හැමදාමත් යාළුවෝ (බිව්වම)….

පොරවල් දෙකක් ඉන්නවා. පොරවල් කියන්නේ වචනයේ පරිසමාප්ත මෙව්වා එකෙන්ම පොරවල්. දෙන්නම කරන්නේ කුලීවැඩ. එක් කෙනෙක් මේසන්වැඩ, ගෙවතු වල වැඩ වගේ ඒවා… අනිත් කෙනා දිවි හිමියෙන්ම මුදලාලිගේ ලොරියේ සහායක.

වමේ සිට – සිරිමල්, සිරිමල්ගේ භාර්යාව 😀

මේසන් වැඩ කරන බුවා බැඳලා. නම සිරිමල් කියමු. අනිත් කෙනා බැඳලා නෑ… නම සිරිපාල කියලා හිතමු. මොකද මේ දෙන්නම මේ ආත්මේ නම් බ්ලොග් එක කියවන්නේ නෑ කියලා මං දන්නවා. ඒත් ඊළඟ ආත්මේ හරි කියෙව්වොත් මං ඉවරයි. ඉතිං ඉස්සර ඉඳන්ම ඩබල ගජ යාලුවොලු. කොහොම හරි සම වයස් වල නිසා දෙන්නම ඉක්කෝලේ ගිහිං තියෙන්නේ එකට. ඒ දවස් වලම දෙන්න කතා වුනාලු බඳින්නේ නෑ කියලා. කොහොම හරි ඉතිං සිරිමල්ට ඉවසගෙන ඉන්න බැරි පාර අපේ ගෙදට්ට පිටිපස්සේ ගෙදර අක්කා එක්ක පැනලා ගියා. ඒ අක්කත් මරු බඩුව. එයා සිරිමල් එක්ක පැනලා ගිහිං ආයේ සතියක් යන්න කලින් ආයේ පැනලා ගියා… ඒ පැනලා ගියේ ආයෙමත් අක්කලාගේ ගෙදරට. 😀

ඉතිං සිරිමල් තනි වුනා. ඇයි ඉතිං සිරිපාලත් දැන් සිරිමල්ව ගනන් ගන්නේ නැහැනේ දීපු පොරොන්දුව කඩ කරපු නිසා. පස්සේ ඔන්න කොහොමහරි අවුරුද්දක් විතර යද්දි දෙන්න ආයෙ යාළු වුනා. කොච්චර කලත් හොඳම යාළුවව අමතක කරන්න පුළුවනෑ… ඊට පස්සේ තමා දෙන්න පොරවල් වෙන්න ගත්තේ. හැමදාම හවසට දෙන්නා එක්ක වැඩ ඉවර කරලා එන ගමන් යනවා හොර කසිප්පු පොලට. එකෙක් බොනවා කසාද කැඩුන දුකට… අනිත් එකා බොනවා දීපු පොරොන්දුව රකින සතුටට. අන්න පොරවල්… කොහොම හරි එතෙන්ට ගිහිං දෙකක් දාගත්තම දෙන්නගෙම යාළුකම ඉහවහා යනවා. ඉතිං ඒ යාළුකම වැඩිනිසා කියවන දේවල් පාරේ මග හරියේ ඇහෙන කොට තාත්තා මගේ කන්දෙක වහනවා. අම්මා මල්ලිගේ කන්දෙක වහනවා. සංවරකමේ උපරිමයි දෙන්නම.

පස්සේ කාලෙක දැනගත්ත විදියට සිරිමල් පැනලා ගිහිං තියෙන්නේ සිරිපාලගේ අක්කගේ දූත් එක්ක. බඳින්නෙ නෑ කියලා එකට පොරොන්දු වෙච්චි දෙන්නනේ. පස්සේ ඔය කසිප්පු බොන එකෙන් දෙන්නගෙ හිත් තවත් එකමුතු වුනා. සිරාවටම උං දෙන්න බිව්වම තමා යාළු ෆිට් එක වැඩි වෙන්නේ. නොබී ඉන්න වෙලාවට හිටිගමං රන්ඩුත් වෙනවා. ඉතිං ඔය බීලා ඉන්න වෙලාවක සිරිපාලම යෝජනා කරලා සිරිමල්ට, “මචං, උඹ ආයේ බැඳපන්“…. කියලා. පස්සේ ඉතිං කොහොම හරි සිරිමල් ආයෙම බැන්දා. දැන් ඉන්නවා පුතාල දෙන්නෙකුයි, දුවලා දෙන්නෙකුයි. ඔය ඔක්කොම වුනේ අර කාලයක් තිබුනේ රෑට කරන්ට් එක කපන… අන්න ඒ කාලේ. ඒ දවස් වලට ඉතිං මිනිස්සු රෑට දොයි මත හැදෙනකං ටී.වී බලන්න කියලයැ…!!!

බොනකොට නඩු නැත…

කොහොම හරි දැන් තත්ත්වය අනුව නම් ඉඩම් පලහිලව්වකට දෙන්න හොඳටෝම තරහයි… හැබැයි ඒ බොන්න අතේ සල්ලි නැති දාට හරි, කසිප්පු පොල වහපු දාට හරි විතරයි. නැත්තං සිරිමල් එන්නේ සිරිපාලගේ කරෙන්…. සිරිපාල එන්නේ සිරිමල්ගේ කරෙන්… බිව්වට පස්සේ යටි හිතේ තියෙන දේවල් මතුවෙලා උඩට එනවා කියන්නේ ඇත්ත තමා. අම්මෝ බලන්ඩ ඕනේ දෙන්නගේ යාළුකම. උං දෙන්න නොබී ඉද්දී එකෙක්ව පොල් උලෙන් ඇනලා මරන්න තරම් කේන්තියෙන් හිටියත් කසිප්පු පොඩ්ඩක් දාගත්තම අනිත් එකාට සල්ලි නැත්තං තමන්ගේ අතින් වියදම් කරලා ෂොට් එකක් අරං දෙන තරමට කරුණාවන්තයි…!

ඉතිං මේ ලඟදී නිවාඩු දවසක, දෙන්න අපේ ගෙවල් ඉස්සරහින් ගියා දෙපාරකට. මුලින් ගියේ සිරිපාල, බුවා යන ගමන් සිරිමල්ව අහුවුනොත් මරනවා කිය කිය ගියේ… පස්සේ ගියේ සිරිමල්… මෑන්ගෙත් ඉතිං වැඩි වෙනසක් නෑ… සිරිපාලව අහුවුනොත් දැන් මරණ ගානට තමා ගියේ. දෙන්නටම හොඳටම තද වෙලා. ඒත් අර ඉඩම් අවුලට. මං හිතන්නේ එදා නඩුවට ගිහිං ඇවිද්ද කොහෙද… ඒකයි ඩබලම නිවාඩු.

පස්සේ ඉතිං ඕන් ඇඳිරි වැටීගෙන එද්දී පොඩි සීපදයක් එහෙම කියාගෙන දෙන්න ආයෙම එනවා ගෙදර. දැන් නම් ඉතිං අම්මලා අපේ කන් වහන්නේ නෑ. ඒක නිසා සිද්ධිය ඇති සැටියෙන් අහගන්න පුළුවන්. බොන්න යද්දි එකිනොකට බැන බැන ගියාට, හොර කසිප්පු වලට පුළුවන්ලු තරහා මරහා අමතක කරවන්න…!!! නැත්තං ඉතිං පැමිණිලි කාරයයි, විත්ති කාරයයි කරේ අත දාගෙන ඒවියැ….!!! – at කසිප්පු ටිකක් බීලා බලන්න හිතමින්

 

44 Responses to “හැමදාමත් යාළුවෝ (බිව්වම)….”

  1. shaaanu489 Says:

    ඔන්න මාළුවෝ ඔව්වා තමා කියන්නේ නියම යාළුකම් …. ආදර්ශයට අරන් හැදියන් ..:P

  2. රාජ් Says:

    හැබැයි සාමාන්‍යයෙන් වෙන්නෙ නං ඕකෙ අනිත් පැත්ත. නොබී ඉන්නකොට හංගගෙන ඉන්න තරහ, බිව්වම මතක් වෙනව. ඒකනෙ බිව්වම ඔච්චර වලි.

  3. indika27 Says:

    එතනෝල් ඇති මිතුරුකම් නැති කරන නැති මිතුරුකම් ඇතිකරන මහාර්ඝ ඔසුවක් බව මට මෙයින් පෙනී යයි….

  4. කෙෂාන් විදුරංග Says:

    ඔය කරේ දාගෙන යන අතෙංම වෙලාවක කර අයිති එකගෙ බෙල්ල මිරිකුවොත් කොහොමද ඈ….. වැඩි සෙනේ දබරෙටලුනෙ බං… උබත් සාස්සි කාරයෙක් වෙයි ලෝයර් අයියෙක් මේක බැලුවොත්… අපි දන්නෑ…

  5. ගිනි කුරුල්ලා Says:

    ඒ මොකක්ද බන් ඒ කසිප්පු ජාතිය? කසිප්පු මුදලාලිගෙන් ෆෝමියුලා එක අරගෙන තරහා මරහා නැතිවෙන්න පෙත්තක් හැදුව නම් ගොඩේ ගොඩ. 😀

  6. මධුරංග Says:

    බොන එවුන් අතර පට්ට ෆිට් එකක් තියෙනවා…. 🙂

  7. praveena Says:

    අඹ යාලුවෝ කියන්නේ මේ වගේ අයට වෙන්ට ඇති. 😀

  8. මාඩා Says:

    මාඩාගේ විචාරය |
    මත් වතුරෙන් සමාජයට වෙන හානි ගැන කතා කරන මිනිසුන් අතරේ මත් වතුරේ යහපත ගැන කතා කරන වටිනා ලිපියකි [1],
    එසේම ” ගන්න අපේ දේ ” යන තේමාව භාවිතා කරමින් දේශීය නිෂ්පාදනය නගා සිටුවීමට යොදාගත හැකි වඩාත් වැඩදායී ලිපියක් [2] ලෙසටත් ගත හැකිය. තවද අනාගතයේ ඇතිවිය හැකි සිංහල ජනයා අඩු වීම සම්බන්ධව ඉතාමත් සාර්ථක ඵලදායී පිලිතුරක් දුන් [3] මෙම ලිපිය සමස්ථ සමාජයට ඵලදායී වැඩදායී ලිපියක් ලෙස හදුන්වමි

    **
    [1] – කොහොම හරි එතෙන්ට ගිහිං දෙකක් දාගත්තම දෙන්නගෙම යාළුකම ඉහවහා යනවා.
    [2] – හැමදාම හවසට දෙන්නා එක්ක වැඩ ඉවර කරලා එන ගමන් යනවා හොර කසිප්පු පොලට.
    [3] – සිරිමල් ආයෙම බැන්දා. දැන් ඉන්නවා පුතාල දෙන්නෙකුයි, දුවලා දෙන්නෙකුයි. ඔය ඔක්කොම වුනේ අර කාලයක් තිබුනේ රෑට කරන්ට් එක කපන…

    ප/ලි – පැනලා ගිය අක්කා සතියක් ගත වීමට මත්තෙන් නැවත පැමීනීමට මෙම මාලුවා හේතුවිණි දැයි වෙනම පර්යේෂණය කල යුතු අතර එය එසේ වීනම්, මාලුවගේ කල්ල මරේ නිසා එම සතුට සැමරීමට දේව පූජාවක් පැවැත්විය යුතුය යන්න යොජනා කරමි.

    මේ වගට නම්,
    මාඩා වන මම 😀

  9. kumaraya Says:

    මාඩා අන්තිමට කියපු කාරණය ගැන එකඟ වෙමි …

  10. maal Says:

    නිගමනය- සිංහල ජාතියේ පැවැත්ම වෙනුවෙන් දැනට පවතින රජය ඇප කැප වී වැඩකරන බවට….( උසස් පෙළ ඉවර වුනාම රැට ලයිට් කපන්න පුරුදු වෙනවා නොවැ)

  11. Maathalan Says:

    ඒකනේ බන කන බොන එකාගේ බොක්ක හොඳයි කියන්නේ…

  12. Kushi Says:

    ෂා… නියම පානයක්නේ, ඔකෙන් ටිකක් ඔය රන්ඩු වෙන අයට දුන්නනම් ප්‍රශ්න ඔක්කොම ඉවරයි, එහෙනම් ඔය සමත මන්ඩල, උසාවි, පොලිසි වහල දාලා ඒ සල්ලිවලින් රට සංවර්ධනය කරන්න්න පුලුවන්, රට සාම කාමිවෙයි මේවා ගෙදරදිම සාදාගන්න බලපත්‍ර දෙන්න ඔනේ… එහෙනම් රට රුසියාව වගෙ වේයි…

  13. DDT Says:

    ඇත්තටම මචං ඔය බිව්වම පරණ තරහ මරහ අමතක වෙනවය/ පරණ කොන්තර ඇවිස්සිල මරාගන්න යනවය වගේ කතන්දර ඔක්කොම ජනප්‍රිය මිත්‍යා මත. ඔව්වයෙ ඇති ඇත්තක් නෑ බං. බූට් කාලා ඒව අමතක කරන්න එකෙක් බොද්දි අවුරුදු ගණන් පරණ සීන් තවත් එකෙක්ට මතක් වේවියැ ඔය වීදුරුවක් බිව්වහම. මමත් ඔය ඒලෙවල්වලට ප්‍රොජෙක්ට් එකට කරන්න කියල අන්තරායකාරී ඖෂධ පාලන ජාතික මණ්ඩලයෙන් ඔය විස්තර පත්‍රිකා වගයකි පොත් වගයකි ගෙන්න ගත්ත. කිසිම විද්‍යාත්මක පදනමක් නැති මිනිස්සු හිතෙන් හදාගත්ත ඔය වගේ කතන්දර හුඟක් ඒවල පැහැදිලි කරල තිබුණ. හැමදේටම තම තමන්ගෙ හිත තමා.
    උඹ කියන් ආපු තාලෙට මාළුවො මම ඒත් හිතන් ආවෙ මේක වැරදි පාරෙ යන කතන්දරයක් කියල. 😀
    මමත් තවම බීල නෑ. දවසක බොන්ඩෝන සිහි නැතිවෙන්නම, ගෙදර කෂ්ටිය නැති දවසක. යාළුවො මතක් වෙයිද බලන්න.

  14. Sumith Niriella Says:

    ඇති නෑදෑකං නැතිකරගන්නට
    නැති නෑදෑකං ඇතිකරගන්නට……බීලා බලං……… 😉

  15. ටික්කා Says:

    අඩො පට්ට ආතල් සීන් එක බන්.. ඔය වගේ සීන් එල බන්.. ගෙරන්ඩිය බඩට වෙටුන ගමන් වලි සින්හ යාලු ෆිට් එක ඩබල් ත්‍රිබල් වෙලා අක්මාව කපල නයට දෙන්න හිතෙනව.. හික්z

  16. මඩිස්සලේ නිශාන් Says:

    අපේ පැත්තෙත් ඉන්නවා ඔය වගේ අයියා මලෝ ඩබලක්.
    මේ මේ උඹ එහෙම ඕවා ඔහොමයි කියලා කසිප්පු එහෙම බොන්නේ නැහැ හරිය.

    මේ ඒක නෙවේ අර දවසක් බීලා ගෙදර ගිහින් පොඩි එකා කියලා අම්මගේ අතෙන් ඇල්ලුවා කිව්වේ අර උඩ කිව්ව අක්කා ගැනද බං?.

  17. හංසකිංකිණි Says:

    හහ්!! කසිප්පු බීල බලන්ඩ නේද?? ඕනෙ නං අපේ ගමේ වත්තෙ අගල් අස්සෙ කට්ටිය හොරෙන් හංගල යන එව්ව ඇති….:-p


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: