ටැමිල් මෙව්වා….

මේං මේ ළමයටත් මං හෙන ලයික්….

ටැමිල් මෙව්වා ගැන කියද්දි කියන්න තියෙන්නේ මුලින්ම… එව්වා හරි ලස්සනයි කියලා. බලපු ඈයෝ දන්නවා ඒ ඇයි කියලා. ටැමිල් මෙව්වෑ තරම් වෙන එකකවත් එච්චර ලොකු, පැතිරුන, ලස්සන, ගොඩක් දෙනා එකට සහභාගී වෙන, කම්මැලි හිතෙන්නේ නැති, කුතුහලය උපරිමේටම ගිහිං අපිටත් තද වෙන… එව්වා නෑ මේ ලෝකෙ වෙන කොහෙවත්….! මටත් වෙලාවකට හිතෙනවා මෙහෙන් චුත වෙලා ගිහිං තමිල්නාඩුව දිහාවේ චූටි පූස් පැටියෙක්වත් වෙලා ඉපදින්න… නෑ ඊට වැඩිය හොඳයි ලේන් පැටියෙක් වෙන එක…එතකොට ගස් උඩ ඉඳන්ම නින්ජා පාර දැම්මෑකි.

ඔය ගහක් උඩ ඉඳන් නින්ජා පාර දාන එකේ එකම වාසිය තමා, සීන් එක ලයිව්  පනපිටින් දැක ගන්න පුළුවන් වීම. ඊට අමතරව තව තව ගොඩක් වාසි තියෙනවා. කොහොමත් කාමරේට වෙලා ටැමිල් මෙව්වා බලනවට වැඩිය ලොකු ෆන් එකක් ගන්න පුළුවන් සජීවී පනපිටින් ලයිව් බලන කොට…!

මෙව්වා… මෙව්වා… කිව්වට මොනා ගැනද කියලා කිව්වේ නෑනේ ඉතිං. සමහරු නම් සෙවල පෙරාගෙන එන්න ඈත්තේ…! නෙහ්..?  ඉතිං අද මාතෘකාව තමා ටැමිල් මූවි වල වලි…

පේනවනේ ජම්ප් එක..

ඔය අනිත් මූවි වල කලාතුරකින් හරි කොල්ලාට වෙඩි වැදිලා හරි, පිහි පාරක් කාලා හරි ඌ එතෙනම සෙත්ත පෝච්චි වුනාට මං බලපු එක ටැමිල් මූවි එකකවත් කොල්ලා මැරිලා නෑ. හිතන්නකෝ… කොල්ලට උගේ කෙල්ලට ට්‍රයි කරන වෙන එකෙක් හරි, එහෙමත් නැත්තං වැඩි වශයෙන්ම වෙන දේශපාලනික කේස් එකක් උඩ දේශපාලනය අතට ගත්ත මැරයෝ සෙට් එකක් හරි ඇවිල්ලා ගහලා ගහලා ගිනි තියලත් දාලා ගියා කියලා. ඉතිං ඒ සෙට් එක යන්නේ කොල්ලා මැරුණා කියලා හිතාගෙන. අම්මට හුඩු මෙන්න තව ජුංඩකින් කොල්ල නැගිටිනවා දේවාලෙක පූජාවකට ගෙනාපු තඩි උක් ගහකුත් උස්සගෙන… ඊට පස්සේ කඩු, කිනිසි අතේ තියෙන මැරයින්ට කොල්ලා නෙලන්නේ අර උක් ගහෙන්…

අපි කොහොමත් ආසා නැහැනේ, අපි බලන මූවි එකේ කොල්ලට හතුරන්ගෙන් පාරක්වත් වදිනවට… ඉතිං ඒක දන්න නිෂ්පාදක ඇත්තෝ, එහෙම කොල්ලා  ගුටිකන සීන් වලි අස්සට දාන්නෙම නෑ… සිය දෙනෙක් එකතු වෙලා තුවක්කු දෙසීයකින් වෙඩි තිබ්බත්… අහල පහල එවුන්ව එව්වා වැදිලා මැරිලා වැටෙන එව්වා පෙන්නනවා මිසක් කොල්ලට වෙඩි වදින එව්වා පෙන්නන්නේ හෙනම කලාතුරකින්. ඒ වෙඩි වැදුනත් ඊළඟ නිමේෂයෙදී මූ නැගිටිනවා කටින් ලේ පෙරාගෙන, පපුව බදාගෙන පට්ට අමාරුවෙන්. හරියට දැං මැරෙයි දැං මැරෙයි වගේ ඉන්නේ. ඒත් ඌට පේනවා දේව රූපයක් හරි, එහෙමත් නැත්තං හතුරෝ උගේ පවුලෙ කෙනෙකුට කරපු කරදරයක් හරි මැවිලා… අන්න ඊට පස්සේ තමා සිරා වලිය පටන් ගන්නේ. ඊට පස්සේ හතුරන්ට දෙන්නේ, දෙකයි පනහේ නාරං බික් උඩ දාලා පයින් ගහලා කික් කරන ගානට. හතුරෝ එකසිය ගානක් විතර එක පාර උඩින් විසික් වෙලා ගිහිං කෙලින්ම වැටෙන්නේ ලොකු වතුර බාල්දි, කුකුල් කොටු, බේසම්, කලගෙඩි, මෝටර් බයික්, ට්‍රයි ෂෝ එහෙම පෙරලගෙන. අත්වල තියෙන කඩු, පොලු එහෙම එහෙම විසික් වෙන දුර… අම්බෝ… එච්චර දුරට ඔලිම්පික් යගුලිය දාන අවුන්ටවත් බෑ, කඩුවක් තියා අපේ රත්තරං පාට පුංචි රුපියලේ කාසියක්වත් විසික් කරන්න…!

උඩදාලා දෙන්නේ…

ලංකාවේ එව්වාගේ වගේ ගහන්න කලින් ඩිෂුම් ඩිෂුම් ගාන්නේ නැති නිසා බලං ඉන්න ආසයි. මල් වට්ටි, පිටි ගෝනි, පිදුරු මිටි මිටි එහෙම උඩින් විසික් වෙලා ගිහිං කෙල්ලගේ මූනෙයි ඇඟෙයි වැටෙන එකට තවත් ආසයි. අප්පා… ඒවවනේ බලන්න ඕනේ උසස් රස වින්දන හැකියාවක් වගේම මනා චිත්ත රූප මැවීමේ හැකියාවකුත් ලබාගන්න. ඒ දේවල් මළාට ලංකාවෙනම් වෙන්නේ නෑ. ඒ වගේම තමා අඳින ඇඳුම්. ගොඩක් වෙලාවට සාරිය තමා. සිංදුවකදි නම් ඉතිං සාරිය පටලව ගෙන කකුල් එහෙ මෙහේ කර කර නටන්න අමාරු නිසා පොඩ්ඩක් කොටට අඳිනවා තමා….!!! ඒත් ඉතිං ලංකාවේ වගේ අහවල් එකේ පාර්ට්ස් අස්සෙන් පේන්නම එහෙම කරන්නේ නෑ… මොකද ඉන්දියාවේ එවුන්ට ඒක නැතුවැයි… ඒක තමා ලිමිට් එක… දැං ඉතිං රෙදි උස්සං එයිද දන්නේ නෑ… ලංකාවේ මෙව්වා එකට අගෞරව කරනවා කියලා… මොකද්ද ඒකට කියන්නේ… ම්… ම්…. ආහ්…. චීත්තපටි කර්මාන්තයද කොහෙද….

ඒවා වැඩක් නෑ… මේ කතා කරන්නේ ටැමිල් මෙව්වා ගැනනේ… ඉතිං ඔය ටැමිල් වලි ගොඩක් වෙලාවට ඇති වෙන්නේ සාමාන්‍යෙයන් මිනිසුන් ගැවසෙන තැන්වල. නැත්තං ඉතිං කොහෙන්ද උඩින් ගිහිං වැටෙන්න ට්‍රයි ෂෝ, මෝටර් බයික් හොයන්නේ..? වැටුනම කුඩුවෙන්න කල ගෙඩි, නෑබිලි හොයන්නේ…? කාන්තාර වල, අතෑරලා දාපු ගෙවල් වල ඒවා නැහැ නේ…

නළුවන්ගෙන් නම් ඉතිං මූට තමා…

අනිත් එක නාගරිකව වලියක් ගියේ නැත්තං හතුරන්ගේ සෙට් එක සිං සිං ගාලා එතෙන්ට ඇක්සස් කරන්නේ කොහොමද… ඇමරිකාවට වගේ ජී.පී.ස් තියෙන හෙලිකොප්පර තියෙනවැයි උඩින් එන්න….! කහ පාටයි, කලු පාටයි ට්‍රයි ෂෝම තමා ඉතිං හැම දේටම. ඔක්කොමත් හරි ටැමිල් මූවි වල වලිය වටේට වට වෙලා බලන සෙනග කොහෙන් හොයන්නද වලිය නාගරිකව ගහනොගත්තා නම්…!

කොහොමත් මේකි හෙන හුරතල් පාටයි… නේද….!!!

වැරදිලා හරි කොල්ලට පොලු පාරක් වැදුනොත් ඉප්පිරිතාලයක්වත් තියෙන්න එපැයි ලඟ පාතක. ඒ අස්සේ අර පාට පාට කුඩු ගෙනි යන ගෑණු ළමයිගේ අත් වල හැප්පිලා ඒවා හුළඟේ ගිහිං අහසේ මැවෙන නෙක රටා මැවෙන්නේ කොහොමද කැලේක ගහගත්ත නම්…  අන්න ඒකයි බොහොමයක් ටැමිල් මූවි වල වලි නාගරිකව ගහගන්නේ.

සමස්ථයක් වශයෙන් ගත්තම ටැමිල් මූවි එකම සෙටප් එකක වුනාට. ටිකක් වෙනස් ඒවත් තියෙනවා. ඒවායිනුත් සුපිරිම ඒවාත් තියෙනවා. හරියට ලංකාවේ වගේ තමා. කුරෝලු වෙච්ච ජම්බු අස්සේ හොඳ ජම්බු නැද්ද….! අන්න ඒ වගේ තමා… හැබැයි ඔය ටැමිල් මූවි වල වලිවලට ගහන්න නම් වෙන කිසිම රටක වලි වලට බෑ. මොකද ටැමිල් එව්වෑ ඉන්න කොල්ලොන්ට මරන්න මරන්න පන එනවනේ…! වැඩිපුර තුවක්කු පාවිච්චි වෙන්නෙත් නැති නිසා උන්ඩ අපතේ යන්නෙත් නෑ… කඩු පාරක් කිණිසි පාරක් වැදුනයි කියලා සීයකට විතර ගහන්න පුළුවන් කොල්ලෙක් මැරෙන්නෙත් නෑනේ කොහොමත්…!

අන්න එහෙම පට්ට බොරු ගොඩක් මැද්දේ වුනත් කම්මැලි නැතුව බලන්න පුළුවන් හොඳම මූවිස් තමා ටැමිල් මූවි කියන්නේ… දැං ඉතිං මෙච්චර ගොඩක් කියලා මං ආසම කෙල්ල කවුද කියලා කිව්වේ නැත්තං මේක කියවන අයට කරන ආසාධාරණයක් වෙනවානේ…  ඉතිං මේං මං ආසම කෙල්ල. මෙයා ගිය අවුරුද්ද දිහාවේ ලංකාවෙට චිත්‍රපට රූගත කිරීමකට ආවා කියලා තමිල්නාඩුවේ අපිට ආදරේ අය, මෙයාට චිත්‍රපට වල රඟපාන්න අවස්ථා නොදී ඉන්න තරමට කරුණාවන්ත වෙලා තියෙනවා….!

%d bloggers like this: