එක අහසක් යට, ජාලය නැතිව…

පහුගිය සඳුදා… හරි වාසනාවන්ත දවසක්. දවසෙන් වැඩි හරියක් නෙට් එකට කනෙක්ට් වෙන කෙනෙකුට ඒක නැති වුනාම  කොච්චර අවුල්ද කියලා කියන්න ඕනේ නැහැනේ. ඉතිං ඉරිදා සෑ වෙනකං ගෑල්ලමයෙක් එක්ක චැටක් දාගෙන ඉඳලා සඳුදා උදේම ඔෆිස් ඇවිත් තියෙන්නේ අන්තර්ජාලය ගෙදර තියලා.

ඉතිං කරන්නම දෙයක් නැති පාර ඇර ගත්තා මොඩි ෆයි කර කරහිටිය ෆොටෝ ෂොප් ෆයිල් එක. ඒකෙ මං මුලින්ම හැදුවේ අකුණු වලින් පිරිච්ච මහ කැත අහසක්. ඊට පස්සේ චූටි වැස්සක් දාලා, එක එක විකාර කරලා ගත්තම ඒ අහසෙන් තව වැඩ ගොඩක් ගන්න පුළුවන් වුනා.

ඉතිං දවසේ වැඩ ටික ඉවර කරලා හිතාගත්තා මොකක් හරි මෙව්වා එකක් හදනවා කියලා අර අහසෙන්ම. මේං දවස ඉවර වෙද්දී, විවේක තිබුන වෙලාවලදී ෆොටෝ ෂොප් වලින් හැදිලා ඉවර වෙච්චි එකේ ලස්සනම ක්‍රොප් එක….! බලන්න ලස්සනද කියලා….

ම්… මහන්සියි….

මේ ඉමේජ් එකේ ඔරිජිනල් සයිස් එක 1366 x 768 pix.  ඉමේජ් එක ඇතුලේ බ්‍රෂ් පාරවල්, ඉෆෙක්ට්ස් ඇරෙන්න වෙන කිසිම පිටින් ගත්ත ඉමේජ් එකක කෑල්ලක්වත් නෑ…. ඔරිජිනල් එක මෙතනින් ඩවුන් කරගන්න ඕනෙනම්… ඒක වයිඩ් ස්ක්‍රීන් මොනිටර් වල ස්ටෑන්ඩර්ඩ් බැක් ග්‍රවුන්ඩ් සයිස් එකට හදලා තියෙන්නේ.

ම්ම්… මට හිතෙනවා එක අහසක් යට තව ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙයි කියලා….

Advertisements

50 Responses to “එක අහසක් යට, ජාලය නැතිව…”

  1. praveena Says:

    පුලුවන් පුලුවන් අර ගෑනු ලමයත් හිටිය නම්… 🙂

    • Gold fish Says:

      ආයෙ එයිද කියන්න කව්ද දන්නේ… ඉඳ හිට වදින චෑන්ස් නිසා වෙලාවකට මුළ ලෝකෙම අමතක වෙනවා…

  2. vpokura Says:

    ලස්සන නිර්මාණයක්

  3. අකීකරුහිත Says:

    ෂා ඇත්තටම මේක මරු

    • Gold fish Says:

      රම්බොඩ හරියේ ඉඳන් ආපස්සට එද්දි දැක්ක ඔහොම කඳු පන්ති කීපයක්… 🙂

  4. නිසුපා Says:

    ලස්සනයි….ෆොටෝශොප් හරියට දන්නවානම් කොච්චර දේවල් කල හැකිද නේද?

    • Gold fish Says:

      ම් ඒක ඇත්ත… පළතුරු වත්තක් වවාගෙන තනියම කන්න වුනත් පුළුවන්…! වර්චුවලි…. 🙂

  5. Sumith Niriella Says:

    වැඩේ නියමයි…….PS වලින් තව ගොඩාක් වැඩ කරන්න පුළුවන්. අවශ්‍යවෙන්නෙ නිර්මාණාත්මක සිතීමයි.

    • Gold fish Says:

      අනිවා… ආහ්… අත්දැකීම් බහුල පුද්ගලයෙක්ගෙන් ලැබෙන ප්‍රශංසාව මාර වටිනව.

  6. Glimmer Girl Says:

    shaaaaa harima lassanay 🙂

  7. ගිනි කුරුල්ලා Says:

    කියලා වැඩක් නෑ මාළුවෝ, පට්ට පට පට..
    /* මේකම නේද බන් අර ගෝල්ඩ් පිස් කියලා එඩිට් කරලා බුකියේ කවර් එකට දාලා තියෙන්නේ? */

    • Gold fish Says:

      අන්න හරි… ඒකනේ බං එකම අහසක් යට කියන්නේ….

  8. henryblogwalker the Dude Says:

    DUDE. IT’S AWESOME! 🙂 🙂

  9. Praසන්ன Says:

    ලස්සනයි.

  10. රූ Says:

    අපූරුයි යාළු මාළු..මමත් මේත බාගත්තා ඔන්න..

  11. සිතුවිලි සිතූ Says:

    හරිම ලස්සනයි!

  12. පිණිබිඳු Says:

    බලාන්ඩ දරුවා අන්තර්ජාලය නිසා ඔබගේ නිර්මාණාත්මක හැකියාවන් මෙතුවක් කල් වහන් වී තිබී ඇති සැටි. ඔය මල් කඩන් එක පැත්තකට දමා වහ වහා පොටෝ සාප්පුවේ වැඩ කරන්න.

    • Gold fish Says:

      ඒක නම් ඇත්ත තමා දේවයන් වහන්ස…. මොකක් හරි කොරාන්ඩ ඕනේ මේ නෙට් ඇබ්බැහියට…

  13. මුහුදු කොල්ලකාරයා Says:

    ලස්සන නිර්මාණයක්. හැබැයි ෆොටෝ එක දැක්කම නං මට ඇති උනේ අර පහල දාල තියෙන කැප්ෂන් එකේ විදිහෙ දෙයක් නෙවේ. ඉර බැහැගෙන යන වෙලාවක පාලු කාන්තාරයක ඇවිදගෙන යන ජිවිතේ හුදකලා වෙච්ච පුද්ගලයෙක් ව.

    • Gold fish Says:

      එහෙම නම් යෝජනා කරන්න බලන්න හොඳ කැප්ෂන් එකක්. මටත් හිතා ගන්න බැරිම තැන තමා ඕක දැම්මේ… (වෙනස් කලා)

  14. indika27 Says:

    අලංකාර පින්තූරයකි…

  15. මඩිස්සලේ නිශාන් Says:

    පට්ට මචන් මට ඔය පොටෝ සාප්පුව තේරෙන්නෙම නැහැනේ 😦

    • Gold fish Says:

      හැම සාප්පුවම එහෙම තමා බං… ටිකක් අධ්‍යනය කරන්න වෙනවා ​ඉගෙන ගන්න…

  16. Hiruhimawi Says:

    අනේ මන්ද හිතට අමුතුම හැඟීමක් ගෙනාවා..

  17. Hiruhimawi Says:

    අහන්නෙ නැතුව කෝපි කරගත්තට තරහක් නැතිවෙයි මම හිතන්නේ 🙂

    • Gold fish Says:

      ඇයි දෙයියනේ ලින්ක් එක දාලා තියෙන්නේ ඩවුන් කරගන්නනේ….

      • Hiruhimawi Says:

        අච්චෝ…….දැක්ක ගමන් රූපේ කොපි කළා.පහල ටික දැක්කේ නෑ කමෙන්ටුව දැම්ම.. 🙂

      • Gold fish Says:

        හික්ස්… පහලින් ඇති ඔරිජිනල් ඉමේජ් එකේ ලින්ක් එක… 😀

  18. kathandarakaraya Says:

    ලස්සනයි, කලාත්මකයි, සෑහෙන්න වෙලා යන්න ඇති නේද?

    • Gold fish Says:

      ඉඩ තියෙන වෙලා වල කල නිසා එක දිගට ගත්තොත් පැය තුනක් විතර….

  19. මධුරංග Says:

    අනේ මන්දන්නේ නෑ…
    ඔය බ්‍රශ් සෙට් එක අපට ගන්න විදිහක් නැද්ද. මා ගාව තිබ්බ බ්‍රශ් සේරම ෆෝමැට් වෙද්දි ගිහින්… 😦

    • Gold fish Says:

      මං ගත්ත ඉලව් බ්‍රෂ් එකක් නෑ බං… ඔය ඔක්කොම ඩි​ෆෝල්ට් බ්‍රෂ් එකෙන් ඇන්ද එව්වා…

      • මධුරංග Says:

        ඕකේ… 🙂

  20. DDT Says:

    ආඃ …. කොළුවට ෂොටෝපොප් අල්ලල ගිහිල්ල වගේ. ඔන්න බලපං බං මේක දැක්කම මතක් වුනේ. මටත් යාළුවෙක්ගෙන් හම්බවුනු ප්ලගින්ස් වගයකුයි, බ්‍රස් වගයකුයි තව මොනාද මන්ද 3GB විතර ෆයිල් එකක් හාර්ඩ් එකේ පැත්තක තියනව, ඒව දාල මොනව හරි වැඩ ටිකක් කරන්න ඕන කියල හිතල. කොහෙද පොටෝෂොප් ඕපන් කරන්න වෙන්නෙත් නෑ. උඹේ වැඩේ දැක්කම හිතුන මොනව හරි ආයිත් කරල බලන්න ඕන කියල. නිවාඩු වෙලාවටත් මේ බ්ලොග් කියවිල්ල නිසා වෙන වැඩක් කරන්න වෙලාව ඉතුරුවෙනව අඩුයි.

    • Gold fish Says:

      ෆොටෝ ෂොප් අල්ලලා ගියේ මයෙ පුංචි කුමාරිට හිත ගිය දවස් වල. අවුරුදු ගානකට කලින්… මගේ ගාවනම් එක්ටර්නල් බ්‍රෂස් මුකුත්ම නෑ අයියේ… ඩි​​​​ෆෝල්ට් එන ඒවායින් තමා වැඩ කරන්නේ…

  21. මාඩා Says:

    පට්ටම පට්ටයි මචං… අපරාදේ උඹ ඔතන ඉන්නේ… කලාව ගැන දැන්වත් ටිකක් හිතපන්.. පාර්ට් ටයිම් එකක් විදියටවත්…

    • Gold fish Says:

      බෑ බං… හොබී එක කියන්නේ හොබී එකම තමා… ඒක ජොබ් එක වුනොත් හොබී එක එපාවෙලා යනවා… 🙂

      • මාඩා Says:

        හ්ම්……….. එකත් ඇත්ත තමයි

  22. චූටි පුතා Says:

    ලස්සනයි ! ඇත්තම කිව්වොත් පට්ටයි !!!!

  23. dilan thivanka Says:

    සුපිරි


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: