under – wear repair

ඔන්න එකෝමත් එක ඔෆිස් එකක ජෙන්ටෝ ටික උදේම යද්දී ජෙන්ට් වොෂ් රූම් එකේ සින්ක් එක අම්බ්‍රෙල්ලා පවුඩර් වෙලාලු. ඉතිං බැලු බැල්මටම කේස් එක වෙලා තියෙන්නේ සින්ක් එකට උඩින් එල්ලලා තිබ්බ තඩි කන්නාඩියේ වීදුරුවේ බරට ඒකේ ෆ්‍රේම් එකේ යට ලී පටිය ගලෝගෙන වැටිලා. ඒකේ බරට තමා අච්චර හයිය පෝසිලේන් සින්ක් එක කුඩු වෙලා තියෙන්නේ… කුඩු වෙලා කිව්වට කුඩු වෙලාම නෙමෙයි… දෙකට මැද්දෙන් පැලිලා… ඒ කියන්නේ මැද්දෙන් ඉරක් ගිහිං… හරිනේ…

ඉතිං ඔහොම තියෙද්දි අර ජෙන්ටෝ සෙට් එක කොහොමද මූන කටවත් හෝදගන්නේ…? අඩුම ගානේ කොන්ඩෙට ජෙල් ජුංඩක් උලා ගන්නේ… ඒක නිසා වහාම පැමිණිලි කලාලු ටෙක්නීෂියන් උතුමට. බුවාත් ඉතිං දඩ බඩ ගාලා දුවගෙන ඇවිත් වෙච්චි විනම්බෑසිය බලලා වියදම තක්සේරු කරලා “හරි සර්, දවල් ලන්ච් එක වෙද්දි හදලා දෙනවා“ කියලා බුවා මිසින්.

අකුරු එකතු වෙන අතරතුර 😀

පස්සේ කොහොමහරි අළුත් සින්ක් එක ගෙනැල්ලා පරණ එක තිබුන තැනට සෙට් කරලා… ඒ මදිවට උඩින් පෝස්ටර් එකක් ගහලා… මෙහෙම… බලන්න ඉතිං ඔය වගේ නෝටිස් එකක් දැක්කම නිර්මාණශීලි චිත්ත සන්තානවලට කොයි තරම් දේවල් හිතෙනවද නේද….

ඊට පස්සෙ ඉතිං පර්මනන්ට් මාකර් එකකින් ඔය නෝටිස් එකට තව තව අකුරු එකතු වුනාලු. හුහ්… උපාලිට පුළුවන්නම් ඔහොම වැල් අකුරින් නෝටිස්  ගහන්න අපිට මොකෝ බැරි… ඈහ්… අපිට කියලා කියවුනා නේද… සොරි සොරි… අපිට නෙමේ ඒ අදාල ඔෆිස් එකේ ජෙන්ටෝ ටිකට.

ඒ එකතු වෙච්චි අකුරු එක්ක නෝටිස් එක ගත්තොත් එහෙම…. ඔන්න චූටියට දානවා මම. නැත්තං කොල්ලෝ වල් වෙනවා…

මොඩිෆයි කරපු එක…

ඊට පස්සේ ඔන්න අර කොල්ලෝ ටික දවල් ලන්ච් එක කන කොට ප්ලාන්ට් ඉන්ජිනියරුයි, තාක්ෂණික නිපුන් මකබාස්ලාගේ උපාලියි එනවලු සින්ක් එකේ තත්වේ බලන්න. තත්වේ බලන්න කිව්වට උපාලි තමා එක්ක ගෙන ඇවිත් තියෙන්නේ. ඇයි ඉතිං බුවා ලස්සනට නෝටිස් එකකුත් අලෝලනේ ගියේ… ඉතිං ඔන්න ලකුණු ටිකක් දාගන්න කියලා ලොක්කව එක්කගෙන ඇවිත් සින්ක් එක පෙන්නනවලු. ලන්ච් රූම් එක තියෙන්නේ ඒ ලඟ පාතම නිසා ඇතුලේ වෙන කතාවත් ලාවට වගේ ඇහෙනවලු…

උපාලි..?

මහත්තයා….?

මොකද්ද උපාලි මේ නෝට්ස් කරලා තියෙන්නේ… දැන් හිල් වෙච්චි ජංගිත් මහනවද…?

සර්… කවුරු හරි (^*%@#% අම්මට  @&#(^*(@ හදලා තියෙනවා සර්… මේ දැන් ලියලා තියෙන්නේ… %රි %*&%@# අහුවුනා නම් මට ඕකුන්ගේ අම්*&@#^(#   @$&$#වා…

හා… ඇති ඇති දැන් ඔන්න ඕකත් ගලෝදාලා එන්න.

34 Responses to “under – wear repair”

  1. cjgayan Says:

    පොටෝ එක ගත්තෙ උඹ කියන්නෙ මේක උනේ උඹලගේ ඔෆිස් එකේ නේද ? පව් බං………

  2. DDT Says:

    *&@#^(# @$&$# කෑලි ටිකත් එක්ක මට කතාව තේරුන්නෑ ඕං. බැරිද ඒ තැන්වලට අදාල කොටස් ටික නැවත සංශෝධනය කරල ලියන්න. එහෙම උනානනම් ඔන්න හරියටම තේරුම් ගන්න තිබුණ එතන වුනේ මොකක් ද කියල.

  3. praveena Says:

    උපාලි ඕකත් ගලවලා එනවා කීවාම එයා ගැලෙව්වේ මොකක්ද දන්නේ නෑ නේද? තරහා ගිහින්නේ හිටියේ හී හී… 😀

  4. සොසී Says:

    අන්ඩර්වල්ඩ් යන සීන් එකක් නෙව තව ඩිංගිත්තෙන්…………

  5. කෙෂාන් විදුරංග Says:

    අඩේ කාලෙකිං මේ පැත්තට ආවෙ මචෝ… හික් හික් මේව පහලවෙන්න ඉතිං ජෙන්ට්ස්ලම ඉන්ටෙපැයි… මොකෝ ගෑණුන්ට ඔය වගේ නිදහස් චින්තන පහලවෙන්නෑනේ… 😉

    පස්ට ඈ…. (යසෝදරාවත දිගටම කරං පලයං… කෝ ඒක මග නැවතිලානේ..)

  6. ගිනි කුරුල්ලා Says:

    ඇඩෙනවා දාලා. හිනා වෙලාම හුස්ම හිරඋනා බන්…

  7. මඩිස්සලේ නිශාන් Says:

    සිකේ ඌ හරි ජරා විදියටනේ උඹලට බැනලා තියෙන්නේ.ආහ් සොරි අර ජෙන්ටලාට 😀

  8. wicharaka Says:

    අපි නම් ඔය වහේ නරක වැඩ කරලා නැහැ. ඔන්න ඔය එක ඉස්කෝලෙක තිබුනා Girls High School කියලා නම ලියලා. මට හිතුනා ඒක වැරදියි කියලා. මම අර high කියන වචනෙට ඉස්සරහින් T අකුරක් ලිව්වා විතරයි. වෙන මොකුත්ම කලේ නැහැ.

  9. henryblogwalker the Dude Says:

    පොඩි ෆන් එකක් ගත්තම මොකෝ වෙන්නෙ? හැමෝම සීරියස් වෙච්ච දවසට ලෝකෙ පුදුම උදාසීන එකක් වේවි.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

  10. Kathandarakaraya Says:

    මෙන්න මූ ජොක්කු කතන්දරයක් ලියලෝ!

  11. Dinesh Says:

    හෙහ්.. පවු අප්පා උපාලි… නෝටිස් එක මදිවට නමත් වෙනස් කරලනේ මේ ගොල්ල..

  12. Kandyan Says:

    අම්බ්‍රෙල්ලා පවුඩර් = කුඩු වෙලා = දෙකට මැද්දෙන් පැලිලා = මැද්දෙන් ඉරක් ගිහිං !
    ඒකත් එහෙමයි එහෙනං 🙂


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: