ඉපදියන් මිනිසුන් ලෙසේ….

ජීවිතය මෙය යැයි කියන්නට,

කිසිදු සමතෙක් නැති ලොවේ….

පන අදින නුඹේ දෑස දැකුමට,

වේදනාවක් නැති හිතේ…

ගැහී ගැහී උඩ පනින, විසිවෙන
පුංචි දඟලන යාළුවේ…


 

ගැහී ගැහී උඩ පනින, විසිවෙන

පුංචි දඟලන යාළුවේ…

නුඹේ මසින්, කුණු වෙන ගතින්…

සියක් දහසක බඩ පිරේ…

 

හොරට කරුණා පාන නර-සිත

විශ්වාසයක් නැති භවේ…

තවත් නුපදින්… වී මසුන් ලෙස

ඉපදියන් මිනිසුන් ලෙසේ….

Advertisements

43 Responses to “ඉපදියන් මිනිසුන් ලෙසේ….”

  1. charu Says:

    nice

  2. අකීකරුහිත Says:

    හ්ම්……
    පළවෙනි කවිය තදින්ම හිතට දැනුනා….

    • Gold fish Says:

      🙂 ඔව් ඒක ටිකක් වැඩියි වගේ තමා.

  3. මාඩා Says:

    “හොරට කරුණා පාන නර-සිත

    විශ්වාසයක් නැති භවේ…

    තවත් නුපදින්… වී මසුන් ලෙස

    ඉපදියන් මිනිසුන් ලෙසේ….”

    පට්ටයි මචං…. මටනම් මුළු කවියේම හොදම හරිය….

  4. emailkavikaari Says:

    +++

  5. මධුරංග Says:

    අපෝ මනුස්සයෙක් වෙලා නම් ඉපදෙන්න එපා. ඉපදුනොත් 2500න් ජීවත් වෙන්න වෑනවා. මාළුවෙක් වෙලාම ඉදින් !!! 🙂

    • Gold fish Says:

      මගුලයිනේ… ඒ කතාවත් ඇත්තනේ…. 😀

  6. Sumith Niriella Says:

    වරිග ප්‍රේමය………. 😀

    හොද කවියක්…

    • Gold fish Says:

      hikz 😀 වරිග ප්‍රේමය……

  7. රූ Says:

    හාල් මැස්සෙක් වෙන එක කොහොම වුනත් ගොල්ඩ් ෆිෂ් කෙනෙක් වෙන එක ගැන මාළුවා මොකද කියන්නෙ?
    මම දන්න විදිහට නම් මාළුවො මුහුදෙ ඉන්නවට වැඩිය කාලයක් ශීතකරන වල ඉන්නවා..!!

    • Gold fish Says:

      ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් නම් වෙන්න එපා. අම්මෝ ඔක්​සිජන් ටික ඉවරවුන ගමන් උඩ පාවෙන්න වෙන්නේ… අනිත් එක කෑම… කනවා කනවා ඉවරයක් නෑනේ….

      මූදේ ඉන්නේ මාසෙනම් නම් බහුදින යාත්‍රා වල මාස තුනක් විතර ඉන්න වෙනවානේ කොහොමත්…

  8. පරිකල්පන Says:

    දැනෙන්න ලියල තියෙනව…

  9. ගිනි කුරුල්ලා Says:

    අපි වෙජිටේරියන් 😀 ඇල්වතුරත් නිවලා බොන්නේ..

    • Gold fish Says:

      බොරු නේද… මං දැක්කා එදා උඹ චිකන් පාරක් දානවා. 😀

      • ගිනි කුරුල්ලා Says:

        හීනෙන් වෙන්න ඇති..

  10. praveena Says:

    අනේ පව් කියලා මට හිතුනේ. කන්නෙත් මාලු විතරයි. ඒකත් නවත්තන්ට හිතුනා. 😦

    • Gold fish Says:

      අයියෝ… මං කෙනෙක්ගේ කෑම වේලක් එපා කරවන්න හිතුනේ නෑනේ… 😦

  11. henryblogwalker the Dude Says:

    ජත්‍යානුරාගී ගීතයක්ද මාලුන්ගේ?
    henryblogwalker the Dude

    • Gold fish Says:

      හික්ස්… ඔව් ඔව්….

  12. සිඳු Says:

    ඔන්න බලන්න , මාලුවෙක්ටම තමයි මාලුවෙක්ගෙ දුක තේරෙන්නෙ.
    Btw,ලස්සන අදහසක්

    • Gold fish Says:

      හ්ම්… තෑන්ක්ස් ඈ….

  13. indika27 Says:

    හාල්මැස්සන් ආහාරයට ගැන්මෙන් පව් සිදුනොවේ…ඔවුන් කුඩා මාලුන් වෙයි…

    • ගිනි කුරුල්ලා Says:

      තඩි මාළුවෙක්ගෙන් කෑවොත් පව ඩිස්ට්‍රිබියුට් වෙලා හරි යනවා. ඒත් බන් හාල් මැස්සෝ එකෙක් නෙවෙයිනේ කන්නේ.

    • Gold fish Says:

      කාගෙද රීතිය…? 😀

  14. DDT Says:

    මාළු වෙනුවෙන් මාළු(ව) ! 🙂

    • Gold fish Says:

      ඒකනේ ඒකනේ… අපිම ඉන්න ඕනේ දුක තේරෙන්න…

  15. රත්ගමයා Says:

    හාල් මැස්සෝ නැතුව ගෝල්ඩ්ෆිශ්ලා කන්න තියෙනව නම්..

    • Gold fish Says:

      පේනවනේ මුගේ පව් හිත… 😀

  16. Hiruhimawi Says:

    Harima Lassanai Yaluu! 🙂

  17. මුහුදු කොල්ලකාරයා Says:

    හාල් මැස්සො පව් නේද ? මම නං කන්නෙ බලයෝ

    • Gold fish Says:

      ඉතිං බලයා ලොකුයිනේ… අපි දන්නේ නෑ ඔයාට පවු ගොඩක් සිද්ධ වෙයි… 😀

      • Hiruhimawi Says:

        හික්ස්! නියම කතාව! 🙂

  18. මඩිස්සලේ නිශාන් Says:

    සිරාම කවි පද ටික බං.
    ඔකාව අතේ තියන් ඉන්නේ නැතුව වතුරට දැම්ම නම් තව ටිකක් වෙලා ජීවත් කරවන්න තිබ්බා නේද?.

    • Gold fish Says:

      ඌව වතුරට දාලා වෙන එකෙක්ව බඩට දාගන්න තිබුනා… 😀

  19. දයියා Says:

    අනේ මන්ද බං, හරකගෙ මස් කන්න හොඳ නෑ. ඒ උනාට මාළුවගේ මස් කෑවට කමක් නෑ. ඌ හැදිල තියෙන්නෙ කන්නම වගේ තමයි හැමෝම කියන්නෙ. පව් බං අසරණ මිනිස්සු.

    • Gold fish Says:

      //පව් බං අසරණ මිනිස්සු.// hikz… ඇත්ත… පවු පුරෝගන්නවා…

  20. කලුවා මල්ලි Says:

    කවිය නම් පංකාදුයි….
    මට නම් ඉතින් කොච්චර ට්‍රයි කලත් කවි නම් ලියන්න බැරියෝ…

    • Gold fish Says:

      බැරි වෙන්න විදියක් නැහැනේ… සුද්දා කියලා තියෙනවනේ… ට්‍රයි ඇන්ඩ් ට්‍රයි… වන් ඩේ යූ කැන් ඩයි කියලා…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: