නිදිමත – බුදිමත…

නිදිමත….

නින්ද කියන්නේ මිනිස්සුන්ගේ වගේම සතුන්ගෙත් ප්‍රධාන සෞඛ්‍යමය අවශ්‍යතාවක්. දවස පුරාම වෙහෙසෙන ශරීර අවයව වලට නිවාඩුවක් දෙන්න, ඒ ඒ අවයවයන් භාවිතා කිරීමේදී වැය වුන ශක්තිය, පේශීන්, අස්ථි ආදි සෑම දෙයකම නැවත වැඩීමත් සිද්ධ වෙන්නේ නින්දෙදි. සෞඛ්‍යමය වශයෙන් විතරක් නෙමෙයි මානසික වශයෙනුත් විඩාවට පත් මොල වලට පුංචි විවේකයක් දීලා, තැන් තැන් වල ඉතුරු වෙලා තියෙන සිතුවිලි හිත ඇතුලෙ එක තැනක ඩිෆ්‍රෙග් වෙන්නෙත් නින්දෙන්. ඒක නිසා තමා හදිසියේ ඇතිවෙන මොකක් හරි විසඳුමක් හොයාගන්න බැරි ප්‍රශ්නයක් සඳහා හොඳම බේත සුළු නින්දක් කියන්නේ…!

ඉතිං නින්ද කියන්නේ සාමාන්‍ය වගේම අනිවාර්යය අවශ්‍යතාවයක්. මිනිස්සුන්ට විතරක් නෙමෙයි හැම සත්ත්වයෙකුටම.

මූ නම් කාලා කාලා දොයිද කොහෙද…

නිදා ගන්න වෙලාව එක එක සත්ත්වයින්ගෙන් සත්ත්වයින්ට වෙනස් වුනාට හැමෝම කරන්නේ නිදියන එකම තමා…! නිදියගන්න ඕනේ වුනාම ඒකට කියන්නේ නිදිමත කියලා. ඈණුමක් දෙකක් යද්දී ඒකෙන් පෙන්නුම් කරන්නේ “දැන් ඔබේ ශරීරයට පුංචි විවේකයක් අවශ්‍යයි“ කියන එක. ඉතිං එහෙම ඇලර්ට් වෙන්න ගොඩක් දෙනෙකුට නියමිත වෙලාවක් තියෙනවා. අන්න ඒ වෙලාවට ඉතිං ඇඳ හොයාගෙන ඇඳට පනින එක තමා කරන්න තියෙන්නේ. හිටිගමන් ගොඩක් වෙහෙස වෙලා යම් කාර්යයක නිරත වෙලා ටික වෙලාවක් නිකං හිටියොත් ඈණුම් දෙක තුනකින් ඇලර්ට් කරනවා විවේකය ගැන පණිවිඩය. එතකොටනම් ඉතිං හිටගෙන වුනත් විවේකයක් ගන්න තමා මොලේ ට්‍රයි කරන්නේ.

බුදිමත…

බුදිමත කියන්නේත් නිදමතටම කියලා තමා ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ. ඒත් ඒක එහෙම නෙවෙයිලු. නිදිමත කියන්නේ ස්වභාවිකව ඇතිවෙන අවශ්‍යතාවයක් වුනාට බුදිමත කියන්නේ ටිකක් විතර අස්වාභාවික තත්වයක්. ඒ මෙහෙමයි… බුදිමත කියන්නේ, කාලා කාලා බංඩිය පිරුනම ඒ ආහාර දිරවීම සඳහා අවශ්‍යවන රසායනික ක්‍රියාවලිය නිසා ශරීරයේ අනෙකුත් ක්‍රියාවන්ට වැඩිය ප්‍රමුඛස්ථානයක් ලබා ගැනීමට ලබාගන්න සුළු විවේකය. බුදිමත ඇතිවුනාම කොයිම වෙලාවකවත් සිටින ස්ථානය අදාල වෙන්නේ නැතිලු. නිදා නොගැනිය යුතු තැනකදි කෙනෙක්ට බුදිමත හැදිලා එතෙනම ඉඳන්  නින්ද යන එක වලක්වන්න උත්සාහ ගත්තොත් තවත් නිදිමත ස්වභාවය වැඩි වෙනවලු. ඒක නිසා කරන්න පුළුවන් හොඳම දේ ටිකක් ඇවිදින එක, කා එක්ක හරි කතාකරන එක වගේ වැඩිය මොලෙත් නොවෙහෙසෙන ශරීරයත් නොවෙහෙසෙන පුංචි ක්‍රියාකාරකම් කියලා තමා කියන්නේ.

ඒ වගේම නිදිමත හැදිලා නිදියන කෙනෙකුගේ මූහුණේ ඉරියවු හා බුදිමත හැදිලා නිදියන කෙනෙකුගේ මුහුණේ ඉරියවු සම්පූර්ණයෙන්ම වෙනස්ලු. නිදිමත හැදිලා නිදියන කෙනෙක්ගේ මූනේ තියෙන ස්වභාවයට වඩා බුදිමත අයගේ මුහුණ ගොඩක් වෙහෙසෙකර පාටක් පෙන්නුම් කරනවා වගේම යම් කිසි වේදනාවකින් පෙලෙන ගතියකුත් පෙන්නුම් කරනවලු.

ඉතිං ඒක නිසා ගොඩක් කාලා බංඩිය පුරෝගෙන, කවදාවත් නිදාගන්න නම් හිතන්න නම් එපා. ඒක තනිකරම බුදිය ගැනීමක් විතරයි. ඒකෙන් කෙරෙන්නේ ආහාර දිරවලා ආහාර ටික පැක් වෙන එක විතරයි. එහෙම නැතුව සිතුවිලිවල පිලිවෙල කිරීමක් ගැනනම් හිතන්න බෑ…

නිදිමතටයි, බුදිමතටයි අමතරව තවත් මත වල් තියෙනවා…. වෙරිමත / කනමත තමා ඊලඟට ලීඩ් කරන්නේ…!!!

53 Responses to “නිදිමත – බුදිමත…”

  1. මධුරංග Says:

    ගෙදරදි නම් මම කාලා අත ගත්ත හැටියෙම නිදියනවා. හැබැයි වැඩ කරන තැන එහෙම කරන්ඩ බැරි එක තමා අවුල.. 🙂

  2. indika27 Says:

    මං හිතන් හිටියෙ ඔක්කොම මතවල් එක වගේ කියලා..දැන් නේ තේරුනේ…

  3. සිතුවම් Says:

    දැන් එතකොට මාළුන්ට නින්ද ගියාම උන් වතුරෙ ගහගෙන යන්නෙ නැත්තෙ ඇයි?
    බුදිමත හැමදාම දවල්ට හැදෙන එක නේද?ඕක හැදෙන්නෙ ඔෆීස් එකේදි විතරයිනෙ.

  4. මාඩා Says:

    ඒ බං කොච්චර කෑවත් බුදිමත එන්නෑනේ… 😦

    ඉදල හිටලා සතිගානකටම එක පාරක් අල්ලනවා….

  5. රූ Says:

    ඒ වුනාට කාලා ඉවර වෙලා පුළුවන් නම් ටිකක් වෙලා නිදා ගන්න කියලනෙ ඩොක්ටර්ලා කියන්නේ…
    අපේ ඔපිසියටත් මේ යෝජනාවද දාන්න ඕනෑ..:)

  6. praveena Says:

    මට නම් හැම තිස්සෙම නිදිමතයි. ඒ මදිවට කාලා ඉවර උනු හැටියේ බුදිමතයි. අනේ මන්දා බලනකොට වෙන වැඩක් කරන්ට වෙලාවක් නෑනේ… 😀

  7. DDT Says:

    ෂා …. අර කාල කාල දොයියන කොලුව මම වගේමයි. සයිස් එකත් එමමයි. වැඩ කෑල්ලත් ඉතින් එහෙම්මම තමා. මගේ නම් ඉතිං ප්‍රියතම බඩ පැලෙන්න කාල දොයියන එක. 😀

  8. පරිකල්පන Says:

    බුදිමතෙත් හොඳම එක එන්නෙ කිරිබත් කාල වැඩිඋනාමනෙ…

  9. නිසුපා Says:

    බුදිමත වෙන්නෙ ආහාර වල පෝෂණය උරා ගන්න ලේ වැඩිපුර බඩට යන නිසාලු.

    • Gold fish Says:

      ඔව්… ඊට අමතරව අනෙකුත් ක්‍රියා සඳහා යොදවන ශක්තියත් ආහාර ජීර්නයට යොදාගන්නවලු. ඒ වෙලාවට ශක්ති ජනක හෝමෝන මර නින්දෙලු… ජීර්ණයෙන් පස්සේ තමා ආයෙමත් නෙස්ටොමෝල්ට් එකක් එහෙම බීලා ප්‍රබෝධමත්ව ඇහැරෙනවා කියන්නේ…

  10. අකීකරු හිත Says:

    ඒක නෙවෙයි මාළුන්ට බුදිමත හැදෙන්නේ නැද්ද දන්නේ නැ නේද

  11. DDT Says:

    ආ …. අර ෂර්ලොක් හෝම්ස් කතාවල උන්නැහේට ලොකු ගැටළුවක් ආවම එයා නිරාහාරව ඉන්නව ආහාර ජීර්ණයට වෙන්වුනාම මොළය ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ලේ සැපයුම අඩාල වෙනව කියල. ඒ කතා ලියපු ඩොයිලිත් ඩොක්ටර් කෙනෙක් නිසා වෙන්න ඇති එහෙම ලියන්න ඇත්තෙ. (මට නම් පුදුම ගැටළු විසඳීම කෙසේ වෙතත් හෝම්ස් කලන්තෙ දාල වැටුනෙ නැති එකට :))

    • Gold fish Says:

      එහෙනම් අයියේ චිත්‍රපටි වල නලුවෝ හොල්මන් වෙන්න ඕනේ… උං කී පරක් නම් මැරෙනවද… එකම චිත්‍රපටියක කීපාරක්ම වෙඩි වදිනවද… මැරෙනවද… 😀

      • DDT Says:

        පිස්සුද කොළුවො, ෆිල්ම්වල ඉන්න ප්‍රධාන නළුවට වෙඩි වදින්නෙ හදිසියෙන්. වෙඩි වරුසාවක් මැද්දෙන් මෑන් යනව එකක්වත් නොවැදි. ගිහින් වෙඩි තියපු එවුන් සීයකට විතර තනියම ගහනව බිම වැටෙන්නම. බලන් ඉන්න එවුන්ගෙ මයිල් ඉස්මයිල් වෙනව කොළුවො.

      • Gold fish Says:

        මේ ලඟඳී බලපු මූවි එකකගගග අම්මෝ ඒකෙ තිබ්බ බොරු ගොඩග එකෙකුට 100ක් විතර වෙඩි තියනවා එකක් වදින්නේ නෑ කියපංකෝ… පස්සේ ඔන්න කොල්ල කපනවා අරුං සීයම එක මන්නෙකින්… කෝම හරි අන්තිමේ කොල්ලා දිනනවා… 😀

  12. ළිහිණි Says:

    නිදිමත …බුදිමත කෙසේ වෙතත් ගෙදර ඉන්න වෙලාවට මහන්සියක් තිබුනත් නැතත්…කට කපලා නිදා ගන්න නම් මාත් කැමතියි. හැබැයි ඉතින් මට නින්ද ගියාට පස්සෙ ඒ නිදිමත් ඉරියව් ද …බුදිමත ඉරියව් ද කියලා නම් මම දන්නෙ නෑ 😛

  13. Weniwel Says:

    මේ දවස් වල නම් දවල්ටත් නිදිමතයි අෆ්ෆා.. ඒත් රෑ වෙනකම් කොහෙ නිදියන්නද ?

  14. ඔබ නොදු‍ටු ලොවක්....... Says:

    ඉරිදා වෙනකං බලන් ඉන්නේ දවල් වෙනකං දොයිය ගන්න…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: