ඈක්කා… කම්මැලියා…

ඈක්කා… කම්මැලියා…

මේ අගෝස්තු මාසේ මුලනේ… ඉතිං හැම මාසෙම වගේ මේ මාසෙත් මුල හරියේ ටිකක් දිග පෝස්ට් එකක් ලියනවා කියන්නේ මහා අමාරු වැඩක්…! ඊටත් වැඩිය කම්මැලි වැඩක්. කොයිතරම් කම්මැලිද කියනවා නම්, ඔයාලට මතකයි නේද හත්පෙති මලේ ශේන්යා නංගිව…. ඉතිං එයාට අර ආච්චි දීපු ලස්සන පෙති හතේ මලෙන් මල් පෙත්තක් විසි කරාම ඕනෙ දෙයක් කරගන්න පුළුවන්නේ… කොයි තරම් ලේසි වැඩක්ද මල් පෙත්තක් කඩලා විසික් කරනවා කියන්නේ. ඉතිං මගේ කම්මැලි කම කියන්නේ… අන්න එහෙම මලක් හම්බුනත් පෙත්තක් කඩලා විසික් කරලා ඕනේ දේ ඉල්ල ගන්න හිතෙන්නෙ නැති තරමටම ම්මැලියි…!!!

දැන් ඉතිං ගෑණු ළමයි කියයිද දන්නේ නෑ “අපෝ මූව බඳින කෙල්ලට දෙයියන්ගෙම පිහිටයි කියලා“…. හුහ්… අනිවාර්යෙන් කෙල්ලට දෙයියන්ගෙම පිහිටයි…!!! 😀

කම්මැලි කම යන්න මේං ඔෆිස් එකේ නිතර භාවිතා වෙන වචන ටිකක්….

  • මේ මල්ලි ඉතුරු බැලන්ස් එක ගන්න.
  • ඒ මචං මට මේ සෙල් ඔක්කොම ටික ඕල් සිලෙක්ට් කරන හැටි කියපං.
  • මේහ්…. පුටු ගහන චෙයාර් මෝල්ඩ් එකේ වැට් කීයද..?

ඔය සෙට් එක ඇසිස්.අකවුන්ටන්ගේ….

 

  • අද රෑට උඹලා නයිට් ඉන්නවද..?
  • අද දවල්ට ලන්ච් ගන්නේ කොහෙන්ද…?

එච්.ආර්.ජෝතිපාල නෙමෙයි… මැනේජර්.

 

  • ඉන්වෙන්ට්‍රි ඩිෆරන්ස් එකේ වෙනස කීයද…?

ස්ටෝර්ස් මැනේජර්…

 

  • අද අමතර බැකප් එකක් ගන්න ඕනේ බං…

කව්ද දන්නේ නෑ ඒක කියන්නේ…. නම මතකයි මතකයි වගේ… මේ දිව මුල තියෙනවා ලියවෙන්නේ නෑනේ….

 

48 Responses to “ඈක්කා… කම්මැලියා…”

  1. DDT Says:

    ඈක්කා… කම්මැලියා…

    මොකද අර ‘අනිවාර්යෙන් කෙල්ලට දෙයියන්ගෙම පිහිටයි‘ කියල කිව්වෙ. උඹ දේවාල කපුවෙක් වත් ද? 😀

  2. මඩිස්සලේ නිශාන් Says:

    අනේ මන්දා උඹේ කම්මැලිකම නිසා මට සමහර ඒවා තේරුනෙත් නැහැ බං

  3. Hareendra Perera Says:

    මට අද උදේ හිතුනා මේ වගේ එව්වා.. දැන් මතක නෑනෙ ඇයි එහෙම හිතුනෙ කියලා.. ආ.. මතක් වුනා හසිත පෝස්ට් එක කියවද්දි සුද්දන්ගෙන් අපිට ලැබිච්චා හැටියට..

    බෑට් පිත්ත
    කැප් තොප්පිය
    බ්ලේඩ් තලය
    බෝඩ් ලෑල්ල
    ඇයි සිංහලයන්

  4. Sumith Niriella Says:

    //අද අමතර බැකප් එකක් ගන්න ඕනේ බං…//

    ඒක කියන එක්කෙනා මතක් කරලා දෙන්නද…?

    ප්‍ර…………න ( අපිනම් කියන්නෙ මාලුවා කියලා)….. 😀

  5. සාතන් Says:

    කම්මැලිකම ගැන කතා කරන්නත් කම්මැලි බන්

  6. මධුරංග Says:

    මටත් මේ දවස් ටිකේ මාර කම්මැලියි අප්පා. කරන්ඩ කිසිම වැඩක් නෑ. පාඩම් කරනවා කියලා ඔහොමත් පාඩම් කරන්න යෑ.. 🙂

    අර ‘හුහ්’ කියන වචනේ කියන්ඩ එපා ඈ… එතකොට මට කියන්ඩ හිතෙනවා මොන හු..හ් කියලා හික්ස් 🙂

  7. Kandyan Says:

    “අද ලන්ච් අවර් එක පැය බාගයයි” කියන බොස්ලාත් ඉන්නවා සමහර ඔෆිස් වල!

  8. ගිනි කුරුල්ලා Says:

    කමෙන්ට් එකක් දාන්න කම්මැලියි බන්. ඔන්න ඔහේ අද කමෙන්ට් නොකර ඉන්නම් 😀

  9. henryblogwalker the Dude Says:

    උඹ කම්මැලිකමට ලිව්වට හොඳ කලෙක්ෂන් එකක් මාලු. උඹ අන්තිම ලාස්ට් බස් එකේ ගෙදර ගිහින් නැද්ද ඕටී කරලා?
    ඒයි අන්න උඹට මඩක් ගහලා තිබ්බ එකෙක් කැරට් 86යේ රන් මාලුවා කියලා ලියන්නගෙ බ්ලොග් එකේ.

    මාලු උඹ දන්නවා නම් අර අටම්පහුරට පොඩි සපෝට් එකක් දීපං ඌ අහලා තියෙන ප්‍රශ්නෙට. මම උත්තරයක් දැම්මා. තවම දැකලා නෑ වගේ

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

  10. නිසුපා Says:

    හි හි.. ඔයා කම්මැලි වුනාම ලියනවා.මං ඒකත් නෑ නෙ. 😀

  11. පිණිබිඳු Says:

    මට නම් පෝස්ට් එකක් තියා කමෙන්ට් වලට රිප්ලයි එකක් දාන්න බැරි තරමෙ කම්මැලිකමක් තියෙන්නෙ.

  12. mohan kanishka Says:

    backup ganna kathawa kiyanne uba thama kiyala ratama dannawa.

  13. හංසකිංකිණි Says:

    මලේ බ්ලේඩ් තලේ දීපංකො..
    ආ මෙන්න මේ කැප් තොප්පිය උඹ දාගනිං!!!


නිසුපා වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: