බබාලගේ නම්….

බබෙක් ඉපදෙන්න ඉද්දිලු තාත්තා කෙනෙක්ගේ ආදරේ හොඳටම දැනෙන්නේ…

බබෙක් ඉපදෙන්න ඉන්න කොට අම්මගෙයි තාත්තගෙයි යාළුවෝ ලෑස්ති වෙලා ඉන්නේ බබාට නම් හොයන්න. අළුතෙන් අම්ම කෙනෙක් වුන ගමන් දවස් දෙකක් තුනක් ඇතුලත යාළුවන්ගෙන් එන කෝල් වලින් වැඩි හරියකින්ම අහන්නේ “බබාට නමක් තිබ්බද අනේ..“ හරි “ පොඩ්ඩට නමක් තිබ්බද මචං…“ කියලා හරි තමා.  ඉතිං ඊට පස්සේ අම්මයි තාත්තයි කොයි තරම් නම් හිතාගෙන හිටියත් බබා උපදින්න කලින්… ඒ නම් බබාට දාන්න වෙන්නේ ගොඩක් කලාතුරකින්. මොකද බබා උපදින වෙලාව අනුවනේ “නමට අකුරක්“ දෙන්නේ.

ඉතිං සිංහල හෝඩියේ තියෙන අකුරු 64න්ම නම් හදාගෙන හිටියත්, යාළුවන්ටත් අවස්ථාවක් දෙන්නම ඕනේ… ඇත්තටම ඕනේ නෙමෙයි දෙන්න වෙනවා. නැත්තං ඉතිං එයාලගේ හිත් නරක් වෙනවලු. අනිත් එක අම්මයි තාත්තයි හිතා ගෙන හිටිය නම් වලට වැඩිය හොඳ නමක් තිබුනොත් එහෙම…! හැබැයි සමහර අම්මලගේ යාළුවෝ නම් බබාට දාන්න කියන නම අම්ම හිතාගෙන හිටිය එකටම සමාන වෙන අවස්ථාත් තියෙනවලු…!

🙂

ඉතිං කතාව මේකයි… ඔය විදියට අම්මගෙයි තාත්තගෙයි යාළුවෝ දෙන නම් වලට වැඩිය ටිකක් පොෂ් විදියට… සිංහල උච්චාරණය අමාරු, ඉංග්‍රිසි විදියට කියවෙන නම් දාන්න කියලා හිතාගෙන බබාලට නම් දාන අයට පොඩි ගානක් දීලා නම් හදවා ගන්න අම්මලා තාත්තලා ඉන්නවා. ඉතිං ඔන්න එහෙම අම්මෙකුයි තාත්ත කෙනෙකුයි හිටියලු. ඩැඩා අපේ කලින් ඔෆිස් එකේ ෆැක්ට්‍රිරි එකේ වැඩ කලේ. ඉතිං ලෝක ප්‍රසිද්ධ විදියට “අකුරට නමක්“ දෙන කෙනෙක් ගාවට ගිහිං ඉංග්‍රීසි ඌරුවට යන නමක් දාගත්තලු අළුත උපන් ගෑණු ළමයට. ඉංග්‍රීසි ක්‍රමේට තියෙන නමක් වුනාට කෙල්ල සිංහලනේ. ඉතිං ඒ දෙන්නගෙන් යාළුවෝ අහනවලු නමේ තේරුම. ඒ අහන කොට ඉතිං අර විද්වතා කියලා දුන්න නමේ තේරුම කියනවලු.

පස්සේ ඉතිං ඔහොම ගිහිං ගිහිං, පොඩි එකීට අකුරු කියවන දවස් ලං වුනාලු. එතකොට ඉතිං යන්න වෙන්නේ පන්සලක හාමුදුරු කෙනෙක් ගාවට හරි පියතුමෙක් ගාවට හරිනේ. එහෙමත් නැත්තං ඉස්සර නම් ගමේ වැඩිහිටියෙක් ගාවට. දැන් ඉතිං ගමේ වැඩිහිටියෝ හොයනවා බොරු නිසා කෙලින්ම කලින් ඔප්ෂන් දෙකෙන් එකක්. ඉතිං මේ කියන ඩැඩායි මමීයි බුද්ධාගමේ නිසා පොඩ්ඩිට අකුරු කියවන්න නැකත් එහෙම බලන්න අම්මලාගේ ගියේ ගමේ පන්සලට. ගිහිල්ලා ආපු කාරනේ කියලා දරුවගේ හඳහනත් දීලා ඔන්න වෙලාවක් එහෙම හදලා දෙන ගමන් හාමුදුරුවෝ ඇහුවලු මොකද්ද දරුවගේ නම කියලා. ඊට පස්සේ ඉතිං අර විද්වතාගේ නම කියලා එයා තමා නම දුන්නේ කියලා පොඩි අලි ටෝක් එකක් දීලා එහෙම නම කිව්වලු.

කේන්දරේ…

පස්සේ හාමුදුරුවෝ අහනවලු… මේ මහත්තයලා ස්කෝලේ ගිහිං තියෙනවද…? කියලා… පස්සේ ඩැඩා හාමුදුරුවන්ට “එහෙමයි හාමුදුරුවනේ… ඇයි එහෙම ඇහුවේ“ කියලා අහද්දි හාමුදුරුවෝ කියලා තියෙන්නේ ඒ ඉංග්‍රීසි ඌරුවට යන නමේ සිංහල තේරුම බල්ලගේ ගෑණු සතා කියන එක කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ කිව්වලු…. ළමයව පිටරටක යවලා උගන්නනවා නම් මේ නම මෙහෙම්ම තියන්න නැත්තං මාරු කරන්න, ලංකාවේ ස්කෝල වල මේ නම දාපු කෙනාට වැඩිය උගත් බුද්ධිමත් සිංහල, බුද්ධාගම ගුරුවරු ඉන්නවා කියලා. ඊට පස්සේ ඉතිං අකුරු කියවන්න කලින්ම නම මාරු කරලා.

ඒක නිසා අරයා මෙයා දැම්ම නමක් මේක කියලා මහ ලොකුවට කියාගන්න හිතාගෙන නම් දම්ම ගත්තට ඔය වගේ සතෙක්ගේ නමක් හරි දුන්නොත් වැඩිය හොයන්නේ නැතුව දාගන්න බලාගෙනනේ ඉන්නේ ගොඩදෙනෙක්. ඒත් අම්මලා තාත්තලා දැන ගන්න ඕනේ ළමයගේ නමේ නියම තේරුම… කව්රු කොයි තේරුම් කිව්වත්. නැත්තං කවද හරි හෑල්ලුවට ලක් වෙන්නේ කවදා හරි ඒ දරුවමයි. මම නම් හිතන්නේ ආච්චිලා සීයලා යාළුවෝ යෝජනා කරන නම් හරියන්නේ නෑ වගේනම්, තමන්ගේ ආගමට සම්බන්ධ දැනමුත්තෙක් ගෙන් නමක් අහගන්න එක තමා හොඳම කියලා.

මේක ටිකක් අමුතු විදියකට දාපු නමක්… ටික කාලෙකට කලින් තමා තතු හෙලි කරලා තිබුනේ… 😀

66 Responses to “බබාලගේ නම්….”

  1. පිණිබිඳු Says:

    මොනවා උනත් ළමයා අපහසුතාවයට පත් නොවෙන නමක් දාන්න ඕනෙ

  2. praveena Says:

    ඔය පොඩ්ඩි , ටිකිරි වගේ නමක් දැම්මා නම් ඉවරනේ. 🙂
    ආ ඇයි බෞද්ධ සාහිත්‍යයේ එන ‘යශෝධරා’ වගේ නම්. කොච්චර ලස්සනද? 😀

  3. මධුරංග Says:

    කෝ ඉතින් නම කියලා නැහැනේ…
    ලස්සන සරල සිංහල නමක් දැම්ම නම් හරි නේ..

    මම නම් මගේ නම ඇරෙන්න ගොඩක් ආසම නම තමයි
    “තඹර වර්ණි නයන දර්ශනී” කියන නම ! 🙂

    ලස්සනයි නේ ?

  4. අකීකරුහිත Says:

    අම්මෝ සමහර නම් තියෙනව තේරුම කෙසේ වෙතත් හදිස්සියකට කියා ගන්න බැරි වෙන

  5. අඩවි රජා Says:

    නිසුපා අක්කගෙ නම තමා නම 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  6. iamdeejay Says:

    අපි දෙන්නා නම් අපේ ලමයින්ට නම් තිබ්බේ වෙලාව බලලා නෙවෙයි. අපි දෙන්නගෙ නම්වල අකුරු එහෙ මෙහෙ කරලා. ගැහැණු සහ පිරිමි නම් දෙකක් හිතාගෙන හිටියා . හොඳ වෙලාවට ජාති දෙකෙන් දෙන්නෙක් උපන්නාම අර නම් දෙක දැම්මා. එච්චරයි. ඊට වැඩිය හොඳ ක්‍රමයක් තියෙනවද?

  7. මඩිස්සලේ නිශාන් Says:

    නිශාන් කියන්නේ නිශාචර කියන එකටලුනේ.අපි නම් ඕවා දන්නවා 🙂

  8. සමාධි Says:

    ඈ මාලුවෝ ඒක මේ “සුනකී” වගේ නමද?

  9. Kandyan Says:

    සමහර දෙමව්පියෝ නම් දාන්නේ හැමදාටම බබාල කියලා හිතාගෙන. නම හැම වයසකටම ගැලපෙන්න ඕන කියලයි මම නම් හිතන්නේ.

  10. DDT Says:

    කාලෙකට කලින් මම කොහේදි හරි කියෙව්ව කතාවක්.
    අළුත ඉපදිච්ච ගෑණු දැරිවියෙක්ගෙ නම රෙජිස්ටර් කරන්න කාටද කියල කොලේ පුරවන කොට ඒ මනුස්සය ඇහැව්වළු මොකක්ද ළමයගෙ නම කියල.
    ගෙදර මිනිස්සු දීපු උත්තරේ “බබා බේබි නෝනා“. පස්සෙ ළමය ලොකු මහත් වෙච්චි කාලෙක බලන කොට නම රෙජිස්ටර් වෙල තිබිල තියෙන්නෙත් බබා බේබි නෝන කියලළු.

  11. සිඳු Says:

    දවසක් ජේ බී සර් කියපු කතාවක් මතක් වුණා. එක්කො ඕනෙ නෑ.

  12. චූටි පුතා Says:

    මල සේක මගේ නමේ නම් තේරුම වාසනාවන්ත හි හී . කොහොමද ඉස්කෝලේ ගිහින් කස්ටිය බැල්ලී බැල්ලී කිව්වනම් 😀

  13. Maathalan Says:

    ළමයට නමක් කියන්නකෝ කියලා නර්ස්ට කියන ඇඩ් එක නම් මරු ඈ

  14. Sarath Lankapriya Says:

    අපේ අලුත් නම් දැමිල්ල ගැන නම් කියලා වැඩක් නැහැ අපේ රටේ මිනිස්සුන්ට තියෙනවා ලෙඩක්. කවුරුත් අන්දපු නැති ඇඳුම් අඳින්න එතකොට කවුරුත් දාපු නැති නමක් දාන්න. මේ ලෙඩේ හින්දා සමහරවිට දාන නම් කියන්න යන අයගේ දිවවල් පැටලෙනවා.

  15. පරිකල්පන Says:

    ඔය සමහර නම් තියෙනව, ඒව කියන්න ඕනි තේරුමත් එක්ක. නැත්නං අහං ඉන්න මනුස්සයට හිතෙන්නෙ කුණුහරුපෙං බැන්න කියල.

  16. හිරු Says:

    අපොයි නම් නං….. හැම එකාම මගේ නම ෆොන් එකෙන් වැරදියටම කියන නිසා මට සිද්ධ උනා රස්සාවට ගිය ගමන් අලුත් නමකට මාරු වෙන්න…. කොහොම හරි මට එක නමක් හරි තිබ්බනේ කියන්න පුළුවන්… ඒත් දැං ඉන්න ළමයින්ට…. දෙයියන්ගේ පිහිටයි….? අම්මලට….. අනේ මන්දා……

  17. සොසී Says:

    හ්ම්…………….
    මේ ලගදි (වැඩිම වුනොත් සති දෙකක් ඇති ) අපේ ඔෆිස් එකේ කාර්ය මණ්ඩලයෙ කෙනෙක්ගෙ පුතාගෙ නම මාරු කරා. දරුව තුන වසරේ. නමේ තේරුම අන්තිම නරකයි කීවලු. කියන්න කියන්න දරුවට වස් වදිනව කීවලු.

    නම දාලා තියෙන්නෙ නම් ෆැක්ස් කරලා සල්ලි බැදල මොන මොනාද කරල ප්‍රසිද්ධ කෙනෙක්ගෙන් ගතපු නම් ලිස්ට් එකකින්. දැන් දරුවට තියෙන්නෙ හරි සුන්දර සරල නමක්………………….අනේ මන්දා තිං……………….අහල ඇතිනෙ රත්තරන් මාලුවෝ…………
    නමින් කපුරුහාමි – ඒත් කට ගඳලු.
    සීලවතී –
    ධනපාල- ලොකු හිඟන්නෙක්ලු

    හැබැයි තිං මේ සිද්ධිය නම් සෑහෙන භයානකයි………..

  18. Sumith Niriella Says:

    නම පොෂ් කරන්න ගියාම නිකන්ම “පුස්” වෙනවා නේද… 🙂

  19. රූ Says:

    එදිරිවීර සරච්චන්ද්‍ර මහාචාර්ය තුමා එයාගෙ දුවලා පුතාලට නම් දාලා තියේන්නෙ බෞද්ධ සාහිත්‍ය යෙන් නම් අරන්…
    ඒ ගැන ජොලි කතාවක් තියනවා මාළුවා දන්නවද?


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: