ටැමිල් මෙව්වා ගැන කියද්දි කියන්න තියෙන්නේ මුලින්ම… එව්වා හරි ලස්සනයි කියලා. බලපු ඈයෝ දන්නවා ඒ ඇයි කියලා. ටැමිල් මෙව්වෑ තරම් වෙන එකකවත් එච්චර ලොකු, පැතිරුන, ලස්සන, ගොඩක් දෙනා එකට සහභාගී වෙන, කම්මැලි හිතෙන්නේ නැති, කුතුහලය උපරිමේටම ගිහිං අපිටත් තද වෙන… එව්වා නෑ මේ ලෝකෙ වෙන කොහෙවත්….! මටත් වෙලාවකට හිතෙනවා මෙහෙන් චුත වෙලා ගිහිං තමිල්නාඩුව දිහාවේ චූටි පූස් පැටියෙක්වත් වෙලා ඉපදින්න… නෑ ඊට වැඩිය හොඳයි ලේන් පැටියෙක් වෙන එක…එතකොට ගස් උඩ ඉඳන්ම නින්ජා පාර දැම්මෑකි.
ඔය ගහක් උඩ ඉඳන් නින්ජා පාර දාන එකේ එකම වාසිය තමා, සීන් එක ලයිව් පනපිටින් දැක ගන්න පුළුවන් වීම. ඊට අමතරව තව තව ගොඩක් වාසි තියෙනවා. කොහොමත් කාමරේට වෙලා ටැමිල් මෙව්වා බලනවට වැඩිය ලොකු ෆන් එකක් ගන්න පුළුවන් සජීවී පනපිටින් ලයිව් බලන කොට…!
මෙව්වා… මෙව්වා… කිව්වට මොනා ගැනද කියලා කිව්වේ නෑනේ ඉතිං. සමහරු නම් සෙවල පෙරාගෙන එන්න ඈත්තේ…! නෙහ්..? ඉතිං අද මාතෘකාව තමා ටැමිල් මූවි වල වලි…
ඔය අනිත් මූවි වල කලාතුරකින් හරි කොල්ලාට වෙඩි වැදිලා හරි, පිහි පාරක් කාලා හරි ඌ එතෙනම සෙත්ත පෝච්චි වුනාට මං බලපු එක ටැමිල් මූවි එකකවත් කොල්ලා මැරිලා නෑ. හිතන්නකෝ… කොල්ලට උගේ කෙල්ලට ට්‍රයි කරන වෙන එකෙක් හරි, එහෙමත් නැත්තං වැඩි වශයෙන්ම වෙන දේශපාලනික කේස් එකක් උඩ දේශපාලනය අතට ගත්ත මැරයෝ සෙට් එකක් හරි ඇවිල්ලා ගහලා ගහලා ගිනි තියලත් දාලා ගියා කියලා. ඉතිං ඒ සෙට් එක යන්නේ කොල්ලා මැරුණා කියලා හිතාගෙන. අම්මට හුඩු මෙන්න තව ජුංඩකින් කොල්ල නැගිටිනවා දේවාලෙක පූජාවකට ගෙනාපු තඩි උක් ගහකුත් උස්සගෙන… ඊට පස්සේ කඩු, කිනිසි අතේ තියෙන මැරයින්ට කොල්ලා නෙලන්නේ අර උක් ගහෙන්…
අපි කොහොමත් ආසා නැහැනේ, අපි බලන මූවි එකේ කොල්ලට හතුරන්ගෙන් පාරක්වත් වදිනවට… ඉතිං ඒක දන්න නිෂ්පාදක ඇත්තෝ, එහෙම කොල්ලා ගුටිකන සීන් වලි අස්සට දාන්නෙම නෑ… සිය දෙනෙක් එකතු වෙලා තුවක්කු දෙසීයකින් වෙඩි තිබ්බත්… අහල පහල එවුන්ව එව්වා වැදිලා මැරිලා වැටෙන එව්වා පෙන්නනවා මිසක් කොල්ලට වෙඩි වදින එව්වා පෙන්නන්නේ හෙනම කලාතුරකින්. ඒ වෙඩි වැදුනත් ඊළඟ නිමේෂයෙදී මූ නැගිටිනවා කටින් ලේ පෙරාගෙන, පපුව බදාගෙන පට්ට අමාරුවෙන්. හරියට දැං මැරෙයි දැං මැරෙයි වගේ ඉන්නේ. ඒත් ඌට පේනවා දේව රූපයක් හරි, එහෙමත් නැත්තං හතුරෝ උගේ පවුලෙ කෙනෙකුට කරපු කරදරයක් හරි මැවිලා… අන්න ඊට පස්සේ තමා සිරා වලිය පටන් ගන්නේ. ඊට පස්සේ හතුරන්ට දෙන්නේ, දෙකයි පනහේ නාරං බික් උඩ දාලා පයින් ගහලා කික් කරන ගානට. හතුරෝ එකසිය ගානක් විතර එක පාර උඩින් විසික් වෙලා ගිහිං කෙලින්ම වැටෙන්නේ ලොකු වතුර බාල්දි, කුකුල් කොටු, බේසම්, කලගෙඩි, මෝටර් බයික්, ට්‍රයි ෂෝ එහෙම පෙරලගෙන. අත්වල තියෙන කඩු, පොලු එහෙම එහෙම විසික් වෙන දුර… අම්බෝ… එච්චර දුරට ඔලිම්පික් යගුලිය දාන අවුන්ටවත් බෑ, කඩුවක් තියා අපේ රත්තරං පාට පුංචි රුපියලේ කාසියක්වත් විසික් කරන්න…!
ලංකාවේ එව්වාගේ වගේ ගහන්න කලින් ඩිෂුම් ඩිෂුම් ගාන්නේ නැති නිසා බලං ඉන්න ආසයි. මල් වට්ටි, පිටි ගෝනි, පිදුරු මිටි මිටි එහෙම උඩින් විසික් වෙලා ගිහිං කෙල්ලගේ මූනෙයි ඇඟෙයි වැටෙන එකට තවත් ආසයි. අප්පා… ඒවවනේ බලන්න ඕනේ උසස් රස වින්දන හැකියාවක් වගේම මනා චිත්ත රූප මැවීමේ හැකියාවකුත් ලබාගන්න. ඒ දේවල් මළාට ලංකාවෙනම් වෙන්නේ නෑ. ඒ වගේම තමා අඳින ඇඳුම්. ගොඩක් වෙලාවට සාරිය තමා. සිංදුවකදි නම් ඉතිං සාරිය පටලව ගෙන කකුල් එහෙ මෙහේ කර කර නටන්න අමාරු නිසා පොඩ්ඩක් කොටට අඳිනවා තමා….!!! ඒත් ඉතිං ලංකාවේ වගේ අහවල් එකේ පාර්ට්ස් අස්සෙන් පේන්නම එහෙම කරන්නේ නෑ… මොකද ඉන්දියාවේ එවුන්ට ඒක නැතුවැයි… ඒක තමා ලිමිට් එක… දැං ඉතිං රෙදි උස්සං එයිද දන්නේ නෑ… ලංකාවේ මෙව්වා එකට අගෞරව කරනවා කියලා… මොකද්ද ඒකට කියන්නේ… ම්… ම්…. ආහ්…. චීත්තපටි කර්මාන්තයද කොහෙද….
ඒවා වැඩක් නෑ… මේ කතා කරන්නේ ටැමිල් මෙව්වා ගැනනේ… ඉතිං ඔය ටැමිල් වලි ගොඩක් වෙලාවට ඇති වෙන්නේ සාමාන්‍යෙයන් මිනිසුන් ගැවසෙන තැන්වල. නැත්තං ඉතිං කොහෙන්ද උඩින් ගිහිං වැටෙන්න ට්‍රයි ෂෝ, මෝටර් බයික් හොයන්නේ..? වැටුනම කුඩුවෙන්න කල ගෙඩි, නෑබිලි හොයන්නේ…? කාන්තාර වල, අතෑරලා දාපු ගෙවල් වල ඒවා නැහැ නේ…
අනිත් එක නාගරිකව වලියක් ගියේ නැත්තං හතුරන්ගේ සෙට් එක සිං සිං ගාලා එතෙන්ට ඇක්සස් කරන්නේ කොහොමද… ඇමරිකාවට වගේ ජී.පී.ස් තියෙන හෙලිකොප්පර තියෙනවැයි උඩින් එන්න….! කහ පාටයි, කලු පාටයි ට්‍රයි ෂෝම තමා ඉතිං හැම දේටම. ඔක්කොමත් හරි ටැමිල් මූවි වල වලිය වටේට වට වෙලා බලන සෙනග කොහෙන් හොයන්නද වලිය නාගරිකව ගහනොගත්තා නම්…!
වැරදිලා හරි කොල්ලට පොලු පාරක් වැදුනොත් ඉප්පිරිතාලයක්වත් තියෙන්න එපැයි ලඟ පාතක. ඒ අස්සේ අර පාට පාට කුඩු ගෙනි යන ගෑණු ළමයිගේ අත් වල හැප්පිලා ඒවා හුළඟේ ගිහිං අහසේ මැවෙන නෙක රටා මැවෙන්නේ කොහොමද කැලේක ගහගත්ත නම්… අන්න ඒකයි බොහොමයක් ටැමිල් මූවි වල වලි නාගරිකව ගහගන්නේ.
සමස්ථයක් වශයෙන් ගත්තම ටැමිල් මූවි එකම සෙටප් එකක වුනාට. ටිකක් වෙනස් ඒවත් තියෙනවා. ඒවායිනුත් සුපිරිම ඒවාත් තියෙනවා. හරියට ලංකාවේ වගේ තමා. කුරෝලු වෙච්ච ජම්බු අස්සේ හොඳ ජම්බු නැද්ද….! අන්න ඒ වගේ තමා… හැබැයි ඔය ටැමිල් මූවි වල වලිවලට ගහන්න නම් වෙන කිසිම රටක වලි වලට බෑ. මොකද ටැමිල් එව්වෑ ඉන්න කොල්ලොන්ට මරන්න මරන්න පන එනවනේ…! වැඩිපුර තුවක්කු පාවිච්චි වෙන්නෙත් නැති නිසා උන්ඩ අපතේ යන්නෙත් නෑ… කඩු පාරක් කිණිසි පාරක් වැදුනයි කියලා සීයකට විතර ගහන්න පුළුවන් කොල්ලෙක් මැරෙන්නෙත් නෑනේ කොහොමත්…!
අන්න එහෙම පට්ට බොරු ගොඩක් මැද්දේ වුනත් කම්මැලි නැතුව බලන්න පුළුවන් හොඳම මූවිස් තමා ටැමිල් මූවි කියන්නේ… දැං ඉතිං මෙච්චර ගොඩක් කියලා මං ආසම කෙල්ල කවුද කියලා කිව්වේ නැත්තං මේක කියවන අයට කරන ආසාධාරණයක් වෙනවානේ… ඉතිං මේං මං ආසම කෙල්ල. මෙයා ගිය අවුරුද්ද දිහාවේ ලංකාවෙට චිත්‍රපට රූගත කිරීමකට ආවා කියලා තමිල්නාඩුවේ අපිට ආදරේ අය, මෙයාට චිත්‍රපට වල රඟපාන්න අවස්ථා නොදී ඉන්න තරමට කරුණාවන්ත වෙලා තියෙනවා….!
2012 අගෝස්තු 9 දින පෙ.ව. 5:40 ට
අර කීවුවත් වගේ ටැමිල් මෙව්ව බලතෑකි කම්මැලිකමක් නැතිව. මම නම් කැමැතිම ජෝතිකාටයි සූර්යාටයි. ඇත්ත ජීවිතෙත් මේ දෙන්නා එක පවුලක් ලුනේ. අනික ටැමිල් මෙව්ව වල ඉන්න ඈයොන්ට මේක් අප් නම් අඩුම අඩුයි.ඉස්සර ටැමිල් මෙව්ව වල හිටිය නිලියො තරමක පෘෂ්ටිමත් වුනාට ..දැන් දැන් ඉන්න ඈයෝ ඉඟ සුඟ ගත හැකි මිටින වෙලා.
ටැමිල් මෙව්ව එකේම හින්දි මෙව්ව එකත් තියෙනව නෙ ගොඩාක් වෙලාවට. ඒ වෙලාවට ඉතින් හිත යන්නේ ටැමිල් මෙවුවෙකට තමා.
2012 අගෝස්තු 9 දින පෙ.ව. 7:18 ට
හරියටම හරි, සොසී කිව්ව වගේ ඉස්සර ඔයි නිළියො වංගෙඩි සයිස්, දැං එවුන් නං නිකං ඉන්නෙ මෝල් ගහේ දෙබර බැඳල වගේ හීන්දෑරියට.
2012 අගෝස්තු 9 දින පෙ.ව. 7:24 ට
අක්කා කියන කතාව සහතික ඇත්ත… මේකප් තියෙනවද කියලා හිතන්නවත් බෑ…
අක්කා කියන අනිත් කතාවත් ඇත්ත… හිංදි වර්ෂන් එකට වැඩිය ටැමිල් එක මැක්ස්… හැම අතින්ම…
2012 අගෝස්තු 9 දින පෙ.ව. 6:09 ට
මං නං කැමතිම ත්රීෂට බං! පිස්සු හැදෙන ලස්සනක් තියෙන්නේ! ආසම ෆිලුම් එක ‘වින්නෙයි තාන්ඩි වරුවායා’ සාපේක්ෂව වෙනස්! එක පයිට් එකක් වත් නෑ මතක විදිහට! 🙂
2012 අගෝස්තු 9 දින පෙ.ව. 7:33 ට
ර්ත්රෂා..? උම ඔච්චරම කියන එකේ ටිකක් හොයලා බලන්න ඕනේ….! 😀
2012 අගෝස්තු 9 දින පෙ.ව. 7:21 ට
හෙහ් හෙහ් ඕව් බොල කොළුවො, උන් අර හයියෙහ් හයියෙන් ගහන සින්දුවලට නිතඹ පද්දල පපුව හොල්ලල කකුල් උස්සල නට නැටිල්ලට නාකි අපිත් සලිත වෙලා යනව බොලව් හෙහ් හෙහ්.. ඒකට නොදකින් අපේ එව්වො.
2012 අගෝස්තු 9 දින පෙ.ව. 7:36 ට
වල්කම නියපොත්තේ ඉඳන්…. 😀 ඒ අඹරන ඇඹරිල්ල ලස්සනටම පේන්නේ මං ආසම කෙනාගේ තමා… බලන්නකෝ එකක් හොයාගෙන…
2012 අගෝස්තු 9 දින පෙ.ව. 8:27 ට
අනේ බං ආතේ යන තැනට වැඩක් පලක් කරගෙන ඉදපන්කෝ… මේ තරුණ කොල්ලෝ ටික නොන්ඩ් කරන් නැතුව… 😀 😀
2012 අගෝස්තු 9 දින පෙ.ව. 8:32 ට
😉
2012 අගෝස්තු 9 දින පෙ.ව. 7:53 ට
ටැමිල් ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ අයියො
2012 අගෝස්තු 9 දින පෙ.ව. 8:00 ට
ළඟකදී නම් හොඳයි කියලා කියන්න පුළුවන් තරමේ එකක් සෙට් වුනේ.. නෑ… යූ ටියුබ් එකේ තියෙනවා සම්පූර්ණ මූවි පිටින්ම….
2012 අගෝස්තු 9 දින පෙ.ව. 8:00 ට
මං මේ වෙනකල් කැමති වෙච්ච නිලියො කීපදෙනෙක් ඉන්නව… නලුවොන්ගෙන් නං සූර්යා තමයි.. හැබැයි මට පෙන්නන්ඩම බැරි අර ඩිෂා ඩුම්… ඩබුං ගගා ගුටි කෙලි යද්දි දාන අබූත සද්ද තමයි…
2012 අගෝස්තු 9 දින පෙ.ව. 8:03 ට
මං ඔය කැමතිම නිලියෝ දෙන්නවා දැම්මේ… ඒ ඇරුනම අනිත් ඕනේ නිලියෙකුටත් යම් තරමකට කැමතියි…. 😀
2012 අගෝස්තු 9 දින පෙ.ව. 8:00 ට
ඊයෑක්කා….මම නම් එදා ඉඳන්ම හිංදි වලටයි දෙමළ චිත්‍රපටි වලටයි කැමතිම නැහැ, මම නම් ආස ජපන්,චීන, තායි,කොරියන්,පිලිපීන,වියට්නාම්, හොංකොං, ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසි චිත්‍රපට වලට විතරයි, එ අතරිනුත් ජපන් චිත්‍රපටි තමයි හොඳම….ජපන් චිත්‍රපටි වලට ලංකරන්නවත් බැහැ ඔය හිංදි,දෙමළ චිත්‍රපටි…කොහොම වුනත් නෝටියගෙ ආසාවනේ…. නෝටියාත් ට්‍රයි කරොත් මදුරාපුරයෙන් බිසවක් ගන්නත් පුලුවන්,මගෙ යාළුවකුත් ලඟදි එහෙන් සුදුම සුදු ලස්සන බිසවක් ගෙනාවා.
2012 අගෝස්තු 9 දින පෙ.ව. 8:04 ට
නෝටියා කිව්වේ?
2012 අගෝස්තු 9 දින පෙ.ව. 8:06 ට
අනේ මට ඔයාගේ නම ටයිප් කරද්දි පැටලිලා නොටියා කියල (එකපාර කිපදෙනක්ට කොමෙන්ට් ටයිප් කරන්න ගිහින් පැටලුනා)…. සමාවෙන්න යාලුවෙ, ඔයා ගොල්ඩ් ෆිෂ්නේ… අද තමයි මුලින්ම මෙ බ්ලොග් එක පැත්තට ආවේ…. නියම කතාටිකක් තියනවනේ………. ඔබට ජය…
2012 අගෝස්තු 9 දින පෙ.ව. 8:10 ට
හරි… ඒක අවුලක් නෑ… තෑන්ක්ස් ඇවිල්ලා කමෙන්ට් කලාට. 🙂
2012 අගෝස්තු 9 දින පෙ.ව. 8:04 ට
සහතික ඇත්ත මලේ. ඒත් හිංදි/ටැමිල් මට නං දිරවන්නෙම නෑ.
2012 අගෝස්තු 9 දින පෙ.ව. 8:12 ට
ඒ වුනාට එකක් දෙකක් බලද්දි හිත වෙනස් වෙයි සුටුස් ගාලා… 😀
2012 අගෝස්තු 9 දින පෙ.ව. 8:07 ට
මම නම් ටැමිල් මෙවුවා වලට ආස නෑ. මට ටැමිල් මෙවුවා බලද්දි හිරිකිතක් දැනෙන්නේ.. එක්කෝ ඉංග්‍රීස් මෙවුවා හරි… සිංහල මෙවුවා හරි තමා. හින්දි මෙවුවත් අවුලක් නෑ.. ඒ උනාට දැන් නම් හින්දි මෙවුවා වල එච්චර ගතියක් නෑ..
ටැමිල් වෙවුවා එච්චර ආස නැති උනාට මේ වගේ කෙල්ලෝ නම් මරු. අඔපේ මෙවුවත් ඇවිස්සෙනවා…. හික්ස් )
2012 අගෝස්තු 9 දින පෙ.ව. 8:14 ට
මෙව්වා කිව්වේ? ටැමිල් ඒවාගේ තියෙන්නෙ තනිකර බොරුනේ බං… ඒක නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන්…
2012 අගෝස්තු 9 දින පෙ.ව. 9:46 ට
ඔය ඉතින් බබා වෙන්ඩ යනවනේ.. මෙවුවා කිව්වේ මෙවුවට.. අර උඩ දාගෙන බලන්නේ.. අන්න එවුවා..
.
.
.
.
මාළුවා න්මොකක් හරි නොහිබිනා කතාවක් හිතා ගත්තා නේ ?
.
.
.
.
.
මම් කිව්වේ ෆිල්ම් ගැන 🙂
2012 අගෝස්තු 9 දින පෙ.ව. 9:48 ට
ආහ් ඒක මිසක්.. මං දන්නවනේ මධුරංග කියන්නේ ගොඩක් හොඳ දේවල් කියලා… 😉
2012 අගෝස්තු 9 දින පෙ.ව. 8:18 ට
ටැමිල් මෙව්වා ඒසියන් නිසා කම්මැලි නැතුව බලතහැකි.. අර වෙස්ටන් මස් කඩ වගේ නෙවෙයි.. හැබැයි හොයා ගන්ඩ හරි අමාරුයි නේද මල්ලි.. නැද්ද 2-3ක් හුවමාරුවටවත් ?
2012 අගෝස්තු 9 දින පෙ.ව. 8:22 ට
යූ ටියුබ් එකේ තියෙන්නේ ඕනේ තරම්… 😀 පොඩි රවුමක් දැම්මනම් ඇති වෙන්න හොයාගන්න පුළුවන්.
2012 අගෝස්තු 9 දින පෙ.ව. 8:25 ට
අඩේ උඹ ඔච්චර කියන එකේ හොයාගෙන බලන්න ඕනේ…
මේ අර සූටි නංගිගේ නම මොකක්ද බං…. අලි හැඩ කෙල්ල සිරියාව බේරෙනවා……. 😉
2012 අගෝස්තු 9 දින පෙ.ව. 8:31 ට
පින්තූර උඩ ක්ලික් කරපං…
2012 අගෝස්තු 9 දින පෙ.ව. 10:44 ට
අඩේ පුංචි කෙලි පැටික්කියක්නේ 😉
2012 අගෝස්තු 9 දින පෙ.ව. 9:47 ට
මමත් නම් වැඩිය කැමති නෑ..මොකද මැරෙන්න මැරෙන්න පණ එනවට මම ගොඩක් අකමැතියි..හික්ස්..එතකොට අපිටත් ජීවත් වෙන්න එපා වෙනවා…හික්ස්..
හැබැයි ඔයා කියපු 180days නම් බැළුවා..ඒක නම් ලස්සනයි…
2012 අගෝස්තු 9 දින පෙ.ව. 11:45 ට
180days ලස්සනයි තමා… අනිත් දෙමළ ෆිල්ම් වල තනිකරම තියෙන්නේ ඇහැට පේන්නේ නැති නූල් වලින් එල්ලිලා දාන වැඩ කිඩ විතරයි.
2012 අගෝස්තු 9 දින පෙ.ව. 10:01 ට
මම හින්දි එව්වා බැලුවට ටැමිල් එව්වා බලන්නේ නැ , ටැමිල් ඒවා යේ කථා වලින් කොපි ගහන හින්දු එව්වාත් මට දිරවන්නේ නෑ , ජීවිතේටම බලලා තියෙන්නේ එකම ටැමිල් එකයි . ඒකේ වික්‍රම් කියන ඩයල් එක චරිත තුනකටද කොහෙද ඉන්නවා , නම නම් මතක නැ
2012 අගෝස්තු 9 දින පෙ.ව. 11:48 ට
ටැමිල් මූවි වල ඩබල් ඇක්ෂන් කෑලි නම් මරු… හප්පා ඒ ගැන නම් කියලා වැඩක් නෑ… “Vel” කියන මූවි එක හොයාගෙන බලන්නකෝ… සූර්යා ඉන්නේ…
2012 අගෝස්තු 9 දින පෙ.ව. 10:59 ට
හික් හික් අපේ එකෙක් ඉන්නවා ඌට කියන්නේ “සින්නමලේ” කියලා, ඔය ටැමිල් මෙව්වා එකක ඌ දැකලා පත පිහි තඩියක්, අර මාළු කපන පිහි වගේ එකක් , ඒකේ නම සින්නමලේ කියලා එකෙක්ට කියලා ඌ ඒක ලීක් කරා , දැන් උගේ කාඩ් එක සින්නමලේ….
2012 අගෝස්තු 9 දින පෙ.ව. 11:51 ට
කාටද දන්නේ නෑ සින්නමලේ කියන්නේ… අර ඔබ නොදුටු ලොවක් ලියන කෙනාටද දන්නේ නෑ… 😛
2012 අගෝස්තු 9 දින පෙ.ව. 11:52 ට
සමහර ටැමිල් ඒවානම් හොදයි. ඒත් ඔය මරා ගන්න ඒවා නම් මට පේන්න බෑ.අවුරුදි දවස් වල එකක් බැලුවා.ඇක්සිඩන්ට් එකක සීන් එකක්. ඒකනම් මරු.හැබැයි ඒකේ නම් එක ජෝඩුවයි ඉතුරු වෙන්නෙ.අනික් හැම එකේම එක්කෙනෙක් මැරෙනවා. ඇත්ත සිද්දියක් ඒක.ෆිල්ම් එකේ නම දන්නෙ නෑ. බලන්න පටන් ගත්තෙ පහු වෙලා.
2012 අගෝස්තු 9 දින ප.ව. 12:37 ට
මාත් මේක බැලුවා…. ඕක බලන්න ගිහින් තව පොඩ්ඩෙන් මටයි අපේ මහත්තයටයි අවුරැදු නැකත් ටික මිස් වෙනවා….. (කන්න නැකත තිබ්බේ රෑනේ…) එකේ අර නර්ස්ගෙයි කොල්ලගෙයි ලවු එක තමයි මං ආසම….. නම නං මටත් මිස් උනා…
2012 අගෝස්තු 9 දින ප.ව. 1:12 ට
එක වගේ කට්ටියක්නේ අප්පා…
2012 අගෝස්තු 9 දින ප.ව. 12:44 ට
නිසූපා ඒකේ නම තමා සින්නමලේ…..
2012 අගෝස්තු 9 දින ප.ව. 1:09 ට
කොහොම හරි කොල්ල දිනනවනේ…. 😀
2012 සැප්තැම්බර් 4 දින ප.ව. 8:38 ට
a film eke nama enhaeyum eppodum..duka hitena kathawa.
2012 අගෝස්තු 9 දින ප.ව. 12:34 ට
හාපෝයි ටැමිල් මෙව්වා…. මටත් කරන්න වැඩක් නැතුව ඉන්න කාලේ හෙන ලොට් එකක් බැලුවා…. අමුතු අමුතු කතා තියෙන ඒවත් තියෙනවා… මට එකක් අහුවුනා තනිකර සයිකොලොජි.. ඒත් ඒ වගේ ඒවා අඩුයි… එකපාරක් තමිල්නාඩු යාලුවෙක්ගෙන් අහලා ඇරියා කුස්සි පිහි මන්නා වලින් කපන්නේ කොටන්නේ නැති රේප් කේස් නැති ළමයි මාරැ උනා කතා නැති, එක ටැමිල් ඇක්ෂන් මූවි එකක් හොයලා දෙන්න කියලා…. උෟ කියනවා තියෙනවලු… හොයා ගන්න අමාරැයිලු……
2012 අගෝස්තු 9 දින ප.ව. 1:12 ට
ළමයි මාරු වෙන කේස් එකත් කොමන් දෙයක් එහෙනම්… තෙළිඟු මූවි නම් තියෙනව ඔය කියන රික්වයමන්ට් ඔක්කොම කවර් කරන..
2012 අගෝස්තු 9 දින ප.ව. 12:45 ට
ටැමිල් මෙව්වගෙ තියෙන බොරු ‘සයන්ටිපික්’ නැති නිසා එව්වට වැඩි කැමැත්තක් නෑ. මම කැමති ‘රෝජා’, ‘බොම්බේ’ වගේ ටැමිල් මෙව්ව වලට.
2012 අගෝස්තු 9 දින ප.ව. 1:18 ට
රෝජා බලලා තියෙනවා… දෙමළ මූවි වල තියෙන කලර්ස් එහෙමනම් මාර ගති… මං ඒවට කැමතියි.
2012 අගෝස්තු 9 දින ප.ව. 1:13 ට
ටැමිල් මෙව්වා ඉඳලා හිටලා බැලුවට උඹ කියනකන් ඒකෙ ආතල් එක හරියට ගන්න දැනන් උන්නෙ නෑනෙ බං.හිටුකො කරන්න ….
2012 අගෝස්තු 9 දින ප.ව. 1:19 ට
දැං ඉතිං නෙට් ස්පීඩ් අඩුවෙයි බලාගෙන ඉද්දි….
2012 අගෝස්තු 9 දින ප.ව. 1:23 ට
උඹ එදා කමෙන්ට් එකට දාපු එක පෝස්ට් එකක්ම දාලනේ.
කිව්වට ඉතිං මටත් ටැමිල් මෙව්ව නම් එච්චර දිරවන්නෙ නෑ බං. බොහොම හදිසියෙන්, අවුරුද්දකට එකක් දෙකක් විතර තමා බලන්නෙ. එව්ව වැඩි හරියක තියෙන්නෙ වට්ටෝරු කතානේ. අනික වෙඩි තිය එක තව හොඳයි, කපන කොටන එව්ව ටිකක් මිලේච්ඡයි වගේ නිසා මට අප්පිරියයි. කොහොමටත් හැම මෙව්ව එකකම වැඩිය ම තියෙන්නෙ පච තමා.
2012 අගෝස්තු 9 දින ප.ව. 1:39 ට
අයියට මං එදා රිප්ලයි දාද්දිම තමා හිතාගත්තේ දෙඥ්ඥං බැටේ කියලා… ඔය චරිතාපදාන හැරෙන්න අනිත් හැම එකකම මුසාවාද තමා අනිවාර්යෙන්… ෆන් එක වැඩි කරන්න කාමේසු මිච්චා චාරාත් ඔබනවා මැද්දට…
2012 අගෝස්තු 9 දින ප.ව. 2:09 ට
මම නං Hollywood Foreverrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr!!!!!!
2012 අගෝස්තු 9 දින ප.ව. 2:20 ට
වෙනසකට සෙට් වෙලා බලන්නකෝ….
2012 අගෝස්තු 9 දින ප.ව. 5:32 ට
මම නොබැලුවට ඕක මොනවගෙද කියලා දන්නවා. මම මගෙ ජීවිතය නාස්ති කරගන්න කැමති නෑ බං වැඩක් නැති දේ වෙනුවෙන්!
තරහා වෙන්න එපෝ. අදහස් විවිධයිනෙ. ඒ විතරක් නෙවෙයි. මම මෝඩ පොත් බලන්නෙත් නෑ, (යුතුකමක් හැටියට බලන පොතුත් තියෙනවනෙ.)
2012 අගෝස්තු 9 දින ප.ව. 6:24 ට
පොත් ගැන කතාව මොකද්ද…
2012 අගෝස්තු 9 දින ප.ව. 2:18 ට
මම නම් ටැමිල් ෆිල්ම් කලාතුරකින් තමයි බලන්නේ.ඒකත් නැවතුණේ දකුණු ඉන්දීය නළු නිළි කැල හිරිකිතයක් නැතුව කොටින්ට කඩේ යමින් අපේ රටට කරපු අපහාස දැක්කම………….
2012 අගෝස්තු 9 දින ප.ව. 2:21 ට
මං එහෙම සීන් එකක් දන්නේ නැහැනේ…
2012 අගෝස්තු 10 දින පෙ.ව. 5:24 ට
ඇයි මතක නැද්ද තමිල්නාඩු අතිශය ජනප්‍රිය සුපිරි නළු නිළියන් ඔක්කොම එකතු වෙලා අපිට යුද්දය නවත්වන්න කියලා තර්ජනය කරපු හැටි? ඔය දාලා තියෙන පින්තූර වල හිටපු උදවියත් එතන හිටියා.
2012 අගෝස්තු 10 දින පෙ.ව. 9:58 ට
වෙන්ඩෑ වෙන්ඩෑ… ඒත් ඉතිං කොටි අපේ එවුන්ව මරපු හැටි වීඩියෝ කරලා ටීවී එකේ පෙන්නද්දි කට ඇරං බැලුවනම් ඉතිං උන්ට කඩේ යන උං පොඩි ආතල් එකක් දෙනවා බැලුවම මක් වෙනවද…
2012 අගෝස්තු 9 දින ප.ව. 2:53 ට
හපොයි මට ටැමිල් ෆිල්ම්ස් නං පේන්න බෑ. ගොන් කමේ උපරිම!! ඉස්සර හින්දි ටිකක් බැලුව. දැන් ඒකත් නෑ. අනික අර කිව්වත් වගේ අර සුරියාද මොකාද එකා ලංකාව ලෝක සිතියමෙන් මකනවා කියා කියා කොටින්ට කඩේ ගියාට පස්සෙ මට ඔය එකෙක්වත් පෙන්නන්න බෑ
2012 අගෝස්තු 9 දින ප.ව. 3:11 ට
තනිකර කොටිම තමා ඉතිං මොනා කරන්නද… උං උංමනේ ගහගන්නේ….
2012 අගෝස්තු 9 දින ප.ව. 2:55 ට
ටැමිල් මෙව්වා වල තියෙන්නේ අන්තවාදය. ලව් කලත්, ෆයිට් කලත්, නැටුවත් අන්තිම කෙළවරටම ගිහින් තමයි ඉවර කරන්නේ.
2012 අගෝස්තු 9 දින ප.ව. 3:11 ට
ඒක නම් ඇත්ත තමා…
2012 අගෝස්තු 9 දින ප.ව. 3:18 ට
ඔව් ඇත්තටම ටැමිල් ෆිල්ම් නම් නියමයි බං.උනුත් හොඳට ගහනවා ෆිල්ම් ඒත් මට දෙමල්ලුන්ව නම් පෙන්වන්න බැහැ.
2012 අගෝස්තු 9 දින ප.ව. 6:22 ට
උඹ හිතුවද මාත් මේ දෙමළ අයට ආදරේට මෙව්වා බලනවා කියලා…ඈ….
2012 අගෝස්තු 9 දින ප.ව. 5:39 ට
උබට කියන්න මචන්, දෙමළ තියා සිංහල ෆිල්ම් එකක්වත් මම හිතන්නේ අවුරුදු එක හමාරකින් විතර බලන්න වෙලාවක් සෙට් වුනේ නැනේ ..බලලම දෙමළ ෆිල්ම් වල දැන් තත්වය ගැන කොමෙන්ට් එකක් කොටන්නම්
2012 අගෝස්තු 9 දින ප.ව. 6:25 ට
සිංහල නම් නොබලන තරමට හොඳයි….
2012 අගෝස්තු 9 දින ප.ව. 10:11 ට
මටනම් පට්ටම ඇලජික් බන් ටැමිල් එව්වා.
2012 අගෝස්තු 10 දින පෙ.ව. 9:47 ට
අනේ පල යන්න… ඒවෑ ඉන්න කෑලි දැක්කම උඹ කලන්නේ දාන බව මං දන්නවනේ… 😀
2012 අගෝස්තු 13 දින ප.ව. 2:31 ට
අර ඒවාගේ එළවලු තට්ටු වට්ටි පෙට්ටි උඩින් ගිහින් වීරයා හරි දුෂ්ටයා හරි වැටෙන කොට කොච්චර නම් එළවලු විනාස වෙනවාද ? එන්න කියන්න ඕන දඹුල්ල් ආර්ථික මද්යස්තානෙට. එතන ගොයියෝ විසිකරන එවුව අරන් ඔය වැඩේ කරන්න කියන්න..
2012 අගෝස්තු 13 දින ප.ව. 2:36 ට
එතෙන චිත්‍රපටි හදන්න ගියොත් නම් ගෝවා ගෙඩි වලින්, කැරට් අල වලින් තමා කන්න වෙන්නේ…
2013 පෙබරවාරි 7 දින ප.ව. 2:52 ට
පට්ට බන් කතාව…ඇත්තම කියල තියෙනවා …ටැමිල් ෆිල්ම් එකක් දාල දුන්නම අපේ එඋන්ට බොන්නත් අමතකයි..හෙක් හෙක්…
2013 පෙබරවාරි 7 දින ප.ව. 8:54 ට
හික්ස්…