අර කොල්ලෝ දෙන්නගේ කතාවේ ඉතුරු කොටස පස්සේ දාන්න හිතුවා. මොකද ඒකට ගවුම් කෑල්ලක් සම්බන්ධ නිසා. අනිත් එක ඒ ඉලවුවට වැඩිය මේක ලියන එක හොඳයි කියලා හිතුන නිසා.
මට දේශපාලනේ කියන එක නම් තනිකරම ඇලජික්. ඒක නිසාම මේක ලියන්න ඒ ගතිය තවත් මහෝපකාරි වුනා. 😀 හැබැයි කියෝගෙන යද්දි මේක හෙන ජෝක් කතාවක් කියලත් හිතෙයි. ඇම්ඩාගේ ජෝක් පරාදයි මේකට.
දැන් ඔය ලොක්කෝ ඉන්නවනේ… ඉන්නවා නේන්නම් අපේ පිහිටෙන් එයාලගේ පාඩුවේ. ඉතිං ඔය ලොක්කෝ කියලා මේකේ හඳුන්වන්නේ දේශපාලනය කරන ඇමතිවරු, මන්ත්‍රීවරු, ජනාධිපතිවරු, විපක්ෂ නායක වරු වගේ කට්ටියව. ඔය හැමකෙනෙක්ම බලයට පත්වෙලා ඉන්නේ මහජනතාවගේ කැමැත්තෙන්. ඒ කියන්නේ ඡන්දෙන්. ඒ අය මිනිස්සුන්ගේ කැමැත්තෙන් බලයට පත්වෙන්නේ මිනිස්සුන්ට සේවය කරන්න. ඒ කියන්නේ ගෙවල් වල වලං පිඟන් හෝදන්න, කක්කුස්සි හෝදන්න වගේ වැඩෙ වලට නෙමෙයි. පාරවල් හදන්න, මහජනතාවගේ පොදු ප්‍රශ්න වලට විසඳුම් දෙන්න… කොටින්ම තමන්ව බලයට පත්කරගන්න ප්‍රදේශයේ අයට සෙතක් කරන්න.
බලයට පත්කර ගන්න ප්‍රදේශය කියන එක වෙනස් වෙන සුළුයි. ඒ කියන්නේ ප්‍රාදේශීය සභා මැතිවරණයකදී පොඩි ප්‍රදේශයක් ලොක්කට අයිතිවුනාට ජනාධිපති වරණයකිදී මුළු රටම අයිතියි. ඉතිං අන්න ඒ ප්‍රදේශයේ හැටියට තමා පැවරෙන වගකීම කොච්චරක්ද කියන එක තීරණය වෙන්නේ. වගකීම ලොකු නම්, තමන් තනියම තීරණ ගන්න එක ශරීර සෞඛ්‍යයට අහිතකරයි වගේනම්… වහාම පත් කරගන්නවා උපදේශක මණ්ඩලයක්. අන්න ඒ උපදේශක මණ්ඩලයේ ප්‍රමාණය හා තත්ත්වය වෙනස් වෙනවා කලින් කියපු ප්‍රදේශය කියන ඒකකය අනුව. ගම් පලාතක ලොක්කෙකුටනම් උපදේශක වෙන්නේ පන්සලේ හාමුදුරුවෝ එහෙම නැත්තං ග්‍රාමසේවක. ඒත් යම් පලාතක නම්… ඒ පලාතේ ඉන්න වැදගත්, බුද්ධමත් කෙනෙක් හෝ ඕනෙම දෙයක් බල පරාක්‍රමයෙන් විසඳන්නට පුළුවන් කෙනෙක්. ඒත් ඇමති, මැති, ජනපති වෙද්දි තත්ත්වේ ටිකක් වෙනස් වෙනවා. එයාල රටට ආදර්ශයක් දෙන්න ඕනේ නිසා තමන්ගේ උපදේශක මණ්ඩලය පත්කර ගන්නේ ගොඩක් වෙලාවට මහාචාර්යයවරු හෝ සේම් කොලිෆිකේෂන් තියෙන ඇත්තන්ව.
ඉතිං අන්න එහෙම පත්කර ගන්න උපදේශකයෝ තමා ලොක්කට එහෙම කරන්න මෙහෙම කරන්න කියලා උපදෙස් දෙන්නේ. ලොක්කා කරන්නේ උපදේශක වරු රැස් කරලා, අපිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා,
මේකට විසඳුමක් හොයන්න කියලා කියන එක විතරයි. ඉතිං ඔය ඇති වෙන ප්‍රශ්නෙට වගකිවයුත්තේ කවුරු වුනත් විසඳුම් හොයන්නේ උපදේශක මණ්ඩලය. හොයාගන්න විසඳුම් ජනතාවට කියන්නේ පාලකයා. හරියට බුවා විසඳුම් හොයාගත්තා වගේ තමා කියන්නේ. ඊට පස්සේ ඇතිවෙන හැම ප්‍රශ්නෙකම වගකීම වැටෙන්නෙත් පාලකයටම තමා. ඒ වැටෙන ප්‍රශ්න වලට උත්තර හොයන්නෙත් අර කලින් විසඳුම් හොයපු උපදේශක වරුම තමා.
සමහර විට ඔය අවුරුදු ගනන් දිණුමක් නැතුව ලතවෙන සමහර අය ඒ තත්ත්වෙට පත්වෙනවා ඇත්තේ උපදේශකයෝ නිසා…. එතකොට කට නිසා නහින අයත් එහෙම්ම තමා. ඊට පස්සේ ලංකාව වටේම ඉඩම් මිලදී ගන්න අයත් ක්‍රියාකරනවා ඇත්තේ උපදේශකයෝ කියන හැටියට වෙන්න ඇති.
රටට හොඳක් කරත් නරකක් කරත් ඒ හැම දෙයක්ම ලොක්කන්ගේ අතින් වෙනවා කියලා හිතාගෙන අපි ඒ මිනිස්සුන්ට කෑ ගැහුවට මේ ඔක්කොටම වගකීයන්න ඕනේ වෙනස් මත තියෙන උපදේශක මණ්ඩලය වෙන්න පුළුවන්. වැඩිය ඕනේ නෑ… සමහර විට අඳින දේවල් වල බ්‍රෑන්ඩ් එක තීරණය කරනවා ඇත්තෙත්, ගමන් කරන විලාශය හැඩ ගස්සවා ගන්නවා ඇත්තෙත් උපදේශක මත අනුව වෙන්ඩ පුළුවන්.
ඉතිං ඔහොම බලාගෙන යද්දි, මට නම් හිතනේනේ පාලකයෝ කියන්නේ උපදේශක වරුන්ගේ රූකඩ වගේ කියලයි. මොකද නට නට ඉන්න ගමන් රූකඩේ අප්සට් වෙලා හිර වුනොත් නරඹන්නෝ ගහන ගල් මුල් වදින්නේ රූකඩේට මිසක් රූකඩේ නටවන නූල් කාරයින්ට නෙමේනේ. සමහරවිට එහෙම හිතෙනවා ඇත්තේ මගේ දේශපාලන විෂයට තියෙන අකමැත්ත නිසා වෙන්න ඇති. හැබැයි මට ඒ හිතෙන විදිය වැරදි වෙන්න තියෙන ඉඩ කඩනම් ගොඩක් අඩු ඇති. මං වැරදිනම්, මා නිවැරදි කරත්වා…. මේක ලියන්න හිතුනේ ප්‍රමුදිගේ මේ ලිපියේ පුංචි කොටසක් දැකලා. – at උපදේශකයෙක් වෙන්න හිතමින්.
2012 අගෝස්තු 25 දින පෙ.ව. 11:32 ට
ගොඩක් වෙලාවට ඉන්නෙ රූකඩ තමා… 🙂
2012 අගෝස්තු 25 දින පෙ.ව. 11:33 ට
බ්ලොගර් වලට මාරු වෙයන්කො… වර්ඩ් ප්‍රෙස් එක මල වදයක්…
2012 අගෝස්තු 26 දින ප.ව. 8:23 ට
උඹලා වර්ඩ් ප්‍රෙස් වරෙන්කෝ… බ්ලොගර් මල වදයක්… 🙂
2012 අගෝස්තු 26 දින ප.ව. 8:23 ට
හ්ම්… ලොකු එකාගේ ඉඳන්ම…
2012 අගෝස්තු 25 දින පෙ.ව. 11:35 ට
ඒ වුනාට ඔය දුක් විඳින පාලකයෙක් වුනාම කොහොමද තියෙන ආතල් එක! පරම්පරා ගානක් ගොඩනෙ!!
2012 අගෝස්තු 26 දින ප.ව. 8:24 ට
ඒක නම් ඉතිං එහෙම තමා….
2012 අගෝස්තු 25 දින ප.ව. 1:18 ට
මාලූ කොකටත් වතුර යටටම වෙලා ඉදපන්, ආණ්ඩුව අපහසුතාවයට පත් කොරා කියලා උඹව සුදු වෑන් එකකින් කුදලන් යයිඈ…. 😀
2012 අගෝස්තු 26 දින ප.ව. 8:24 ට
කමක් නෑ… උඹලා ඉන්නවනේ….
2012 අගෝස්තු 25 දින ප.ව. 3:21 ට
උපදේශකලා???? එහෙම අයත් ඉන්නවාද? මන්දිරේ පිං පඩි ලැයිස්තුවේ වෙන්නැති…
2012 අගෝස්තු 26 දින ප.ව. 8:25 ට
හික්ස්… අනිවා…
2012 අගෝස්තු 25 දින ප.ව. 4:33 ට
උපදේශකලා කියන්නේ ඉතින් විශ්‍රාම ගිය හෙන්චයියෝනේ. උන්ගෙන් බලාපොරොත්තු වෙන උපදේශනය තමයි හැකි තරම් ගසා කන්නේ, හොරකම් කරන්නේ, කුට්ටි ලබාගන්නේ, අලුත් මාර්ග පාදාගන්නේ කොහොමද කියලා උපදෙස් ලබා ගැනීම. අනික් පැත්තේ ඉන්න උපදේශකයෝ උපදෙස් දෙන්නේ වෙන එවුන් මෙතනට එම වැලැක්වීම, බලය ලබුනුදාට මට අහවල් ලබ්බ, මට අහවල් පුහුල, මට අහවල් පල් වල, ආදී වශයෙන් බලාපොරොත්තු ගොඩගැසීම මිසක් නගා සිටුවීමේ ක්‍රමවේදයක්, දර්ශනයක්, මූලොපායයක්, සැකසීම තුලින් ජයග්‍රහණයකට යාම නොවෙයි.
2012 අගෝස්තු 26 දින ප.ව. 8:26 ට
තවත් රට අසරණ වෙනවා…
2012 අගෝස්තු 25 දින ප.ව. 6:46 ට
අයියෝ මාළුවෝ කරදරේ වැටෙන්න එපා.
උපදේශකයෝ කියන්නෙ පාලකයන්ගේ රෑකඩ. පාලකයෝ තමන් පත් කරගන්න උපදේශකයන් ගෙන් අහන්නෙ විසඳුම් හොයාගන්න අවශ්‍ය උපදෙස් නෙමෙයි. පාලකයෝ තමන් පත් කරගන්න උපදේශකයන් ගෙන් අහන්නේ තමන්ගේ ඇත්ත ප්ලෑන් එක ජනතාවට නොපෙනෙන්න ගිල්ලවන්නෙ කොහොමද කියලා විතරයි.
කදිම උදාහරණයක්: දිසානායක ඇමති තුමා ගෙනෙන්න යනවාලු වසර 4 කින් ප්‍රථම ඉංජිනේරු උපාධි නැති අයට පශ්චාත් ඉංජිනේරු උපාධි ලබාගත හැකි වැඩ පිළිවෙලක්!!!!! -අපේ රටේ විශ්ව විද්‍යාල නව යුගයට ගැලපෙන සේ වෙනස් කළ යුතුයි -ඇමති එස්. බී. දිසානායක http://www.divaina.com/2012/08/25/news16.html
Z ස්කෝර් ගෙනාපු අයම ද දන්නෑ උපදෙස් දුන්නෙ!!!
2012 අගෝස්තු 25 දින ප.ව. 7:57 ට
ප්‍රථම උපාධිය නැතුව නිසි ක්‍රමයට ඉංජිනේරු පශ්චාත් උපාධි ගත්ත වරලත් ඉංජිනේරුවන් උසස් තැන්වල ඉන්නවා .
2012 අගෝස්තු 27 දින පෙ.ව. 7:16 ට
@Explorer,
හැබෑව .. ප්‍රථම උපාධිය ඉංජිනේරු උපාධියක් විය යුතු නැහැ, ඒත් ඒ නිසි ක්‍රමයට ඉංජිනේරු පශ්චාත් උපාධි ගන්න අය ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව වැනි විද්‍යා විෂයයන් හැදෑරූ අය මිසක් දිවයිනේ ඇමතිතුමා කියා ඇති පරිදි ලංකාවේ වැඩියෙන් ළමයි ඉගෙන ගන්නා “විවිධ භාෂාවන්, සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, දේශපාලන විද්‍යාව” හැදෑරූ අය නෙමෙයි නේද?
2012 අගෝස්තු 26 දින ප.ව. 8:28 ට
බලාගෙන යද්දි මං දැකලා තියෙන්නේ උපදේශයින්ගේ වැරදි පැත්තනේ…
2012 අගෝස්තු 26 දින පෙ.ව. 5:01 ට
එක අතකට ඇත්ත තමා කියලා හිතෙනවා. හැබැයි හැම තිස්සෙම නම් නෙමේ.
2012 අගෝස්තු 26 දින ප.ව. 8:29 ට
ආගමික කටයුතු සම්බන්ධ අය ඇරෙන්න අනිත් අය….
2012 අගෝස්තු 26 දින පෙ.ව. 10:48 ට
ඔය කතා කරන දේ වෙන රටකට අදාල වෙන්න පුළුවන්. ඒත් අපේ රටේ නම් උපදේශකයෝ රොත්ත බුරුත්තම, ළොක්කගේ පපට් ලා. උන්ට උපදෙස් දෙන්නේ රජ්ජුරුවෝ..
2012 අගෝස්තු 26 දින ප.ව. 8:30 ට
අන්තිමේ ලොක්කට ඕනේ දේම ලොක්ක කරනවා…!!!!
2012 අගෝස්තු 26 දින පෙ.ව. 11:18 ට
තෝ මගේ අනාගත බලාපොරොත්තු ඔක්කොම සුං කරා… දැං ඉතිං උපදේසකයෙක් වෙන්නමයි මට ඕන… තෝ කෙලහං.. හ… එපාවෙනෝ ඕයි… සෙද්ද…
2012 අගෝස්තු 26 දින ප.ව. 8:30 ට
අනේ මල්ලි ඔයිට වැඩිය හොඳයි සත්තු වත්ත අතුගාන්න පලයන්…
2012 අගෝස්තු 27 දින පෙ.ව. 10:44 ට
වැදගත් සිතුවිල්ලක් මාළුවෝ..
ඒත් ගොඩක් උපදේශකයෝ කරන්නෙ තමන්ගෙ එදාවේලා පිරිමහගන්න ජාමෙ බේරගන්න වැඩ නේද? දිගු කාලීනව රටට සෙතක් වෙන දෙයක් මේ දෙගොල්ලොම හිතන්නෑ..!
2012 අගෝස්තු 27 දින ප.ව. 2:34 ට
ජාමේ බේරගන්නවා කියන්නේ අක්කේ ලොක්ක කැමති වෙයි කියලා හිතෙන විදියට උපදෙස් දෙන එකනේ. උපදෙසෙන් රටට හොඳක් වුනත් නැතත් එයාලට කමක් නෑ…
2012 අගෝස්තු 30 දින පෙ.ව. 10:18 ට
කාලීන ලිපියක්. දේශපාලනේ කියන්නේ මටත් තිත්තම මාතෘකාවක්. හොඳට ඉන්න යාලුවෝ තරහ වෙන මාතෘකාවක්..
2012 අගෝස්තු 30 දින පෙ.ව. 11:56 ට
බිව්වම තමා ඔය ගැන කියවන්න ඕනේ…