පාට අපේ ජීවිත වලට කොයිතරම් සමීපද කියලා දන්නවද…? ම්… පුංචි කාලේ පෙර පාසල් යන්න කලින් ඉඳන්ම පාට පෙට්ටි වට කරගෙන බලි කුරුටු අඳින අපි ලොකු වෙද්දි පාට ගලපලා එක එක නිර්මාණ කරනවා. අපි ගොඩාඩාඩාඩාක් ලොකූකූකූ වුනාම පාට වර්ග ගැන සෑහෙන්න සැලකිලිමත් වෙනවා. ඒ අතරෙදි අපි කැමතිම පාට කියලා එකක්, දෙකක්, හරි තුනක් වෙනම වෙන් කරගන්නවා.
අන්න එහෙම ගිහිං ගෙයක් දොරක් හදන්න පටන් ගත්ත දාට කාමර වලට ගාන පාට, සාලෙට ගාන පාට, සිවිලිම… වගේ එකී මෙකී නොකී පාට සම්බන්ධ කාරනා ගැන සෑහෙන්න වෙහෙසවෙන්න වෙනවා. ඇත්තටම වර්ණ කියන්නේ අපේ සිතුවිලි එක්ක බද්ධ වෙච්ච ඇසින් ලබාගෙන මොලෙන් සකසන අපූරු සංඥාවක්…! ඇසින් දකින පාට අනුව අපේ හිතේ ඇතිවෙන සිතුවිලි වල ස්වභාවය වෙනස්…ඉතිං මේ කියන්න හදන්නේ, මේ මොහොතේ වැදගත් නොවුනත් කවද හරි දවසක වැදගත් වෙන වර්ණ ගැන. ගොඩක්ම අදාල වෙන්නේ නිවෙස් වල ආලේප කරන්න හිතන් ඉන්න වර්ණයන් සඳහා.
නිල් පාට – වාස්තු විද්‍යාත්මක හැඳින්වීම් වලට අනුව නිල් පාට කියන්නේ, නව ආරම්භයක හා වසන්තයේ වර්ණය කියලයි. නිල් පැහැති කාන්ඩයේ වර්ණ වඩාත්ම සුදුසු වෙන්නේ නිදන කාමර වලට හා චිත්ත ඒකාග්‍රතාව ඇතිකිරීමට හා විවිධ ප්‍රතිකාරයන් සඳහා යොදාගන්න කාමර වලට.
කොල පාට – බලාපොරොත්තුව සංකේතවත් කරනවලු. ඒ වගේම නිරෝගී භාවය, එකමුතුකම හා මානසික සුවය ලබාගන්නත් පුළුවන් කියනවා කොල පාට ආලේපනයෙන්. වැඩියෙන්ම සුදුසුයි කියන්නේ අධ්‍යාපන කටයුතු සඳහා යොදාගන්න කාමර වලට. ඒ වගේම රෝහල් වලටත්….!
කහ පාට – බුද්ධිමත් භාවය හා ඉවසීම පිළිබිඹු කරනවා වගේම වඩාත්ම සුදුසු වෙන්නේ දීප්තිමත් සූර්යයා ලෝකය නොවැටෙන කාමර සඳහා. නිවෙස් වල තමන් අදහන ආගම වෙනුවෙන් වන්දනා මාන කරන්න යම් කාමරයක් වෙන් වෙනව නම් කහ පාටේ විචල්‍යයන් වඩාත්ම සුදුසුයිලු.
තැඹිලි පාට – නිවසක ඕනෑම තැනකට සුදුසුයි. මේ පාට ගැන කියවෙන්නේ ශක්තිමත් භාවය හා අධ්‍යාත්මික පැහැදිලි බව නිරූපනය කරන… සතුට, නිරෝගී භාවය හා එකමුතුකම වර්ධනය කරන වර්ණයක් කියලා.
රතු පාට – ශක්තිය හා නිර්භිතකම ඉස්මතු කරන වර්ණයක් නිසාම නිදන කාමර වල භාවිතයෙන් වලකින්න කියලයි කියන්නේ. රතු පැහැය ආලේපනයට සුදුසු මොන වගේ තැන් වලද කියල නම් කිසිම සඳහනක් නෑ.
දම් පාට – දම් පැහැයෙන් සොඳුරු බවත්, විශ්වාසයත් පෙන්නවලු. ආලේපනයට සුදුසුයි කියන්නේ නිතර ගැවසෙන ස්ථාන වල. ඒ කියන්නේ විසිත්ත කාමරයේ වගේ තැන වල. නිදන කාමර වලටත් ගොඩක්ම සුදුසුයි.
රෝස පාට – රෝස පාට කියන්නේ සතුට හඟවන වර්ණයලු. ඇත්ත වෙන්න ඇති. ඒකනේ අපි සෝස පාටට ඔච්චර ආස. ප්‍රධාන නිදන කාමරයට වගේම අනෙකුත් කාමර වලටත් සුදුසුයිලු.
සුදු පාට – පාරිශුද්ධත්ව පෙන්වන උතුම් වර්ණයක් කියලා තමා කියන්නේ. නිවසේ ඕනෙම තැනකට සුදුසුයිලු. විශේෂයෙන් හැම විටම සිවිලිම සඳහා සුදු පාට භාවිතා කරන්න කියලා තමා කියන්නේ.
කළු පාට – කළු පාට කියන්නේ අවාසනාව ගැන හැඟීම් දනවන සෘණාත්මක සිතුවිලි වර්ධනය කරන වර්ණයක්ලු. හැකි සෑම මොහොතකම නිවසේ බිත්ති වල කළු පැහැය ආලේපනය කිරීමෙන් වලකින්න කියලා තමා කියන්නේ…
දැන් කියන්නද මං ආසම පාට….!!! වර්ණ කේත අංකය වෙන්නේ 40RR 11/430 කියන එක. ඒ කෝඩ් එකේ… වර්ණය අයිති වර්ණ පරාසය, ආලෝක තත්වය වගේ විස්තර කිහිපයක් අඩංගු වෙනවා.ඒකට ඩියුලක්ස් තීන්ත වල කියන්නේ Russian Velvet 3 වර්ණය කියලා. මේක පාට කීපයක සංකලනයක්. ග්ලිඩන් වල කියන්නේ Fuchsia Berry වර්ණය කියලා. RBG අගයයන් වෙන්නේ R 132, G 54, B 90. ඒ වගේම ඒ වර්ණයේ තවත් ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ අඳුරු බව හා ආලෝකවත් බව අනුව වෙනස් වෙන….
ඔයාලටත් වර්ණ තෝරා ගැනීමක් කරන්න අවශ්‍ය නම් මෙන්න ඩියුලක්ස් ඔන් ලයින් කලර් කාඩ් එකේ ලින්ක් එක. තමන්ට කැමති වර්ණයක් මේ පැලට් එකෙන් පහසුවෙන් තෝරගන්න පුළුවන්. ඒ නැත්තං කලර් බෑන්ක් වලින් හදවා ගන්නත් පුළුවන්. මෙතනිනුත් පුළුවන් තීන්ත ගන්න තැනට ගිහිං තීන්ත තෝරන්න කලින් අවශ්‍ය කරන වර්ණය තෝරගන්න…
බලන්න ඔයාල කැමති පාටත් එතෙන තියෙනවද කියලා.
2012 ජූලි 14 දින පෙ.ව. 6:48 ට
මම ආසම පාට දම් පාට….
නිල් හා කොලත්, සාමාන්යෙන් ආසයි.
වැඩට අඳින්ට කැමති සුදු හා කලු. 🙂
2012 ජූලි 14 දින ප.ව. 2:26 ට
මම ඉස්සරම කැමති නිල් පාටට, ඊට පස්සේ කොල, මේ ලඟක් වෙනකන්ම කහ… දැන් මමත් දම්….
2012 ජූලි 14 දින පෙ.ව. 7:56 ට
අඩේ මාර වටින පොස්ට් එකක්….. එළම තමයි….
උඹ මොකද මේ දවස් වල පාට ගැන හොයන්නේ…… අලුත් වැඩක් වගේ…. කලවයසත් හරි නේද බං…. 😉 😀
2012 ජූලි 14 දින ප.ව. 2:28 ට
වැඩේ නම් අළුත් තමා… ඒත් තව ටික දවසක් යයි ඉවර වෙන්න….කලවයස ගැන උඹ දාලා තියෙන ටික පැහැදිලි නෑ බං… blur වෙලා…
2012 ජූලි 14 දින ප.ව. 2:52 ට
ඔව් බං blur වෙලා පෙන්නේ කල වයස වැඩි වුනාම තමයි… ඒකට කියන්නේ වයස යනවා හෙවත් වයසට යාම කියලා…. තව ටික කාලයක් යද්දි අකුරු විතරක් නෙමෙයි තව තව ඒවා blur වෙලා පෙනේවි, ඊට කලින් කරගන්න මගුලක් (පාටියක් සහිතව) කර ගනින්…
2012 ජූලි 14 දින ප.ව. 6:33 ට
හඳේ….
2012 ජූලි 14 දින ප.ව. 7:26 ට
හදේ බැරිනම් අගහරු උනත් කමක් නෑ.. කරන දෙයක් තව වයසට යන්න කලින්…. පාරට බැහැලා බලපන් දැන් බොගේ වයසේ එවුන්ගේ ළමයි ශිෂ්‍යත්වෙත් ලියනවා….
මොනව උනත් මාලුවට ලොකු වෙනසක් වෙලා වගේ… ගෙවල් ගැන, ගාන පාට ගැන, තියන සොපා එක වගේ දේවල් ගැන දැන් ටිකක් වැඩිය හිතනවා වගේ…… ඇයිද මන්ද මට අර මී මැස්සගේ ඇඩ් එකම මතක් වෙන්නේ මේවා දකිනකොට………. 😀 😀
2012 ජූලි 14 දින ප.ව. 7:28 ට
මමත් පුංචි මී වදයක් බඳිනවා බං… මං කිව්වට මංම නෙමේ… අපේ අම්මලා තාත්තලා… වරෙක් හදලා ඉවර වුනාම.
2012 ජූලි 14 දින ප.ව. 7:32 ට
හා… අනිවා එනවා…… උඹට කොහොමත් දැන්ම මී වද බදින්න අදහසක් නෑ වගේ…… එල එල…. හැබැයි ඇඩ් එකේ දෙවෙනි කෑල්ලට කලින් වදේ තියෙන තැන කියපන් හොදේ….. 😉
සුභ පැතුම් මචං…………
2012 ජූලි 14 දින ප.ව. 7:35 ට
එල එල
2012 ජූලි 14 දින පෙ.ව. 7:57 ට
මම කැමතිම කළු පාටටනේ…
2012 ජූලි 14 දින ප.ව. 2:29 ට
ඒකට කමක් නෑ… මේ කියන්නේ ගෙවල් වල ආලේපනයට සුදුසු වර්ණනේ… ඒත් මට හිතෙනවා නංගි ආසාම පාට වෙනස් කරගත්තොත් හොඳයි කියලා…
2012 ජූලි 14 දින පෙ.ව. 8:13 ට
මචං කාම රසය ඇවිස්සෙන්නේ බිත්තියට මොන පාට ගෑවාමද බං….. මං මේ කිව්වේ කම්පුටරේ තියන තැනට ගාගන්න…. 😀 🙂
2012 ජූලි 14 දින ප.ව. 1:47 ට
😀 😀 😀
2012 ජූලි 14 දින ප.ව. 2:18 ට
රතු පාට……………. 😀
2012 ජූලි 14 දින ප.ව. 2:29 ට
ඇයි උඹට කොම්පූටරේ එපා වෙලාද ඉන්නේ…? 😀
2012 ජූලි 14 දින ප.ව. 6:58 ට
නෑ නෑ බොල උදේ හවා වැල් බල බල වැඩ අල්ලන තැනනේ බං….. ඒකයි…….
2012 ජූලි 14 දින පෙ.ව. 11:48 ට
මාළුව නම් කලර්ස්වලට ගොඩක් ආසයි වගේ. මම නම් කැමතිම පාට සුදු පාට. ටී ෂර්ට් ගන්නෙත් වැඩිපුර සුදු පාටින්. කාමරේ බිත්තියට උනත් ගාන්නෙ සුදු පාට. බිත්තියේ සුදු පේන්ට්කරල ලී බඩු එහෙම ඔය තේක්ක පොලිෂ් එහෙම ගෑවම මාර ලස්සනයි. ඒ වගේම හුඟක් චාම්.
2012 ජූලි 14 දින ප.ව. 2:30 ට
ඔය කියන සෙටප් එක නරක නෑ… ඒත් මට ඕනේ ටිකක් මොඩර්න් වෙන්න. ඒකනේ මේ දඟලන්නේ…
2012 ජූලි 14 දින ප.ව. 1:41 ට
මම ආසම ලා නිල් පාටට !!!
ලා නිලට ඇඳලා ඉන්න දවස්වල මම් ගොඩක් ලස්සනට පේනවලු.මම් කොහොමත් ලස්සනයි තමා. නමුත් ඒ පාටට ගොඩක් කැපිලා පේනවලු හික්ස් 🙂
2012 ජූලි 14 දින ප.ව. 2:31 ට
ඔව්නේ බං…. මමත් උඹව දැකලම තියෙන්නේ ලා නිල් පාට ෂර්ට් එකයි නිල් පාට ඩෙනිමයි ඇඳලා ඉද්දි තමා.
2012 ජූලි 14 දින ප.ව. 1:51 ට
කිව්වත් වගෙ දැන් කලවයසත් හරිනෙ! දැන් අර යසෝදරා ගැන කාලෙකින් අඬනවා ඇහුනෙත් නෑ….
2012 ජූලි 14 දින ප.ව. 2:31 ට
ඈහ්… යශෝධරා… කව්ද ඒ…? කොහේ කෙනෙක්ද.? මං අහලවත් නෑනේ…. 😉
2012 ජූලි 14 දින ප.ව. 2:49 ට
මල්ලිට මතක නැති වුනාට ඔය කොර වෙලා, දෙපාරක් කමෙන්ට් එක වැටිලා තියෙන්නේ…. එකනේ බං කියන්නේ උඹ බොරු කිව්වත් පපුව පැනලා දෙනවා කියලා…. 😀
2012 ජූලි 14 දින ප.ව. 6:31 ට
හූ හූ දැන් හරිනේ…. පපුව පැනලා දෙන එකත් නිකං blur වෙලා වගේ බං පැහැදිලි නෑ…
2012 ජූලි 14 දින ප.ව. 7:20 ට
මලා…. එවා ඔට්ටු නෑඈ…… 😀 මම කිව්වේ ඔය බොට දැන් වයස වැඩි වෙලා blur වෙලා පෙන ලෙඩේ මාන්දමික අවස්ථාවට ඇවිත්… ඕක උණ්ඩුකපුච්චෙන් ඇවිත් අක්මාවට හානි කරලා, වකුගඩු හරහා මහා මොළයට ගැහුවොත් බොට පෙන ඒවා කෙසේ වෙතත් අතක් පයක් වත් හොල්ලන්න බැරි වෙයි… ඒ නිසා දැම්ම බෙහෙත් ගනින්….
2012 ජූලි 14 දින ප.ව. 7:22 ට
බෙහෙත් ගන්න නේනනං කතාකලේ… උඹ ආවැයි…. 😀
2012 ජූලි 14 දින ප.ව. 7:28 ට
උඹ ඉස්පිරිතාලේ ඉස්සරහා ඉදන්නේ කෝල් කරේ…. 😉
2012 ජූලි 14 දින ප.ව. 7:29 ට
ඔය කියන්නේ ෆාමසිය ගැනනේ… නෑ නෑ බං… ගෙදර ගච්චන ගමන්.
2012 ජූලි 14 දින ප.ව. 2:21 ට
මම කැමති ළා කොළ පාටෙ විචල්‍යන්ට
මෙතනත් එහෙමයි
2012 ජූලි 14 දින ප.ව. 2:32 ට
මමත් ඉස්සර කැමතියි. දැන් නම් වෙනස් වෙලා…
2012 ජූලි 14 දින ප.ව. 5:04 ට
පාට ගැන හොඳ ලිපියක් සහෝ එළ.
මම නම් ආසම පාට කහ
2012 ජූලි 14 දින ප.ව. 6:34 ට
අනිවාර්යෙන් උඹ ආස පාට කහ වෙන්නම ඕනේ. අක්කලත් ගොඩක් දෙනා කහ පාටට කැමතියිනේ බං. 😀
2012 ජූලි 14 දින ප.ව. 5:50 ට
මම හිතං හිටියෙ රන්මාළුවා කැමති පාට රත්තරං පාට කියලා..බලපුවාම වෙන එකක්නේ.:)
2012 ජූලි 14 දින ප.ව. 6:34 ට
රත්තරං පාටයි දම් පාටයි මික්ස් වුනාම මරු. ඒ කියන්නේ දම් පාටේ රත්තරං පාටෙන් මල් මල් වගේ වැටුනම… 🙂
2012 ජූලි 14 දින ප.ව. 6:31 ට
හැහ් හැහ් හෑ.. කොරවෙන්නම වැදුනද මන්දා..
2012 ජූලි 14 දින ප.ව. 6:35 ට
ඒ කිව්වේ බං….
2012 ජූලි 14 දින ප.ව. 6:40 ට
ඉංග්‍රීසී හෝඩියේ මුල් අකුර බන් 😛
2012 ජූලි 14 දින ප.ව. 6:35 ට
ගෙදෙට්ට ගාන්න පාට මතක් උනේ මොකෑ එක පාරටම?
//මංගලම් ජය මංගලම් ඈ.. 😛
2012 ජූලි 14 දින ප.ව. 6:38 ට
මොන වෙඩිමක්ද බං…
2012 ජූලි 14 දින ප.ව. 9:34 ට
මගෙ නම් ආසම පාට නිල් පාට.තාම ගෙයක් හදන්න අදහසක් නෑ. හදන කාලෙක අර කලර් කාඩ් එක නම් වටිනව මාලුවෝ….
2012 ජූලි 15 දින ප.ව. 7:35 ට
තව ඉසස්රහට තීන්ත ගාන්න නෙමේ අලවන්න එන්නේ. එතකො මහන්සි වෙන්න දෙයක් නැ.
2012 ජූලි 15 දින ප.ව. 5:58 ට
මම කැමතිම පාට……….. පොඩ්ඩක් ඉඳපං හාමිනේගෙං අහලඑන්න…….
2012 ජූලි 15 දින ප.ව. 7:40 ට
අප්පා රාජ් අයියේ… එහෙනම් කැමති පාටත් පාවා දුන්නා ඈ….