පුතාල හතරදෙනාගේ දෙවෙනි කොටස….

පුතාල හතරදෙනාගේ පළවෙනි කොටස….

පුතාලා ගියාද අනේ….?

ඔව්… මේ දැන් ගියේ….

අපේ අය නම් තාම ලෑස්ති වෙනවා. කොච්චර කිව්වත් අහන්නේ නෑනේ. එලාම් එක ඕෆ් කරලා ආයේ නිදාගන්නවා. දෙන්නම එකයි. පවු ඉතිං. නැගිට්ටවන්න හිතෙන්නෙත් නෑ.

අපේ දෙන්නම නැගිටලා මූණ හෝදගෙන ලෑස්තිවෙනවා කලින්. නැගිට්ටවනකං ඉන්නේ නෑ. ඉස්සර නම් වදේ තමා.

ඔයාලගේ ලොකු එක්කෙනා අපේ ලොක්කට වැඩිය අවුරුද්දයි නේද බාල….?

ම්… ඔව්…

ස්ථිර…?

දැන් එයාට ස්ථිර ගෑණු ළමයෙක් එහෙම ඉන්නවද..?

ස්ථිර කිව්වේ…?

නෑ මං කියන්නේ බඳින්න කතා කරගත්තු කෙනෙක් එහෙම ඉන්නවද? අපේ දෙන්නටම ඉන්නවා. හැබැයි ඉතිං ස්ථිර එකක් නෑ මං හිතන්නේ. එයාලගේ නිදහසනේ. ඕනෙ කෙනෙක් එක්ක යාළුවෙච්චිදෙන් කියලා අපි හිතාගෙන ඉන්නේ. අපිට බල කරලා කියන්න බැහැනේ. එයාලට ගැලපෙන කෙනා එයාලා තෝරගත්තාවේ. නැත්තං බැන්දට පස්සේ මොනා හරි වුනොත් ඒ වැරදිත් අපි පිටින් යයි. ඉතිං කොහොමද පුතාලා දෙන්නගේ තත්වේ…

එහෙම මහ ලොකු දෙයක් නෑ අනේ. ලොකු එක්කෙනා නම් අපි දන්න කෙනෙක්ගේ දුවෙක් එක්කම පොඩි යාළුකමක් තිබුනා කියලා දන්නවා. ඒකට ඉතිං අකමැති වෙන්න දේකුත් නෑ…. ඒ ළමයව අපි දන්නවා පොඩි කාලේ ඉඳන්ම. පොඩි එක්කෙනාටත් ඉතිං තව කල් තියෙනවනේ.

හ්ම්… ඒක නම් හොඳයි. දන්න කෙනෙක් නම්. අපේ ලොක්කා අවුරුදු දෙකකට විතර කලින් බඳින්න හිතාගෙනම ඉඳලා පස්සේ එයාටම බෑ කියලා හිතිලා නවත්තලා දාලා තිබුනේ… පස්සෙ තමා දැනගත්තේ ඒ ගෑණු ළමයාගේ වෙන මොකක් හරි නිසයි පුතා ඒ සම්බන්ධය නැවැත්තුවෙ කියලා. දැන් ඉතිං පුතාලාගෙන් අහලා බලන්න කාලේ හරි නේද ලේලිලා දෙන්න ගැන…?

හදිස්සියක් නෑනේ අනේ… ඔහේ හිටපුදෙන් තව ටිකක්.

ඒ වුනාට අපේ පොඩ්ඩනම් බලාගෙන ඉන්නේ අයියා බඳිනකම්. එයාටත් කසාදයක් කරගන්න. පුදුම හදිස්සියක් තියෙන්නේ. අම්මගේ වැඩට උදව්වට ලේලි කෙනෙක් ගේන්නම ඕනෙයි කියනවනේ. ලොක්කත් මේ ටිකේ හොයනවා. ඔය හැමතිස්සෙම ෆෝන් එකෙන් කතා බහ කරන ඒවා හරි යන්නේ නැහැලුනේ.

ම්…

මං කිව්වෙ ඊයෙත්, එයාගේ ෆෝන් බිල ගැන. හැම තිස්සෙම ෆෝන් එකේ තමා. ඒත් ඉතිං ඒ ළමයව බඳින්න වැඩි කැමැත්තක් නැහැලුනේ. මං දකිනවා ලොකු එක්කෙනත් ගොඩක් වෙලාවට ෆෝන් එක දිහා බලාගෙන යනවා. ඔයාලා දන්නේ නැති වුනාට එයාටත් මොනා හරි වෙන වෙන ඒවා ඇති.

ම්… වෙන්න ඇති. ඒ වුනාට ඔය ෆෝන් එක දිහා උදේට බලාගෙන යන්නේ නම් එයාගේ ස්කෝලේ යාළුවෝ හැමදාම උදේට රින් කරාම ඒවට රිප්ලයි දෙන්නනේ.

ආහ්… ඒක මිසක්… මං බැළුවා පාරෙ යන ගමන් කතා කරන්නේ නැතුව ෆෝන් එක දිහා බලාගෙන යන්නේ මොකද කියලා…. මං ගිහිං එන්නම් අනේ. කඩේට යන ගමන් ආවේ බත්කොල ගෙනියන්න. අපේ දෙන්නට ඊයේ කෝල් එකක් දීලා කියලත් බත් කොල ගෙනැල්ලා නැහැනේ. -at අනේ මෙහෙමත් ගෑණු…යි. සිතමින්…

31 Responses to “පුතාල හතරදෙනාගේ දෙවෙනි කොටස….”

  1. praveena Says:

    //හදිස්සියක් නෑනේ අනේ… ඔහේ හිටපුදෙන් තව ටිකක්.// පව් අප්පා…. 😀

  2. arunishapiro Says:

    එලාම් ෆෝන් ඇති පසුබිම වෙනස් වුනාට අම්මලා කතා කරන දේවල් නම් වෙනස් වෙලා නැහැ වගේ ..

  3. දිවුලා Says:

    ” ලොකු එක්කෙනා නම් අපි දන්න කෙනෙක්ගේ දුවෙක් එක්කම පොඩි යාළුකමක් තිබුනා කියලා දන්නවා. ඒකට ඉතිං අකමැති වෙන්න දේකුත් නෑ”

    හාකෝ… හාකෝ

  4. Sarath Lankapriya Says:

    අනේ මන්දා මේ කොල්ල මොකට මෙවුවා අහන ඉන්නවද කියලා.

  5. cjgayan Says:

    ගෙදරින් අකමැත්තකුත් නැත්තං තව මොකට ඕක කල් දානවද මලයෝ..

  6. රූ Says:

    නූතන ඕපාදූප..!!
    කොහොම වුනත් මාළුවාට නම් සුභ ආරංචියක් නෑ මම හිතන්නෙ..

  7. wicharaka විචාරක Says:

    අනුන්ගේ කුණු හොයන මේ ජාතියේම අම්මන්දඩිලා දෙන්නෙක් තුන් දෙනෙක් අපේ පැත්තෙත් ඉන්නවා. එයින් එකියක් පුදුම විදිහට දැඟලුවා වයිද්ය විද්‍යාලයේ ඉගෙන ගන්න මගේ බාල දියණියට ඇගේ සහෝදරියකගේ පුතෙක් (නාවික හමුදාවෙලු. මම නොදන්නා නාවික හමුදාව බෝට්ටුද ඔරුද නැව්ද දන්නෑ පදින්නේ 😀 ) සම්බන්ධකරදීම සඳහා. අන්තිමට හිතවත්කම් පැත්තක තබා මට මානව හිමිකම් දේශනයක් තියන්න සිදුවුනා ඒ ඇත්තිට.

  8. DDT Says:

    හි … හි … බලාන ගියාම කොහෙත් එකයි නේ. අපේ පැත්තෙත් අක්ක කෙනෙක් ඉන්නව, කොල්ලො කියන්නෙ සැටලයිට් කියල. ඕන කුණුගොඩක් අවුස්සල එසැනින් විකාශය කරනව මුළු ගමටම.

    මොනවටද මාළුවො තවත් බල බල ඉන්නෙ. ඉක්මනට හිරේ පලයං. 😀

  9. henryblogwalker the Dude Says:

    මම උඹ ලියන මේ ශෛලියට කැමතියි මාලු.

  10. මාඩා Says:

    // ලොකු එක්කෙනා නම් අපි දන්න කෙනෙක්ගේ දුවෙක් එක්කම පොඩි යාළුකමක් තිබුනා කියලා දන්නවා. //
    අනේ මේ ලොකු එකාගේ ටැංකිය අම්මා දවසක් බලන්නෑනේ.. පුංචිම පුංචි යාලුකම ගැන දැනගන්න… 😉 😀

  11. කෙෂාන් විදුරංග Says:

    “එහෙම මහ ලොකු දෙයක් නෑ අනේ. ලොකු එක්කෙනා නම් අපි දන්න කෙනෙක්ගේ දුවෙක් එක්කම පොඩි යාළුකමක් තිබුනා කියලා දන්නවා. ඒකට ඉතිං අකමැති වෙන්න දේකුත් නෑ…. ඒ ළමයව අපි දන්නවා පොඩි කාලේ ඉඳන්ම. පොඩි එක්කෙනාටත් ඉතිං තව කල් තියෙනවනේ.“

    හනේ ඉතිං මේව කාට කියන්නද.. උඹට උබේ අම්ම ඔය විදියටම කියයි ඒ ඇන්ටිටට ඔහොම්මම කිව්ව කියල … මලක් වගේ….

    අනේ පලයං බං.. තෝ ඔය ටික නං ලීවෙ අතින් දාල… ඒ කෝ බං අර සාය කේස් එක? 😛

    මේ ඒක නෙමේ… මම කියපු අර තෝ යසෝදරාව බදින සීන් එක ඇත්ත වේගෙන එන්නෙ රජෝ…. උඹ උඩ දාල තීන කමෙන්ට් වලිංම පේනව තෝ යසෝදරාවතේ කමෙන්ට් වලට උඔ ඒකිත් එක්ක තරහයි කියල තියෙනේව බොරු කියල….

  12. මී පැටියා Says:

    ඔය ෆෝන් බිල වැඩි එක ගැනනම් අපේ අම්මත් හැම තිස්සෙම කියවනවා..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: