ඈක්කා… කම්මැලියා…

ඈක්කා… කම්මැලියා…

මේ අගෝස්තු මාසේ මුලනේ… ඉතිං හැම මාසෙම වගේ මේ මාසෙත් මුල හරියේ ටිකක් දිග පෝස්ට් එකක් ලියනවා කියන්නේ මහා අමාරු වැඩක්…! ඊටත් වැඩිය කම්මැලි වැඩක්. කොයිතරම් කම්මැලිද කියනවා නම්, ඔයාලට මතකයි නේද හත්පෙති මලේ ශේන්යා නංගිව…. ඉතිං එයාට අර ආච්චි දීපු ලස්සන පෙති හතේ මලෙන් මල් පෙත්තක් විසි කරාම ඕනෙ දෙයක් කරගන්න පුළුවන්නේ… කොයි තරම් ලේසි වැඩක්ද මල් පෙත්තක් කඩලා විසික් කරනවා කියන්නේ. ඉතිං මගේ කම්මැලි කම කියන්නේ… අන්න එහෙම මලක් හම්බුනත් පෙත්තක් කඩලා විසික් කරලා ඕනේ දේ ඉල්ල ගන්න හිතෙන්නෙ නැති තරමටම ම්මැලියි…!!!

දැන් ඉතිං ගෑණු ළමයි කියයිද දන්නේ නෑ “අපෝ මූව බඳින කෙල්ලට දෙයියන්ගෙම පිහිටයි කියලා“…. හුහ්… අනිවාර්යෙන් කෙල්ලට දෙයියන්ගෙම පිහිටයි…!!! 😀

කම්මැලි කම යන්න මේං ඔෆිස් එකේ නිතර භාවිතා වෙන වචන ටිකක්….

  • මේ මල්ලි ඉතුරු බැලන්ස් එක ගන්න.
  • ඒ මචං මට මේ සෙල් ඔක්කොම ටික ඕල් සිලෙක්ට් කරන හැටි කියපං.
  • මේහ්…. පුටු ගහන චෙයාර් මෝල්ඩ් එකේ වැට් කීයද..?

ඔය සෙට් එක ඇසිස්.අකවුන්ටන්ගේ….

 

  • අද රෑට උඹලා නයිට් ඉන්නවද..?
  • අද දවල්ට ලන්ච් ගන්නේ කොහෙන්ද…?

එච්.ආර්.ජෝතිපාල නෙමෙයි… මැනේජර්.

 

  • ඉන්වෙන්ට්‍රි ඩිෆරන්ස් එකේ වෙනස කීයද…?

ස්ටෝර්ස් මැනේජර්…

 

  • අද අමතර බැකප් එකක් ගන්න ඕනේ බං…

කව්ද දන්නේ නෑ ඒක කියන්නේ…. නම මතකයි මතකයි වගේ… මේ දිව මුල තියෙනවා ලියවෙන්නේ නෑනේ….

 

%d bloggers like this: