් බද්දයක් නෑ තමන්ගේ පාඩුවේ පැල එකින් එක බලමින් ලොකු වින්දනයක් ලබන්න පුළුවන් වුනා. අපි දකින මහ ලොකු ගස් පුංචි කරලා ඒවාටම ආවේනික බඳුන් වල හිටවලා තියෙන්නේ හරියට මැජික් එකකින් කුඩා කරලා වගේ.

නිකං හිතන්න බෝ ගහක කොලයක් කොයි තරම්ද..! මං දැක්ක බොන්සායි කරපු බෝ පැලේ ලොකුම කොලේ ඇති රුපියල් දෙකේ කාසියක් තරම් විතර. ඊට පස්සේ අඩි හතලිහක් පහනක් විතර උසට හැදෙන දිවුල් ගහක් පරිමානයෙන් කුඩා කරලා තියෙනවා අඩියක් විතර උසට. ඒක හරි අපූරු කලාවක්…! මං ගොඩක් විස්තර ලියන්නේ නෑ… මෙන්න ශ්‍රී ලංකා බොන්සායි සංගමයේ වෙබ් ලින්ක් එක. එතනින් හැම දෙයක්ම දැන ගන්න පුළුවන්. ඒ වගේම එතෙන්ට යන්න කම්මැලි නම් මෙන්න ඒ වෙබ් අඩවියෙන් දෙන සිංහල භාෂාවෙන් සැකසුන බොන්සායි ක්‍රමය පටන් ගැනීමේ සිට අළුතෙන් පැලයක් සිටවා සාත්තු කර සාර්ථක පැලයක් තනා ගැනීම දක්වාම සරලව ලියැවී ඇති ලිපියේ pdf ෆයිල් එක. ඩවුන් කරගෙන හිමීට කියවන්න…!

මේ ප්‍රදර්ශනය ගැන මං දැනගත්තේ අරුණි අක්කා මගේ කලින් ලිපියකට (පස් නැතුව මල් වැවිල්ල) දාපු කමෙන්ට් එකකින්. එදා ඉඳන් බලාගෙන ඉඳලා, ඉඳලා ගිය සෙනසුරාදා තමා පළවෙනි වතාවට සජීවී බොන්සායි පැල දැකගන්න ලැබුනේ. ඉතිං… ලංකාවේ බොන්සායි සංගමය ගැන දැනුම් දුන්නට අරුණි අක්කට ගොඩක් ස්තූතියි. ඒ වගේම මේ ප්‍රදර්ශනය ගැන කලින් නොකිව්වේ, මේක කොහොම එකක් වෙයිද කියලා දන්නේ නැති නිසයි. එක පාරක් වත් දැකලා නැති දෙයක් ගැන මට බොරුවට වර්ණනා කරලා කියන්න බැහැනේ. දැන් ඉතිං දන්න නිසා බය නෑ… ඒ ප්‍රදර්ශනේ ඇත්තටම මරු..! ආයෙම ප්‍රදර්ශනයක් තියෙන්නේ ලබන අවුරුද්දේ. එතකන් ඉතිං ඉවසගෙන ඉන්න වෙයි කුරුගස් කලාවට කැමති අයට….!!!

58 Responses to “පැතලි බඳුනේ කුරුගස් කලාව…”

  1. praveena Says:

    මාත් වෙලාවක ඔය වගේ එකක් බලන්ට ඕනි. විස්තරේට ස්තූතියි මාලුවේ. 🙂

  2. Weni Says:

    ඔව්වා ගන්න තරම් සල්ලි කාරයො නෙවෙයි අපිනම් ඕන් !

  3. මධුරංග Says:

    අපරාදේ කලින් කිව්වා නම් එන්ඩ තිබ්බා.
    සෙනසුරාද උදේ නෙව කිව්වේ. මම් ඇහැරෙනකොටත් පමා වෙලා ! 😦

  4. සිතුවිලි සිතූ Says:

    මමත් හරිම ආස දෙයක් තමයි බොන්සායි කලාව. ලබන අවුරුද්දේ වත් බලමු.

  5. RanDil Says:

    රන් මාළුවා නෙමෙයි මැටි පූසා!!!!!!!!!! වර්ණනා නොකලත් මේ වගේ එකක් තියෙනවාලු කියලාවත් කියන්න තිබුනානේ. නැද්ද මං අහන්නේ…………… හා ඉතිං කමක් නැහැ මෙහෙම ලිපියක් දාපු එකත් වටිනවා……. 🙂

  6. අඩවි රජා Says:

    සිරාවට ඕක මාර ලස්සනයි ගහ. අර කරාටේ කිඩ් එකේද කොහෙද තියෙනවා වගේ මතකයි 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  7. සාතන් Says:

    මේ මාලුවව කෑවත් මදිනෙ ඉතිං… නිකමට මූණු පොතේ ස්ටේටස් එකක් දාපන් මෙහෙම එකක් මෙදාට තියෙනව කියල…

  8. අකීකරුහිත Says:

    දකින්න නම් ආසයි ඒ වගේ දෙයක්.. ඒත් කොහෙ යන්නද අයියො

  9. Haree Says:

    මගේ යාලුවෙක් විනෝදෙට කරනවා.. මටත් පොත් දුන්නා.. කියෙව්වා විතරයි ඉතින්.. අවුරුදු ගානක් කැපවීමෙන් ඔය පැලයක් බලාගන්නෙ කොහොමද?..

  10. Yasith Says:

    Alee, mara senn 1ka.. Mm me blog 1 mula idanma kyawala iwara kara 🙂
    ara yashodarata mokada une ? ;-( aththatama ?

  11. රාජ් Says:

    පොහොර වතුර නැතුව දුකසේ බොන්සායි ගස් හදල ඊලඟ ආත්මෙ කන්න නැතිවෙනව. 🙂
    ලින්ක් එක නියමයි බං.

  12. කස්ස Says:

    මමත් ආසම දෙයක්….ස්තුතී මචන් විස්තර ටිකට…
    මෙහෙනම් අඩු ගානට ගන්න පුලුවන්

    • Gold fish Says:

      මෙහේ මචං මං ගන්න ඇහුවම ගාන අඩුම පැලේ 10000යි, ඒක විකිනිලා… ඊළඟ පැලේ 40000යි…. අනිත් ඒවා ගැන අහන්න ගියේ නෑ… 40000 එක තමා විකුණන්න තිබුන ඒවායින් ලස්සනින් අඩුම එක…

      • DDT Says:

        අයියෝ ….. ෂල්ලි. ජොබ් එකෙන් අස්වෙල ගෙදර ඉඳන් බොන්සායි කරානම් හොඳයි වගේ. ඔය චීනෙ ජපානෙ එහෙම මිල කරන්න බැරි තරම් වටින ගස් තියෙනවළු බන්ස්. මතකද අර කරාටෙ කිඩ් ෆිල්ම් එකකත් සයිඩ් එකෙන් බොන්සායි වවන සීන් එකක් තිබුණ.

      • Gold fish Says:

        මට ඇහැක් වුනොත් නම් පැලයක් අරගෙන හදනවා…

  13. DDT Says:

    අහ්ඃ බොන්සායි.

    අවුරුදු 10 කට විතර කලින් ටීවී එකේ වැඩසටහනකට ගියා ඔය බොන්සායි ගහක් හදන හැටි. මටත් ආස හිතුන, මමත් ඉතිං පටන් ගත්ත වැඩේට බැහැලම, කොහොද ඒක හරි හෙමින් බං වැවෙන්නෙ. බලන් ඉඳලම මට එපා වුනා. අල්ලල දැම්ම. ඔය වැඩේට හොඳ ඉවසීමක් තියෙන්නෙ ඕන. කවුරුවත් වවපුව බලල සතුටුවෙන්න නම් ඉතිං අවුලක් නෑ. මමත් ආසයි බලන්න නම්. (අපරාදෙ, අර ගහ හැදුවනම් දැන් කොහොමද 😦 )

  14. Sumith Niriella Says:

    මමත් ඉස්සර වැඩේ අත්හදා බැලුවා අසාර්ථක වුනෙ නෑ. ඒත් පවත්වාගෙන යන්න බැරිවුනා.
    මම ගහ පැලකළේ වක්‍රාකාර ගල් පතුරක.

  15. පිණිබිඳු Says:

    ෆොටෝ ගැහුවෙ නැද්ද බං. පෝස්ට් එකේ ඒවත් දාන්න තිබ්බෙ

  16. රූ Says:

    ඕ ලෙවල් කරද්දි ඉස්කෝලෙට අපේ අහල පහල ඉස්කෝලෙකින් එවලා තිවුනා බොන්සායි වර්ක්ශොප් එකකට ඉන්විටේෂන් එකක්..ඉතින් අපිත් ගිහින් පැය ගානක් බොන්සායි හැදුවා..

    මට නම් ආසම හිතුනෙ කම්බි කෑලි දාලා ගහ තමන්ට ඕන රටාවකට ගන්න පුළුවන් එකට..ඇත්තටම අපි කැමති මිනිස්සුත් ඒ වගේ පොඩි කරලා කැමති රටාවකට හදාගෙන ගෙදර තියාන ඉන්න පුළුවන්නම්..!!

  17. henryblogwalker the Dude Says:

    හ්ම්ම්ම්, මමත් කොහොමත් ගස් වැල් වලට කැමතියි. නමුත් මම ඇත්තටම බොන්සායි පැලයක් පියවි ඇහෙන් දැකලා නෑ මං හිතන්නෙ.
    ස්තුතියි රන් මාලුවා.

  18. Pasindu Says:

    බොහොම ස්තුතියි යාළුවා.. මම සිංහලෙන් ලිපියක් හොය හොය හිටියේ…

  19. Nilesh Says:

    Mmarh godaaaaaaaaaaak asai oya bonsai kalawata. Danata ekak jadamin yanawa. Mata upades ganna puluwan weida.?

  20. තරිඳු සී ප්‍රියන්කර Says:

    හොදයි..ඔයාගේ ලිපිය නිසා මම අත්‍යවශ්‍ය වැඩ දෙක තුනක්ම කර ගත්තා ..බොහොම ස්තුතියි ..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: