මෙය හුදෙක්ම ෆාඨක සහෘදයන්ගේ හා සහෘදියන්ගේ දැන ගැනීම පිණිස මිස කිසිවෙකුටත් අපහාස කිරීමේ චේතනාවෙන් පළනොවන්නකි…!
– නැත්තං මාව කන්න හදයි අපහාස කරනවා කියලා –
අනිත් ස්කෝලෙ වල වගේම, අපේ ස්කෝලෙත් වාර විභාග කිට්ටු වෙද්දි… කොම්පූටර් ලැබ් එක කියන්නේ කැන්ටිමටත් වඩා පට්ටම බිසි තැනක්. ලොකු පන්ති වල අයියලා අක්කලා ඕෆ් පීරියඩ් වලදී පොඩි පන්ති වල ළමයින්ගේ පේපර් ටයිප් කරනවා, තව කණ්ඩායමක් අකුරුවල හරි වැරදි බලනවා… වැඩ ගොඩයි. ඔය අතරේ ඉන්නවා ළමයින්ට උගන්නලා උගන්නලා… පුළුවන් තරම් නැහිලා හූණු කුඩු නාලා නාලා හෙම්බත් වෙච්චි, ලොකු බෝතල් අඩි කණ්නාඩි දාන… පෙන්ෂන් යන්න කිට්ටු ගුරුවරු කීපදෙනෙකුත්.
ඉතිං අපිත් ඒ දවස් වල උසස් පෙළ සිස්සයෝ. වාර විභාග දවස් වලට අපිට වාර විභාග තිබුනත් නැතත්, අපි උසස් පෙළ කරත් නැතත්, අනිවාර්යෙන්ම අපිටත් සිද්ධ වෙනවා පේපර් වල අඩුපාඩු බලන්න එහෙම. ඒක වගකීමක් විදියට ප්‍රින්සිපල් උතුමාණන්ම තමා පවරලා තිබුනේ උදේ රැස්වීමකදී. ඒක නිසා මගඅරින්න බෑ… එහෙම කලොත් අපිට ආයෙ නිකං ඉන්න වෙලාවකට කොම්පූටර් ගහලා ඉවරයි.
අන්න එහෙම කාගෙ හරි පේපර් එකක වැරදි අඩුපාඩු බල බල ඉන්න වෙලාවක මාත් ගියා වැඩේට එන්ටර් වෙලා හිටිය ගෑණු ළමයෙක් ගාවට, සපෝට් එකට. ටිකක් වයසක, විශ්‍රාම යන්න ඔන්න මෙන්න හිටිය මිස් කෙනෙක් ලඟ තිබ්බ කැරකෙන පුටුවක වාඩිවෙලා අර ගෑණුළමයත් එක්ක පේපර් එකේ වැඩ ටික කරගෙන යනවා.
ඊට ටික දවසකට කලින් මිනිස්ට්‍රියෙන් හරි, නැත්තං වෙන මොකක් හරි ආයතනෙකින් හරි ඇවිත් අපේ පී.සී ඔකකොටම කැස්පස්කි ගාඩ් එක දාලා ගියේ. දන්නවනේ ඉස්සර කැස්පස්කි…. අර වයිරස් එකක් අහුවුන ගමන්… ක්රෑක්රෑෂ්ෂ්… ගාගෙන පොඩි එවුන් විතරක් නෙමෙයි ලොකු එවුනුත් බය වෙන සද්දයක් එන්නේ… ඒ දවස් වල ඩිටෙක්ෂන් එක වැඩිම එක කියලා කප් ගහලනේ හිටියේ. අර අර මිසුයි, ගෑණු ළමයයි වැඩ කර කර හිටිය එකෙත් ඔන්න ආවා කෙල්ලවත් බය කරගෙනම සද්දෙත් එක්කම මැසේජ් එකක්….
බැලින්නම් මොකක් හරි මැල් වෙයා සීන් එකක්. පස්සේ මිසුත් පුදුමවෙලා ඒ මැසේජ් එක කියවනවා. දැන් වගේ ආපු ගමන් ක්ලෝස් කරලා දාන්නේ නෑනේ ඉස්සර අය. එයාලා ඒක කියවලා බලනව, මොකද්ද මේ අළුත් තාක්ෂනේ කියලා. ඉතිං ඔහොම කියවගෙන මිස්ට වැඩේ අවබෝධ වුනා. පස්සේ මිස් කෙල්ලගෙයි මගෙයි මූනු දිහා මාරුවෙන් මාරුවට දෙපාරක් විතර බැළුවා. අපි දෙන්නටම නෝ ඩිරෙක්ෂන්.
මොකද්ද ළමයෝ… මේ කියන්නේ… මොකද්ද… මොකද්ද මේ මල්වර වෙච්ච කතාවක් කියන්නේ…? ඈහ්… දැන් කෙල්ලෙක් ලොකු වුනාමත් මේ යන්තරෙන් පණිවිඩ එවනවද…? ඈහ්…?
දැන් නම් ගෑණු ළමයි ගහෙන් වැටෙන එව්වා තඹේකට ගනන් නොගත්තට, ඒ දවස් වල මැජික්නේ. කොල්ලන්ට විතරක් නෙමේ කෙල්ලනුත් හරි ලැජ්ජයි ඔය වගේ දේවල් කොල්ලෝ දැන ගන්නවට. ඉතිං අර සුදු ගෑණු ළමයාගේ සුදු මූණු පොඩ්ඩ සතූතූතූ පාට වෙනවත් මට පෙනුනා. කොහෙද ඉතිං කෙල්ලව සනසන්න පුළුවනෑ… මිස්ගේ ප්‍රශ්නේ තාම ඉවරත් නැති එකේ.
කියන්න ළමයෝ… මොකද්ද මේ මල්වර කතාව…?
ඉන්න මිස් මං අපේ සර්ට කතා කරන්නම්. මං හරියට දන්නෙත් නෑ…
මූං මේකෙන් කුනුහරුප බලනවද කොහෙද… හ්ම් ආපු දෙන්කෝ මහ එකා.
පව් අහිංසක මනුස්සයා. මං සර්ව එක්කගෙන එන්න යන ගමන් තනියම හිතුවා. ඉස්සර අයට දැන් අයට වගේ තාක්ෂණික වචන ගැන තේරුමක් නැහැනේ. ඒත් මට වැඩියෙන්ම දුක අසරණ කෙල්ල ගැන. පවූවූවූ එයා… ඒ දවස් වලත් හද පපුව හෝස් ගාලා යනවනේ ඉතිං.
ඉතිං මං ගිහින් මහ එකාව එක්කගෙන ආවා. එන සර් ගමන් මගෙන් අහනවා… මොකද බං වෙලා තියෙන්නේ?
ලොකු අවුලක් නෑ සර්… Malware Detected කියලා මැසේජ් එකක් ආවා. එච්චරයි. කියලා ආයේ අර කෙල්ලගේ මූන බලන්න බැරි කමට පේපර් එක බල්ලට දාලා මං ගියා යන්න කැන්ටිමට. සෙනගත් නැති එකේ හොඳ වඩේ පාරක් දාන්න. නැත්තං සර් ඉස්සරහා මටත් වස ලැජ්ජාවක් වෙනවා, ඕක තේරුම් කරලා දෙන්න බැරිවුනා කියලා.
පවු අප්පා දැන් නම් දුකත් හිතෙනවා. කෙල්ල ගැන නෙමෙයි, ඒ ගුරුවරු ගැන. අපි ඒ දේවල් වලට ඉස්සර හිනා වුනාට, එයාල අපිට ලොකු ලොකු දේවල් වරදිද්දිවත් නක්කලේට හිනා වුනේ නැහැනෙ. කනට දෙකක් දීලා හරි නිවැරදි දේ කියලා දුන්නා මිසක්….!
2012 ජූලි 16 දින ප.ව. 1:45 ට
පව් බං අර මිස්.තේරෙන බාසාවෙන් කියලා දෙන්න තිබුනනෙ.කොහොමද කට්ටිය කුණුහරුප බලනවා කියලා දඩුවම් කලානම් එහෙම. 😀
2012 ජූලි 16 දින ප.ව. 6:12 ට
දඬුවම් කරාට නම් කමක් නෑ කියමුකෝ… කොහොමද අනිත් පන්ති වලට ගිහිල්ලා සීන් එක කිව්වොත්…
2012 ජූලි 16 දින ප.ව. 2:08 ට
අම්මෝ……… මාලුවගේ හිත……………………….. සිරාවටම පව් නේ බං ඒ කෙලි පොඩ්ඩ……..
2012 ජූලි 16 දින ප.ව. 6:13 ට
ඔන්න බලපං… අපිට හොඳට හිතන්න අවස්ථාවක් දෙන්නෙම නෑනේ උඹලා…
2012 ජූලි 16 දින ප.ව. 2:29 ට
හී..හී…කියවලා බලනකොට නිකං මල්වර වගේ තමා…. 🙂
2012 ජූලි 16 දින ප.ව. 6:17 ට
දැන් කාලේ ලමිස්සියන්ටත් එහෙම පේන එකේ… අනේ වයසක මිස්ට එහෙම හිතුන එක අවුලක් නෑ වගේනේ…. 😀
2012 ජූලි 16 දින ප.ව. 2:44 ට
බලාගෙන ගියහම මාලුවා අපට වඩා ඉස්සරහින් ඉදපු කොල්ලෙක්. මම් ඉස්සර ඔය වයිරස් ගාඩ් ගැන දන්නේ නෑ. මම් එක යාළුවෙක්ට කිව්වත් එක්ක වයිරස් එනවනම් කම්පියුටර් එක ඕෆ් කරලා දාන්න කියලා.
තව එකෙක් හිටියා ඒ දවස්වස්වල වයිරස් එන නිසා කම්පියුටර් එකේ පවර් කේබල් එක කපපු. !!!
2012 ජූලි 16 දින ප.ව. 6:18 ට
මට නිකමටවත් හිතෙන්නේ නෑනේ… මධුරංග තමා වයර් එක කපන්න ඇත්තේ කියලා…. 😀
2012 ජූලි 17 දින පෙ.ව. 9:30 ට
අන්න හරි. මම නම් ඔය වගේ වැඩ කරන්නෙ නෑ…
2012 ජූලි 17 දින පෙ.ව. 10:17 ට
ඒකනේ ඒකනේ මම දන්නවනේ මල්ලි ගැන. 😀
2012 ජූලි 16 දින ප.ව. 3:06 ට
සර්ව එක්කන් එන්න ගියපු එක හොදයි. ඕක තේරුම් කරලා දෙන්න ගියානම් වහ කන්න තමයි මාළුවට වෙන්නෙ.
/* අඩේ සිරාවට නොදන්න කව්රු හරි ඕක “මල්වරේ ඩිටෙක්ටඩ්” කියලා උච්චාරණය කරන්න බැරි කමකුත් නෑනේ..*/
2012 ජූලි 16 දින ප.ව. 6:19 ට
අපි කොහේ තේරුම් කරන්නද බං… එහෙම තේරුම් කරන්න ගත්තනම් තාම තේරුම් කරනවා…
2012 ජූලි 16 දින ප.ව. 6:48 ට
මම තාම හිනාවෙනව බං
2012 ජූලි 16 දින ප.ව. 6:51 ට
හික්ස්…
2012 ජූලි 16 දින ප.ව. 6:49 ට
ඉංග්‍රීසි වචනේ හරියට කියවලා බලන්නවත් ටීචර්ට නුවනක් නැද්ද බං?
2012 ජූලි 16 දින ප.ව. 6:51 ට
ඒ මිස්ලගේ කාලේ මැල්වෙයා තිබුනද බං….
2012 ජූලි 16 දින ප.ව. 7:28 ට
නියම කතාව….අපිට නම් ඉස්සර කොම්පියුටර් පෙන්නන්න බෑ…..ආපෝ OR gate කියයි AND gate කියයි….නිකන් පිස්සු වගේ…
2012 ජූලි 16 දින ප.ව. 9:14 ට
මට දැනටත් ගේට් බැහැ කියපංකෝ…. 😀
2012 ජූලි 16 දින ප.ව. 7:39 ට
දැන් ගුරුවරුන්ගෙත් ඒ හැටි වෙනසක් නෑ. වැටුපට වැඩ කරනවා මිසක් අප්ඩේට් වෙන්නෙ එහෙමත් කෙනෙක්….මෙහෙ ඉස්කෝලෙක අයි ටී උගන්නන ගුරුවරයෙකුට ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න ඕන වෙලා, ඒත් කරගන්න විදිය දන්නෙ නෑ. අපි ලව්වයි ඒකත් කරගත්තෙ.
මේ ගුරුවරුන්ට නිතර නිතර වර්ක්ෂොප් තියලා උගන්නනවා. සාමාන්‍යයෙන් එදාට උදේ තේ එක දවල්ට ප්‍රයිඩ්රයිස් එක (500ml වතුර බෝතලේකුත් එක්ක) හවස තේ එක (රස කැවිලි සමග) සහබාගිත්වයට රු 1000 කුත් හම්බ වෙනවා. ඊට අමතරව ඔරිජිනල් වින්ඩෝස් සොෆ්ට්වෙයාර් හමබවෙනවා. ඒත් ඵලදායිතාවය – 0 යි.
2012 ජූලි 16 දින ප.ව. 9:15 ට
මේක මීට අවුරුදු කීපයකට කලින් වුන ජොලි සිද්ධියක් වුනත්… දැනටත් ඇත්තටම මේවා වෙනවා. මොකද මමත් ස්කෝලේ තිබිච්චි සම්බන්ධතා නිසා අදටත් පුංචි පුංචි වැඩ වලට සපෝට් එක දෙනවා.
2012 ජූලි 16 දින ප.ව. 7:55 ට
ඇත්ත කියපං. උඹත් දැනගෙන හිටියෙ නෑ ඕකට උත්තරයක් දෙන්න එදා නේද?
අඩේ ඒ ඉස්කෝලෙ ළමයිද පේපර්ස් ටයිප් කරන්නෙ? මාර වැඩක්නෙ බං. එතකොට උන්ගෙ නංගිලා මල්ලිලා හෙම හිටියොත් පේපර් එක ලීක් වෙනවනෙ!!
2012 ජූලි 16 දින ප.ව. 9:24 ට
ගොඩක් වෙලාවට සිස්ස නායකයෝ තමා කරන්නේ. එච්චර වුවමනාවක් නෑ අපේ වුන්ට. උන් බලාගෙන ඉන්නේ ටයිප් කරලා පිට්ටනියට දුවන්න.
2012 ජූලි 16 දින ප.ව. 10:35 ට
අර සූටි සුදු නංගි පවූ ………….
ඔය ලොකු පන්තිවල උන් පොඩි පන්තිවල පේපර්ස් ටයිප්සෙට් කරන කතන්දරේ මම දන්නව. හැබෑට මට ප්‍රශ්නෙ තිබුණෙ ලොකු පන්තිවල පේපර් පොඩිවුන් ලව්ව කරවනවද කියල. 🙂
ඒකනෙවි බං කැස්පස්කි මට නම් මහ එපාමකරපු එකක්. දෙයියනේ කියල අර Avast පාවිච්චි කරගෙන හිටිය ලස්සනට. කොහෙද උන් දැන් ඒකට කෙලවලනේ. මැසේජ් ක්ලෝස් කර කර හිටියට අන්තිමේ අප්ඩේට් වෙන එකත් හිට්ටා. දැන් ගෙවල ගනිං කෝ. අන්තිමට අකමැත්තෙන් මාත් මාසෙකට දෙහෙකට කලින් කැස්පස්කි දැම්ම. අනිත් මඟුළුත් කීපයක් පාවිච්චි කරා කලින්, ඒත් මට Avast තරම් එකක්වත් දිරෙව්වෙ නෑ. උඹ මොකක්ද බං යූස් කරන්නෙ. ඔය ගැන උඹ දන්නවනම් පොඩි ඇඩ්වයිස් පාරක් දීපං බං. නන්නත්තාර වෙල ඉන්නෙ මේ අහිංසකය.
2012 ජූලි 16 දින ප.ව. 10:38 ට
කෙලින්ම ගන්න අයියේ eset. දැන් higher detection තියෙන්නේ ඒකේ. හොර ලයිසන්ස් තියෙනවා.
2012 ජූලි 16 දින ප.ව. 11:04 ට
eset නම් මම යූස් කරල නෑ. ඒක හොඳයි ද? වැඩිය වද දෙන්නෙ නැත්ද? මගේ බෝර්ඩ් එකේ සීඩී එකෙත් ඕක තිබ්බ. ඒත් මම දැම්මෙ නෑ. බලමු නෙට් එකේ පොඩ්ඩක් විස්තරයක් බලල බාගන්න ඕන. තෑන්ක්ස් යාළු මාළු මල්ලි.
2012 ජූලි 17 දින පෙ.ව. 7:14 ට
දැනට මට එම්බුවෙච්චි ඒවායින් රැම් එක අඩුවෙන්ම ගන්න එක. වැඩ කරනවා කියලා තේරෙන්නෙවත් නෑ. ස්කෑන් එකක් දාලා ඕනේ නම් මූළු හාඩ් එකේම කොහෙන් හරි ෆයිල් එකක් හොයන්න සර්ච් සෙෂන් එකක් එවුන් රන් කරවන්න පුළුවන්.
2012 ජූලි 17 දින පෙ.ව. 9:12 ට
මටත් ඔය සද්දෙ පේන්න බැ..හැබැයි දන්නැති අයට මෙහෙම කියන එක වැරදියි මාළුවෝ..!!
2012 ජූලි 17 දින පෙ.ව. 10:17 ට
දැන් නම් ඒ සද්දේ නෑ අක්කේ. වර්ෂන් 7 හරි 8 වලින් හරි සද්දේ අයින් කරලා.
2012 ජූලි 17 දින පෙ.ව. 10:08 ට
හික්ස්!
2012 ජූලි 17 දින පෙ.ව. 10:17 ට
කෙල්ලගේ මූන මතක් වෙද්දි තමා හිනා යනවා බං.
2012 ජූලි 17 දින පෙ.ව. 11:42 ට
//මාත් ගියා වැඩේට එන්ටර් වෙලා හිටිය ගෑණු ළමයෙක් ගාවට, සපෝට් එකට//
අනේ බලන්න නේ? කොච්චර හොඳ ළමයෙක් ද? වෙඬරු පිඩක් වගේ හිත උණු වෙලා තියෙන හැටි! සන්දුක්කාරේ! 😀
2012 ජූලි 17 දින ප.ව. 12:12 ට
අපි එහෙම තමයි. ගෑණු ළමයින්ට තනියෙන් නැහැන්න දෙන්නේ නෑ අපි…. 😀
2012 ජූලි 17 දින පෙ.ව. 11:56 ට
මල්වරෙ ඩෙටෙcටෙඩ් ..හි..හි..
2012 ජූලි 17 දින ප.ව. 12:14 ට
උම හිනා වෙන්නේ මොකෝ..? හා කියපං බලන්න මේක මොකද්ද කියලා… “Game කඩේ”
2012 ජූලි 17 දින ප.ව. 2:34 ට
දැන් චන්ඩියා වගේ මේක පෝස්ට් කලාට උඹත් හිතුවේ එහෙම සීන් එකක් තමයි කියලා නේද මල්ලි…?
එල කතාව මොනවා උනත්…..!
2012 ජූලි 17 දින ප.ව. 2:37 ට
ඒ සත්‍යය එහෙමම යට ගිය එක හොඳයි… නැත්තං වසන්න වෙන්නේ නෑ නොවැ… 😀
2012 ජූලි 17 දින ප.ව. 6:12 ට
පට්ට සීන් එකක්නේ.
2012 ජූලි 17 දින ප.ව. 9:07 ට
පට්ට තමා… ඒත් පවු අප්පා
2012 ජූලි 19 දින ප.ව. 6:43 ට
පට්ට සීන් එක. මල්වර හහ් හහ් හහ්
2012 ජූලි 20 දින පෙ.ව. 7:01 ට
😀 😀