දෙවුන්දර දේවි….

දෙවුන්දර

ම්… යන්තං වයස අවුරුදු 10ක් විතර වෙන්න ඇති. ශීෂ්‍යත්වෙටත් ලියලා 6 වසරට යන්න කලින් හම්බුන වසරාවසාන නිවාඩුවට තාත්ත අපිව එක්ක ගෙන ගියා ට්‍රිප් එකක්. ගමනාන්තය වුනේ කතරගම. එක්කගෙන ගියේ කෝච්චියේ. උදේම කළුතර ස්ටේෂමෙන් නැගලා ස්ටේෂන් ගොඩක් පහුකරගෙන ගිහිං මාතරින් බැස්සා.

ඊට පස්සේ අම්මා හදාගෙන ආපු සීනි සම්බෝලයි, පරිප්පුයි දාලා කෙසෙල් කොලයක් තවලා අරගෙන ඔතපු බත් එක කෑවා තාත්තලාගේ ඔෆිස් එකකට ගිහිං. ඒ බත් එක කන්නේ රසට නෙවෙයි සුවඳට. අම්බෝ කෙසෙල් කොලෙන් උඩට ඉගිල්ලෙන සුවඳ… ඇස් දෙක වහගෙන සුවඳ වින්දොත් එහෙම වටේ පිටේ කිසි දෙයක් දැනෙන්නේ නෑ… ඒවා දැන් තියෙන රුපියල් 150 හේ ලම්ප් රයිස් වගේ නෙවේ…! වටිනාකමයි, රසයි කියලා නිම කරන්න බෑ…!

දැන් විකුණන්න තියෙන ඒවා

 

ඉතිං කෑම කාලා මල්ලිවත් ටිකක් නිදි කරවලා, මහන්සි නිවා ගෙන ආයෙම තාත්තලගේ වාහනේකින්ම එක්කගෙන ගියා දෙවුන්දර දේවාලය බලන්න. ඒ දවස් වල දෙවිවරු ගැන තියා දේවාල කියන්නේ මොනවද කියලවත් හරි අවබෝධයක් තිබුන කාලයක් නෙමේ. ඒත් ඉතිං පූජා වට්ටියට තියන අන්නාසියි, කොමඩුයි මතක් වෙද්දි වෙන මොන කතාද…! ඒවත් ගෙදර ගෙනත් කන ඒවා වගේ නෙමේ, මාර රසයි. මං හිතන්නේ දෙයියන්ගේ බැල්ම වැටුනම පලතුරු රස වැටෙනවා ඇති.

ඉතිං අපි දේවාලෙට ගිහිං ඇවිත් ඉස්සරහ තණකොල පිට්ටනියේ ඉඳගෙන පලතුරු කනවා. මල්ලි අම්මගේ ඔඩොක්කුවේ. මං තාත්තගේ ගාව වාඩි වෙලා. මගේ අතේ තිබුනේ කහම කහ පාට අන්නාසි පලුවක්. භාගයක් කාලා තිබුනේ. අම්මා එක පාරටම මගේ අතට පාරක් ගැහුවා.

ඇයි…?

ඇයි හත්තිලව්වේ එකපාරටම නිකං පාරක් ගැහුවම උඩ යන්නේ නැද්ද. මල්ලි එක්ක වලියක් දාගෙන නම් කමක් නෑ. ඌ උගේ පාඩුවේ ඉද්දි, මං මගේ පාඩුවේ අන්නාසි කද්දි මොන එහෙකට ගහනවද…

අර බලන්න, ඔයා ඔහොම පෙරේතයා වගේ අන්නාසි කන දිහා අර ගෑණු ළමයත් බලාගෙන ඉන්නවා. හිමීට කන්න.

මෙච්චර නම් ලස්සන නෑ…

ඈහ්… කෝ … කොහෙද..? ගෑණු ළමයෙක් ? මගේ දිහා බලාගෙන ඉන්නවා ? ඒක වෙන්ට බෑ… මං අම්මලා පූජා වට්ටිය දෙයියන්ට දෙද්දි මට හොඳ ගෑණු ළමයෙක්ව දෙන්න කියලා ඉල්ලුවා තමා. ඒත් ඉතිං මෙච්චර ඉක්මනට ඉල්ලුවේ කව්ද..! සමහර විට මං හද පතුලෙන්ම ඉල්ලපු නිසා වෙන්න ඇති දෙයියන්ට දුක හිතිලාද දන්නේ නෑ  දැන්මම සෙට් කරලා දුන්නේ. මගෙත් වැරැද්ද… මං කිව්වේ නෑනේ තව ටිකක් ලොකු වුනාමයි හොඳ ලස්සන ගෑණු ළමයෙක්ව ඕනේ කියලා… මං කිව්වේ හරියට කාලයක් කියන්නේ නැතුවනේ… හ්ම්…!!!

ඉතිං ඔය බිම බලාගෙන ඉන්නේ නැතුව ඒ ළමයට මේ කෙසෙල් ගෙඩි ටික ගිහිං දීලා එන්න…

මට පේන්නේ අපේ අම්මට, කෙල්ලව හිතට අල්ලලා වගේ. නැත්තං අපිට කන්න තියෙන කෙසෙල් ගිහිං දෙන්න කියයියැ… නෑ… නෑ… නෑ…. මේ කෙල්ල හරියන්නේ නෑ… අපිට කන්න තියෙන කෑම ඔක්කොම ටික අම්මා මේ කෙල්ලට දෙයි. එතකොට මටයි මල්ලිටයි කන්න වෙන්නේ නෑ… ඒක නිසා කෙල්ලව ආයෙ ගන්න කියලා දෙයියොන්ට කියන්න වෙනවා. ඒත් ඒකට තව පූජා වට්ටියක් දෙන්න වෙයිනේ…!

පුතූ… මේක දීලා එන්නකෝ ඒ නංගිට… ඔළුව උස්සලා බලන්නකෝ ළමයෝ…

අනේ අම්ම දන්නවැයි මට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ. ඒත් කටක් ඇරලා කොහොමද මං අම්මට කියන්නේ දෙයියන්ගෙන් මෙහෙම දෙයක් ඉල්ලුවා කියලා. මං මාර අමාරුවකනේ වැටුනේ….!

දරුවෝ… ඉතිං යන්නකෝ දැන්. පවුනේ ඒ ගෑණු ළමයා.

හ්ම් කෙහෙම්මල… අපි පවු නෑනේ… ඒත් ඉතිං කමක් නෑ… මං ගෙදර එක්කන් යන්නේ නෑ දැන්ම. ලොකු වෙලා එන්නම් කියනවා. එතකන් කෙසෙල් ගෙඩි ටික ගිහිං දෙනවා. හ්ම්…

මං අමාරුවෙන් අන්තිම තීරණේ අරගෙන හිමීට ඔළුව උස්සලා බැලුවා ගෑණු ළමයා දිහා. හ්ම්… නරකම නෑ… සුදුයි, වැඩිය මහතත් නෑ… කොන්ඩේ කැරළි මූන දෙපැත්තෙන් ලස්සනට වැටිලා. එක කොන්ඩ කෑල්ලක් කන වටේ එතිලා.

කෝ දෙන්න… මං ගිහිං දෙන්නම්…. දිවුල් ගෙඩියකුත් ගිහිං දෙන්නද මං…? මල්ලියි මායි දිවුල් වලට ආසා නැහැනේ තාත්තා….!!!

ආ… මේක ඉදිලා… මේක ගිහිං දෙන්න.

ඊට පස්සේ අන්නාසි කෑල්ලත් එක අතක තියාගෙන අනිත් අතින් කෙසෙල් ගෙඩි දෙකයි, දිවුල් ගෙඩියකුයි අරගෙන ගියා ගෑණු ළමයා ගාවට. ම්… එයා ඇත්තටම ලස්සනයි… දෙව්යෝ ගොඩක් හොඳයි…! නැත්තං ඉල්ලපු ගමන් මේ වගේ ලස්සන ගෑණු ළමයෙක්ව දෙයිද මට…!!!

මේ ටික ගන්න… අම්මා දෙන්න කිව්වේ…

එහෙම කිව්වම මං හිතුවේ උදුරලා අරගෙන මටත් තෑන්ක් යූ වත් නොකියා දුවයි කියලා. ඒත් එයා හෙල්ලෙන පාටක් වත් නෑ… මගේ ඇස් දෙකයි, මූනයි දිහා බලාගෙන ඉන්නවා. මට හිතෙන්නෙම දෙයියෝ මේ ළමයාව එවලා නිසා එක්කගෙනම යන්න වෙයි කියලා. අනේ මං කරගත්තු දෙයක්….!

මේක ගන්න… මං ආයෙමත් කිව්වා…

මං කෙසෙල් වලට ආස නෑ… දිවුල් ගෙඩිය ගන්නම්… කියලා මං ගෙනාපු දිවුල් ගෙඩිය මගේ අතින්ම අල්ලලා අරගත්තා. පස්සේ ඇස් වල කඳුළු පිරිලා බිංදු දෙක තුනක් කම්මුල් දිගේ ගලා ගෙන එන හැටි මං දැක්කා.

අම්මේ… මං කෑගැහුවා…. අම්මේ… මෙයා අඬනවා…

ඊට පස්සේ අම්මා ආවා ලඟට.

ඇයි දරුවෝ අඬන්නේ…?

බඩගිනියි නෝනා…

මාත් නිකං සලිත වෙලා හිටියට මොකෝ, මටත් දුකයි. දිවුල් ගෙඩියකට පුළුවන්ද බඩගින්නක් නිමන්න…

අපි මෙයාට කන්න මොනා හරි අරන් දෙමු…!!! අනේ අම්මේ…!!! කියද්දි එක පයිසෙකට මාව ගනන් නොගත්තු අම්මා ඒ ළමයාගේ කර වටේට අතදාලා තාත්තයි මල්ලියි හිටිය තැනට එක්කගෙන ගිහිං අපි ගෙනාපු බෑග් එකෙන් සීනි  සම්බෝලයි පානුයි අරගනෙ කන්න දුන්නා. තාත්තා මල්ලිව අම්මට දීලා කඩේකට දුවලා ගිහිං ස්මෑක් එකක් අරගෙන ආවා. පවු එයා… පාං භාගයක් විතරම කෑවා. කාලා ඉවරවෙලා බීම එකත් බිව්වා.

ඊට පස්සෙ මං ආයෙමත් කෙසෙල් ගෙඩි එයා දිහාට දික් කලා.

එකක් දෙන්න. අනිත් එය ඔයා කන්න…

ආ… මේක ඉදිලා… ඔයා මේක කන්න. අනිත් එක මං කන්නං….

ඇහැල ගස් ටික තාම තියෙනවා මං හිතන්නේ

ඒ දවස් වල තියා අදටත් නොතේරෙන අමුතු ලස්සන ඇස් දෙකකින් මගේ දිහා බලාගෙන, මගේ එක අතකිනුත් අල්ලගෙන හිටිය හැටි මතකයි මට තාමත්. ඒ වෙද්දි අන්නාසි කෑල්ල මගේ අතින් අතෑරිලා තිබුනේ. ඒක කොහේද කියලා දන්නේ නෑ…

අන්තිමට අපේ අම්මා ඒ ගෑණු ළමයාගේ ඔලුව අතගාලා, දැන් බඩගිනි නෑ නේද..? කියලා අහද්දි පුංචි කෙස් අවුල් වෙච්චි ඔලුව දෙපැත්තට වනපු හැටිත් මතකයි. හ්ම්…

තෑන්ක් යූ පුංචි මහත්තයා… කියලා මගේ ඇස් දෙක දිහා ටික වෙලාවක් බලන් ඉඳලා… එක පාරටම අත අතෑරලා කහ පාට මල් කිනිති පිපිලා පහලට එල්ලිලා තිබුන ඇහැල ගස් අස්සෙන් දුවගෙන නොපෙනී ගිය හැටි….!!!  හ්ම්…. තාමත් මතකයි මට….

Advertisements

47 Responses to “දෙවුන්දර දේවි….”

  1. මාඩා Says:

    සිරා කතාව මචං…. කතාව ගැන නම් කියන්න වචන නෑ, එච්චරටම සුපිරියි… මම බොගේ ආසම ලිපි ටික වෙච්ච යසෝදරාවතෙන් පස්සසේ අහපු සිරා කතාවක් මේක…

    ඒත් මචං අද ඔය තත්වේ වෙනස්.. අද නැතිබැරිකම බිස්නස් එකක්.. අද පොඩි ළමයි කියන්නේ හොදට සල්ලි හොයන්න පුළවන් විදියක් වෙලා… අද දෙව්න්දර, කතරගම, පෙරහැර සීසන් වලට පිට ගම්වලින් හිටන් ළමයි ගෙන්නනවා.. ඒ ළමයින්ට හම්බෙන්නේ දවසට පුංචි ගානක්, අනිත් ඒවා යන්නේ මුදලාලිලාට….

  2. රූ Says:

    හ්ම්..වෙනස් ලියවිල්ලක්..
    කියෝලා ගොඩක් දුක හිතුනා..

    • Gold fish Says:

      හදිස්සියේ මතක් වුනේ… පරන වෙච්චි දෙයක්…

  3. Hareendra Perera Says:

    පෝස්ට් එක කියවලා දුක හිතීගන එද්ද්ඩිම මාඩගෙ කමෙන්ට් එක දැකලා ආයෙ නෝමල් වුනා..

    උඹගේ කරුණාවන්ත කම (අම්මගෙ) වගේම ලිවීමේ ශෛලියටත් මගේ ආචාරය..

  4. මධුරංග Says:

    පුදුම විදිහට හිතට වැදුන කතාවක්. අපි එක එක කෑම ජාති තෝරනකොට කිසිම කෑමක් නැතිව දුක් විඳින අපි වගේම අය ඉන්නවා කියලා හිතෙනවා නම්…. ඒ අයටත් පොඩි හරි උදවුවක් කරලා ඒ අයගේ බඩ ගින්දර නිවන්න පුලුවන් නම්… මේ ලෝකය කොච්චර ලස්සන තැනක් වේවිද.

    • මධුරංග Says:

      ඔන්න මේක කියෙව්වමයි මතක් උනේ. මේ ලඟදි දෙවුන්දර දේවාලයේ පෙරහැර කාලේ ලු නේ ? මොකෝ කියන්නේ. සෙට් වෙලා දෙවුන්දර අදිමුද 🙂

      පොඩ්ඩක් හොයලා බලහන් අයියා. මම් අද නුගේගොඩ කිට්ටුව පෝස්ටර් එකක් දැක්කා.

      • Gold fish Says:

        ඒකනම් සෙට් කරන්න පුළුවනි. ඊට කලින් නුවර එකකුත් තියෙනවනේ මලේ. ඒකටනම් මං යනවා.

    • Gold fish Says:

      මම නම් දකිනවා බං බස් එකේ යන එන ගමන්… වෙලාවක පිං අතේ වැඩේට පුළුවන් විදියකට අත ගහමුද…

      • මධුරංග Says:

        පලවෙනි රිප්ලයි එකට
        කවද්ද නුවර යන්නේ ? යන දවසට කියන්ඩ. සති අන්තයේ නම් යමු. සතියේ මැද නම් අමාරුයි. මොකද නිවාඩු ඉවරයි නෙව. දැන් තියෙන්නේ ලෙඩ නිවාඩු විතරයි !!! 🙂
        හැමතිස්සෙම බඩේගාය කියන්ඩ බෑ නෙව.

        දෙවෙනි රිප්ලයි එකට….
        පින් අතේ වැඩක් නම් අවුලක් නෑ. කරමු !!
        කෙරෙන්න තියෙන දෙයක් නම් කියන්ඩ අයියා. කරමු !!!

      • Gold fish Says:

        පළවෙනි මෙව්වා එකට… නුවර යන්න ඉන්නේ අගෝස්තු 31ක් වන සිකුරාදා. සෙනසුරාදා නිවාඩු නිසා මධුරංගට එන්න පුළුවන් වෙයි.

        දෙවෙනි එක – හිමීට කතා කරගෙන හොඳ විදියකට කරමු….

      • රූ Says:

        පිං අතේ වැඩක් නම් අපිත් එනවා උදව්වට..හිමීට කතා කරගෙන අපිටත් කියන්නකෝ..

      • Gold fish Says:

        හරි අක්කේ පණිවිඩක් දෙන්නම්…

  5. නිසුපා Says:

    හ්ම්….. පව් ඒ ළමයා. අම්මා ඒක දැනගෙනම තමා එයාට පළතුරු දෙන්න කිව්වෙ නේද?
    මොනවා වුනත් ඔයත් හොද ළ්මයෙක්..

    • Gold fish Says:

      ම්… වෙන්න ඇති.. ඒ දවස් වල අම්මා එහෙම කිව්වේ ඇය කියලා වගක් නෑනේ…

  6. පිණිබිඳු Says:

    පැණි මාලුවා. කාලෙකින් සුවඳ හමන සීනි සම්බෝලයක් කෑවෙ නෑ. කටට කෙලත් උනනවා.

    • Gold fish Says:

      කඩේ තියෙන ඒවා නම් මෙලෝ රහක් නෑ අක්කේ. ගෙදරකම තමා හදන්න ඕනේ… කුරුඳු කෑල්ලක් එහෙම දාලා.

  7. සිඳු Says:

    ගොඩක් දුක හිතුනා…. ඒ වගේම ලස්සනට ඔයා ලියනවා.
    කවුද හිතුවෙ සෝබනේට එහෙ මෙහෙ පීන පීන ඉන්න ගෝල්ඩ් ‍ෆිෂ් ලාටත් මෙහෙම ලස්සන අදහස් තියනවා කියල

  8. මඩිස්සලේ නිශාන් Says:

    ශී උඹ ඊමේල් ඇඩ්‍රස් එක ඉල්ල ගන්න එපැයි

    • Gold fish Says:

      5 වසරෙදි මට ඊමේල් තියා මේල් වත් තිබුනද මන්දා බං

  9. පරිකල්පන Says:

    උහුලන්න බැරි විදිහට හතුරෙක්ටවත් බඩගිනි වෙන්න එපා…

    • Gold fish Says:

      ඒක නම් ඇත්ත… සල්ලි ඉල්ලද්දි සල්ලි නම් නොදී ඉන්න පුළුවන්… ඒත් බඩගින්නට මොනා හරි ඉල්ලද්දි නම් එහෙම බෑ….

  10. අපරාජිතයා :::: Aparajithaya Says:

    “ඉතිං කෑම කාලා මල්ලිවත් ටිකක් නිදි කරවලා, මහන්සි නිවා ගෙන”
    අපොයි කතරගම යන අතර තුරේදිත් මූ කරලා තියෙන වලත්ත වැඩ… ශික්…. හෙ හෙ
    කතාවනම් හිතට දැනුනා මචං උපරිමයෙන්ම…………… (Y)

    • Gold fish Says:

      උඹට තාම අර කම්පූටරේ ඉස්සරහා අර පාට ගාගෙන නෑ වගේ…

  11. Sumith Niriella Says:

    මාළුවාගේ ලිවීමේ ශෛලියට මම හරි ආසයි.

    මේ කතාවත් හරිම රොමෑන්ටික්… 🙂

  12. henryblogwalker the Dude Says:

    ගුණයහපත් කම පවුලෙන්ම එන දෙයක් වගේ. ලස්සන කතාව මාලුවා.

  13. ගිනි කුරුල්ලා Says:

    අපේ උන් 1000 2000 දීලා KFC අදිනකොට මේ ලෝකේ තවත් එක පැත්තක මිනිස්සු බඩගින්නේ මැරෙනවා.. මේවා ඇහෙනකොට දකින කොට දුකයි. ඒ වෙනුවෙන් මුකුත් කරන්න බැරි එකට ඔක්කොටම වැඩිය දුකයි.
    /* මම මේකට දාන්න හිටියේ වෙන කමෙන්ට් එකක්. ඒත් කතාව කියෙව්වට පස්සේ ඒ කමෙන්ට් එක දාන්න තරම් කික් එකක් නෑ බං. */

    • Gold fish Says:

      කරන්න බැරි නෑ… කැමති නම් එකතු වෙලා මොනා හරි කරමු….

      • ගිනි කුරුල්ලා Says:

        මොනාද කරන්න පුළුවන්?

      • Gold fish Says:

        අතේ තියෙන හැටියකට පුංචි දානයක් මානයක් දියන්….

  14. හංසකිංකිණි Says:

    මලේ… උඹේ කතාව කියවද්දි ඇහැට කඳුලු ආව… මට මතක් වුන කතාව මම ලියන්නං… ඒක මෙතන ලියන්ඩ බැරි තරං දිගයි…

    • Gold fish Says:

      ඒක හොඳයි… ඒක ​කමෙන්ට් එකක් වෙනවට වැඩිය පෝස්ට් එකක් වෙන එක ගොඩක් හොඳ වේවි…

  15. X-porter Says:

    අඩෝ….ඇත්ත කියපං …උඹ මේක ලිවුවෙ සුවිස්තියක් ඇදල ඉන්න වෙලාවක නේද..? අපි නොදන්න වල් මාලුවා……

  16. අතුගාන කොලුවා…!!! | ජනූගෙ සටහන් Says:

    […] ලියමනක් දැකල මතක් වෙච්ච කතාවක් ලියන්ඩ හිතාන […]

  17. පීසී වැඩර් Says:

    macho me kellada danne sliit1e ape class1e ubata ehe peththe inna kella!uba eda thala guliyakuth dunna neda? lol 😛

    • Gold fish Says:

      මාව කාපිය. 😀 ඒක කියන්නත් බෑ බං. පෙර පුරුද්දට හොයාගෙන ඇවිත් මගේ ලඟින් වාඩි වෙනවද දන්නේ නෑ… ඊළඟ දවසේ අහමුද…?

      • no name Says:

        aniwa ahamu.ubata lesiwenna mn eya awama me karane mathak karannamko 😛 (Y)

  18. praveena Says:

    හරිම ලස්සන කතාවක්. හරියට චිත්‍රපටියක කතාවක් වගේ.

    මෙන්න හිතට ආපු හැඟීම්

    මාලුවගේ දෙමව්පියන් හරිම හොඳ දෙන්නෙක් බව.
    මාලුවා ඒ කාලෙත් ගෑනු ලමයෙක් ගෙදර ගෙනියන්ට සූදනමින් උන්නු බව.
    ඒ කාලේ දෙවිවරු මේ කාලේ අයට වඩා හුඟක්ම හොඳබව (දැන් නම් ඔය පලතුරු වට්ටියේ තියන පලතුරු ඔච්චර රහ නෑ. ඒකයි එහෙම කීවේ )
    ඔය අවදියේ ජීවිතය හරිම සුන්දරබව.

    තව ගොඩක් ඒවා හිතට ආවා. ඒත් දැනට ඔය ඇති. 🙂

    • Gold fish Says:

      ඔක්කොම හරි ///මාලුවා ඒ කාලෙත් ගෑනු ලමයෙක් ගෙදර ගෙනියන්ට සූදනමින් උන්නු බව./// මේක නම් මං දන්නේ නෑ… එතකොට ඉතිං මං පුංචියිනේ… ඒ ගැන වැඩි මතකයක් නෑ… 😀
      දෙවිවරු ගැන නම් කියලා වැඩක් නෑ… දැන් පළතුරු වලට වැඩිය දෙවියෝ ආසා කොල වලට​නේ.

  19. නාමල් Says:

    ඊට පස්සේ අම්මා ආවා ලඟට.

    ඇයි දරුවෝ අඬන්නේ…?

    දරුවන්ගෙ බඩගින්න වැඩියෙන්ම දැනෙන්නේ අම්මලාට වෙන්න ඇති…….. Nice work Maluwa…… Keep it up

    • Gold fish Says:

      ඒක ඇත්ත අනිත් කාටත් වැඩිය දරුවෝ ගැන හොඳටම දැනෙන්නේ අම්මලාට….


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: