මොනාද ඔච්චර කියවන්නේ ඇස් දෙකෙන්…? | මගේ යශෝධරාවත 23

එදා සෞම්‍ය සුන්දර කාලගුනේ. ම්… අද නම් හොඳ දවස යශෝධරා එක්ක රන්ඩුවක් අල්ලන්න. මං කුමාරයාගේ අකීකරු හිතට එහෙම හිතෙන්නේ, වැඩිය අව්ව වගේම වැස්ස තියෙන දාටත් කුමාරිකාව එක්ක නඩු පටලෝ ගන්න ගියොත් නඩුකාරි ගෙන් ලැබෙන දඬුවම ටිකක් සැර නිසා. එතකොට නඩුව වටේට තව තව අපරාද චෝදනාත් එල්ල වෙනවා.

මේ වගේ වැස්සේ තෙමිලා ඇති  ඕනෙතරම්….

වැස්ස දවසට රන්ඩුවක් ඇල්ලුවොත්… යශෝධරාව රන්ඩුවට පොළඹවාගෙන මහ වැස්සේ තෙම්මවීම කියන අධි චෝදනාව තමා කෙලින්ම. හරියට නිකං හා පැටික්කිව මං කුමාරයා කරේ තියං දිව්වා වගේ මහ අසාධාරණ විදියට තමා නඩුකාරි ඇවිත් ඒක පාර්ශවික නඩු තීන්දුවක් දීලා මං කුමාරයාගේ කන මිරිකලා, “හිටපිය… කෙල්ලගේ ඔළුව පිහිදලා ඇවිත් දෙන්න දෙකක්“ කියලාකියන්නේ. අම්මටම හරියන දූ පොඩ්ඩගෙන්, මං කොච්චර බලාපොරොත්තු වුනත්  “ අනේ පවු අයියා“ කියලා කියයි කියලා… කොහෙද… මේ නපුරි කියන්නෙත්… හොඳ වැඩේ, හොඳ වැඩේ… අල්ලගෙන ගහමු අම්මේ කියලා… කමක් නෑ ඒ අතින් පාරක් වදිද්දිත් සැපයි… රොමෑන්ටික් වලිනේ.

එහෙම්ම තමා අව්ව තියෙන දාට… “බලනවා හොර කොල්ලෝ, නංගිත් එක්ක ඔට්ටු වෙලා ඔට්ටු වෙලා, මේහ්….  කෙල්ලට ආයෙ දාඩිය බේරෙනවා…” කියලා මට කියලා, “හ්ම්… දැන් ඉතිං අයියත් එක්ක නැටුවනම්, අයියටම කියලා නාවලා ඔළුවත් පිහිදවා ගන්නවා…!” කියලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න සුදු බෝලෙට කියනවා.

අන්න ඒ වෙලාවට අර බේරෙක් නැති චැටර් බොක්ස් එක ඉබේ ක්‍රියාත්මක වෙනවා. හා… යං යං… අම්මට බැරිනම් මං නාවලා, ඔළුව පිහිදන්නම්… කියාගෙන පුටුවෙන් නැගිටින කොටම… නෑ නෑ… මගේ කෙල්ලව මංම නාවා ගන්නම්… කියලා ආයේ මැද්දට පැනලා කලින් වාක්‍යයෙන් දාපු පොර ටෝක් එකේ සම්පූර්ණ පරාජය නඩුකාරි භාර ගන්නවා. එහෙම වෙලාවට තමා ඉතිං නඩුකාරි ඇරෙන්න විත්ති පාර්ශවයයි, පැමිණිලි පාර්ශවයයි දෙන්නම හිනා වෙන්නේ….!!!

ඉතිං ඔය අව්ව වැස්ස මැද්දේ ගෙවෙන දවස් වලට, ගොඩක් වෙලාවට මාලිගය ඇතුලෙම යශෝධරාවයි, මං කුමාරයයි ඉන්නේ…. නෙවෙයි හිටියේ….  අදාල දවසෙත් මං යන කොටම කුමාරිකාව ඉන්නව, සැටියට වෙලා පොතක් කියෝ කියෝ.

මොකද්ද ඔය පොත…? ම්…..

……………………………………………………………………………………

මොකද්ද ඔය පොත…?

……………………………………………………………………………..

එකම ප්‍රශ්නේ දෙපාරක් අහලත් උත්තර නැතිවුනාම ඉතිං සුළු අවි ප්‍රහාරයක්….

ඒයි බීරි කෙල්ලේ මොකද්ද ඔය පොත….?

අම්මේ…. මෙයා මට බීරි කෙල්ලලු…. බලන්නකෝ….. ම්… දැන් හරි වැඩේ… ආදරේ ඉතිරෙන යුද්ධයක ආරම්භය…!

කව්ද බීරි කෙල්ල….. කියලා අහගෙන සිරියහන් ගැබෙන් එනවා නඩු කාරි, නඩු කාරි නෙමෙයි නඩු ආච්චි…

ඇයි මගේ දෝනිට බීරි කෙල්ල කිව්වේ…? ඈහ්….?

අම්මෝ සැර… බීරි කෙල්ල කිව්වේ ඇස් පේන්නේ නැති නිසා.

ඊට පස්සේ වහාම ක්‍රියාත්මක වන පරිදි නඩුව නිශ්ප්‍රභයි….!

ම්… මේ… ඔයාට පුළුවන්ද මෙහෙම කුෂන් එක කරකවන්න…? යශෝධරාව තව සෙල්ලමක් පටන් අරගෙන ඒ පාර. පුටුවේ කුෂන් මහපට ඇඟිල්ලේ තියලා එක දිගට රබන් කරකවනවා වගේ වට දහයක් විස්සක් කරකවන්න පුළුවන් එයාට. කුෂන් එක කරකවන එකට වැඩිය ලස්සන චූටි කට පොඩ්ඩ එයාටත් නොදැනිම ඇරිලා, ඇස් දෙකත් අර බෝනික්කන්ගේ ඇස් වගේ කුෂන් එකත් එක්ක කැරකෙන එක…!

අනේ මට බැහැනේ…. කියලා දෙන්න…. මටත්….

බෑ… බෑ… මේක කියලා දෙන්නේ නෑ… එතකොට ඔයා මට පේන්න කරකවයි….

හ්ම්… අනේ තියාගන්නවා තමුසෙගෙ මහ ලොකු සෙල්ලම.

තමුසේ…????

හ්ම්…………..!

නෑ… නෑ… ඔයාගේ… ඒ වෙලාවට පැණි බේරෙන වචන කොච්චර ආවත්, හිතේ තියෙන දඩබ්බර කමට ඒවා කියවෙන්නේ නෑ… වටිනා කම අඩු “ඔයා“ කියන වචනය විතරයි පිටවෙන්නේ. එකම එක පාරක් ඔය වගේ වෙලාවක මං කුමාරයාගේ කටින් “මැණික“ කියලා කියවිලා, මගේ දිහා මූන රෝස පාට කරගෙන, ඇස් දෙක දිලිසි දිලිසි බලාගෙන හිටිය හැටි මතකයි මට. එවේලෙනම් ගොඩක් ආදරේ හිතෙන්න ඇති මං ගැන. මටත් එහෙමයි… නැත්තං ඒ බලාගෙන හිටිය විදිය මට දැනුත් මතක් වෙන්නේ නැහැනේ.

හා…. හරි…. ඔයා මහ ලොකු වැඩ්ඩා නම් මගේ ඇස් දෙක දිහා බලාගෙන කරකවන්න ඔය කුෂන් එක…

මං මොකටද ඇස් දිහා බලන්නේ ?

ඔයාට බෑනේ… හූ… හූ….

ඉන්නකෝ…

ඔය මොනා කියලා පටන් ගත්තත්, එක දිගට තත්පර දෙක තුනක්වත්… දුඹුරුපාට මගේ ඇස් දෙක දිහා බලාගෙන යශෝධරාවට ඉන්න බැරි බව මං කුමාරයා දන්නවනේ…. ඇයි කියන්න දන්නේ නෑ… ඒත් එයාට එහෙම කරන්න බෑ… සමහරවිට බය හිතෙනවා ඇති…. අනන්තවත් ඔය ප්‍රශ්නෙට උත්තරයක් අහන්න හිතුනට… කවදාවත් ඒ ඇයි කියලා අහගන්න බැරිවුනා.

ඉතිං ඔන්න පටන් ගත්තා,  යශෝධරාවගේ සෙල්ලම. වට තුනක් උපරිම කරකවන්න ඇති… අනේ මට බෑ…..

හූ… හූ…

සුදු මූනු පොඩ්ඩ සතූ කරගෙන… යනවා යන්න… හ්ම්… මොනාද ඔච්චර කියවන්නේ ඇස් දෙකෙන්…? කට නැද්ද…?

ඒ ප්‍රශ්නෙට උත්තර නැත…..!!! තාමත්….!!!! මටම…!!!! මං ඇත්තටම මොන තරම් දේවල් කියන්න හිටියද…?

මොනවා කිව්වත් කියපුවා තේරුම් ගන්න බලන් හිටියේ නෑනේ ඉතිං ටිකක් වෙලා. හැමදාමත් ඇස් දෙක මග ඇරියා මිසක්…!!!

58 Responses to “මොනාද ඔච්චර කියවන්නේ ඇස් දෙකෙන්…? | මගේ යශෝධරාවත 23”

  1. Sarath Lankapriya Says:

    මේ කාලේ නම් ඉතින් නඩු කාරියක් හිටියාට වරදක් නැහැ.. පස්සේ කාලේදී නඩු අහන්න ගන්නේ නැත්නම්..

  2. මාඩා Says:

    සිරාම සිරා…. ගොඩ කාලෙකින් අප්ඩේට් උනේ…… එලම තමයි….

    ඒ කෙල්ලට හිතෙනවා ඇති පූසෙක්ට අහුවුන මී පැටියෙක් කියලා….. 😀

  3. සිංහයා Says:

    ඔන්න අයෙත් සීරිස්‌ එක පටන් ගත්ත,,,, ජය වේවා,,,,

  4. ගිනි කුරුල්ලා Says:

    ඇත්ත කියපන් උඹ පැණි හලන්න පටන් ගත්තේ යශෝධරාව මොන්ටිසෝරී යන කාලේ ඉදන්ද? 😛

  5. මධුරංග Says:

    මේවට මම් මොනවද කියන්නේ කියලා හිතාගන්න බෑ…
    ආදරේට රණ්ඩු වෙන එහෙත් ෆන් එකක් තියෙනවා කියලා මේ පෝස්ට් එක කියවගෙන යනකොට හිතුනා. 🙂

  6. Gilmmer Girl Says:

    ane hari sweet.. ane ithin oye yashodara oyate baha deela nadde thama? mate therenne nathi eke deyak thama ekek 😦

  7. රූ Says:

    //මොනවා කිව්වත් කියපුවා තේරුම් ගන්න බලන් හිටියේ නෑනේ ඉතිං ටිකක් වෙලා. හැමදාමත් ඇස් දෙක මග ඇරියා මිසක්…!!!//

    මේක තමා සිරාම කෑල්ල..:)

  8. haree Says:

    කාලෙකින් ඇවිත් තියෙන්නෙ.. මේ බ්ලොගේ මම කැමතිම මේකට.. කෝ ඉතින් උඹ ඒක ලියන්නෙ ඉඳලා හිටලානෙ..

    • Gold fish Says:

      උඹ කියන විදියට මේක ලියන්න බෑ හරී… පස්මහ බැලුම් ගැලපෙන්න ඕනේ බං මේක ලියන්න… සිරා නැකතක් බලලා හෙම තමා වැඩේ පටන් ගන්නේ…, කතාව මැද්දෙදි නවත්තන්න හිතෙන්න එපා කියලා මල් වට්ටියකුත් තියලා… 😀

  9. නිසුපා Says:

    ඇස්වලින් කොච්චර දේවල් කිව්ව හැකිද නේ මාලුවෝ…

  10. සිතුවිලි සිතූ Says:

    හැමදාමත් වගේ හරිම ලස්සනයි… අන්තිම වැකිය තමයි මුළු කතාවේම ලස්සනම කොටස…

  11. Hiruhimawi Says:

    හරිම ලස්සනට ලියල තියනවා,,කියවනකොට මැවෙන්න ඒ ඒ පේලිය.. 🙂
    ඔබට ජය සහෝ..
    wordpress උන එකයි අවුල..බ්ලොගර් නම් Dashboard එකට එනවනේ..:(

  12. maal Says:

    මටත් තියනවා ඔහොම ඇස් මගහරින ලෙඩක්. ඇයි කියන්න තේරෙන්නේ නැ. බය හිතෙනවද කොහේදෝ…

  13. කෙෂාන් විදුරංග Says:

    මේක තමා මං ආසම Chapter එක මේ කතාවෙම…. පස්ට ඈ.. මාළුව එන්න එන්නම රොමෑන්ටික් වෙනවනෙ ඈ..

    බලමු අන්තිමට කියවන හැම එකාම ගොනාට අන්දල “මං තුමා යාසෝදරාව බැන්ද“ කියල දාපං….

    මං දන්නැද්ද උබේ හැටි….

  14. dilan thivanka Says:

    හුග කාලෙකින් බ්ලොග් එකක් බෑලුවෙ.මෙ මගෙ පලවෙනි කමෙන්ට් එක .මාර කතාවක් ඉක්මනට ටව එකක් දෑම්මෙ නත්තන් බලමු


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: