වර්ණවත් වෙන්න…!!!

නිදන කාමරයක්

පාට අපේ ජීවිත වලට කොයිතරම් සමීපද කියලා දන්නවද…? ම්… පුංචි කාලේ පෙර පාසල් යන්න කලින් ඉඳන්ම පාට පෙට්ටි වට කරගෙන බලි කුරුටු අඳින අපි ලොකු වෙද්දි පාට ගලපලා එක එක නිර්මාණ කරනවා. අපි ගොඩාඩාඩාඩාක් ලොකූකූකූ වුනාම පාට වර්ග ගැන සෑහෙන්න සැලකිලිමත් වෙනවා. ඒ අතරෙදි අපි කැමතිම පාට කියලා එකක්, දෙකක්, හරි තුනක් වෙනම වෙන් කරගන්නවා.

අන්න එහෙම ගිහිං ගෙයක් දොරක් හදන්න පටන් ගත්ත දාට කාමර වලට ගාන පාට, සාලෙට ගාන පාට, සිවිලිම… වගේ එකී මෙකී නොකී පාට සම්බන්ධ කාරනා ගැන සෑහෙන්න වෙහෙසවෙන්න වෙනවා. ඇත්තටම වර්ණ කියන්නේ අපේ සිතුවිලි එක්ක බද්ධ වෙච්ච ඇසින් ලබාගෙන මොලෙන් සකසන අපූරු සංඥාවක්…! ඇසින් දකින පාට අනුව අපේ හිතේ ඇතිවෙන සිතුවිලි වල ස්වභාවය වෙනස්…ඉතිං මේ කියන්න හදන්නේ, මේ මොහොතේ වැදගත් නොවුනත් කවද හරි දවසක වැදගත් වෙන වර්ණ ගැන. ගොඩක්ම අදාල වෙන්නේ නිවෙස් වල ආලේප කරන්න හිතන් ඉන්න වර්ණයන් සඳහා.

නිල් පාවාස්තු විද්‍යාත්මක හැඳින්වීම් වලට අනුව නිල් පාට කියන්නේ, නව ආරම්භයක හා වසන්තයේ වර්ණය කියලයි. නිල් පැහැති කාන්ඩයේ වර්ණ වඩාත්ම සුදුසු වෙන්නේ නිදන කාමර වලට හා චිත්ත ඒකාග්‍රතාව ඇතිකිරීමට හා විවිධ ප්‍රතිකාරයන් සඳහා යොදාගන්න කාමර වලට.

කො පාබලාපොරොත්තුව සංකේතවත් කරනවලු. ඒ වගේම නිරෝගී භාවය, එකමුතුකම හා මානසික සුවය ලබාගන්නත් පුළුවන් කියනවා කොල පාට ආලේපනයෙන්. වැඩියෙන්ම සුදුසුයි කියන්නේ අධ්‍යාපන කටයුතු සඳහා  යොදාගන්න කාමර වලට. ඒ වගේම රෝහල් වලටත්….!

පාට –  බුද්ධිමත් භාවය හා ඉවසීම පිළිබිඹු කරනවා වගේම වඩාත්ම සුදුසු වෙන්නේ දීප්තිමත් සූර්යයා ලෝකය නොවැටෙන කාමර සඳහා. නිවෙස් වල තමන් අදහන ආගම වෙනුවෙන් වන්දනා මාන කරන්න යම් කාමරයක් වෙන් වෙනව නම් කහ පාටේ විචල්‍යයන් වඩාත්ම සුදුසුයිලු.

මේ වගේ පුංචි කාමරයක් ගැන තමා අදහස….


තැඹිලි පානිවසක ඕනෑම තැනකට සුදුසුයි. මේ පාට ගැන කියවෙන්නේ ශක්තිමත් භාවය හා අධ්‍යාත්මික පැහැදිලි බව නිරූපනය කරන… සතුට, නිරෝගී භාවය හා එකමුතුකම වර්ධනය කරන වර්ණයක් කියලා.

තු පාශක්තිය හා නිර්භිතකම ඉස්මතු කරන වර්ණයක් නිසාම නිදන කාමර වල භාවිතයෙන් වලකින්න කියලයි කියන්නේ. රතු පැහැය ආලේපනයට සුදුසු මොන වගේ තැන් වලද කියල නම් කිසිම සඳහනක් නෑ.

ම් පාදම් පැහැයෙන් සොඳුරු බවත්, විශ්වාසයත් පෙන්නවලු. ආලේපනයට සුදුසුයි කියන්නේ නිතර ගැවසෙන ස්ථාන වල. ඒ කියන්නේ විසිත්ත කාමරයේ වගේ තැන වල. නිදන කාමර වලටත් ගොඩක්ම සුදුසුයි.

රෝ පාරෝස පාට කියන්නේ සතුට හඟවන වර්ණයලු. ඇත්ත වෙන්න ඇති. ඒකනේ අපි සෝස පාටට ඔච්චර ආස. ප්‍රධාන නිදන කාමරයට වගේම අනෙකුත් කාමර වලටත් සුදුසුයිලු.

සුදු පාට – පාරිශුද්ධත්ව පෙන්වන උතුම් වර්ණයක් කියලා තමා කියන්නේ. නිවසේ ඕනෙම තැනකට සුදුසුයිලු. විශේෂයෙන් හැම විටම සිවිලිම සඳහා සුදු පාට භාවිතා කරන්න කියලා තමා කියන්නේ.

ළු පාකළු පාට කියන්නේ අවාසනාව ගැන හැඟීම් දනවන සෘණාත්මක සිතුවිලි වර්ධනය කරන වර්ණයක්ලු. හැකි සෑම මොහොතකම නිවසේ බිත්ති වල කළු පැහැය ආලේපනය කිරීමෙන් වලකින්න කියලා තමා කියන්නේ…

 

මං කැමති පාට

දැන් කියන්නද මං ආසම පාට….!!! වර්ණ කේත අංකය වෙන්නේ 40RR 11/430 කියන එක. ඒ කෝඩ් එකේ… වර්ණය අයිති වර්ණ පරාසය, ආලෝක තත්වය වගේ විස්තර කිහිපයක් අඩංගු වෙනවා.ඒකට ඩියුලක්ස් තීන්ත වල කියන්නේ Russian Velvet 3 වර්ණය කියලා. මේක පාට කීපයක සංකලනයක්. ග්ලිඩන් වල කියන්නේ Fuchsia Berry වර්ණය කියලා. RBG අගයයන් වෙන්නේ R 132, G 54, B 90. ඒ වගේම ඒ වර්ණයේ තවත් ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ අඳුරු බව හා ආලෝකවත් බව අනුව වෙනස් වෙන….

ඔයාලටත් වර්ණ තෝරා ගැනීමක් කරන්න අවශ්‍ය නම් මෙන්න ඩියුලක්ස් ඔන් ලයින් කලර් කාඩ් එකේ ලින්ක් එක. තමන්ට කැමති වර්ණයක් මේ පැලට් එකෙන් පහසුවෙන් තෝරගන්න පුළුවන්. ඒ නැත්තං කලර් බෑන්ක් වලින් හදවා ගන්නත් පුළුවන්. මෙතනිනුත් පුළුවන් තීන්ත ගන්න තැනට ගිහිං තීන්ත තෝරන්න කලින් අවශ්‍ය කරන වර්ණය තෝරගන්න…
බලන්න ඔයාල කැමති පාටත් එතෙන තියෙනවද කියලා.

44 Responses to “වර්ණවත් වෙන්න…!!!”

  1. praveena Says:

    මම ආසම පාට දම් පාට….
    නිල් හා කොලත්, සාමාන්‍යෙන් ආසයි.
    වැඩට අඳින්ට කැමති සුදු හා කලු. 🙂

  2. මාඩා Says:

    අඩේ මාර වටින පොස්ට් එකක්….. එළම තමයි….

    උඹ මොකද මේ දවස් වල පාට ගැන හොයන්නේ…… අලුත් වැඩක් වගේ…. කලවයසත් හරි නේද බං…. 😉 😀

    • Gold fish Says:

      වැඩේ නම් අළුත් තමා… ඒත් තව ටික දවසක් යයි ඉවර වෙන්න….කලවයස ගැන උඹ දාලා තියෙන ටික පැහැදිලි නෑ බං… blur වෙලා…

      • මාඩා Says:

        ඔව් බං blur වෙලා පෙන්නේ කල වයස වැඩි වුනාම තමයි… ඒකට කියන්නේ වයස යනවා හෙවත් වයසට යාම කියලා…. තව ටික කාලයක් යද්දි අකුරු විතරක් නෙමෙයි තව තව ඒවා blur වෙලා පෙනේවි, ඊට කලින් කරගන්න මගුලක් (පාටියක් සහිතව) කර ගනින්…

      • මාඩා Says:

        හදේ බැරිනම් අගහරු උනත් කමක් නෑ.. කරන දෙයක් තව වයසට යන්න කලින්…. පාරට බැහැලා බලපන් දැන් බොගේ වයසේ එවුන්ගේ ළමයි ශිෂ්‍යත්වෙත් ලියනවා….

        මොනව උනත් මාලුවට ලොකු වෙනසක් වෙලා වගේ… ගෙවල් ගැන, ගාන පාට ගැන, තියන සොපා එක වගේ දේවල් ගැන දැන් ටිකක් වැඩිය හිතනවා වගේ…… ඇයිද මන්ද මට අර මී මැස්සගේ ඇඩ් එකම මතක් වෙන්නේ මේවා දකිනකොට………. 😀 😀

      • Gold fish Says:

        මමත් පුංචි මී වදයක් බඳිනවා බං… මං කිව්වට මංම නෙමේ… අපේ අම්මලා තාත්තලා… වරෙක් හදලා ඉවර වුනාම.

      • මාඩා Says:

        හා… අනිවා එනවා…… උඹට කොහොමත් දැන්ම මී වද බදින්න අදහසක් නෑ වගේ…… එල එල…. හැබැයි ඇඩ් එකේ දෙවෙනි කෑල්ලට කලින් වදේ තියෙන තැන කියපන් හොදේ….. 😉

        සුභ පැතුම් මචං…………

  3. අකීකරුහිත Says:

    මම කැමතිම කළු පාටටනේ…

  4. අපරාජිතයා :::: Aparajithaya Says:

    මචං කාම රසය ඇවිස්සෙන්නේ බිත්තියට මොන පාට ගෑවාමද බං….. මං මේ කිව්වේ කම්පුටරේ තියන තැනට ගාගන්න…. 😀 🙂

  5. DDT Says:

    මාළුව නම් කලර්ස්වලට ගොඩක් ආසයි වගේ. මම නම් කැමතිම පාට සුදු පාට. ටී ෂර්ට් ගන්නෙත් වැඩිපුර සුදු පාටින්. කාමරේ බිත්තියට උනත් ගාන්නෙ සුදු පාට. බිත්තියේ සුදු පේන්ට්කරල ලී බඩු එහෙම ඔය තේක්ක පොලිෂ් එහෙම ගෑවම මාර ලස්සනයි. ඒ වගේම හුඟක් චාම්.

  6. මධුරංග Says:

    මම ආසම ලා නිල් පාටට !!!
    ලා නිලට ඇඳලා ඉන්න දවස්වල මම් ගොඩක් ලස්සනට පේනවලු.මම් කොහොමත් ලස්සනයි තමා. නමුත් ඒ පාටට ගොඩක් කැපිලා පේනවලු හික්ස් 🙂

  7. henryblogwalker Says:

    කිව්වත් වගෙ දැන් කලවයසත් හරිනෙ! දැන් අර යසෝදරා ගැන කාලෙකින් අඬනවා ඇහුනෙත් නෑ….

  8. Sumith Niriella Says:

    මම කැමති ළා කොළ පාටෙ විචල්‍යන්ට

    ‍මෙතනත් එහෙමයි

  9. මඩිස්සලේ නිශාන් Says:

    පාට ගැන හොඳ ලිපියක් සහෝ එළ.
    මම නම් ආසම පාට කහ

  10. රූ Says:

    මම හිතං හිටියෙ රන්මාළුවා කැමති පාට රත්තරං පාට කියලා..බලපුවාම වෙන එකක්නේ.:)

  11. ගිනි කුරුල්ලා Says:

    හැහ් හැහ් හෑ.. කොරවෙන්නම වැදුනද මන්දා..

  12. ගිනි කුරුල්ලා Says:

    ගෙදෙට්ට ගාන්න පාට මතක් උනේ මොකෑ එක පාරටම?
    //මංගලම් ජය මංගලම් ඈ.. 😛

  13. නිසුපා Says:

    මගෙ නම් ආසම පාට නිල් පාට.තාම ගෙයක් හදන්න අදහසක් නෑ. හදන කාලෙක අර කලර් කාඩ් එක නම් වටිනව මාලුවෝ….

  14. රාජ් Says:

    මම කැමතිම පාට……….. පොඩ්ඩක් ඉඳපං හාමිනේගෙං අහලඑන්න…….


Gold fish වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: